ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
බොජ්ඣඞ්ග සංයුත්තයේ අග්ගි සූත්‍රය. මහණෙනි, යම් කලෙක සිත නොසන්සුන් වේ ද නම්, ඒ කියන්නේ උද්ධතං චිත්තං. ඒ සමයෙහි ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය වඩනට නොකලි. විරිය සම්බොජ්ඣඞ්ගය වඩනට නොකලි. ප්‍රීති සම්බොජ්ඣඞ්ගය වඩනට නොකලි. ඒ කවර හෙයින යත්, මහණෙනි, සිත නොසන්සුන් ය. එය මේ දහමින් සංසිඳුවීම දුෂ්කර වේ.
මහණෙනි, යම් සේ පුරුෂයෙක් මහත් ගිනි කඳක් නිවනු කැමැත්තේ වන්නේ ද, හෙතෙමේ එහි වියළි තණත් බහාලන්නේ නම් වියළි ගොමත් බහාලන්නේ නම් වියළි දරත් බහාලන්නේ නම් මුව සුළඟත් දෙන්නේ නම් වැලි නො ද ඉසින්නේ නම් ඒ පුරිස් තෙමේ මහත් ගිනි කඳ නිවන්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නොවේ ම ය.
මහණෙනි, එසෙයින් ම යම් කලෙක සිත නොසන්සුන් වේ නම්, ඒ සමයෙහි ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය වඩනට නොකලි. විරිය සම්බොජ්ඣඞ්ගය වඩනට නොකලි. ප්‍රීති සම්බොජ්ඣඞ්ගය වඩනට නොකලි. ඒ කවර හෙයින යත්, මහණෙනි, සිත නොසන්සුන් ය. එය මේ දහමින් සංසිඳුවීම දුෂ්කර වේ.
මහණෙනි, යම් කලෙක සිත නොසන්සුන් වේ නම්, ඒ සමයෙහි පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය වඩනට කලි. සමාධි සම්බොජ්ඣඞ්ගය වඩනට කලි. උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩනට කලි. ඒ කවර හෙයින යත්, මහණෙනි, සිත නොසන්සුන් ය. එය මේ දහමින් මැනැවින් සංසිඳුවිය හැක්කේ වෙයි.
මහණෙනි, යම් සේ පුරුෂයෙක් මහත් ගිනි කඳක් නිවනු කැමැත්තේ වන්නේ ද, හෙතෙමේ එහි අමු තණත් බහාලන්නේ නම් අමු ගොමත් බහාලන්නේ නම් අමු දරත් බහාලන්නේ නම් සිහිල් සුළඟත් දෙන්නේ නම් වැලිත් ඉසින්නේ නම් ඒ පුරිස් තෙමේ මහත් ගිනි කඳ නිවන්නට සුදුසු දැ යි. වහන්ස, එසේ ය.
මහණෙනි, එසෙයින් ම යම් කලෙක සිත නොසන්සුන් වේ නම් ඒ සමයෙහි පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය වඩනට කලි. සමාධි සම්බොජ්ඣඞ්ගය වඩනට කලි. උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩන්නට කලි. ඒ කවර හෙයින යත්. මහණෙනි, සිත නොසන්සුන් ය. එය මේ දහමින් මැනැවින් සංසිඳුවිය හැක්කේ වෙයි. මහණෙනි, සිහිය වූ කලී සියලු තන්හි ම කැමති විය යුතු යැයි මම කියමි.
කුමක් නිසා එසේ පවසා ද? ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, විරිය සම්බොජ්ඣඞ්ගය, ප්‍රීති සම්බොජ්ඣඞ්ගය භාවනාවෝ නිර්වාණය ම පෙරටු කොට පවතින්නක් බැවිනි. විසිරුණා වූ සිත පළමුව සමාධිමත් කළ යුතු ය. මෙය දෙයාකාර ය.
ඇලුම් කටයුතු ආලම්බනය නිසා සිත විසිරී ඇත්තේ නම්, වහලාගේ කතාව මෙන් වටහා ගන්නේ, ඇලුම් කටයුතු ආලම්බනයට වඩා උතුම් වූ සමාධි ස්වභාවයක් ආදේශ කර, එම දහම් ඉක්මවිය යුත්තේ ය.
ආස්වාදය ඉන්ද්රිය නිසා උද්ධච්ච ස්වභාවයක් ඇති ද, කාය පස්සද්ධිය වැනි දහමක් භාවිතා කර සන්සුන් වූ සිත, පටිච්චසමුප්පාදය වෙන්න ඉඩ නොදී වළකා ගත යුතු ය.
