Date: 02/12/2022 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

25/11/2022 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. අද බැලුවේ, රාගයාගේ අභිඥානය (අභිඤ්ඤාය, direct knowledge of lust) පිණිස වැඩිය යුතු පළමුවෙන් සඳහන් වූ කාරණා හත.

එනම්, සති සම්බොජ්ඣඞ්ගය, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, විරිය සම්බොජ්ඣඞ්ගය, ප්‍රීති සම්බොජ්ඣඞ්ගය, පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය, සමාධි සම්බොජ්ඣඞ්ගය, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය.

එතකොට මෙතනට එනවා අර diagram එක.

1. 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍ය කියන තැන, 3 ජාතියේ ඉඳන් ජරාව. තුනෙන් පටන් ගත්තා. තමන්ගේ ශරීරය ජරා වෙලා නේ ද තියෙන්නේ? එහෙම නම් ඉදිරියට ව්‍යාධියයි මරණයයි. මැරෙනවා නම් නිත්‍යභාවයක් කොයින් ද? එහෙම නම් අත්තා ඉඳන් නිත්‍යට තියෙන පාලම කඩාගෙන වැටෙනවා. එතකොට එහෙම නම් අපි මේ අත්තා කියලා තදින් අල්ලාගෙන ඉන්නේ මොකක් ද? එක, කබලිංකාර ආහාරය නේ ද? කලින් ශරීරයක් තිබුණා. ඒක මැරිලා වැටිලයි මේක හදා ගත්තේ. දැන් මේක ජරා වෙලා ඉස්සරහට ව්‍යාධියයි මරණයයි. එහෙම නම් මේකත් එක්කත් ඉන්න බැහැ. එහෙම නම් අනාගතයේ එකක් ගත්තොත් ඒත් ඔච්චරයි. එහෙම නම් දැඩි ලෙස වෙහෙසට පත් වෙලා මේ රූපය අල්ලලා විසි කරනවා. එතකොට අපි යනවා අරූපයට.

2. මෙහි ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය අඩංගු විණ. එය මගින් රූපය ඉවත් කළ යුතු බව දන්නේ.

3. විරිය සම්බොජ්ඣඞ්ගය භාවිතා කරන්නේ මඟ නොනවතින විරියක් ඇත්තේ නිර්වාණයට ම මනස යොමු කරයි. මෙහි යම් ස්ථාවරයක් ඇති ද, එහි අරි අට මඟ ගැබ් ගෙන ඇත.

4. විරිය මගින් දස අකුසලය පහ කර ඇති නිසා advanced 2 උපෙක්ඛා භාවනාවේ දී සිහි කළාක් මෙන් දස අකුසලයෙන් වෙන් වීම නිසා වූ ප්‍රීතිය ඇත්තේ ප්‍රීති සම්බොජ්ඣඞ්ගය වැඩීම සිදු වේ.

5. උපසමාධිට්ඨානය දක්වා යන්නේ පස්සද්ධි සම්බොජ්ඣඞ්ගයට අඩිතාලම දමයි. කුමක් නිසා ද? අලෝභ අදෝස අමෝහ හරහා අරි අට මඟට පැමිණි නිසා ය. එනම් අලෝභ අදෝස අමෝහ වීමෙන් අරි අට මඟට පැමිණෙන බව වැටහීම ය. එහි සම්මා සමාධියට පදනම සකස් වී අවසාන ය. කුමක් නිසා එසේ පවසත් ද? ලෝභ දෝස මෝහ එපා යැයි පවසන්නේ නම් එසේ වන නිසා ය. එනම් ලෝභ දෝස මෝහ එපා යැයි ස්ථාවරයක් වීමෙනි.

6. විමංසා සමාධිය දක්වා යන්නේ එහි පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය ක්‍රියාත්මක වේ. කුමක් නිසා ද? ගැලවූ ධර්මතාවයන් මගින් ඇති වූ ශාන්ත ස්වභාවය ක්‍රියාත්මක වන නිසා ය. බිම තබන ලද යකඩ පොල්ල නැවත ගැනීමක් ගැන අදහස් මෙහි නැත. මෙසේ සමාධි සම්බොජ්ඣඞ්ගය වැඩීම සිදු වේ.(*1)

7. සබ්බනිස්සග්ගය දක්වා පැමිණ ඇත්තේ බලකොටුව තුළ රැකීමට දෙයක් නැති බව දන්නේ උපෙක්ඛාවට පත් වේ. මෙසේ ඇති වුණා වූ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය තුළ අහිංකාර මමිංකාර මාන පහ වූ විධා සමතික්‍රමණය, ඉක්ම වූ විධා කළ, ශාන්ත වූ සුවිමුක්ත වූ චිත්ත ස්වභාවය ගැබ් ගෙන ඇත. මෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 10/12/2022

