ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අංගුත්තර නිකායේ, සතක්ක වග්ගයේ, රාගාදිපෙය්‍යාල සූත්‍රය.
ඒකේ පළවෙනියට පෙන්නනවා, මහණෙනි, රාගයාගේ අභිඥානය, අභිඤ්ඤාය කියන පාලි වචනය, direct knowledge of lust පිණිස සප්ත ධර්මයෙක් වැඩිය යුතු ය. කවර සතෙක යත්, සති සම්බොජ්ඣඞ්ගය, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, විරිය සම්බොජ්ඣඞ්ගය, ප්‍රීති සම්බොජ්ඣඞ්ගය, පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය, සමාධි සම්බොජ්ඣඞ්ගය, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මේ කරුණු සත වැඩිය යුතුයි.
දෙවනියට පෙන්නනවා, මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මේ කරුණු සතෙක් වැඩිය යුතුයි. කවර සතෙක යත්. අනිත්‍ය සඤ්ඤා, අනාත්ම සඤ්ඤා, අසුභ සඤ්ඤා, ආදීනව සඤ්ඤා, ප්‍රහාණ සඤ්ඤා, විරාග සඤ්ඤා, නිරෝධ සඤ්ඤායි. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මේ සත් කරුණු වැඩිය යුතුයි.
තුන් වෙනුවට පෙන්නනවා, මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා සත් කරුණෙක් වැඩිය යුතුයි. කවර සතෙක යත්. අසුභ සඤ්ඤා, මරණ සඤ්ඤා, ආහාරයෙහි පටික්කූල සඤ්ඤා, සබ්බලෝකයේ අනභිරත සඤ්ඤා, අනිත්‍ය සඤ්ඤා, අනිත්‍යයේ දුක්ඛ සඤ්ඤා, දුක්‌ඛෙ අනාත්ම සඤ්ඤායි. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මේ කරුණු සත් වැඩිය යුතුයි.
මේ සූත්‍රය තව දිගට යනවා, ඒකේ පෙන්නනවා, මහණෙනි, රාගයාගේ පරිඤ්ඤාව, ඒ කියන්නේ full understanding of lust, සඳහා සප්ත ධර්මයෙක් වැඩිය යුතු ය. මහණෙනි, රාගයාගේ පරික්ෂය සඳහා utter destruction of lust. ප්‍රහාණය for the abandon, ක්ෂය for the destruction, වැය the vanishing, විරාගය fading away, නිරෝධය cessation, ත්‍යාගය giving up, පටිනිස්සග්ගය relinquishment, සඳහා මේ කරුණු සත වැඩිය යුතුයි.
එතකොට මේකේ තුන් වෙනියට සඳහන් ධර්මයෙන් පටන් ගත්තා. එතකොට පළවෙනියට අසුභ සඤ්ඤාව වඩන්නේ සුභ වශයෙන් නොගනී. එහි යම් විමුක්තියක් ඇති වේ ද එමගින් රූපය ඉක්මවයි.
දෙවනියට මරණ සඤ්ඤාව වඩන්නේ ඉහත රූපය ඉක්මවා ඇත්තේ රූපය නිසා හටගත්තා වූ වේදනාව, මරණ සඤ්ඤාව වඩන්නා වූ අයෙකුට වැටහේ. එහි වේදනා කෙරෙහි යම් විමුක්තියක් ඇති ද එමගින් වේදනාව ඉක්මවයි.
තුන් වෙනුව ආහාරයේ පටික්කූලතා සඤ්ඤාව වඩන අයෙකු නැවතත් වේදනාව ඉපදීම සඳහා ආහාරයන් නොගනී. ජීවිත පැවැත්ම සඳහා පමණක් ආහාර ගැනීම පවතී. එහි යම් විමුක්ති ස්වභාවයක් ඇති ද එමගින් රූප සහ වේදනා යන දෙක ම ඉක්මවීම කරනු ලබයි.
