ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සංයුත්ත නිකායේ කුණ්ඩලිය සූත්‍රය. ඒ සූත්‍රයේ තථාගතයන් වහන්සේ පවසනවා. සත් බොජ්ඣඞ්ගයෝ වඩන ලදහු බහුල කරන ලදහු විජ්ජා විමුක්ති සම්පූර්ණ කෙරෙතියි යනුවෙන්.
මෙහි මහණ තෙමේ විවේකය ඇසුරු වූවක්, විරාගය ඇසුරු වූවක්, නිරෝධය ඇසුරු වූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සති සම්බොජ්ඣඞ්ගය වඩයි. ඒ විදිහට විවේකය ඇසුරු වූවක්, විරාගය ඇසුරු වූවක්, නිරෝධය ඇසුරු වූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය දක්වා වඩයි. කුණ්ඩලිය, සත්ත බොජ්ඣඞ්ගයෝ මෙසේ වඩන ලදහු මෙසේ බහුල කරන ලදහු විජ්ජා විමුක්ති පිරිපුන් කෙරෙති.
02/12/2022 නිබ්බාන භාවනාව සමඟ මෙය විමසා බැලුවා. යමෙක් විවේකය ඇසුරු කර සති සම්බොජ්ඣඞ්ගය වඩයි යන්නට සිත යොමු කළා. විවේකය කියලා කිව්වම විවේකයන් තුනක් තියෙනවා. කාය විවේකය, චිත්ත විවේකය, උපධි විවේකය කියලා.
කාය විවේකය කවරේ ද යත්, මේ සස්නෙහි මහණ තෙමේ ආරණ්‍ය මූල රුක්ඛ මූල වගේ ඒ වගේ තැන ඇසුරු කරනවා. ජන ශුන්‍ය සේනාසන තමයි ඇසුරු කරන්නේ. කයෙන් ද එකලාව ඉන්නවා කියලා. ඒ කියන්නේ ගමට පිඬු සිඟා යනවා. තනියම තමයි එන්නේ, තනිව ම තමයි ජීවත් වෙන්නේ. එකලාව සක්මන්ව සිටිනවා කියලා. සක්මන් කරනකොට අපි දුක නිසා නේ සක්මන් කරන්නේ. අපි දන්නවා දෙදෙනෙක් ඉන්නවා නම් කතා කරනවා. එතකොට විවේකය නෑ. සක්මන් කරනකොට අපි දුකයි කියන එකයි බලන්නේ.
ඊළඟට චිත්ත විවේකය කවරේ ද යත්, පළවෙනි ධ්‍යානයට ගිය පුද්ගලයාගේ සිත නීවරණයන්ගෙන් වෙන් වෙනවා. දෙවෙනි ධ්‍යානයට සමවැදිච්ච එක්කෙනාගෙ සිත විතක්ක විචාරයන්ගෙන් වෙන් වෙනවා. තුන් වෙනි ධ්‍යානයන්ට සමවැදී සිටි පුද්ගලයාගේ සිත ප්‍රීතියෙන් වෙන් වෙනවා. හතර වෙනි ධ්‍යානයට සමවැදුණු කෙනා සුඛ දුඛ දෙකෙන් ම වෙන් වෙනවා.
ඊළඟට ආකාසානඤ්චායතනයට සමවැදුණු පුද්ගලයාගේ සිත රූප සඤ්ඤා, පටිඝ සඤ්ඤා, නානත්ත සඤ්ඤා, කියන ඒවායින් වෙන් වෙනවා. විඤ්ඤාණඤ්චායතනයට ගිය පුද්ගලයා ආකාසානඤ්චායතනයෙන් වෙන් වෙනවා. මේ විදිහට දිගට ම බලාගෙන යනවා.
