Date: 30/12/2022 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

බොජ්ඣඞ්ග සංයුත්තයේ බොජ්ඣඞ්ග වග්ගයේ පරියාය සූත්‍රය.

ඒකේ තථාගතයන් වහන්සේ පෙන්නනවා, පළවෙනි කාරණය. මහණෙනි, යම් ක්‍රමයකට පැමිණ සත් බොජ්ඣඞ්ග දාහතරක් වේ නම්, ඒ ක්‍රමය කවරේ ද යත්, මහණෙනි, ඇතුළත දහම්හි, යම් සිහියකුත් වේ නම්, එය ද සති සම්බොජ්ඣඞ්ගයකි. පිටත දහම්හි, යම් සිහියකුත් වේ නම්, එය ද සති සම්බොජ්ඣඞ්ගයකි. මෙසේ මෙය සති සම්බොජ්ඣඞ්ගය යැයි උදෙසීමට යේ. මේ ක්‍රමයෙන් සති සම්බොජ්ඣඞ්ගය දෙකක් වේ. මෙතන මේ උදෙසීම කියන්නේ, ප්‍රකාශනය, කියා දීම, exposition කියන එක.

මෙය කෙසේ වටහා ගත යුතු ද? මෙතනට එනවා diagram එක, 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍ය කියන තැන, 3 ජාතියේ ඉඳන් ජරාව. මෙය භාවනා කිරීමෙන් ඇති වන්නා වූ යම් සතියක් වේ ද, මෙය බාහිර කායේ සතිය වශයෙන් සැළකිය යුතු ය. කුමක් නිසා ද? ආහාරයෙහි පටික්කූලතා වැනි දහම්, බාහිර කයට යෙදෙන නිසා ය. මෙහි යම් සමාධි ස්වභාවයක් ඇති ද එයින් ඇති වන ආධ්‍යාත්මික කාය කෙරෙහි යම් සතියක් වේ ද, එය ඇතුළත දහම්හි සතිය වශයෙන් සැළකිය යුතු ය. කුමක් නිසා ද? යම් මනෝමය කායක් වේ ද, එය ආධ්‍යාත්මික කායට ඇතුළත් වන බැවිනි. දෙයාකාරයකට විමසා බැලුව ද 1, 2, සහ 3 මගින් ඇති වන සතිය ම ඇති වේ.

ඊළඟට දෙවනියට පෙන්නනවා, මහණෙනි, ඇතුළත දහම්හි නුවණින් සොයයි, පවිචිනති. පරීක්ෂා කෙරෙයි, පවිචරති. හාත්පසින් විමසීමට පැමිණේ, පරිවිමංසමාපජ්ජති යන යමක් වේ නම්, එය ද ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයකි. පිටත දහම්හි නුවණින් සොයයි, පරීක්ෂා කෙරෙයි, හාත්පසින් විමසීමට පැමිණේ යන යමක් වේ නම්, එය ද ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයකි. මෙසේ මෙය ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය යැයි උදෙසීමට යේ. මේ ක්‍රමයෙන් ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය දෙකක් වේ.(*1)

මෙය කෙසේ වටහා ගත යුතු ද? යම් මනෝමය කායක් හට ගත්තේ ද එහි සමුදය ධර්මය දකී. යම් බාහිර කායක් වේ ද එහි සමුදය ධර්මය දකී, පවිචිනති. අභ්‍යන්තර බාහිර දෙකේ ම සමුදය අස්තංගමය විමසයි, පවිචරති.(*2) සමුදය අස්තංගමය දැන එහි යම් නිරෝධයක් කැමති වේ ද, එය පරිවිමංසමාපජ්ජති යන ධර්මතාවයට ඇතුළත් වේ.

තුන් වෙනියට පෙන්නනවා, මහණෙනි, යම් කායික විරියකුත් වේ නම් එය ද විරිය සම්බොජ්ඣඞ්ගයකි. යම් චෛතසික විරියකුත් වේ නම් එය ද විරිය සම්බොජ්ඣඞ්ගයකි. මෙසේ මෙය විරිය සම්බොජ්ඣඞ්ගය යැයි උදෙසීමට යේ. මේ ක්‍රමයෙන් විරිය සම්බොජ්ඣඞ්ගය දෙකක් වේ.