හතර වෙනුව සබ්බලොකෙ අනභිරත සඤ්ඤාව වඩන අයකු වේදනාව සඳහා සාදන චිත්ත සංස්කාර මගේ යැයි නොගැනීමට දක්ෂ වන්නේ ය. එහි යම් විමුක්තියක් ඇති ද එමගින් වේදනාවන් සහ සංස්කාර යන දෙක ම ඉක්මවයි.
පස් වෙනුවට අපිට පේනවා අනිත්‍ය සඤ්ඤාව වඩන අයුර, 25/06/2021 නිබ්බාන භාවනාවේ දී සාකච්ඡා කරලා තියෙනවා. සඤ්ඤාවේ අනිත්‍යභාවය සමුදයත් අස්තංගමයත් සමාධිභාවනා සූත්‍රය මෙන් බලන්නේ කිසිවක් මගේ යැයි නොගන්නේ, භය අගති සිට චේතනාව දක්වා වූ ධර්මයන් ගිලිහී යන්නේ අස්මිතිය පහ වීමට තුඩු දේ. මෙහි යම් ස්ථාවරයක් ඇති ද ක්ෂේත්‍ර one කරා ගමන් කිරීමක් නොවන්නේ පෙර විසිර ගියා වූ කැඩී බිඳී ගියා වූ දහම් නැවත එකතු නොකරයි.
හය වෙනි කාරණය දුක්ඛයේ අනාත්ම සඤ්ඤාව වඩන අයුර, 02/07/2021 නිබ්බාන භාවනාවේ දී සාකච්ඡා කර ඇත. මෙහි දී විඤ්ඤාණය සහිත කයෙහි ද බාහිර සියලු නිමිති කෙරෙහි ද අහිංකාර මමිංකාර මාන පහ වූ විධා සමතික්‍රමණය, ඉක්ම වූ විධා කළ ශාන්ත වූ සුවිමුක්ත චිත්තය ඇති වේ.
හත් වෙනියට අනිත්‍යයේ දුක්ඛ සඤ්ඤාව වඩන අයුර, 09/07/2021 නිබ්බාන භාවනාවේ දී සාකච්ඡා කර ඇත. 1 අපි ජාතියේ සිට මිච්ඡා දිට්ඨි වූයේ නම් ජරාව වේ. මෙයින් නාමකායේ පටිඝසම්‌ඵස්‌සය අගය සෑදේ. 2 අපි ජාති සිට අභිජ්ඣා වූයේ නම් දුක ය. අභිජ්ඣාවෙන් පටිඝානුසය ඇති වන්නේ නැවතත් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ. 3 අපි ජාතියේ සිට ව්‍යාපාද වූයේ දෝමනස්සය හටගනී. එසේ නම් පටිඝානුසය ඇත්තේ නැවතත් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ. මෙම තුන් ධර්මයන් මගින් දුක ඇති වන බව දන්නේ මිද්ධ සහගත සඤ්ඤා ඉවත් කරයි.
මෙහි පහ, හය, හත යන ධර්මතා මගින් යම් විමුක්තියක් ඇති ද ජරාව හොඳින් දැන ගනියි, පරිඤ්ඤා. මෙය හොඳින් දන්නේ දක්නේ රාගය ඉක්මවයි. නිර්වාණය සාක්ෂාත් කරයි.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 10/12/2022
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
මේ භාවනාව කරන්නේ පළවන කාරණාවෙන් අසුභය. දෙවෙනි එකේ දී ප්‍රීතිය ගැලීම, ඒ වගේ ම හය වෙනි ධ්‍යාන වීම. තුන් වන කාරණාව වෙනකොට හත් වෙනි ධ්‍යාන සහිතව රූප වේදනා ඉක්මවා සිටීම. හතර වන කාරණාවේ දී ඵල චිත්තය නැංවීම. පස් වෙනි කාරණාව වෙනකොට පිරිසිදු මනසක් වෙනවා. හය වන කාරණාවේ දී ශාන්ත වූ සුවිමුක්ත වූ චිත්තය ඇති වෙනවා. හත් වන කාරණාව වෙනකොට කූඤ්ඤය දැනීම සිදු වෙනවා.