ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
බොජ්ඣඞ්ග සංයුත්තයේ අභය සූත්‍රය. රජකුමර, මේ සස්නෙහි මහණ විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාමි කොට සති සම්බොජ්ඣඞ්ගය වඩයි. හේ සති සම්බොජ්ඣඞ්ගය වැඩූ සිතින් තතු සේ දනී, දකී.(*1) රජකුමර, දැකීමට දැනීමට (*2) මෙය ද හේතුවෙකි. මෙය ද ප්‍රත්‍යයෙකි.(*3)
පාලි භාෂාවෙන් පෙන්නනවා, “සො සති සම්බොජ්ඣඞ්ගං භාවිතෙන චිත්තෙන, යථාභූතං ජානාති පස්සති. අයම්පි ඛො රාජකුමාර, හෙතු අයං පච්චයො ඤාණදස්සනාය.”
මෙසේ සහේතු සප්‍රත්‍යයව දැනීම දැකීම වේ. ඒ විදිහට පෙන්නනවා. රජකුමර, නැවතත් අනෙකක් ද කියමි. මහණ විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාමි කොට උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. හෙතෙමේ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වැඩූ සිතින් තතු සේ දනී, දකී. රජකුමර, දැනීමට දැකීමට මෙය ද හේතුවෙකි. මෙය ද ප්‍රත්‍යයෙකි. මෙසේත් සහේතු සප්‍රත්‍යයව දැන්ම දැක්ම වේ.
සත් බොජ්ඣඞ්ග වැඩීමෙන් කෙසේ ඥාන දස්සන ඇති වේ ද යත්. විවේක නිස්සිතව වාසය කරන්නේ කාය චිත්ත විවේක ඇත්තේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි ඇති වේ. විරාග නිස්සිතව වාසය කරන්නේ යම් රූපයක් කෙරෙහි ඇල්ම ඉවත් කරයි.
මෙහි දී 21/05/2021 නිබ්බාන භාවනාවේ දී භාවිතා කළ සටහනට සිත යොමු විය. ඒකෙ අපි දන්නවා පථ තුනක් සාකච්ඡා කළා. පථය 1, ඉදංසච්චාභිනිවෙස එතනින් පරාමාස නිසා line 7 වීම ඇත. මෙය මගින් පරාමාසය තුළ වූ ජලය ඇවිස්සීම මගින් පරාමාස පරිදේව භය අගති. එම මගින් භය අගති වේදනා නාමරූප පරාමාස වීම පළමුව සිදු වේ.
පථය 2, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වන්නේ රාග සල්ලය හරහා රූප ස්පර්ශ කර සඤ්ඤා නාමරූප පරාමාස පරිදේව වීම දෙවනුව වන්නේ, පෙර පැවතියා වූ චිත්ත සංස්කාරයෝ නැවතත් ගොඩනංවා සනාථ කරනු ලබයි. මෙය අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වීම ය. මෙය නොකිරීම විරාගය ලෙස ගත යුතු ය.
පථය 3, භය අගති සෝක වේදනා රූප. මෙය 2 වෙනි පථයට අනතුරුව සිදු වේ. කාම ආශ්‍රවයට පැමිණීම, අවිද්‍යා ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව යන දෙකෙන් ම සිදු වන අතර මෙම මොහොතේ දී, දිට්ඨි ආශ්‍රවය වැදගත් වේ. මෙය නොකිරීම නිරෝධය ලෙස ගත යුතු ය.
එහි සඳහන් කළ දෙවැනි පථය සිදු නොවීම හරහා රූප කෙරෙහි ඇල්ම ඉවත් කරයි. එය කෙසේ ද? කාය පස්සද්ධිය මගින් පටිච්චසමුප්පන්න නොවීමට වග බලා ගන්නේ සවිතක්ක සවිචාර සමාධිය මගින් රූපයට නිත්‍ය යැයි එකතු නොකරන්නේ අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව නොවේ. සුභයට නිත්‍ය එක්කහු කරලා සුඛ. සුඛයේ පසු සඤ්ඤාව කාම ආශ්‍රව. මෙය සඳහා අවිතක්ක අවිචාර සමාධිය නිසා ඇති වන සමාධි සම්බොජ්ඣඞ්ගය උදව් උපකාර කරයි. කෙසේ ද? අවිතක්ක අවිචාර සමාධිය තුළ පග්ගහ නිමිත්ත ස්ථිර වීම නිසා ඇති වන ප්‍රීතිය කෙරෙහි උපෙක්ඛාව මගින් රූපයන් ඉක්මවීමට තුඩු දෙන නිසා ය.
