ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
බොජ්ඣඞ්ග සංයුත්තයේ ආහාර සූත්‍රය. මහණෙනි, නූපන් පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය ඉපැද්දීමටත් උපන් පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාරය කිමෙක් ද යත්.
මහණෙනි, කයේ සැහැල්ලු බවෙක්, සිතේ සැහැල්ලු බවෙක් ඇත. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. එහිලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය ඉපැද්දීමටත් උපන් පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාරයයි.
30/12/2022 නිබ්බාන භාවනාවේ දී, කාය පස්සද්ධිය ඇති වන්නේ කාය විවේකය මගිනි. එහි ජරාව බව දැන ජරාව නොගනී යන්න ඇතුළත් වේ. චිත්ත පස්සද්ධිය ඇති වන්නේ චිත්ත විවේකය මගිනි. එහි ව්‍යාධිය බව දැන ව්‍යාධිය නොගනී යන්න ඇතුළත් වේ යනුවෙන් ඉගෙන ගතිමු.
තව ද 02/12/2022 නිබ්බාන භාවනාවේ දී පස්සද්ධි සම්බොජ්ඣඞ්ගයට හේතු වූ ධර්ම කරුණු දෙකක් ඉගෙන ගතිමු.
1 උපසමාධිට්ඨානය දක්වා යන්නේ, පස්සද්ධි සම්බොජ්ඣඞ්ගයට අඩිතාලම දමයි. කුමක් නිසා ද? අලෝභ අදෝෂ අමෝහ හරහා අරි අට මඟට පැමිණි නිසා ය. එනම් අලෝභ අදෝෂ අමෝහ වීමෙන්, අරි අට මඟට පැමිණෙන බව වැටහීම ය. එහි සම්මා සමාධියට පදනම සකස් වී අවසාන ය. කුමක් නිසා එසේ පවසත් ද? ලෝභ දෝෂ මෝහ එපා යැයි පවසන්නේ නම් එසේ වන නිසා ය. එනම් ලෝභ දෝෂ මෝහ එපා යැයි, ස්ථාවරයක් වීම ය.
2 විමංසා සමාධිය දක්වා යන්නේ එහි පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය ක්‍රියාත්මක වේ. කුමක් නිසා ද? ගැලවූ ධර්මතාවයන් මගින් ඇති වූ ශාන්ත ස්වභාවය, ක්‍රියාත්මක වන නිසා ය. බිම තබන ලද යකඩ පොල්ල නැවත ගැනීමක් ගැන අදහස් මෙහි නැත. මෙසේ සමාධි සම්බොජ්ඣඞ්ගය වැඩීම සිදු වේ.
කාය පස්සද්ධිය ඇත්තේ එහි කාය විවේකය අඩංගු විය. එනම් දුක ගැන මෙනෙහි කිරීම අඩංගු විය. එහි දී යම් ස්ථාවරභාවයකට පැමිණියේ නම් (*1) උපසමාධිට්ඨානය දක්වා ගමන් කිරීමක් සිදු වේ. කුමක් නිසා ද? දුක බව දන්නේ නම් එයින් මිදීමට කැමැත්ත ඇති වන නිසා ය. මෙසේ කාය පස්සද්ධියට හේතු වූ කරුණු විමසීම මගින් කාය පස්සද්ධිය ඇති වන්නේ එහි මනා කොට පිහිටන්නේ කාය පස්සද්ධිය අඛණ්ඩව පැවතීම, ගැලවූ ධර්මතාවයන් මගින් සිදු කරනු ලබයි. බිම තබන ලද යකඩ පොල්ල නැවත නොගැනීම සිහි කරන්න.
