ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අංගුත්තර නිකායේ, දසක නිපාතයේ, යමක වග්ගයේ, ප්‍රථම නළකපාන සූත්‍රය. ඒ සූත්‍රයේ සැරියුත් හාමුදුරුවෝ පවසනවා.
ඇවැත්නි, යම් කිසිවක් හට කුසල ධර්මයන් කෙරෙහි ශ්‍රද්ධාව නැද්ද හිරි නැද්ද ඔතප් නැද්ද විරිය නැද්ද කුසල ධර්මයන් කෙරෙහි ප්‍රඥා නැද්ද ඔහුට යම් රැයක් හෝ දවාලක් හෝ වේ නම්, කුසල ධර්මයන් කෙරෙහි හානියක් ම කැමති විය යුතු ය. වෘද්ධියෙක් නොවෙයි.
ඇවැත්නි, යම් පරිදි කළුවර පස්හි චන්ද්‍රයාට, ඒ කියන්නේ අටවක, යම් රැයක් හෝ දවාලක් හෝ වේ නම් ඒ වර්ණයෙන් පිරිහේ. වටයෙන් පිරිහේ. ආලෝකයෙන් පිරිහේ. උස මහතින් පිරිහේ.
ඇවැත්නි, එපරිදි ම යමකු හට කුසල ධර්මයන්ගේ ශ්‍රද්ධා නැද්ද හිරි නැද්ද ඔතප් නැද්ද විරිය නැද්ද කුසල ධර්මයන්හි ප්‍රඥා නැද්ද ඔහුට යම් රැයක් හෝ දවාලක් හෝ ඒ නම් කුසල ධර්මයන්හි හානියෙක් ම කැමති විය යුතුයි. වෘද්ධියෙක් නොවෙයි.
ඇවැත්නි, අශ්‍රද්ධ පුරුෂ පුද්ගල යන තෙල පරිහානියක. ඇවැත්නි, ලැජ්ජා නැති පුද්ගලයා යන තෙල පරිහානියක. ඇවැත්නි, ඔතප් නැති පුරුෂ පුද්ගල යන තෙල පරිහානියක.
ඇවැත්නි, කුසීත පුරුෂ පුද්ගල යන තෙල පරිහානියක. ඇවැත්නි, දුෂ්ප්‍රාඥ පුරුෂ පුද්ගල යන තෙල පරිහානියක. ඇවැත්නි, ක්‍රෝධ කරන පුරුෂ පුද්ගල යන තෙල පරිහානියක. ඇවැත්නි, බද්ධ වෛරී (*1) පුරුෂ පුද්ගල යන තෙල පරිහානියක. ඇවැත්නි, පාපිච්ඡ (*2) පුරුෂ පුද්ගල යන තෙල පරිහානියක. ඇවැත්නි, පාප මිත්‍ර පුරුෂ පුද්ගල යන තෙල පරිහානියක. ඇවැත්නි, මිච්ඡාදිට්ඨික පුරුෂ පුද්ගල යන තෙල පරිහානියක.
ඒකෙ අනිත් පැත්ත පෙන්නනවා, යමෙකු හට කුසල ධර්මයන්හි ශ්‍රද්ධා ඇත්ද හිරි ඇත්ද ඔතප්ප ඇත්ද විරිය ඇත්ද කුසල ධර්මයන්හි ප්‍රඥා ඇත්ද කුසල ධර්මයන්හි වෘද්ධියෙක් ම කැමති විය යුතු ය. පරිහානියක් නොවේ.
ඇවැත්නි, ශ්‍රද්ධාවත් පුරුෂ පුද්ගල යන නොපිරිහීමකි. ලැජ්ජා ඇති, බිය ඇති, පටන් ගත් විරිය ඇති, නුවණ ඇති, ක්‍රෝධ නොකරන, බද්ධ වෛර නැති, පාපිච්ඡ නොවූ පුරුෂ පුද්ගල ඇති, කල්‍යාණ මිත්‍ර පුරුෂ පුද්ගල ඇති, සම්‍යක් දෘෂ්ටික පුරුෂයා යන මෙය, ඇවැත්නි නොපිරිහීමකි.
මණ්ඩලාධිපති බුදුපියාගේ පථය සමඟ සිහි කරන්නේ, සම්‍යක් දෘෂ්ටිය මගින් ප්‍රඥාව ඇති වීම ද එම ප්‍රඥාව මගින් වන ශ්‍රද්ධාව ද සිහි විය. ශ්‍රද්ධාව මගින් හිරි ඔතප් ඇති වේ. එය මගින් පටන් ගත් විරිය, ආරද්ධ විරිය ඇති විය. මෙසේ ඇති වුණා වූ ආරද්ධ විරියත් සම්‍යක් දෘෂ්ටිය මගින් ඇති වූ ප්‍රඥාවත් යන දෙක ම ක්‍රෝධ කිරීම සහ උපනාහය යන ධර්මතාවයෝ වළකයි.
මෙහි ආරද්ධ විරිය මගින් තණ්හාව ඉවත් කිරීම මගින් ක්‍රෝධයට ඉඩ නොදීමත් ප්‍රඥාව මගින් අවූපසන්තචිත්තය ඉවත් කිරීමත් විශේෂ වන්නේ ය. මෙය සඤ්ඤා දෙකක් සමාන නොවන බව වේදනා විෂයයෙහි දන්නා නිසා ය.(*3)
මෙම ධර්මතාවයන්ගෙන් වැළකෙන්නේ නම් එය ම පාපිච්ඡ නොවූ පුරුෂ පුද්ගල ඇති වීමටත්, කල්‍යාණ මිත්‍ර පුරුෂ පුද්ගල ඇති වීමටත් උදව් උපකාර කරයි. මෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි.