නිරෝධ නිස්සිතව සත් බොජ්ඣඞ්ග වඩන්නේ සර්වප්‍රකාරයෙන් සියලු දහම් ඉවත් කිරීම සිදු වේ. මෙය ඥාන දස්සනයට හේතු ප්‍රත්‍ය වේ. මෙහි දී තුන් වන පථය එනම්, භය අගති සෝක වේදනා රූප ඉවත් වේ. කෙසේ ද? උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය මගින් ඉහත සඳහන් කාය පස්සද්ධිය මගින් රූප විෂයයෙහි පටිච්චසමුප්පන්න නොවීමත්, චිත්ත පස්සද්ධිය මගින් ධ්‍යාන විෂයයෙහි සිත නොපිහිටීම යන කරුණුවලින් සමන්නාගත වන්නේ අවිතක්ක අවිචාර සමාධිය නිසා ඇති වුණ සමාධි සම්බොජ්ඣඞ්ගයේ උපකාරයෙන් දෙකෙළවර අල්ලා නොගනී. එනම් රූප කෙළවරත් සංස්කාර කෙළවරත් ය. සංස්කාර කෙළවර අත්හරින්නේ භය අගති ගමන් නොයයි. සමථ නිමිත්ත පෙරටු කොට ඇති උපෙක්ඛාව මගින් ධාතු විෂයයෙහි සිත සමාදන් නොවීමත් අබ්‍යග්ග නිමිත්ත the sign of non dispersal පෙරටු කොට ඇති උපෙක්ඛාව මගින් වේදනා සඤ්ඤා අළලා රූප සොයා යාම නවතයි.
මෙසේ ඥාන දස්සන ඇති වන්නේ, රූපය මුදාලයි, වේදනා මුදාලයි, සඤ්ඤා මුදාලයි, සංස්කාර මුදාලයි, විඤ්ඤාණ මුදාලයි, නිර්වාණය සාක්ෂාත් කරයි. මෙසේ මුදාලීම වොස්සග්ග පරිණාමි වීම නම් වේ.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 25/03/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඒකේ පෙන්නනවා, යථාභූතං ජානාති පස්සති කියලා
(*2) ඒ කියන්නේ ඤාණදස්සනාය
(*3) එතකොට මේ විදියට අනිත් බොජ්ඣඞ්ග පෙන්නලා
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේ භාවනාවට තව කාරණා එකතු කරනවා නම්, මේ කාරණාව අපි ඊළඟ භාවනාවේ දී කිව්වා. ඒ කියන්නේ, සති සම්බොජ්ඣඞ්ගය, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, විරිය සම්බොජ්ඣඞ්ගය, ප්‍රීති සම්බොජ්ඣඞ්ගය යන දහම් මගින් 1 වෙනි පථය නවතාලයි. උදාහරණයක් වශයෙන්, සති සම්බොජ්ඣඞ්ගය නිත්‍යභාවය ඉවත් කරයි. ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, පරිවිමංසා සමාපජ්ජති, නිරෝධය කැමති වන්නේ ජලය ඇවිස්සීම නොකරයි. විරිය සම්බොජ්ඣඞ්ගය, පරිදේව වීමට ඉඩ නොදේ. ඒ කියන්නේ, ගත්තොත් පරිදේව වන බව දැකලා දැන එය අයින් කරනවා. ප්‍රීති සම්බොජ්ඣඞ්ගය මගින් භය අගති සෝක වේදනා නොවේ. කුමක් නිසා ද? ප්‍රීතිය ඇති නිසා ය. අභ්‍යන්තරයේ ප්‍රීතිය ඇත්තේ බිය නොවේ. ආහාර ඇති නම් බිය නොවන්නාක් මෙනි.
තවත් ටිකක් කියනවා නම්, දැන් අපි පෙන්නුවා අර සුභයට නිත්‍ය එක්කහු කරලා සුඛ. එතකොට කාය පස්සද්ධිය මගින් පටිච්චසමුප්පන්න නොවීමට වග බලා ගන්නේ රූපයට නිත්‍ය යැයි එකතු නොකරන්නේ, ඒ කියන්නේ අර සුභයට නිත්‍ය එකතු කරන කොටස, නිත්‍ය කෑල්ල, ඒ කොටසත්, අවිතක්ක අවිචාර සමාධිය තුළ පග්ගහ නිමිත්ත ස්ථීර වීම නිසා ඇති වන ප්‍රීතිය කෙරෙහි උපෙක්ඛාව මගින් රූපය ඉක්මවීම මගින් A, ඒ කියන්නේ පළවෙනි කොටස, සුභ කියන කොටසත් ඉවත් වන බව වැටහීම.
