Date: 10/02/2023 Name: Ahaara Sutta - Samadhi

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

බොජ්ඣඞ්ග සංයුත්තයේ ආහාර සූත්‍රය. මහණෙනි, නූපන් සමාධි සම්බොජ්ඣඞ්ගය ඉපැද්දීමටත් උපන් සමාධි සම්බොජ්ඣඞ්ගය පිරීමටත් ආහාරය කිමෙක් ද යත්.

මහණෙනි, සමථ නිමිත්තෙක් අව්‍යග්ග නිමිත්තෙක් ඇත. පාලි භාෂාවෙන් පෙන්නනවා සමථ නිමිත්තං අබ්‍යග්ග නිමිත්තං, the sign of serenity, the sign of non dispersal. එහිලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමක් වේ ද, නූපන් සමාධි සම්බොජ්ඣඞ්ගය ඉපැද්දීමටත් උපන් සමාධි සම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාරයයි.

30/12/2022 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගත්තා, මහණෙනි, යම් සවිතක්ක සවිචාර සමාධියක් වේ නම් එය ද සමාධි සම්බොජ්ඣඞ්ගයකි. යම් අවිතක්ක අවිචාර සමාධියකුත් වේ නම් එය ද සමාධි සම්බොජ්ඣඞ්ගයකි. මෙසේ මෙය සමාධි සම්බොජ්ඣඞ්ගය යැයි උදෙසීමට යේ. ඒ මේ ක්‍රමයෙන් දෙකක් වේ. මෙය කෙසේ වටහා ගත යුතු ද?

1 සමාධි සම්බොජ්ඣඞ්ගය සවිතක්ක සවිචාර සමාධිය නිසා ඇති වන්නේ නම් නෙවසඤ්ඤානාසඤ්ඤායතන හදන සංස්කාරයන් පළමුව ඉවතලන්නේ, දෙවනුව අරූප ධ්‍යාන සඤ්ඤාව ඉවතලන්නේ, තුන් වෙනුව රූපයට නිත්‍යයි එකතු කරන ලද සඤ්ඤා ඉවතලීම නිසා යම් ප්‍රීතියක් වේ ද එම ප්‍රීතිය කෙරෙහි උපෙක්ඛාවක් පවතී ද එය සවිතක්ක සවිචාර සමාධිය නිසා ඇති වන සමාධි සම්බොජ්ඣඞ්ගය වන්නේ ය.

මෙහි දී සමථ නිමිත්තේ අර්ථ දැක්වීම සිහි කළ යුතු ය. සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව, අධිචිත්ත ශික්ෂාව තුළට කා වදින්නේ යම් ධර්මයක් පහ කළ යුතු ද එයට සමවදිනවා යන්න සමථ නිමිත්ත බව අපි දනිමු. ඉහත රූපයට නිත්‍ය එකතු නොකර එයින් ඇති වන ප්‍රීතිය නිසා සතුටු නොවන්නේ, එහි ලෝභ දෝෂ මෝහ පහ වීම ඇත.

මේ සඳහා පස්සද්ධි සම්බොජ්ඣඞ්ග භාවනාවේ දී වටහා ගත් කරුණු භාවිතා කළ යුතු ය. මෙහි දී චිත්ත විවේකයෙහි ගුණය සිහි කරන්න. පළමු ධ්‍යානයට ගිය පුද්ගලයාගේ සිත නීවරණයන්ගෙන් වෙන් වෙනවා. ඊළඟට දෙවෙනි ධ්‍යානයට සමවැදිච්ච එක්කෙනාගෙ සිත විතක්ක විචාරයන්ගෙන් වෙන් වෙනවා. තුන් වෙනි ධ්‍යානයට සමවැදී සිටි පුද්ගලයාගේ සිත ප්‍රීතියෙන් වෙන් වෙනවා. හතර වෙනි ධ්‍යානයට සමවැදුණු කෙනා සුඛ දුඛ දෙකෙන් ම වෙන් වෙනවා. ඊළඟට ආකාසානඤ්චායතනයට සමවැදුණු පුද්ගලයාගේ සිත, රූප සඤ්ඤා පටිඝ සඤ්ඤා නානත්ත සඤ්ඤා කියන ඒවායින් වෙන් වෙනවා, ආදී වශයෙන්.