ඊළඟට උපධි විවේකය කවරේ ද, ක්ලේශයන්, ස්කන්ධයන්, අභිසඞ්ඛාරයන්, උපධීන් කියලා කියනවා. අභිසඞ්ඛාර කීවම සංස්කාර පැවැත්වීමට ඇති කැමැත්ත. සංස්කාරයන්ගෙන් සංසිඳීමක් තියෙනව ද තෘෂ්ණාවේ ක්ෂය කිරීමක් තියෙනව ද විරාගයක් නිරෝධයක් නිර්වාණයක් තියෙනව ද එය අමෘත වූ නිර්වාණය ම උපධි විවේකයයි කියලා කියනවා. ඒ කියන්නේ උපධි රහිත විසංඛාර ගත වූ. ඒ කියන්නේ නිවනට පැමිණි පුද්ගලයාට උපධි විවේකය තියෙනවා කියලා.
විවේකය ඇසුරු කොට සති සම්බොජ්ඣඞ්ගය වැඩීම පළමුව සිහි කළා. කාය විවේකය සහිතව සක්මන් කරන අවස්ථාව සිහි කළා. අපි දුක නිසා සක්මන් කරයි. මෙහි සතිය ඇත්තේ නම්, එනම් සති සම්බොජ්ඣඞ්ගය සමඟ වඩන්නේ දුක්ඛ සමුදය දනී, දුක්ඛ නිරෝධය දනී, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව දනී.(*1)
02/12/2022 නිබ්බාන භාවනාවේ දී වටහා ගත් උපෙක්ඛා සම්බොජ්ඣඞ්ග ස්වභාවය පවතින්නේ නම් ප්‍රීති සුඛ උපෙක්ඛා වේදනා කෙරෙහි ද, උපෙක්ඛාව ම පවත්වන්නේ ප්‍රීති සුඛ උපෙක්ඛා ධර්මතාවයන්වලින් පවා දුක ම ඇති වන බව දන්නේ ධ්‍යාන තලයක් හෝ මගේ යැයි නොගනී. එහි යම් විමුක්තියක් ඇති ද එය ඤාණදස්සනයට තුඩු දේ. නිර්වාණය සාක්ෂාත් කරයි.
එසේ ම චිත්ත විවේකය සහිතව වාසය කරන්නේ, සෑම ධ්‍යාන තලයක ම ඉපදීම රෝගී බව දන්නේ දක්නේ එය ඤාණදස්සනයට තුඩු දේ. නිර්වාණය සාක්ෂාත් කරයි. විරාගය මෙහි ගැබ් වේ.
එසේ ම උපධි විවේකය සහිතව වාසය කරන්නේ, සංස්කාරයන් කිරීමට ඇති කැමැත්ත පහ කරන්නේ සංස්කාරයන්ගේ සංසිඳීම සඳහා උදව් උපකාර කරන උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය මගින් ඇති වූ, උපෙක්ඛාව භාවිතා කරයි. එය මනා කොට වැඩිදියුණු කරන්නේ, අරි අට මගින් පෝෂිත වීම මගිනි. සම්මා ආජීවය වැදගත් වේ. කුමක් නිසා එසේ පවසා ද? මෝහ පාරේ ගමන් කිරීමෙන් ඇති වන්නා වූ ආබාධ නොවීම සඳහා ය. නිරෝධය මෙහි ගැබ් වේ.
මෙසේ විවේකය ඇසුරු වූවක්, විරාගය ඇසුරු වූවක්, නිරෝධය ඇසුරු වූවක්, නිවනට නැමෙන සුල්ලෙක් කොට බොජ්ඣඞ්ගයෝ වඩන්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 07/01/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් මෙතෙන් දී ඔය 1 කබලිංකාර ආහාරය 2 අත්ත ඉඳන් නිත්‍ය 3 ජාති ජරා සමඟ සතර ආහාර පාරවල්වලින් 1, 2, 3 ට පැමිණීම වීම මගින් වන සතිය ගන්න ඕන.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේකට තව පොඩ්ඩක් එකතු කරනවා නම්, කාය විවේකය අවස්ථාවේ දී ජරාව මෙනෙහි කොට ධර්මයේහී පිහිටුවා ද, චිත්ත විවේකය අවස්ථාවේ දී ව්‍යාධිය මෙනෙහි කර ධර්මයේ පිහිටවන බව වැටහේ. එසේ ම උපධි විවේකය අවස්ථාවේ දී මරණය මෙනෙහි කර ධර්මයේ පිහිටන බව වැටහේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්