Date: 06/01/2023 Name: Ahaara Sutta - Sati

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

සංයුත්ත නිකායේ බොජ්ඣඞ්ග සංයුත්තයේ ආහාර සූත්‍රය.

මහණෙනි, නූපන් සති සම්බොජ්ඣඞ්ගයාගේ ඉපදීමටත් උපන් සති සම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාර කිමෙක යත්. මහණෙනි, සති සම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම්හු ඇතියහ. එහිලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමක් වේ ද, නූපන් සති සම්බොජ්ඣඞ්ගය ඉපැද්දීමටත්, උපන් සති සම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාරයයි.

මේ භාවනා කොටස සඳහා, 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍ය කියන තැන, 3 ජාතියේ ඉඳන් ජරාව යන ධර්මයන් නුවණින් මෙනෙහි කළ යුතු ය.

තුනෙන් පටන් ගත්තා. තමන්ගේ ශරීරය ජරා වෙලා නේ ද තියෙන්නේ? එහෙම නම් ඉදිරියට ව්‍යාධියයි මරණයයි. මැරෙනවා නම් නිත්‍යභාවයක් කොයින් ද? එහෙම නම් අත්තා ඉඳන් නිත්‍යට තියෙන පාලම කඩාගෙන වැටෙනවා. එතකොට එහෙම නම් අපි මේ අත්තා කියලා තදින් අල්ලාගෙන ඉන්නේ මොකක් ද? 1 කබලිංකාර ආහාරය නේ ද? කලින් ශරීරයක් තිබුණා. ඒක මැරිලා වැටිලායි මේක හදා ගත්තේ. දැන් මේක ජරා වෙලා. ඉස්සරහට ව්‍යාධියයි මරණයයි. එහෙම නම් මේකත් එක්කත් ඉන්න බැහැ. එහෙම නම් අනාගතයේ එකක් ගත්තොත් ඒත් ඔච්චරයි. එහෙම නම් දැඩි ලෙස වෙහෙසට පත් වෙලා, මේ රූපය අල්ලලා විසි කරනවා. එතකොට අපි යනවා අරූපයට.

1, 2 සහ 3 ධර්මතාවයෝ මනා කොට මෙනෙහි කරන්නේ, එහි දී යම් මනෝමය කායක් ඇති වන්නේ ද, එය රූපය නිසා වූ වේදනා ධර්මයෝ ද, සඤ්ඤා නිසා ඇති වූ චේතනා ධර්මයෝ ද, විඤ්ඤාණ නිසා වේදනා සහ සඤ්ඤා සමඟ පැවතිය හැකි ද යන සැකය සහිත වූ භය අගති ධර්මයෝ ද යන්න, මනෝමය කායේ පැවැත්ම පිණිස බලපායි.

එතකොට මෙතන කෙනෙකුට diagram එකක් ඇඳගන්න පුළුවන්. ඒ මනොසඤ්‌චෙතනාවේ ඉඳන් විඤ්ඤාණ ආහාරය එතන අත්තා ඉඳන් නිත්‍ය. විඤ්ඤාණ ආහාරයේ ඉඳන් සංස්කාර mode value එක, එතනින් එනවා භය අගති කියන තැනට. භයෙන් අගතියට යෑමේ ඉඳන් වේදනාවට දිට්ඨි අනුසය. වේදනාවේ ඉඳන් ආපහු මනොසඤ්‌චෙතනාවට arrow එකක් ඇඳගන්න පුළුවන්.

s_Sati_Mindmadebody.jpg

මෙහි පැවැත්මක් කළ නොහැකි බව දන්නේ දක්නේ, උතුම් වූ සතියක් පවතියි. කුමක් නිසා පැවතිය හැකි නොවන බව දන්නේ ද? රූපය නිසා ඇති වූ වේදනා ධර්මයන්හි දිට්ඨිය බිඳීම නිසා ඇති වූ ජරා ස්වභාවය අඩංගු වන නිසා ය. එසේ ම, සඤ්ඤා නිසා ඇති වූ චේතනා ධර්මයන්හි සංකල්ප බිඳීම නිසා ඇති වූ ව්‍යාධි ස්වභාවය අඩංගු වන නිසා ය.

