ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මහා නිද්දේසයේ සාරිපුත්ත නිද්දේසයේ දාහතර වෙනි ගාථාව.
“කොධාතිමානස්ස වසං න ගච්‌ඡෙ, මූලම්පි තෙසං පලිඛඤ්‌ඤ තිට්ඨෙ. අථප්පියං වා පන අප්පියං වා, අද්ධා භවන්තො අභිසම්භවෙය්‍ය.”
ක්‍රෝධයාගේ හා අතිමානයාගේ වසයට නොයන්නේ ය. ඒ ක්‍රෝධාතිමානයන්ගේ මූලය උදුරා පියා සිටින්නේ ය. තව ද ප්‍රිය වස්තුව ද යළි අප්‍රිය වස්තුව මඩිනුයේ ඒකාන්තයෙන් අභිභවනය කරන්නේ ය.
මූලම්පි තෙසං පලිඛඤ්‌ඤ තිට්ඨෙ, ක්‍රෝධයාගේ මූලය කවර යත්? අවිද්‍යාව මූල ය. අයොනිසොමනසිකාරය මූල ය. අස්මිමානය මූල ය. අහිරිකය මූල ය. අනොතප්පය මූල ය. උද්ධච්චය මූල ය. මේ ක්‍රෝධයාගේ මූලයයි.
අතිමානයාගේ මූලය කවර යත්? අවිද්‍යාව මූල ය. අයොනිසොමනසිකාරය මූල ය. අස්මිමානය මූල ය. අහිරිකය මූල ය. අනොතප්පය මූල ය. උද්ධච්චය මූල ය. මේ අතිමානයාගේ මූලයයි.
මූලම්පි තෙසං පලිඛඤ්‌ඤ තිට්ඨෙ, ක්‍රෝධයාගේත් අතිමානයාගේත් මූල, සාරා, උදුරා මොනවට උදුරා, උපුටා මොනවට උපුටා, හැරපියා, දුරු කොට, විගාන්ත කොට, අනභාවයට පමුණුවා සිටින්නේ ය. මොනවට සිටින්නේනුයි. මූලම්පි තෙසං පලිඛඤ්‌ඤ තිට්ඨෙ යනු වේ.
එතකොට පළවෙනි කාරණයට අවිද්‍යා මූලයෙන් ක්‍රෝධය කෙසේ ඇති වන්නේ ද? නිත්‍යව ගත් දෙය වෙනස් වීම නිසා ක්‍රෝධය. සල්ලයන්ගෙන් කැරකැවීම නිසා නිත්‍යභාවය ඇති වේ.
දෙවනුව අයොනිසොමනසිකාර මූලයෙන් ක්‍රෝධය කෙසේ ඇති වන්නේ ද? සුභ සුඛ අත්තා නිත්‍ය වශයෙන් සිතීම අයොනිසොමනසිකාරය තුළ ඇත. සුභ සුඛ අත්තා නිත්‍ය යැයි ගත් දෙයෙහි යම් වෙනස් වීමක් ඇති ද, එහි සිත බැස ගැනීම වන්නේ ක්‍රෝධය ඇති වේ.
තුන් වෙනුව අස්මිමානයාගේ මූලයෙන් ක්‍රෝධය කෙසේ ඇති වන්නේ ද? අහං සහ මමං එකට සිටී යැයි සිතයි. එනමුදු අනෙකක් ම වේ. විචිකිච්ඡා ඇති අවස්ථාවේ දී ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, පරාමාසකායගන්ථයෙන් වෙන් වන නිසා ක්‍රෝධය ඇති වේ.
හතර වෙනුව අහිරික මූලයෙන් ක්‍රෝධය කෙසේ ඇති වන්නේ ද? හිරිය නැති නිසා ධ්‍යාන තලයක් හෝ මගේ යැයි ගන්නේ ද එහි බැස ගැනීමක් වන්නේ ද ථීනමිද්ධය හටගනී. එමගින් විචිකිච්ඡාව ඇති වේ. මෙහි ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, පරාමාසකායගන්ථයෙන් වෙන් වීමක් ඇති ද එමගින් ක්‍රෝධය ඇති වේ.
පස් වනුව අනොතප්පය මූලයෙන් ක්‍රෝධය කෙසේ ඇති වන්නේ ද? ධ්‍යාන තලයක් හෝ මගේ යැයි ගැනීමට බිය නොවන්නාහු ද එය ම ක්‍රෝධය සඳහා ප්‍රමාණවත් වේ. කුමක් නිසා ද? බිය නොවූ දහම කෙරෙහි ම වූ මානය බලපාන නිසා ය. එහි දිට්ඨි සල්ලයෙන් කැරකීම ඇති අතර විසඳුමක් වෙනවා යන්න සිදු නොවන නිසා ය.
හය වෙනුව උද්ධච්චය මූලයෙන් ක්‍රෝධය කෙසේ වන්නේ ද? ඇලුම් කටයුතු ආලම්බනය සහ ආස්වාද ඉන්ද්‍රිය නිසා උද්ධච්චය ඇති වන බව දනිමු. මෙම කරුණු දෙකෙන් ක්‍රෝධය ඇති වීම බව පැහැදිලි ය.