මෙසේ වෙන් වීමක් ඇති ද, එනමුදු සියල්ල ගැලවී ගියත් ධාතු ස්වභාවය ම සිත්හි දරයි, තද ගතිය උෂ්ණය ආදී වශයෙන්. මෙසේ ජරාවට පත් වන්නා වූ රොඩු මඩ සුන්බුන් වැනි ධාතු ස්වභාවය ම හි සිත පිහිටන්නේ නම් ව්‍යාධිය වැළකිය නොහැක. පටිච්චසමුප්පාදය වන්න ඉඩ නොදෙනවා යන්න සිදු නොවේ.

මෙසේ වටහාගෙන කාය පස්සද්ධිය සිහි කරන්නේ, මෙහි මනා කොට සිත පිහිටන්නේ එමගින් සමථ නිමිත්ත සම්පූර්ණ වීම නිසා සමාධි සම්බොජ්ඣඞ්ගයේ ඇති වීමත් වැඩිදියුණු වීමත් සිදු වේ.

2 අවිතක්ක අවිචාර සමාධිය තුළ පග්ගහ නිමිත්ත ස්ථිර වීම නිසා ඇති වන ප්‍රීතිය කෙරෙහි උපෙක්ඛාවක් පවතී ද එය අවිතක්ක අවිචාර සමාධිය නිසා ඇති වන සමාධි සම්බොජ්ඣඞ්ගය වන්නේ ය, යනුවෙන් ඉගෙන ගතිමු. මෙය අබ්‍යග්ග නිමිත්ත, the sign of non dispersal ලෙස ගත යුතු ය. කුමක් නිසා ද? අරි අට මඟේ පිහිටීම මගින් නිර්වාණය සාක්ෂාත් කරගන්නා නිසා ය.

අබ්‍යග්ග නිමිත්ත සිහි කරන්නේ, යම් දහමක පෙර සිත ගොඩනැඟුවා ද එමගින් යම් උපතක් සිදු වූවා ද එම සියල්ල දුක වශයෙන් දැක එහි නැවත නොපිහිටයි. වර්තමානයේ යම් දහමක සිත ගොඩනැඟී ඇත්ද එමගින් යම් උපතක් සිදු වන්නේ නම්, එය දුක වශයෙන් දැක එහි නැවත නොපිහිටයි. මෙහි දී කෘෂ්ණාභිජාති ඇතියේ ම කෘෂ්ණ ස්වභාවය ඇතිව උපදනේ ය, කෘෂ්ණාභිජාති ඇතියේ ම ශුක්ල ස්වභාවය ඇතිව උපදනේ ය, ශුක්ලාභිජාති ඇතියේ ම කෘෂ්ණ ස්වභාවය ඇතිව උපදනේ ය, ශුක්ලාභිජාති ඇතියේ ම ශුක්ල ස්වභාවය ඇතිව උපදනේ ය, යන අවස්ථා හතර යොදා විමසිය යුතු ය.

යම් දහමක අනාගතයේ සිත පිහිටුවොත් එමගින් යම් උපතක් ඇති වන්නේ ද, එය මගින් දුක ඇති වන බව දැක, එහි නැවත නොපිහිටයි. මෙසේ අබ්‍යග්ග නිමිත්ත, the sign of non dispersal වටහා ගත යුතු ය.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 18/02/2023

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේකට තව කාරණා හතක් විතර එකතු කරන්න පුළුවන්.

එතකොට එක කාරණාවක් තමයි, ඔය සවිතක්ක සවිචාර සමාධිය නිසා සමාධි සම්බොජ්ඣඞ්ගය සිහි කරන අවස්ථාවේ දී, අනිත්‍ය බව දැන, ධාතුන් මත පිහිටවීම නොවන බව වටහා ගත යුතු ය. අවිතක්ක අවිචාර සමාධිය නිසා ඇති වන සමාධි සම්බොජ්ඣඞ්ගය සිහි කරන අවස්ථාවේ දී, කර්මය බව දැන, සංස්කාර මත සිත පිහිටවීම නොවන බව වටහා ගත යුතු ය. මෙහි දී දුක්ඛ චක්‍රයේ එක පිටුවේ ඉගෙන ගත් සටහන සිහි විය.