චිත්ත පස්සද්ධිය ඇත්තේ එහි චිත්ත විවේකය අඩංගු විය. ධ්‍යාන තලයක් හෝ මගේ යැයි නොගැනීමට තරම් ප්‍රබල වන්නේ, ලෝභ දෝෂ මෝහ පහ කර උපසමාධිට්ඨානය දක්වා ගමන් කිරීමක් සිදු වේ. කුමක් නිසා ද? සෑම ධ්‍යාන තලයක් ම රෝගී බව දන්නා නිසා ය. මෙහි යම් විමුක්ති ස්වභාවයක් ඇති ද එය ම සම්මා සමාධියට තුඩු දේ.
මෙසේ මනා කොට පවතින්නා වූ පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය නිර්වාණය සාක්ෂාත් කරයි.
කෙසේ සෑම ධ්‍යාන තලයක් ම රෝගී බව දන්නේ ද? ජරාව දන්නේ නම් ව්‍යාධිය ඇති බව දනී. එනම් කාය විවේකයෙහි වටහා ගන්නා ලද ජරාව ම, ධ්‍යාන තලයන් රෝගී බව වටහා ගැනීමට උදව් උපකාර විය. කුමක් නිසා ද? යම් මනෝමය කායක් හටගත්තේ ද එය රූපය සම්බන්ධව, 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍ය කියන තැන, 3 ජාතියේ ඉඳන් ජරාව යන ධර්මයන් සිහි කිරීමෙන් සිදු විය. ගැලවුණා වූ රූපය මත ම ඇති වුණා වූ මනෝමය කාය, රූපය මත ම යැපෙන බව, දන්නකුට දක්නකුට සෑම ධ්‍යාන තලයක් ම රෝගී බව වැටහේ.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 18/02/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) සුඛ යැයි නොසිතයි කියන එක.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
එතකොට මෙතන මේ රූපය මත ම යැපෙන බව දන්නකුට කියන එක වටහා ගන්නවා නම්, අපි ගමු, කකුල් හතරකින් යුතු මේසයක්. ඒකෙ එක කකුලක් කැඩුණ ද, මේසය මෙන් පෙනෙන්නේ දන්නේ යම් සේ ද මෙය එසේ ය. එය කකුල් දෙකක් හෝ ඊට වැඩි ගණනක් කැඩුණ ද, ආපෝ ධාතු ඒ කියන්නේ පාවීම, වායෝ ධාතු රැඳවීම, තේජෝ ධාතු වර්ණවත් ව පෙනීම උපකාරයෙන් හෝ මේසය මෙන් පෙනෙන්නේ යම් සේ ද, මෙය එසේ වටහා ගත යුතු ය. සියල්ල ම ගැලවී ගියත්, ධාතු ස්වභාවය ම සිත්හි දරයි. ඒ කියන්නේ, අර තද ගතිය උෂ්ණය ආදී වශයෙන්.
ඊළඟට ඔය රූපය මත ම යැපෙන බව දක්නකුට කියන එක, ඒක 1, 2, 3 සතිය මත යැපෙන බව දැකීම.
ආපහු පෙන්නන්න පුළුවන්, ඔය කාය පස්සද්ධියෙන් උපසමාධිට්ඨානය ඇති වන අවස්ථාවේ දී, එතන ඒ දුක බව දන්නේ නම්, එයින් මිදීමට කැමැත්ත ඇති වන නිසා ය කියලා පැහැදිලි කළා. එනම් විඤ්ඤාණය සකස් වෙනවා කියලා දැනගෙන, ඒ විඤ්ඤාණය සකස් වෙන්න නොදෙනවා. ඒ කියන්නේ පටිච්චසමුප්පාදය වෙන්න ඉඩ නොදෙනවා. පටිච්චසමුප්පාදය වෙන්න ඉඩ නොදෙනවා කියලා කියන්නේ අභිජ්ඣාව කොයි වෙලාවක හරි නැති වුණා නම්, උපසමාධිට්ඨානය ඇති වෙනවා කියන එක තේරුම් ගන්න ඕන.