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඒ කියන්නේ පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය අඛණ්ඩව පවතිනවා ඔතෙන් දී.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේ භාවනාවට තව ටිකක් එකතු කරනවා නම් පළවෙනි එකේ දී ම ගත්තොතින් එහෙම, අපේ ශරීරය ඉතින් ජරා වෙලා තියෙන්නේ, ඉතින් ලෙඩ තියෙනවා. ඉතින් කල්පනා කරනවා ව්‍යාධි සහිතව සිටින පුද්ගලයා ඒක අමතක කරලා නැවතත් ව්‍යාධිය පුනපුනා ගන්නා බව සිහි කරන්නේ, මනස අඛණ්ඩව විශාල වෙනවා. තමන්ගේ රෝග තියෙනවා ආපහු මෙම රෝගය ගන්නවා කියන එක ඒ විදිහට ගන්නවා.

ඊළඟට ඔය සුඛ ස්වභාවය හතර වෙනි කාරණයට එනවා විරිය මගින් දස අකුසලය පහ කරලා එතන ප්‍රීති සම්බොජ්ඣඞ්ගය වැඩීම කියන එක. ඒ සුඛ ස්වභාවය පවතින නිසා ඒ පාණාතිපාතා වැනි දේ වලින් ගැලවීම නිසා යැයි සිතන්නකුට ප්‍රීතිය ඇති වෙනවා එතෙන්දී.

ඊළඟට ඔය උපසමාධිට්ඨානය තියෙන තැන දී අඩිතාලම ගැන සඳහන් කළානේ. ඒක හරියට හිතන්න යමෙක් මේ පඩි පෙළක් දකිනවා. මෙය දිගේ ගොස් අරි අට මඟට පැමිණෙන බව වැටහේ. අන්න පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය.

එතකොට ඊළඟට පෙන්නනවා පදනම කියලා. එතකොට ඒ පඩි පෙළ නැග යම් තැනකට ගියා ද එය හොඳ යැයි ස්ථීර වන්නේ, අපි හිතමු අපි පඩි පෙළේ දැන් උඩට ගිහිල්ලා ඉන්නවා දැන් පහළ බලලා එයා කියන්නේ කුම්මග්ග පටිසේවනය තමයි පහළ. ඒ බව දැන නැවත නොයමී යන ස්ථාවරයට පැමිණෙනවා. එතකොට සම්මා සමාධියට පදනම වෙනවා.

හරි ලස්සනයි ඕක බැලුවහම. ඔය පදනම කියන එකේ තියෙන්නේ something from which other things extend කියන එක, foundation කියන එක. එතකොට අතන මම ගිහිල්ලා ඉන්නවා, එතනින් අර සම්මා සමාධිය එතන ඒ පදනම කියන එක.

ඊළඟට ඒ වගේ ම, මේ භාවනාව කරනකොට එක් එක් කරුණ සිහි කරන්නේ, ඒ කරුණට අනුරූපව සම්බොජ්ඣඞ්ගය වැඩුණා, සම්බොජ්ඣඞ්ගයන් අතර මාරු වීමත් කරන්න පුළුවන් වුණා. එය භාවනාවෙන් පසුව ද කළ හැකි වූයේ, සැරියුත් හාමුදුරුවන්ගේ ඇඳුම් උදාහරණය සිහි විය.

එතකොට දැන් ඔය එක කාරණාවක් මම කිව්වා එතෙන්දී, ඒ කියන්නේ, ප්‍රීති සුඛ දැනෙත්දිත් මේ ධර්මතාවයට ප්‍රීති සුඛ උපෙක්ඛා විය හැකියි කියන එක තියෙනවා. ඒ කියන්නේ යමෙකුට ප්‍රීතියක් නැතුව ඒකට උපෙක්ඛා වෙනවා කියන කතාව වෙනසක්, තව කෙනෙකුට ප්‍රීතිය තියෙද්දී එයා කියනවා මං ප්‍රීතියට මේ උපෙක්ඛා වෙනවා කියන එක. ඒක එහෙම හැකියාවක් මේ භාවනාවේ ඇති වෙනවා මේ විදිහට. ඒ කියන්නේ ඔය සම්මා සමාධිය කියන එක බුදුහාමුදුරුවෝ ඉතින් අර ප්‍රථමධ්‍යානං දුතියධ්‍යානං ගිහිල්ලා අන්තිමට ​​ඒ චතුත්ථධ්‍යානය වෙනකොට අර ප්‍රීති සුඛය තිබුණත් ඒවට උපෙක්ඛා වෙන්නා වූ ස්වභාවයක් ඒ භාවනාවෙන් පුළුවන් කියන එක පේනවා.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_SabbasavaSuttadiagrams3/S_SabbasavaSuttadiagrams3-08.jpg