ඊළඟට අවිද්‍යා මූලයෙන් අතිමානය කෙසේ වන්නේ ද? නිත්‍යව ගත්තේ දේ නිසා අතිමානය ඇති වේ. මෙහි සුඛය පවතී ය යන්න විශේෂ වන්නේ ය.
අයොනිසොමනසිකාර මූලයෙන් අතිමානය කෙසේ වන්නේ ද? සුභ සුඛ අත්තා නිත්‍ය වශයෙන් සිතීම අයොනිසොමනසිකාරය තුළ ඇත. සුභ සුඛ අත්තා නිත්‍ය යැයි ගත් දෙය නිසා අතිමානය ඇති වේ.
අස්මිමාන මූලයෙන් අතිමානය කෙසේ වන්නේ ද? අහං සහ මමං එකට සිටී යැයි සිතයි. එහි යම් බැස ගැනීමක් ඇති ද එහි නිත්‍යභාවය අඩංගු ය. මෙසේ අතිමාන වන්නේ ය.
අහිරික මූලයෙන් අතිමානය කෙසේ වන්නේ ද? හිරිය නැති නිසා ධ්‍යාන තලයක් හෝ මගේ යැයි ගන්නේ ද එය පවතී යැයි බැස ගැනීමක් වන්නේ ද එමගින් අතිමානය ඇති වේ.
අනොතප්ප මූලයෙන් අතිමානය කෙසේ වන්නේ ද? ධ්‍යාන තලයක් හෝ මගේ යැයි ගැනීමට බිය නොවන්නාහු ද එය පවතී යැයි බැස ගැනීමක් වන්නේ ද එමගින් අතිමානය ඇති වේ.
උද්ධච්ච මූලයෙන් අතිමානය කෙසේ වන්නේ ද? ඇලුම් කටයුතු ආලම්බනය සහ ආස්වාද ඉන්ද්‍රිය නිසා උද්ධච්චය ඇති වන බව දනිමු. මෙම කරුණු දෙකෙන් අතිමානය ඇති වීම පැහැදිලි ය.
අථප්පියං වා පන අප්පියං වා, අද්ධා භවන්තො අභිසම්භවෙය්‍ය. පියා යනු ප්‍රියයෝ දෙදෙනෙකි. සත්වයෝ හෝ සංස්කාරයෝ හෝ ය.
ප්‍රිය සත්වයෝ කවර යත්? මෙහි යම් සත්ව කෙනෙක් ඔහුට වැඩ කැමැත්තාහු, හිත කැමැත්තාහු, සුව කැමැත්තාහු මව හෝ පියා හෝ සහෝදරයා හෝ සහෝදරිය හෝ පුතා හෝ දුව හෝ යහළුවෝ හෝ සගයෝ හෝ නෑයෝ හෝ සහලේනෑයෝ හෝ යන මේ සත්වයෝ ප්‍රියයෝ ය.
ප්‍රිය සංස්කාරයෝ කවර යත්? මන වඩනා රූපයෝ ය. මන වඩනා ශබ්දයෝ ය. ගන්ධයෝ ය. රසයෝ ය. ස්පර්ශයෝ ය. මේ සංස්කාරයෝ ප්‍රියයෝ ය.
අප්පියා යනු අප්‍රියයෝ දෙදෙනෙකි. සත්වයෝ හෝ සංස්කාරයෝ හෝ ය. ප්‍රිය අප්‍රිය, මධුර අමධුර, සුඛ දුක, සොම්නස් දොම්නස්, ඉෂ්ට අනිෂ්ට, සියල්ල අභිභවනය (conquer) කරන්නේ ය.
අභිභවනය කර වෙනසකට නොපැමිණියේ ය (withstand) හෝ වෙනසකට නොපැමිණ අභිභවනය කරන්නේ ය.
ඉහත කරුණු හය නිසා ක්‍රෝධය සහ අතිමානය ඇති වන බව දැන එය පහ කරන්නට සිතන්නේ නම් එය කිරීමට බාධා වශයෙන් වන්නා වූ ප්‍රිය අප්‍රිය, මධුර අමධුර, සුඛ දුක, සොම්නස් දොම්නස්, ඉෂ්ට අනිෂ්ට, සියල්ල අභිභවනය කරන්නේ ය. අභිභවනය කර වෙනසකට නොපැමිණියේ ය. හෝ වෙනසකට නොපැමිණ අභිභවනය කරන්නේ ය. මෙසේ මණ්ඩලාධිපති බුදුපියාගේ පථයට ම පැමිණෙන බව පෙනේ.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 26/11/2022
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේකේ මේ ඇහෙන් දකින රූප කෙරෙහි උපෙක්ඛා ඇත්තේ එහි අභිභවනය ඇත. මෙසේ උපෙක්ඛා නිසා ඇති වූ අභිභවනය නිසා වෙනසකට පත් නොවන්නේ ය. තව ද වෙනසකට පත් නොවන්නේ රූප කෙරෙහි උපෙක්ඛාවට එය ම තුඩු දේ. එහි අභිභවනය ඇත.
එතකොට ඒක මණ්ඩලාධිපති බුදුපියාගේ පථ දෙකත් එක්ක බලාගෙන යන්න ඕන.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්