ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සංයුත්ත නිකායේ මහා වග්ගයේ මග්ග සංයුත්තයේ අවිජ්ජා වග්ගයේ අවිජ්ජා සූත්‍රය.
මහණෙනි, පවට ලැජ්ජා නැතිකම හා බිය නැතිකම සමඟ උපදනා අවිද්‍යාව, අකුසල් දහම් ඉපැද්දීමට පෙරටු වෙයි. අවිද්‍යාවෙන් යුත් අඥානයා හට මිච්ඡා දිට්ඨි උපදී. මිච්ඡා දිට්ඨිය ඇත්තහුට මිච්ඡා සංකල්පය උපදී. මිච්ඡා සංකල්පය ඇත්තහුට මිච්ඡා වාචා උපදී. මිච්ඡා වාචා ඇත්තහුට මිච්ඡා කම්මන්ත වෙයි. මිච්ඡා කම්මන්ත ඇත්තහුට මිච්ඡා ආජීව වෙයි. මිච්ඡා ආජීව ඇත්තහුට මිච්ඡා වායාම වෙයි. මිච්ඡා වායාම ඇත්තහුට මිච්ඡා සති වෙයි. මිච්ඡා සති ඇත්තහුට මිච්ඡා සමාධි වේ.
මහණෙනි, හිරි ඔතප් දෙක සමඟ ම උපදනා විද්‍යාව, කුසල් දහම් ඉපැද්දීමට පෙරටු වෙයි. විද්‍යාවෙන් යුත් පණ්ඩිතයා හට සම්මා දිට්ඨිය උපදී. සම්මා දිට්ඨිය ඇත්තහුට සම්මා සංකල්ප උපදී. සම්මා සංකල්ප ඇත්තහුට සම්මා වාචා උපදී. සම්මා වාචා ඇත්තහුට සම්මා කම්මන්ත වෙයි. සම්මා කම්මන්ත ඇත්තහුට සම්මා ආජීව වෙයි. සම්මා ආජීව ඇත්තහුට සම්මා වායාම වෙයි. සම්මා වායාම ඇත්තහුට සම්මා සති වෙයි. සම්මා සති ඇත්තහුට සම්මා සමාධි වේ.
හිරි ඔතප් දෙක නැති නම්, ධ්‍යාන තලයක් හෝ මගේ යැයි ගන්නේ ද එහි බැස ගැනීමක් වන්නේ ද එහි විඤ්ඤාණ තිට්ඨති යන්න සිදු වේ. ථීනමිද්ධය හටගනී. මෝහ පාරේ ගමන් කරයි. එමගින් අවිද්‍යාව ඇති වේ. අවිද්‍යාවෙන් යුත් අඥානයා හට මිච්ඡා දිට්ඨිය උපදී. කෙසේ ද? යම් මිච්ඡා දිට්ඨියක් වේ ද එහි චතුරාර්ය සත්‍ය නොදන්නා බව චතුරාර්ය සත්‍යයෙහි සැක බව අඩංගු වේ. මෙසේ මිච්ඡා සංකල්ප ඇති වීමට ප්‍රධාන කාරණය මිච්ඡා දිට්ඨිය තුළ ඇත්තේ එමගින් වන්නා වූ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක මගින් ලෝභ දෝස මෝහ පාරවල්වල ගමන් කර මිච්ඡා සමාධි දක්වා ම යයි.
මෙතනට එනවා සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේ සාකච්ඡා කළ three kind of bad conduct diagram එක.
ඒකේ වම් පැත්තේ දස අකුසලය, මැද කුම්මග්ග පටිසේවනය, ඒකෙන් ලෝභ දෝස මෝහ. එහි සම්බන්ධතාවයන් පෙන්වා දී ඇත.(*1)
හිරි ඔතප් දෙක ඇති නම් ධ්‍යාන තලයක් හෝ මගේ යැයි නොගන්නේ එහි බැස ගැනීමක් නොවේ. විඤ්ඤාණ තිට්ඨති යන්න සිදු නොවේ. මෙහි සතර සුඛභාගී ධර්මයෝ ක්‍රියාත්මක වේ. සතර අප්‍රමාණයෝ ඇති වේ. එමගින් රූප වේදනා සඤ්ඤා සංස්කාරයෝ ඉක්මවයි. මෙහි යම් විද්‍යාවක් වේ ද, එය චතුරාර්ය සත්‍ය දන්නා බවට සාක්ෂි දරයි. එය කුමක් ද? මෝහ අගති ගමන් නොයන්නාවුන් හට මෝහය නිසා වන ධර්මතාවයෝ බල නොපාන නිසා ය. “නිබ්බානං රතනංති කරිත්වා අච්ඡරියභාවෙන අතුලං. තත්ථ කුසලස්ස ච අභිසම්භවා ජානනා පස්සනා, අයං අමොහො”, යන්න සිහි කරන්න. මෙසේ ඇති වන සම්මා දිට්ඨිය මගින් සම්මා සංකල්ප උපදී.
මෙතනට එනවා සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේ සාකච්ඡා කළ, three kind of good conduct diagram එක.
ඒකේ වම් පැත්තේ දස කුසලය, මැද අලෝභ අදෝස අමෝහ, දකුණ අරි අට මඟ. ඒ සම්බන්ධතාවයන් පෙන්නා දීලා තියෙනවා. මෙසේ සම්මා සමාධි දක්වා ම ගමන් කරයි.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 31/12/2022
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) භාවනාවේ දී තමන් මෙනෙහි කරලා බලන්න ඕන මේ සම්බන්ධතාවය.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේකට තව චුට්ටක් එකතු කරනවා නම්, ඔය හිරි ඔතප් දෙක ඇති නම් ධ්‍යාන තලයක් හෝ මගේ යැයි නොගන්නේ භාවිත චිත්තා කියන එක ඇති වෙනවා. සම්මා සංකප්ප, සම්මා සමාධි. ධ්‍යාන තලයක් හෝ මගේ යැයි නොගන්නේ ද එහි නෙක්ඛම්මය ඇති ද එයින් විරිය සමාධිය ඇති වේ.
විරිය සමාධිය අපි දන්නවා. “උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය, භිය්‍යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා, ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.” අර හතර වෙනි විරියේ තියෙන අර්ථය.
ඕක පැහැදිලි කරන්නේ සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේ දී. මෙහි දී සංස්කාරයන් ඉවත් කරනවා.
ඉතින් මෙතන දී “නිබ්බානං රතනංති කරිත්වා, අශ්චර්යභාවේන අතුලං,” ඒ ගාථාවේ අර්ථයේ සිටිය යුතුයි යන්න, විරිය සමාධිය මගින් පෙන්වා දෙනු ලබනවා. කුමක් නිසා ද?