Date: 17/02/2023 Name: ආහාර සූත්‍ර - උපෙක්ඛා

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

බොජ්ඣඞ්ග සංයුත්තයේ ආහාර සූත්‍රය. මහණෙනි, නූපන් උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය ඉපැද්දීමටත් උපන් උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාරය කිමෙක් ද යත්.

මහණෙනි, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම්හු ඇතියහ. එහිලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය ඉපදීමටත් උපන් උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාරයයි.

30/12/2022 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගත්තා, මහණෙනි, ඇතුළත දහම්හි යම් උපෙක්ඛා බවකුත් වේ නම් එය ද උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයකි. පිටත දහම්හි යම් උපෙක්ඛා බවකුත් වේ නම් එය ද උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයකි. මෙසේ මෙය උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය යැයි උදෙසීමට යේ. මේ ක්‍රමයෙන් උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය දෙකක් වේ.

මෙය කෙසේ වටහා ගත යුතු ද? සමාධි සම්බොජ්ඣඞ්ගය 30/12/2022 නිබ්බාන භාවනාව අයුරින් ඇති වන්නේ, සමාධි සම්බොජ්ඣඞ්ගය තුළ යම් දහමක් නිසා, සුඛ දුඛ යන්න කෙරෙහි යම් නුවණින් සෙවීම, පවිචිනති, පරීක්ෂා කෙරෙයි, පවිචරති, හාත්පසින් විමසීම, පරිවිමංස යන ධර්මතාවයන්ගෙන් ප්‍රගුණ වන්නේ එහි යම් උපෙක්ඛාවක් වේ ද, එනම් කැමති වුණා වූ නිරෝධය ම නොසැලී පවතින්නේ නම්, එය ඇතුළත සහ පිටත දහම්හි උපෙක්ඛා යන්න වේ. මෙහි වෙන් කිරීම ඇතුළත යන්න මනෝමය කාය හා සම්බන්ධ වන අතර පිටත යන්න බාහිර කාය හා සම්බන්ධ වේ.

පිටත දහම්හි උපෙක්ඛාව පළමුව විමසනුයේ, සමථ නිමිත්ත පෙරටු කොට භාවනාව වඩන්නේ, සියල්ල ම පහ කළත් ධාතු ස්වභාවය ම සිත්හි දරයි යන්න විමසන්නේ, එහි පටිච්චසමුප්පාදය වෙන්න ඉඩ නොදීමට තරම් උපෙක්ඛාව ප්‍රබල වන්නේ නම් ධාතු විෂයයෙහි සිත සමාදන් නොවේ. එහි ම නිර්වාණය ගැබ් වේ.(*1)

ඇතුළත දහම්හි උපෙක්ඛාව දෙවනුව විමසනුයේ, අබ්‍යග්ග නිමිත්ත the sign of non dispersal පෙරටු කොට භාවනාව වඩන්නේ සංස්කාර විෂයයෙහි සිත නොපිහිටන්නේ අවිද්‍යාව නිසා වන සංස්කාරයන් තුනී වී යන්නේ කිසිදු ධ්‍යාන තලයක් මගේ යැයි නොගැනීමට තරම් උපෙක්ඛාව ප්‍රබල වන්නේ නම්, සියුම් වූ ධාතු ස්වභාවය ඉක්මවීමට හැකි වන්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි.

මෙහි ආපෝ ධාතු එනම්, බැඳීම කරන ධාතු ඉවත් කරන බව වටහා ගත යුතු ය. මෙය කර්මය හා සම්බන්ධ ය.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 04/03/2023

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඒ කියන්නේ සතර ධාතු ගති අල්ලා ගැනීමෙන්, materiality, පුටුව, ඒ වාගේ සත්වයෝ ආදී වන්නේ යම් ආකාරයට ද, එම ධාතු ගතියන්හි සිත නොපිහිටන්නේ, එය ම නිර්වාණය ගැබ් ගැනීමට තුඩු දේ.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