දෙවෙනියට සමථ නිමිත්තේ අර්ථ දැක්වීම සිහි කරන්නේ සියල්ල ම ගැලවී ගියත් ධාතු ස්වභාවය ම සිත්හි දරයි. ඒ කියන්නේ, තද ගතිය උෂ්ණය ආදී වශයෙන් සිහි කරන්නේ, ශාන්ත සුවිමුක්ත චිත්තය ඇති වෙනවා. එතකොට ඒ අවස්ථාවේ දී, ඔය සති ප්‍රඥා සමාධි කියන එක බොහොම පුදුමාකාර විදිහට ඔළුවෙන් ශාන්තව සුඛව දැනෙනවා. ඒ කියන්නේ විරිය කොටසට වඩා, ඔය සති ප්‍රඥා සමාධි කොටස ඔළුවේ විශාලව පවතිනවා.

තුන් වෙනි කාරණේ අබ්‍යග්ග නිමිත්ත සිහි කරන්නේ, කර්මය වශයෙන් දැන සංස්කාර ඉවත් කරන්නේ, ප්‍රඥා විමුක්ති චෙතො විමුක්ති ඒකාබද්ධ වෙනවා. එතකොට ඒකෙ වම් පැත්ත ධාතු, දකුණ පැත්ත අර සංස්කාර කියන එක අපි advanced 2 එකේ බලලා තියෙනවා.

ඊළඟට හතර ඕඝයන්ගෙන් ඉවත් වීම නිසා, උපසමාධිට්ඨානය. එතකොට ඒකෙන් සමාධි සම්බොජ්ඣඞ්ගය.

පස් වෙනියට කියන්නට පුළුවන් සල්ලයන්ට තුඩු දෙන ධර්ම කරුණු, ඒ කියන්නේ රූපයට නිත්‍ය එකතු කිරීම, නොවීම නිසා සමාධි සම්බොජ්ඣඞ්ගය.

හය වෙනියට කියන්නට පුළුවන් විමංසා සමාධිය දක්වා යන්නේ, එහි පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය ක්‍රියාත්මක වෙනවා. මෙය සමඟ සමාධි සම්බොජ්ඣඞ්ගය වැඩීම සිදු වෙනවා. මේ සංස්කාර විෂයෙන් ඇති වන දුක, උදාහරණ වශයෙන් පාණාතිපාතය කළොත් මරණය දුක බව නොදනී, ආදී වශයෙන් අපි බලපු එක. ඒ බව දැන, වේදනා සඳහා සාදන චිත්ත සංස්කාරයන් ඉවතලීම නිසා, ද්වේෂ සල්ලය ඉවත් වීම මගින් සමාධි සම්බොජ්ඣඞ්ගය වැඩීම. මෙහි සමථ නිමිත්ත සම්පූර්ණ වීම ඇත.

හත් වෙනියට කියන්නට පුළුවන් අබ්‍යග්ග නිමිත්ත මෝහ සල්ලය උදුරා දමනවා. කුමක් නිසා ද? කුම්මග්ග පටිසේවනය ඉවත ලා පග්ගහ නිමිත්තේ ස්ථාවරව පිහිටීමෙන්. හොඳයි ඒක තමයි කියන්න තියෙන්නේ.

ඔතන ඔය අබ්‍යග්ග නිමිත්ත කියන එකේ හොඳට කියවලා බලන්න, ඔය dictionary එකක ගහලා ඔය dispersal කියන වචනය. ඒකෙ කියන්නේ මේ පුද්ගලයන් තමන් එක තැනක ඉඳගෙන තව තැනකට යනවා. මේක ඇවිල්ලා මේ refer to the both the movement of individuals, animals and plants ඔය විදිහට from their birth site to their breeding site. එතකොට ඒක හරි විශාල ගාම්භීර අර්ථයක් තියෙනවා. මෙතන මම මේ ඉපදිලා ඉඳලා, මම මේ breed කරන්න තව තැනකට, බ්‍රහ්ම ලෝකය හරි අපාය හරි අන්න ඒකට යනවායි කියන අර්ථය. ඒක හොඳට කියවලා බලන්න.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

NonGreed/NonGreed-02.jpg


NonDelusion/NonDelusion-02.jpg