ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
Repair භාවනාව කරන්නේ මෝහ ගලේ වැදී කුඩු වී පැමිණි ඇති නිසා, නාමරූප ලකුණු කර ඇති තැන දී, පතිලීයති shrinking away වකුටු වේ සිත නොඇලේ යන්න සිදු විය යුතු නමුත්, එසේ නොවී චේතනා කර අත්තා කරගන්නේ අත්තානු දිට්ඨියේ බලපෑම නිසා ය. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වන නාමරූප යන රැල්ල විශාල නිසා එම ධාරාවට අසු වී සුඛය තමා කරගෙන සෝකයට පත් වූයේ ය.
මෙහි දී දිට්ඨි දෙක සමාන නැති බවත් සංකල්ප දෙක සමාන නැති බවත් සංස්කාර දෙක සමාන නැති බවත් දැනගනී, යන්න සිහි කළා.
පළවෙනි කාරණය දිට්ඨි දෙක සමාන නොවූයේ නම් සෝකයට පැමිණේ. මෙහි සෝකය ක්‍රියාත්මක වන්නේ නම් කුමක් සිදු වේ ද? විඤ්ඤාණ ධාරාව මෙම දිට්ඨින් පරිපූර්ණත්වයට පැමිණීම සඳහා යොදවයි. එහි කුමක් ඇති ද? සඤ්ඤා කෙරෙහි ඇති සැක නැති කිරීම අඩංගු ය.
දෙවැනි කාරණය සංකල්ප දෙක සමාන නොවූයේ නම් සෝකයට පැමිණේ. මෙහි සෝකය ක්‍රියාත්මක වන්නේ නම් කුමක් සිදු වේ ද? විඤ්ඤාණ ධාරාව එම සංකල්ප පෝෂණය කරයි. එය සඳහා යොදවයි. එහි කුමක් ඇති ද? චිත්ත සංස්කාරයෝ යැයි පැවසිය යුතු ය. චිත්ත සංස්කාරයන් කෙරෙහි ඇති සැක නැති කිරීම අඩංගු ය.
තුන් වෙනි කාරණය සංස්කාර දෙක සමාන නොවූයේ නම් සෝකයට පැමිණේ. මෙහි සෝකය ක්‍රියාත්මක වන්නේ නම් කුමක් සිදු වේ ද? විඤ්ඤාණ ධාරාව සංස්කාරයන් පෝෂණය කිරීම සඳහා වෑයම් කරයි. එය සඳහා යොදවයි. එහි කුමක් ඇති ද? මෝහ සල්ලයෙන් කැරකැවීම ඇත.
මෙහි පළවන අවස්ථාවේ දී සඤ්ඤාවන්ට ඇති සැක නැති කිරීමට දිට්ඨින් පරිපූර්ණ කිරීමට වෑයම් කරනුයේ වෙන වෙන වූ දිට්ඨින් සාදයි. මෙහි ගැලවීමක් නැත.
මෙහි දෙවන අවස්ථාවේ දී චිත්ත සංස්කාරයන් කෙරෙහි ඇති සැක නැති කිරීමට වෑයම් කරනුයේ, පළවෙනි කාරණයේ දී පෝෂණය කරනු ලබන සඤ්ඤා සහ දිට්ඨි භාවිතා කරයි. මෙහි පෙර චිත්ත සංස්කාරයන්ට වඩා අලුත් චිත්ත සංස්කාර හොඳ යැයි හැඟීම් ඇති වුවත්, පෙර චිත්ත සංස්කාරයන් නිසා ඇති වූ තිබූ ස්ථාවරය, නැති නිසා නැවතත් සෝකයට පත් වේ. ආකිඤ්චඤ්ඤායතනයේ සඤ්ඤා ඇතිව සිටි අයෙකු නෙවසඤ්ඤානාසඤ්ඤායතන වන්නේ සඤ්ඤා නැතිකම නිසා සෝක වන්නේ යම් සේ ද මෙය එසේ වටහා ගත යුතු ය.(*1)
මෙහි තෙවන අවස්ථාවේ දී සංස්කාරයන් පෝෂණය කිරීම සඳහා වෑයම් කරන්නේ, සාදන සෑම සංස්කාරයක් ම බිඳෙන්නේ, දුක ඇති වන්නේ, සෝකයට පත් වේ. මෙහි දුක්ඛයේ සුඛ යන විපල්ලාස අගයෝ වැඩියෙන් දැනේ. මෝහ සල්ලයෙන් කැරකීම කරන තාක් කල් දුක නොදනී. දුක්ඛ සමුදය නොදනී. දුක්ඛ නිරෝධය නොදනී. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නොදනී. මේ නිසා වෙහෙසට පත් වේ.