එතකොට ඔය කර්මය හා සම්බන්ධයි කියන එක බලන්න මේ විදිහට. පෙර කළා වූ සංස්කාර නිසා නැවත සිත එහි බැඳීම ඉවත් කළ යුතු ය. උදාහරණ වශයෙන් ඊයේ වැඩට ගිය නිසා, එය හොඳ යැයි කිව් නිසා, අදත් වැඩට යෑම කිරීමට සිත පිහිටීම. මෙහි අස්මිති මානය ඉවත් කිරීම ඇත. The sign of non dispersal. අතීතයේ ඉපදීම නමැති සංස්කාරය කළ නිසා, නැවතත් ඉපදීම නමැති සංස්කාරයෙහි සිත බැඳීම ඉවත් කළ යුතු ය.

එතකොට තවත් කාරණා එකතු කරනවා නම්, දැන් අපි අර පවිචිනති, පවිචරති, පරිවිමංසමාපජ්ජති යන ධර්මතාවයන් ප්‍රගුණ වන්නේ, අන්න ඒ අවස්ථාවේ දී, අපි ඔය 1, 2, 3 කියන සතිය කියන එක භාවිතා කරන්න ඕනෙ.

ඊළඟට ඔය සමථ නිමිත්ත පෙරටු කොට භාවනාව වඩන්නේ, සියල්ල ම පහ කළත් ධාතු ස්වභාවය ම සිත්හි දරයි කියන අවස්ථාවේ දී සවිතක්ක සවිචාර සමාධිය මෙහි දී සිහි කළ යුතු ය. අන්න එතෙන්දි ශාන්ත සුවිමුක්ත චිත්තයක් ඇති වෙනවා.

ඊළඟට තුන් වෙනුව කියන්න පුළුවන්, ඔය the sign of non dispersal අබ්‍යග්ග නිමිත්ත, කිසිදු ධ්‍යාන තලයක් මගේ යැයි නොගැනීමට තරම් උපෙක්ඛාව ප්‍රබල වන්නේ නම් අන්න ඒ අවස්ථාවෙදි ඒ අවිතක්ක අවිචාර සමාධිය මෙතෙන්දි සිහි කරන්න ඕනේ. ප්‍රඥා විමුක්තියයි චෙතො විමුක්තියයි ඒකාබද්ධ වෙනවා මේ අවස්ථාවෙදි.

ඉතින් මේ භාවනාව කරලා, මේක repair කරනකොට ඔය මනෝමය කායේ ඇස් දෙක ම පේනවා.

ඊළඟට දැන් තවත් පේනවා අපිට ඔය සමථ නිමිත්ත අවස්ථාවෙදි පටිච්චසමුප්පාදය වෙන්න ඉඩ නොදීම, ඒ කියන්නේ නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති කියන එක අපි භාවිතා කරනවා. අබ්‍යග්ග නිමිත්ත අවස්ථාවේ දී ධ්‍යාන තලයක් මගේ යැයි නොගැනීම. ආපෝ ධාතුව, එනම් බැඳීම කරන ධාතු ඉවත් කිරීම දුක වශයෙන් දැක, යම් දහමක සිත පිහිටීම ඉවත් කිරීම, සංස්කාර ඉවත් කිරීම කියන එක.

ඊළඟට තවත් පෙන්නන්න පුළුවන්, ඔය දැනීමක් වශයෙන් ඔය මනුලොව සත්වයන්ට මනෝමය කාය, සඤ්ඤාමය කාය ඇත්තේ යම් සේ ද, එසේ ම රූප ධ්‍යාන තලවල මනෝමය කාය සහිතව ඉපදී ඇති සත්වයන්ට ඒ gross body එක තියෙනවා. එය එම අයගේ බාහිර කාය, පිටත දහම වන්නේ ය. 1, 2, 3 සතිය මගින් රූප ඉක්මවීම මගින් මනෝමය කාය අපිට යම් අයුරින් ඇති වන්නේ ද, එසේ ම 1, 2, 3 සතිය මගින් රූප ඉක්මවීම නොකිරීම මගින් ධ්‍යාන තලවල වාසය කරන අයගේ බාහිර කාය කියන එක, පිටත දහම මතු වෙනවා.

හොඳයි ඒක තමයි එකතු කරන්න තියෙන කාරණා.