ඒ වගේ ම ඉතින් මේකට තවත් එකතු කරනවා නම්, ඔය 29/05/2016 දුක්ඛ නිරෝධ භාවනාව සමඟ මේ භාවනාව කරන්නේ, මේකේ මේ මුලින් වම් ඇස ඇරීමත් එම ප්‍රදේශය දැනීමත් කියන එක සිදු වෙනවා. අපි දන්නවා එතන ඒ සතිය කියන ඒ පැත්ත.
කුමක් නිසා ද? කාය විවේකය සිහි කරනවිට දුක බව දැන එහි සමුදය දහම විමසා, පටිච්චසමුප්පන්න නොවීමට වග බලා ගන්නේ නම් කාම ඕඝයන්ගෙන් සිත ගැලවෙන අතර විඤ්ඤාණස්ථිතියට ඉඩ නොදීම නිසා ය. මෙම සති බලය ප්‍රබල වන්නේ උපසමාධිට්ඨානය දක්වා ගමන් කිරීමක් සිදු වේ.
චිත්ත විවේකය සිහි කරන්නේ, ව්‍යාධිය දැක ධ්‍යාන තලයක් හෝ මගේ යැයි නොගැනීමට තරම් ප්‍රබල වන්නේ, ප්‍රඥා විරිය සමාධි ඉන්ද්‍රියන් මතු වන්නේ, ඔළුවේ එම කොටස හොඳින් දැනේ.
මෙසේ සතිය නිසා වූ ධර්මතාවයෝ, ප්‍රඥා විරිය සමාධි නිසා වූ ධර්මතාවයෝ සමඟ එකතු වන්නේ පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය, එය මනා කොට පවතිනවා.
එතකොට ආපහු තව ටිකක් කියනවා නම්, ඔය සෑම ධ්‍යාන තලයක් ම රෝගී බව දන්නා නිසා ය යන්න සිහි කිරීම, මෙන්න මේ ආකාරයට කෙනෙකුට කරන්න පුළුවන්.
චිත්ත විවේකය, පළමු ධ්‍යානයට ගිය පුද්ගලයාගේ සිත, නීවරණයන්ගෙන් වෙන් වෙනවා. ඊළඟට දෙවෙනි ධ්‍යානයට සමවැදුණු කෙනාගේ සිත, විතක්ක විචාරයන්ගෙන් වෙන් වෙනවා. තුන් වෙනි ධ්‍යානයට සමවැදුණු පුද්ගලයාගේ සිත, ප්‍රීතියෙන් වෙන් වෙනවා. හතර වෙනි ධ්‍යානයට සමවැදුණු කෙනා, සුඛ දුක දෙකෙන් ම වෙන් වෙනවා. ඊළඟට ආකාසානඤ්චායතනයට සමවැදුණු පුද්ගලයාගේ සිත, රූප සඤ්ඤා පටිඝ සඤ්ඤා නානත්ත සඤ්ඤා කියන ඒවයෙන් වෙන් වෙනවා.
මෙසේ වෙන් වීමක් ඇති ද, එනමුදු සියල්ල ම ගැලවී ගියත් ධාතු ස්වභාවය ම සිත්හි දරයි. ඒ කියන්නේ අර උෂ්ණය තද ගතිය ආදී වශයෙන්. මෙසේ ජරාවට පත්වන්නා වූ රොඩු මඩ සුන්බුන් වැනි ධාතු ස්වාභාවයෙහි ම සිත පිහිටන්නේ නම්, ව්‍යාධිය වැළකිය නොහැක. පටිච්චසමුප්පාදය වෙන්න ඉඩ නොදෙනවා යන්න සිදු නොවේ. මෙසේ වටහාගෙන, කාය පස්සද්ධිය සිහි කරන්නේ එය ඔළුවෙන් ආලෝකය විහිදීම සිද්ධ වෙනවා. ඒ චිත්ත පස්සද්ධිය සිහි කරන්නේ කූඤ්ඤය පවා දැනෙනවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්