ඒක තමයි කරපු භාවනාව.
සාකච්ඡාව 26/11/2022
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඒ කියන්නේ උපනාහ.
(*2) පාප ඉච්ඡා. පවිටු අදහස්.
(*3) ඉතින් මෙතෙන් දී කෙනෙකුට කල්පනා කරන්න පුළුවන්, අර දුක අමතක කරන සංස්කාරයත් සුඛ යැයි ප්‍රකාශ කරන සංස්කාරයත් කියන දෙක.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේකට ටිකක් එකතු කරනවා නම්, ඔය 11/11/2022 ඒ අහිරික මූලයෙන් ක්‍රෝධය කෙසේ වන්නේ ද කියලා අපි විමසුවා. එතකොට එතන හිරිය නැති නිසා ධ්‍යාන තලයක් හෝ මගේ යැයි ගන්නේ ද එහි බැස ගැනීමක් වන්නේ ද ථීනමිද්ධය හටගනී යනුවෙන් අපි සාකච්ඡා කළා. එම ධර්මතාවය සමඟ විමසන්නේ ආරද්ධ විරිය මගින් තණ්හාව ඉවත් කරන්නේ ධ්‍යාන තලයක් මගේ යැයි ගෙන බැස නොගනී.
ඒ කියන්නේ හිරියෙන් ඔතප්පය, ඒකෙන් විරිය ඒකෙන් ධ්‍යාන තලයක් හෝ මගේ යැයි නොගනී. දැන් අපිට පේනවා ඇයි මේ හිරියෙන් ඔතප්ප වෙලා, ඔතප්පයෙන් ඇයි විරිය කියන එක ඇති වෙන්නේ කියන එක. මොකද මෙතන ධ්‍යාන තලයන් වශයෙන් බැලුවහම තමයි හොඳට පැහැදිලි වන්නේ.
ඊළඟට අහිරිය තියෙනවා නම් ඔතප්පය නෑ, ථීනමිද්ධ එතනින් ධ්‍යාන තලයක් හෝ මගේ යැයි ගන්නවා කියන එක තියෙනවා.
මෙසේ ම ප්‍රඥාව මගින් අවූපසන්තචිත්තය ඉවත් කිරීම විමසන්නේ සඤ්ඤා දෙකක් සමාන නොවන බව ප්‍රඥා මගින් දන්නේ දක්නේ, අහං සහ මමං එකට සිටී යැයි නොදකී. සඤ්ඤාවේ වෙනස් වීම ම සැකයට තුඩු දේ. ප්‍රඥාව මගින් මෙසේ දැකීම නිසා උපනාහය යන ධර්මතාවය වළකයි.
කෙනෙකුට මෙතන හිතෙන්න පුළුවන්, දැන් අපි වේදනා ගැන සඤ්ඤා මනසිකාර නැති ආකිඤ්චඤ්ඤායතන වැනි තලයක්, ඒක ගත්තොතින් මොකද වන්නේ කියන එක. ඒ කියන්නේ සඤ්ඤා දෙකක් සමාන නොවන්නේ කොහොම ද කියලා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
ඉතින් ඕක සරල උදාහරණයකින් මේ මනුස්ස ලෝකය බැලුවොතින්, මනුස්ස ලෝකේ දෙදෙනෙක් ඉපදෙන්නේ දෙදෙනා ම මනුස්ස යැයි සමාන යැයි හැඟේ. ඒ වුණාට අවුරුදු 100ක් වයස පුද්ගලයයි අවුරුදු 1ක් වයස වන දරුවයි අතර වෙනස ඇත. එක් අයකු කුඩා කලක් පවතී. මේක හරියට බැලුවොත් මෙතන දී දකුණු ඇහැ ඇරෙනවා කියන එක තියෙනවා.
ඊළඟට නැවතත් කියන්න පුළුවන්, ඔය පථ දෙක, මණ්ඩලාධිපති බුදුපියා පෙන්නපු එකේ පථ දෙක, path A path B පථ දෙක මගින් ශ්‍රද්ධා විරිය ඔය විදිහට ප්‍රඥා ආදී ධර්මතාවයෝ ඇති වන්නේ නම් පාපික ඉච්ඡා නොවේ. මෙම පථ මගින් මගඵල ලබන්නේ කල්‍යාණ මිත්‍ර පුරුෂ පුද්ගල ඇති වීමටත් උපකාර කරනවා. පාපික ඉච්ඡා කියන එක අංගුත්තර නිකායේ දසක නිපාතයේ ඒ කාය සූත්‍රය කියලා සූත්‍රයක පැහැදිලි කරනවා, මහණෙනි මේ සස්නේ කිසිවෙක් ශ්‍රද්ධා නැතියේ ම ශ්‍රද්ධා ඇතියේ යැයි දනිත්වා යැයි කැමති වෙනවා. දුස්සීල පුද්ගලයා මා සිල්වතැයි දනිත්වායි කැමති වෙයි, ඒ කියන්නේ එයා සිල්වතෙක් කියලා කැමති වෙන්නෙයි කියලා එයා කල්පනා කරනවා.
ඒ වගේ ම අල්පශ්‍රැත, වැඩිය අහල නැති, බහුශ්‍රැත කියලා දකින්නෙයි කියලා කැමති වෙනවා. ඒ විදිහට පාපික ඉච්ඡාව බොහොම ගැඹුරට යනවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්