අස්මිමානයාගේ යම් ගැලවීමක් ඇති ද එමගින් සෝක සල්ලය ඉවත් වේ. මේ සඳහා කුමක් කළ යුතු ද? 21/10/2022 භාවනාවේ අවසානයට සඳහන් කළ දහම් භාවිතා කළ යුතු ය.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 19/11/2022
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) එතකොට තව උදාහරණයක් නම් මනෝමය කායේ ඇහැ ආකිඤ්චඤ්ඤායතනය දකින්නේ එය නැති වීම නිසා සෝක වීම තව උදාහරණයකි.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
මේකට තව ටිකක් එකතු කරනවා නම්, ඔය සුඛ යන විපල්ලාස අගයෝ වැඩියෙන් දැනේ යන්න තේරුම් ගැනීමට ඔය ගිය සතියේ සාකච්ඡාවේදි සඳහන් කළා සාඨෙය්‍ය ක්‍රියාත්මක වීමට උදාහරණයක්, එළවළු විකුණන කඩයක ක්‍රියාවලියක් සිතන්න කියලා. ඒ මුදලාලි තව අයකු අඹ විකුණා ලාභ ගන්නා බව අසා අඹ විකිණීම සඳහා සිත යොදන්නේ එය සාඨෙය්‍ය හට ගැනීම ලෙස ගත හැකි ය. මෙසේ විමසන්නේ දුක නොදන්නා තාක් කල් සාඨෙය්‍ය වැඩිවන බව වැටහිණ.
එතකොට ථීනමිද්ධය ඇති වීමට ඉඩ දුන්නොත් එයින් විචිකිච්ඡාව සිදු වී සාඨෙය්‍ය ක්‍රියාත්මක වෙනවා. විචිකිච්ඡා අනුසය මගින් සනාථ කරන ලද දිට්ඨිය, චතුරාර්ය සත්‍යයෙන් පෝෂිත නොවන නිසා සක්කාය දිට්ඨිය තුළ සුඛ යන අදහස ගැබ්ව ඇත. එවැනි සක්කාය දිට්ඨියක් මගින් සෑදෙන විඤ්ඤාණයේ සුඛ යන මතය ඇත. මතය ගැබ්ව ඇත.
ඊළඟට එතකොට තව ටිකක් එකතු කරනවා නම්, මේ දෙවෙනි කාරණාව මෙනෙහි කරන්නේ පරිදේව වූ දේ සාදා පලක් නැත යැයි සිතන්නේ දකුණු ඇස ඇරේ. උදාහරණ සමඟ විමසීම විය. රැකියාව කරන අයකු assess කරන්නේ, කරන ලද, එනම් පරිදේව වූ දේ සඳහා ය. එය තව හොඳට කරමි යැයි සිතයි. එය ද පරිදේව වේ.
ඒ වගේ ම තවත් උදාහරණයක් බැලුවොත්, යමෙක් බැන්නා ද එය පරිදේව වී අවසානය. එය කරපින්නා ගෙන නැවත සිතීම, සෑදීමට සිතීම පලක් නැත. මෙය ද පරිදේව වේ.
තුන් වෙනි කාරණය මෙනෙහි කරන්නේ, පරිදේව වූ සංස්කාරයන් මෝහ සල්ලයෙන් කරකවනු ලබයි. නැවත සෝකයට පත් වේ. සෝක සල්ලයෙන් කරකවනු ලබයි. මෙසේ අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා ගමන් කර නැවතත් මෝහ සල්ලය ම භාවිතා කරයි. මේ වෙලාවේ දී වම් ඇසත් ඇරෙනවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්