මෙය කෙසේ වටහා ගත යුතු ද? කායික විරිය යනු ආහාර ගැනීම වැනි ක්‍රියා නිමවා, විරියකින් යුතුව නිර්වාණය සඳහා කළ යුතු දස අකුසලයෝ පහ කිරීමක් ඇති ද එයයි. චෛතසික විරිය යනු, කායික විරිය මගින් ඇති වූ යම් අරූප ධ්‍යානයන් වැනි දහම්හි නොනැවතී, නිර්වාණය සඳහා කරන මඟ නොනවතින විරිය වේ.

හතර වෙනියට පෙන්නනවා, මහණෙනි, යම් සවිතක්ක සවිචාර ප්‍රීතියකුත් වේ නම් එය ද ප්‍රීති සම්බොජ්ඣඞ්ගයකි. යම් අවිතක්ක අවිචාර ප්‍රීතියකුත් වේ නම් එය ද ප්‍රීති සම්බොජ්ඣඞ්ගයකි. මෙසේ මෙය ප්‍රීති සම්බොජ්ඣඞ්ගය යැයි උදෙසීමට යේ. මේ ක්‍රමයෙන් ප්‍රීති සම්බොජ්ඣඞ්ගය දෙකක් වේ.

මෙය කෙසේ වටහා ගත යුතු ද? සවිතක්ක සවිචාර සමාධිය තුළ දිබ්බ විහාර, බ්‍රහ්ම විහාර, අරිය විහාර, ආනෙඤ්ජ විහාර ඇතුළත් වේ. මෙහි යම් අධිචිත්ත ශික්ෂාව සාර්ථක වන සමාධියක් ඇති වන්නේ නම්, එනම් නෙවසඤ්ඤානාසඤ්ඤායතන හදන සංස්කාරයන් පළමුව ඉවතලන්නේ, දෙවනුව අරූප ධ්‍යාන සඤ්ඤාව ඉවතලන්නේ, තුන් වෙනුව රූපයට නිත්‍යයි එකතු කරන ලද සඤ්ඤාව ඉවතලීම නිසා යම් ප්‍රීතියක් වේ ද, එය සවිතක්ක සවිචාර ප්‍රීතිය යන්නට වැටේ. එතකොට මෙතන මේ පරිවිමංසමාපජ්ජති යන ධර්මතාවය මෙතන බලපානවා. අවිතක්ක අවිචාර සමාධිය තුළ කාම විතක්කයෝ නැත. විචාරයෝ නැත. ව්‍යාපාද විතක්කයෝ නැත. විචාරයෝ නැත. විහිංසා විතක්කයෝ නැත. විචාරයෝ නැත. මෙසේ පග්ගහ නිමිත්ත ස්ථිර වීම නිසා ඇති වන ප්‍රීතියක් වේ ද එය අවිතක්ක අවිචාර ප්‍රීතිය වේ.

පස් වෙනියට පෙන්නනවා, මහණෙනි, යම් කාය පස්සද්ධියෙකුත් වේ නම් එය ද පස්සද්ධි සම්බොජ්ඣඞ්ගයකි. යම් චිත්ත පස්සද්ධියෙකුත් වේ නම් එය ද පස්සද්ධි සම්බොජ්ඣඞ්ගයකි. මෙසේ මෙය පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය යැයි උදෙසීමට යේ. මේ ක්‍රමයෙන් දෙකක් වේ.

මෙය කෙසේ වටහා ගත යුතු ද? කාය පස්සද්ධිය ඇති වන්නේ කාය විවේකය මගිනි. එහි ජරාව බව දැන ජරාව නොගනී යන්න ඇතුළත් වේ. චිත්ත පස්සද්ධිය ඇති වන්නේ චිත්ත විවේකය මගිනි. එහි ව්‍යාධිය බව දැන ව්‍යාධිය නොගනී යන්න ඇතුළත් වේ.

හය වෙනි කාරණයට පෙන්නනවා, මහණෙනි, යම් සවිතක්ක සවිචාර සමාධියකුත් වේ නම් එය ද සමාධි සම්බොජ්ඣඞ්ගයකි. යම් අවිතක්ක අවිචාර සමාධියකුත් වේ නම් එය ද සමාධි සම්බොජ්ඣඞ්ගයකි. මෙසේ මෙය සමාධි සම්බොජ්ඣඞ්ගය යැයි උදෙසීමට යේ. මේ ක්‍රමයෙන් දෙකක් වේ.

