ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
25/11/2022 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. අද බැලුවේ, රාගයාගේ අභිඥානය (අභිඤ්ඤාය) පිණිස වැඩිය යුතු දෙවනුවට සඳහන් වූ කාරණා හත.
එනම්, අනිත්‍ය සඤ්ඤා, අනත්ත සඤ්ඤා, අසුභ සඤ්ඤා, ආදීනව සඤ්ඤා, ප්‍රහාණ සඤ්ඤා, විරාග සඤ්ඤා, නිරෝධ සඤ්ඤා.
එතකොට පළවෙනියට අනිත්‍ය සඤ්ඤාව සමාධිභාවනා සූත්‍රයට අනුව, රූපයේ සමුදය අස්තංගමය බැලුවා. භවයෙන් ජාතිය, ජාතියෙන් ජරාව. ඉතින් මෙතනට එනවා අර diagram එක. 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍ය, 3 ජාතියේ ඉඳන් ජරාව. ශරීරය ජරා වෙලා, ඉස්සරහට ව්‍යාධියයි මරණයයි. එහෙම නම් මේකත් එක්කත් ඉන්න බෑ. එහෙම නම් අනාගතයේ එකක් ගත්තොත් ඒත් ඔච්චරයි. එහෙම නම් දැඩි ලෙස වෙහෙසට පත් වෙලා මේ රූපය අල්ලලා විසි කරනවා. එතකොට අපි යනවා අරූපයට.
මෙසේ රූපයේ අනිත්‍යභාවය දෙයාකාරයකින් දකින්නේ, ඒ කියන්නේ පටිච්චසමුප්පන්නව සහ ප්‍රායෝගිකව, රූපයේ ඉවත් කිරීම සිදු වේ.
දෙවනුවට එනවා අනත්ත සඤ්ඤාව මගින් එම රූපය නිසා හටගන්නා වූ යම් ස්පර්ශයක් වේ ද එම ස්පර්ශය අනත්තා. මෙසේ ඇස අනත්තා, රූපං අනත්තා, ඇසයි රූපයයි නිසා හටගන්නා වූ ස්පර්ශ අනත්තා. ස්පර්ශය නිසා හටගන්නා වූ වේදනාව අනත්තා යනුවෙන් සිහි කළා.
තුන අසුභ සඤ්ඤා. මෙහි දී special ඉද්ධි diagram එකේ පිටුව 9 සිහි විය. ඒකේ තියෙනවා diagram එකක් ඒ සුභ සඤ්ඤාවේ ඉඳන් මානයට ඉරක් ඇඳලා තියෙනවා. ඉර උඩ මමංකාරය පහළ අහංකාරය. එතකොට උඩ අත්තා සඤ්ඤාව පහළ භය අගතිය. එතකොට අත්තා ඉඳන් නිත්‍යට රේඛාවක් ඇඳලා තියෙනවා. එතන ලියලා තියෙනවා මානය විසින් සුභ වූ දෙය ම හොඳ යැයි පවසයි.(*1)
මෙහි දී සුභ වූ දෙයට ඇති වන මානය පහ කිරීම සඳහා අසුභ සඤ්ඤාව වැඩුවා. මේ වන විට අනාත්ම සඤ්ඤාව වඩා ඇති නිසා පහසුවෙන් රූපයත් රූපය නිසා ඇති වූ ස්පර්ශය වේදනා ඉවත් කර ඇත්තේ මාන වීමට යමක් නොවන බව දන්නේ දක්නේ මානය බැස යයි.(*2) මෙතන්ට එනවා ගාථාවක්.
“අනෙකජාතිසංසාරං, සන්ධාවිස්සං අනිබ්බිසං. ගහකාරකං ගවෙසන්තො, දුක්ඛා ජාති පුනප්පුනං.”
භවයේ නැවත නැවත උත්පත්තිය යම් හෙයකින් දුක් ද, එහෙයින් ගෙය කරන වඩුවා සොයන මම නැවත නැවත ඇවිද්දෙමි.
“ගහකාරක දිට්‌ඨො සි, පුන ගෙහං න කාහසි. සබ්බා තෙ ඵාසුකා භග්ගා, ගහකූටං විසඞ්ඛිතං. විසඞ්ඛාරගතං චිත්තං, තණ්හානං ඛයමජ්‌ඣගා.”
ගෙය කරන වඩුවා දක්නා ලද්දෙහි ය. නැවත ගෙයක් නොකරන්නෙහි ය. තාගේ සියලු පරාලයෝ බිඳින ලද හ. ගෙහි කැණිමඬල විසුරුවන ලදී. සිත නිවනට වනී. තෘෂ්ණා ක්ෂය යැයි කියන ලද අරිහත්වයට පැමිණියෙමි. ඒ ගාථාව සිහි වුණා.
නැවත උත්පත්තිය ඇති කරන තණ්හාව මේ අවස්ථාවේ දී විද්‍යාමාන වන අතර,(*3) වේදනාව සඳහා සාදන චිත්ත සංස්කාර ඉවත් කර මානය බැස ගොස් ඇත්තේ භව සංස්කාරයන්ගේ ප්‍රහාණය සඳහා එළඹෙන හතර වෙනියට එන ආදීනව සඤ්ඤාව ක්‍රියාත්මක වෙනවා. මෙහි දී මානය ආබාධයක් වශයෙන් දැකීම වැදගත් වේ.