මෙසේ දෙයාකාර වූ ධර්මයන්, එනම් ජරා ධර්ම ව්‍යාධි ධර්ම වටහා ගන්නේ, යමෙක් භය අගති වේදනා චේතනා පාරවල් ඔස්සේ සංස්කාරයන් සැකසුව ද, එහි පැවැත්මක් නැති බව දැනගැනීම විශේෂ ය.

වේදනා සිට චේතනා, චේතනා සිට විඤ්ඤාණ, විඤ්ඤාණ සිට සංස්කාර mode හරහා භය අගති, එතන ඉඳන් වේදනා යන්න, මනෝමය කායේ පථය වන්නේ ය.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 21/01/2023

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේ භාවනාව කරනකොට තමන්ගේ ශරීරය ජරා වීම බලලා අනුන්ගේ වයසට ගිය ශරීරයක් ගැන විමසා තමන්ට එය ආදේශ කර බැලීම වඩා ප්‍රබල වෙනවා. කුමක් නිසා ද? තම ශරීරය ජරා ස්වභාවයට මනස පුරුදු වී ඇති නිසා ය. මේ විදිහට ව්‍යාධි මරණ කියන ඒවත් බලන්න ඕන.

ඒ කියන්නේ හොඳට ම ලෙඩ වෙලා ඉන්න එක්කෙනෙක්, දැන් තමන්ට diabetic නම් තියෙන්නේ, තමන් ඒක බෙහෙත් එහෙම ගන්න හින්දා ඒක control කියලා වාගේ තමන්ගේ මනස වෙනස් වෙන ස්වභාවයක් තියෙන්නේ. එතකොට වෙන, අපි හිතමු cancer හැදිලා heart අමාරු හැදිලා ආදී වශයෙන් එහෙම තියෙන කෙනෙක්ගේ තත්වය බලලා මේක මටත් එනවා කියන එක එහෙම ගත්තහම ඒක ලොකු වෙනසක් තියෙනවා.

ඒ වගේ ම, මේ හදන්නා වූ සංස්කාර මගේ නොවන ප්‍රමාණයට සඤ්ඤාවේ අනිත්‍යභාවය දැකීම මගින් නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යනවාක් මෙන් 1, 2, 3 සතිය සිහි කිරීමේ දී මනෝමය කායේ ඇති වීමට යම් ධර්මතාවයක් තිබිය යුතු යැයි සිතන්නේ, එසේ ධර්මතාවයක් ඇති යැයි පවසා බුදුපියා මෙම දහම කියා දෙන ලදී.

ඊළඟට තවත් ටිකක් කියනවා නම්, ඔය 30/08/2015 දුක්ඛ නිරෝධ අරිය සච්ච භාවනාවේ දී අපි පථයක් සාකච්ඡා කරලා තියෙනවා, පරාමාසකායගන්ථයේ ඉඳන් ජිවිත ඉන්ද්‍රිය, එතනින් ඉදංසච්ච, එතනින් පහළට පරිදේව, පරිදේවයේ ඉඳන් පරාමාසයට. එය මනෝමය කායේ සිටින අයකු ආහාර වශයෙන් ගන්නා දේ වශයෙන් විමසා ඇත.

වේදනා, චේතනා, විඤ්ඤාණ, සංස්කාර mode හරහා භය අගති, වේදනා යන්න මනෝමය කායේ පථය වශයෙන් පෙන්වා දී ඇත්තේ, ඔහු ආහාර ගෙන ජීවත් වෙන ක්‍රමය වේ. Behaviour කියන අර්ථය තියෙනවා ඒකේ. මට ඉන්න ඕන මෙහෙමයි. ඒ වුණාට ජරා ධර්ම ව්‍යාධි ධර්ම නිසා, මට කැමති පරිදි ජීවත් විය නොහැකි ය. ඒ කියන්නේ, “I can not behave the way I want”. අන්න ඒ වෙලාවේ දී රහතන් වහන්සේ “Excellent” කියලා කිව්වා.

උතුම් සතිය මෙහි දී ඇති විය. එහි මුහුණ ප්‍රභාස්වරව පෙනිණ.

එතකොට ඒක තමයි කියන්න තියෙන්නේ.