Date: 20/01/2023 Name: Ahaara Sutta - Viriya

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

සංයුත්ත නිකායේ බොජ්ඣඞ්ග සංයුත්තයේ ආහාර සූත්‍රයේ තථාගතයන් වහන්සේ පෙන්නනවා, මහණෙනි, නූපන් විරිය සම්බොජ්ඣඞ්ගය ඉපැද්දීමටත් උපන් විරිය සම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාරය කිමෙක් ද යත්.

මහණෙනි, පළමු ඇරඹූ විරියෙක් ආරම්භ ධාතු, මැළි බැවින් නික්මෙන විරියෙක් නික්ඛම ධාතු, මතු මතු තැන් ඇක්මෙන විරියෙක් පරක්කම ධාතු ඇත. එහිලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමක් වේ ද, නූපන් විරිය සම්බොජ්ඣඞ්ගය ඉපැද්දීමටත් උපන් විරිය සම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාරයයි.

එතකොට ඔය නික්ඛම කිව්වම, going out, departure. පරක්කම ධාතු කිව්වම, උතුම් විරිය. මෙහි දී විරිය බලයෙහි අර්ථ දැක්වීම සිහි කළ යුතු ය. ඒක සාකච්ඡා කරලා තියෙනවා, 18/04/2016 පංචබල භාවනාවේ.

1 මේ සස්නේ අරිය ශ්‍රාවකයා, අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කුසල ධර්මයන්ගේ උපසමත් පිණිස වැර ඇතිව වෙසේ.

2 ස්ථාමවත් වූයේ දළපැරකුම් ඇති වේ.

3 කුසල් දහම්හි නොහළ ධූර ඇති වූයේ වේ.

මෙහි පළවන කාරණය, පළමුව ඇරඹුණු විරියෙක් ආරම්භ ධාතු ලෙස ගත යුතු ය. මෙහි දී කෘෂ්ණාභිජාති ඇතියේ ම ශුක්ල ස්වභාවය ඇතිව උපදනේ ය, කෘෂ්ණාභිජාති ඇතියේ ම අකෘෂ්ණ අශුක්ල නිර්වාණයට පැමිණියේ ය, යන ධර්මතාවයන් සහිතව සිහි කළ යුතු ය. උදාහරණ වශයෙන්, සතුන්ට හානිකර රෝග සහිතව කෘෂ්ණාභිජාති ඇතිව උපන් පුද්ගලයා තවදුරටත් සතුන්ට හානි කිරීමට නොසිතිය යුතු ය.

මෙහි දෙවන කාරණය, ස්ථාමවත් වූයේ දළපැරකුම් ඇතියේ යන්න, මැළි බැවින් නික්මෙන විරියෙක් නික්ඛම ධාතු, ලෙස ගත යුතු ය. ස්ථාමවත් වන්නේ කෙසේ ද? යම් උපන් කුසලයක් වේ ද එහි මනා කොට පිහිටයි. අත් නොහරී. මෙහි දී ශුක්ලාභිජාති ඇතියේ ම ශුක්ල ස්වභාවය ඇතිව උපදනේ ය, ශුක්ලාභිජාති ඇතියේ ම අකෘෂ්ණ අශුක්ල නිර්වාණයට පැමිණියේ ය යන ධර්මතාවයන් සහිතව සිහි කළ යුතු ය.(*1)

දළපැරකුම් වන්නේ කෙසේ ද? යම් අකුසලයක් ප්‍රහාණය කළේ ද, එම අකුසලයෝ නැවත ඉපදෙමින් වන්නා වූ පරාජයට අකමැති වන්නේ ය. ඔහු යුද්ධයකින් දිනුවා වූ රජෙකු, නැවත පරාජය වීමට අකමැති වන්නේ යම් සේ ද, මේ එසේ ය. දළපැරකුම් වන්නේ ඉවතන ලද බැහැර කරන ලද දේ නැවතත් නොගනී. කුමක් බැහැර කළේ ද? කුමක් ඉවතන ලද ද? තණ්හාව බැහැර කළේ ය. තණ්හාව ඉවතන ලද්දේ ය.

මෙහි තෙවන කාරණය, කුසල් දහම්හි නොහළ ධූර ඇතියේ යන්න, මතු මතු තැන් ඇක්මෙන විරියෙක් පරක්කම ධාතු, ලෙස ගත යුතු ය. නොහළ ධූර වන්නේ යම් කුසලයක් ඉපදවිය යුතු ද, එය පමා නොවී ඉපදවීම කිරීමෙනි. මෙහි දී කුසලය වන්නේ, තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ය. එය අත් නොහරී.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 04/02/2023

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඉතින් මෙතනත් උදාහරණ වශයෙන් බලන්න පුළුවන් පෙර පාණාතිපාතයන්ගෙන් වැළකී ශුක්ලාභිජාති වුයේ කිසිම ආකාරයකින් කවරෙක් පැවසුව ද පාණාතිපාත නොකිරීම යන්නේ මනා කොට පිහිටයි. එසේ ම තණ්හාව බැහැර කළේ තණ්හාව අතහැරීමෙන් මනා කොට පිහිටයි.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේ භාවනාව කරන්නේ මේ හිස globe එකක් මෙන් විශාල වෙලා පවතිනවා. කිසිවක් අල්ලන්නේ නැහැ.