තව ද, පැවිදි වන්නේ සම්මා ආජීවයෙන් ජීවත් වීම රූපයන් ඉක්මවීමට තුඩු දේ. එය පග්ගහ නිමිත්ත ස්ථීර වීම සඳහා විද්‍යාමාන වන රුකුලක් වන්නේ ය. මේ කිව්ව කෑල්ල බොහොම ගාම්භීරයි, ඒක බොහොම විශාල සමාධියක් ඇති වෙනවා, අවබෝධයකුත් ඇති වෙනවා. එතන අපි මේ අවිතක්ක අවිචාර සමාධියෙන් තමයි අපි මේ සුභ කියන කතාව අයින් කරනවා කියන එක තියෙන්නේ, ඒ පග්ගහ නිමිත්තත් එක්ක ඉඳීම.
එතකොට ඊළඟට තවත් කියන්න පුළුවන්, ඔය අවිතක්ක අවිචාර සමාධිය තුළ පග්ගහ නිමිත්ත ස්ථීර වීම නිසා ඇති වන ප්‍රීතිය කෙරෙහි උපෙක්ඛාවක් කියන එක අපි විමසලා බැලුවහම, දැන් මේ අයින් කරගෙන ගිහින් මොනවා ද ඉතුරු වෙලා තියෙන්නේ වාගේ හැඟීමක් එනවා නේ. එතකොට එතන අපිට පේනවා, මේ රැකියාවක් ලැබිලා එය කරමින් සතුටු වන අයකු එහි උපෙක්ඛාව අපි සිහි කරලා බලනවා. ඉන් අනතුරුව, මේ සංස්කාරත් එපා යැයි සිතන්නේ retire වීම හොඳ යැයි සිතන්නේ, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය මගින් නිරෝධය කැමති වීම සිහි කරන්න. Retire වුණත් අතීතයේ මමත් ඔය ආකාරයට හොඳ වාහනවලින් ගියා යැයි සඤ්ඤා මනසිකාරයෝ ඇති ද, එසේ ම ප්‍රීති සහගත වේදනාවන් ඉක්මවුවත්, සඤ්ඤා ඉක්මවීම උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය මගින් කළ යුතු ය කියන එක හොඳට විමසලා බලන්න.
ඉතින් මේ භාවනාව බොහොම strong භාවනාවක්. මේකේ ඔළුව හැම පැත්තෙන් ම ඇරෙනවා.
ඉතින් මේකට අනතුරුව මෙත්තාව පතුරුවන්නේ, ඒ කියන්නේ මේ සත්වයන් කර්මය කරලා ඉපදිලා තියෙන්නේ. හැම සත්වයෙක්ම ගත්තහම අපිට පේනවා අකුසල කර්මයන් කරලා තමයි ඉපදිලා තියෙන්නේ. එතකොට කෘෂ්ණාභිජාති ශුක්ලාභිජාති, කෘෂ්ණාභිජාති ඇතියේ ම, අකෘෂ්ණ අශුක්ල නිර්වාණයට පැමිණ, ශුක්ලාභිජාති ඇතියේ ම අකෘෂ්ණ අශුක්ල නිර්වාණයට පැමිණෙන සත්වයෝ උතුරු දිසාවේ ඇත යනුවෙන් උතුරු දිසාවට පතුරුවන විට ඔළුවේ මේ ඉදිරි කොටස ඇරෙනවා, මෙත්තා චෙතො විමුක්තිය.
එය නැගෙනහිර දිසාවට පතුරවන විට ඔළුවේ දකුණු කොටස ඇරීමත්, කරුණා චෙතො විමුක්තිය ඇති වීම, ඒ කියන්නේ දකුණු දිසාවට පතුරවන විට ඔළුවේ පිටිපස්ස කොටස ඇරීමත්, මුදිතා චෙතො විමුක්තිය, එතන නිකටත් දැනෙනවා. බටහිර දිසාවට පතුරවන විට, ඔළුවේ වම් කොටස ඇරීම, උපෙක්ඛා චෙතො විමුක්තිය වීම කියන එක සිදු වෙනවා. ඒ වගේ බොහොම ගාම්භීර භාවනාවක්.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්