මෙහි දී විමංසා ඉද්ධිපාද පිටුව 8 ට මනස යොමු විය. ඉතා දැඩි කොට ගන්නා ලද ඡන්දය අතිපග්ගහිතො ඡන්දො යන්න සිහි විය. රෝගී සඤ්ඤාව නිසා ඇති වන ප්‍රතිඵලයට අභිජ්ඣා නොවීම සඳහා ඡන්ද සමාධිය භාවිතා කර ඉන්ද්රිය සංවර කරගත යුතු ය. රෝගී සඤ්ඤාව නිසා ඇති වන ප්‍රතිඵල දෙක ම ගත යුතු ය.
අත්තා යැයි ගෙන ඇති වන මෙම ප්‍රතිඵල දෙක, රාගය සහ මෝහය, 26/03/2021 භාවනාවේ දී මෙය පැහැදිලි කර ඇත.
එතකොට එතැන diagram එකක් එනවා. 2-1 අත්තා. ඒ දකුණු පැත්ත 1-3 මෝහය. වම් පැත්තේ 1-1 රාගය. මෙහි රාගය, තේජෝ ධාතුව ලාභ වශයෙන් පවතී යැයි සිතයි. මෙහි මෝහය, ඒ සඳහා වූ සංස්කාර නිත්‍යයි මෝහ සහගත වේ.
ඉතින් මෙතෙන්දි අර 01/04/2018 රූපරාග curve එක සිහි වෙනවා. 4.4 දී සුඛය පරාමාසගත වුණා. 5.5 දී අපි අත්තා කියලා ගත්තා. 6 වෙනි රවුමේ අත්තා යැයි ගත් දේ නිසා වූ ලාභය පවතී යැයි සිතනවා. මේ නිසා රූප විෂයයෙහි රාගය ඇති වෙනවා.
එතකොට 6.4 වෙනකොට සුඛය පරාමාසගත වන්නේ එය උත්සන්නභාවයට පත් වෙනවා. Peak එක එනවා. මෙහි වට අටක් නොවීමට වග බලා ගන්නේ නම් නිර්වාණය සාක්ෂාත් කළ හැකි ය.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 25/03/2023
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේ භාවනාවට තවත් කාරණා එකතු කරනවා නම්, ඇලුම් කටයුතු ආලම්බන අවස්ථාවේ දී සවිතක්ක සවිචාර සමාධිය නිසා ඇති වුණ සමාධි සම්බොජ්ඣඞ්ගය භාවිතා කරන්න පුළුවන්. සමථ නිමිත්ත විමසිය යුතු ය.
දෙවෙනියට කියන්න පුළුවන්, ආස්වාද ඉන්ද්රිය නිසා උද්ධච්ච ස්වභාවයක් ඇති ද එම අවස්ථාවේ දී, අවිතක්ක අවිචාර සමාධිය නිසා ඇති වුණ සමාධි සම්බොජ්ඣඞ්ගය භාවිතා කළ හැකි ය. අබ්‍යග්ග නිමිත්ත විමසිය යුතු ය.
තුන් වෙනියට කියන්න පුළුවන්, ඇලුම් කටයුතු ආලම්බන අවස්ථාවේ දී සමථ නිමිත්ත පෙරටු කොට භාවනාව වඩන්නේ, සවිතක්ක සවිචාර සමාධිය මගින් රූපයට නිත්‍ය එකතු නොකරන්නේ, වහලාගේ කතාව මෙන් වටහා ගන්නේ, ඇලුම් කටයුතු ආලම්බනය ඉක්මවිය හැකි ය.
හතර වෙනියට කියන්න පුළුවන්, ආස්වාද ඉන්ද්රිය නිසා උද්ධච්ච ස්වභාවයක් ඇති අවස්ථාවේ දී, අබ්‍යග්ග නිමිත්ත, the sign of none dispersal පෙරටු කොට භාවනාව වඩන්නේ, සංස්කාර විෂයයෙහි සිත නොපිහිටන්නේ, අවිද්‍යාව නිසා වන සංස්කාරයන් තුනී වී යන්නේ, කිසිදු ධ්‍යාන තලයක් මගේ යැයි නොගැනීමට තරම් උපෙක්ඛාව ප්‍රබල වන්නේ නම්, සියුම් වූ ධාතු ස්වභාවය ඉක්මවීමට හැකි වන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි.
මෙහි දී ඇලුම් කටයුතු ආලම්බන අවස්ථාවේ දී එය එපා යැයි කියන්නේ apple එපා නම් orange ගනිමි යන සිත ඇති විය හැක්කේ, විවිධ orange, එනම් විවිධ ධ්‍යාන තලයන් සාදන සංස්කාර පෙර කරන ලද නිසා නැවත නොකිරීමට සිත් ඇතියේ, දකින දකින සෑම තලයක් ම මගේ නොවේ යැයි අත්හරින්නේ යම් සේ ද, එහි නෑලීම, ආපෝ ධාතු එනම් බැඳීම කරන ධාතු ඉවත් කර නිර්වාණය සාක්ෂාත් කරගත යුතු ය.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්