මෙය කෙසේ වටහා ගත යුතු ද? සමාධි සම්බොජ්ඣඞ්ගය සවිතක්ක සවිචාර සමාධිය නිසා ඇති වන්නේ නම්, නෙවසඤ්ඤානාසඤ්ඤායතන හදන සංස්කාරයන් පළමුව ඉවතලන්නේ, දෙවනුව අරූප ධ්‍යාන සඤ්ඤාව ඉවතලන්නේ, තුන් වෙනුව රූපයට නිත්‍යයි එකතු කරන ලද සඤ්ඤා ඉවතලීම නිසා යම් ප්‍රීතියක් වේ ද, එම ප්‍රීතිය කෙරෙහි උපෙක්ඛාවක් පවතී ද, එය සවිතක්ක සවිචාර සමාධිය නිසා ඇති වන සමාධි සම්බොජ්ඣඞ්ගය වන්නේ ය. අවිතක්ක අවිචාර සමාධිය තුළ පග්ගහ නිමිත්ත ස්ථිර වීම නිසා ඇති වන ප්‍රීතිය කෙරෙහි උපෙක්ඛාවක් පවතී ද, එය අවිතක්ක අවිචාර සමාධිය නිසා ඇති වන සමාධි සම්බොජ්ඣඞ්ගය වන්නේ ය.(*3)

හත් වෙනියට පෙන්නනවා, මහණෙනි, ඇතුළත දහම්හි, යම් උපෙක්ඛා බවකුත් වේ නම්, එය ද උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයකි. පිටත දහම්හි, යම් උපෙක්ඛා බවකුත් වේ නම්, එය ද උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයකි. මෙසේ මෙය උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය යැයි උදෙසීමට යේ. මේ ක්‍රමයෙන් උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය දෙකක් වේ. මහණෙනි, යම් ක්‍රමයකින් බොජ්ඣඞ්ග සත, දාහතරක් වෙද්ද මේ ඒ ක්‍රමය යනුයි.

මෙය කෙසේ වටහා ගත යුතු ද? සමාධි සම්බොජ්ඣඞ්ගය ඉහත අයුරින් ඇති වන්නේ, සමාධි සම්බොජ්ඣඞ්ගය තුළ යම් දහමක් නිසා, සුඛ දුඛ යන්න කෙරෙහි යම් නුවණින් සෙවීම, පවිචිනති. පරීක්ෂා කෙරෙයි, පවිචරති. හාත්පසින් විමසීම, පරිවිමංස යන ධර්මතාවයන්ගෙන් ප්‍රගුණ වන්නේ එහි යම් උපෙක්ඛාවක් වේ ද, එනම් කැමති වුණා වූ නිරෝධය ම නොසැලී පවතින්නේ නම් එය ඇතුළත සහ පිටත යන දහම්හි උපෙක්ඛා යන්න වේ. මෙහි වෙන් කිරීම ඇතුළත යන්න මනෝමය කාය හා සම්බන්ධ වන අතර පිටත යන්න බාහිර කාය හා සම්බන්ධ වේ.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 07/01/2023

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඔය පරිවිමංසා කියන එකේ තියෙනවා complete inquiry කියන එක. එතකොට සමාපජ්ජති කිව්වහම enters upon, කියන එක engages in.

(*2) එතකොට මේ අවස්ථාවේ දී කෙනෙක් බලන්න මේක ඕන හරියට this is Apple this is Orange කියනවා වගේ මේ කායවල් දෙක. ඊට පස්සේ මේ දෙක ම both the same කියන අර්ථය එන්න ඕන.

(*3) ඉතින් මම භාවනා කරනකොට නම් මෙතන මේ ඉපදීම නිසා අරි අට මඟේ ඉන්නට සිදු විය යනුවෙන් උපෙක්ඛාව ඇති වුණා. රහතන් වහන්සේ “Excellent” කියලා කිව්වා.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Sati_Mindmadebody.jpg


S_SabbasavaSuttadiagrams3/S_SabbasavaSuttadiagrams3-08.jpg


NonGreed/NonGreed-02.jpg


NonDelusion/NonDelusion-02.jpg