පස් වෙනියට එනවා ප්‍රහාණ සඤ්ඤා. කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක, ප්‍රහාණ සඤ්ඤාව මගින් ඉක්මවන්නේ, මානය ආබාධයක් වශයෙන් දැන එහි අගයෝ බැස ගොස් ඇත්තේ, අමෝහ පාරේ ගමන් කර අධිප්‍රඥා ශික්ෂාවට එළැඹේ.(*4)
හය වෙනියට එනවා එහි යම් විරාගයක් ඇති ද, එය විරාග සඤ්ඤාව වැඩීම සඳහා සුදුස්සෙක් බවට පත් කරයි. මෙහි දී සංස්කාර සමථය සඳහා නිර්වාණයට මනස යොමු කිරීම ද තණ්හාවගේ විරාගය ඇති කරගැනීම ප්‍රධාන ය.
හත් වෙනියට එනවා නිරෝධ සඤ්ඤා. මෙහි දී සියලු උපධි දුරලීම සඳහා කටයුතු කරයි. මෙය 12/05/2017 නිබ්බාන භාවනාව මෙන් වටහා ගත යුතුයි.
“උපධිනිදානා පභවන්ති දුක්ඛා, යෙ කෙචි ලොකස්මිං අනෙකරූපා. යො වෙ අවිද්වා උපධිං කරොති, පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො. තස්මා පජානං උපධිං න කයිරා, දුක්ඛස්ස ජාතිප්පභවානුපස්‌සීති.”
එතකොට එතන අපි සාකච්ඡා කරලා තියෙනවා, ඒ කියන්නේ අමෝහ පාරේ අමෝහයෙන් අමෝහ පාරේ ගිහිල්ලා දුක්ඛ නිරෝධය.(*5) මේ නිසා සංස්කාර ඉවතලීම.(*6) අරූප ධ්‍යාන සාදන සංස්කාරයන් ඉවත ලා පග්ගහ නිමිත්තට එනවා කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 31/12/2022
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් මේක බලනකොට තමන් බලන්න ඕන අපි අනිත්‍ය සඤ්ඤාව කියන එක බලාගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට ඊට පස්සේ අනත්තා කියලා අත්ත සඤ්ඤාව එතන අයින් කිරීම තියෙනවා. මේ පල්ලෙහායින් මානය. ඒක කතා කරන්නේ මේ සුභයක් එක්ක. එතකොට එතන පථයක් තියෙනවායි කියලා තමන්ට පේනවා.
(*2) ඉතින් දැන් පථයේ පැහැදිලිකමක් පේනවා. අර අනිත්‍යයි කියලා ගත්තා ඒක අර පල්ලෙහා මෝහය අවිද්‍යාව එහෙම තියෙන තැන්වල තියෙන එක කැපීම කියන එක. අනත්තා කියන එක එනවා. ඊට පස්සේ අපි ඇවිල්ලා තියෙනවා වම් පැත්තේ, මේ රූපය තියෙන තැන සුභයි කියන කතාව, ඒක අපි මානය පහ කිරීම සඳහා ඒ අසුභ සඤ්ඤාව වඩන්නේ.
(*3) ඉතින් එතනට ටිකක් එකතු කරනවා නම් තමන්ට පේනවා, දැන් අපි පෙන්නුවා පථයක්, ඒ පථය දිගේ ආවයින් පස්සේ මතක ඇති වේදනා පච්චයා තණ්හා කියලා, ඒකෙ diagram එකක් අපි බලලා තියෙනවා 1 අවිද්‍යාව, 2 සඤ්ඤා, 3 ජාති. දැන් අර පථයත් එක්ක බලන්න ජාති කතාව එහෙම පේනවා. ඒ කියන්නේ තණ්හාව නිරූපණය කරන කාරණා තුන පේනවා.
(*4) ඒ කියන්නේ අරූප ධ්‍යාන කුසලය, අරූප ධ්‍යාන කිසිවක් අල්ලා ගැනීමක් නැතුව ඉවර වේ ද එයයි.
(*5) වම් පැත්තේ සවිතක්ක සවිචාර සමාධිය. ඒක දිබ්බ විහාරයෙන් ඇවිල්ලා භව නිරෝධයෙන් දුක්ඛ නිරෝධයට එනවා.
(*6) ඒක ධම්මානුපස්සනාවත් එක්ක සම්බන්ධ වෙලා.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
එතකොට මෙතැන දී ඔය මානය පහ කිරීම සඳහා ඒ අසුභ සඤ්ඤාව වැඩුවහම එමගින් එම යම් මානයක් පහ වූවා ද, විද්‍යාමාන වූ තෘෂ්ණාව මගින් නැවත සකසන මානය රෝගයක් වශයෙන් දැක, යමෙක් රෝග නොවීමට, ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් covid19 හම්බවෙන්නේ නැති වෙන්න යම් වීරියක් උත්සාහයක් ගන්නේ කෙසේ ද එසේ ජීවත් වීම, මේකෙන් අදහස් කරන්නේ.
එතකොට මේ භාවනාව කරන්නේ පළවෙනියෙන් ම ඒ අනිත්‍ය සඤ්ඤාවත් එක්ක ඒ දකුණු ඇස ඇරීම. දෙවෙනි එක එනකොට නළල මැද දැනීම. තුන් වෙනි එකට එනකොට වම් ඇස ඇරීම කියන එක සිද්ධ වෙනවා. හතර වෙනි කාරණාව ආදීනව. ඒ දක්වා පැමිණියේ මනස සෘජු වෙනවා, straight වෙනවා. මේ විදිහට මේ ඇරුණු ඇස් නළල දැනීමත් සමඟ එහෙම පවතිනවා. ඉතින් මේ විදිහට මම නම් මීට පෙර ඉඳලා තිබුණේ නැහැ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්