ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
බොජ්ඣඞ්ග සංයුත්තයේ ආහාර සූත්‍රය, ප්‍රීති සම්බොජ්ඣඞ්ගය. මහණෙනි, නූපන් ප්‍රීති සම්බොජ්ඣඞ්ගය ඉපැද්දීමටත් උපන් ප්‍රීති සම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාරය කිමෙක් ද යත්.
මහණෙනි, ප්‍රීති සම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම් ඇත. එහිලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමක් වේ ද, නූපන් ප්‍රීති සම්බොජ්ඣඞ්ගය ඉපැද්දීමටත් උපන් ප්‍රීති සම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාරයයි.
02/12/2022 නිබ්බාන භාවනාවේ දී සාකච්ඡා කළ අයුරින්, විරිය මගින් දස අකුසලය පහ කර ඇති නිසා, advanced 2 උපෙක්ඛා භාවනාවේ දී සිහි කළාක් මෙන් දස අකුසලයෙන් වෙන් වීම නිසා වූ ප්‍රීතිය ඇත්තේ, ප්‍රීති සම්බොජ්ඣඞ්ගයේ වැඩීම සිදු වේ. තව ද ස්ථාමවත් වූයේ දළපැරකුම් ඇතියේ යන්න, මැළි බැවින් නික්මෙන විරියෙක් නික්ඛම ධාතු, ලෙස විමසන්නේ එහි යම් ස්ථාවරභාවයක් ඇති ද එනම් යම් උපන් කුසලයක් වේ ද එහි මනා කොට පිහිටන්නේ, එහි සාක්ෂි වශයෙන් ශුක්ලාභිජාති ඇතියේ ශුක්ල ස්වභාවය ඇතිව උපන්නේ ය යන්න සිහි කරන්නෙකුට, ප්‍රීතිය ඇති වේ. එය success යැයි දන්නා නිසා ය.
එසේ ම අරි අට මඟට පිළිපන් බව මෙනෙහි කරන්නෙකුට ප්‍රීතිය ඇති වේ.
30/12/2022 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගත් දෙයාකාර ප්‍රීතිය විමසන්නෙකුට ප්‍රීති සම්බොජ්ඣඞ්ගය වැඩීම සිදු වේ. එනම් සවිතක්ක සවිචාර ප්‍රීතියකුත් වේ නම්, එය ද ප්‍රීති සම්බොජ්ඣඞ්ගයකි. යම් අවිතක්ක අවිචාර ප්‍රීතියකුත් වේ නම්, එය ද ප්‍රීති සම්බොජ්ඣඞ්ගයකි.
සවිතක්ක සවිචාර සමාධිය තුළ දිබ්බ විහාර බ්‍රහ්ම විහාර අරිය විහාර ආනෙඤ්ජ විහාර ඇතුළත් වේ. මෙහි යම් අධිචිත්ත ශික්ෂාව සාර්ථක වන සමාධියක් ඇති වන්නේ නම්, එනම් නෙවසඤ්ඤානාසඤ්ඤායතන හදන සංස්කාරයන් පළමුව ඉවතලන්නේ, දෙවනුව අරූප ධ්‍යාන සඤ්ඤාව ඉවතලන්නේ, තුන් වෙනුව රූපයට නිත්‍යයි එකතු කරන ලද සඤ්ඤා ඉවතලීම නිසා යම් ප්‍රීතියක් වේ ද, එය සවිතක්ක සවිචාර ප්‍රීතිය යන්නට වැටේ.
අවිතක්ක අවිචාර සමාධිය තුළ කාම විතක්කයෝ නැත. විචාරයෝ නැත. ව්‍යාපාද විතක්කයෝ නැත. විචාරයෝ නැත. විහිංසා විතක්කයෝ නැත. විචාරයෝ නැත. මෙසේ පග්ගහ නිමිත්ත ස්ථිර වීම නිසා ඇති වන ප්‍රීතියක් වේ ද එය අවිතක්ක අවිචාර ප්‍රීතිය වේ.
අරි අට මඟේ සිටින තාක් කල් එහි සාර්ථකත්වය මෙනෙහි කරන තාක් කල් එම ප්‍රීතිය වැඩීම සිදු වේ. දැන් ප්‍රීති සම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම් පැහැදිලි වේ.
1 දස අකුසලයෙන් වෙන් වීම එකකි.
2 දස කුසලයේ පිහිටීම තව එකකි.
3 පටිපදාවේ පිහිටීම තව එකකි.
4 විභංගය, විශ්ලේෂණය කිරීම (*1) තව එකකි. එය දෙයාකාර ය.
4.1 රූපයට නිත්‍යයි එකතු කරන ලද සඤ්ඤා ඉවතලීම දක්වා විමසන්නේ එහි අනිත්‍ය බව දැකීම නිසා, ප්‍රීති සම්බොජ්ඣඞ්ගයකි. කුමක් නිසා ද? එය උපාදාන ධර්මයන්ගෙන් සිත ගලවන නිසා ය. මෙහි අත්තවාද උපාදානය විශේෂිත ය. එහි සුභය ඉක්මවන නිසා මානය ඉක්මවීම වටහා ගැනීම වැදගත් ය.
4.2 අවිතක්ක අවිචාර සමාධිය මගින් විහිංසා විචාරයෝ පහ වන්නේ, මෝහ පාරේ නොයන්නේ, මෝහය ඉවත් වීමත්, මෝහය නිසා වන දහම් ඉවත් වීමත් නිසා ප්‍රීති සම්බොජ්ඣඞ්ග වේ.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 04/02/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) Analysis කියන එක
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්