ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
බොජ්ඣඞ්ග සංයුත්තයේ අට්ඨික සූත්‍රය.
මහණෙනි, අට්ඨික සඤ්ඤාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත්ඵල මහත් අනුසස් ඇති වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අට්ඨික සඤ්ඤාව මහත්ඵල මහානිසංස වේ ද යත්.
මහණෙනි, මෙහි මහණ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැඹුරු වූවක් කොට අට්ඨික සඤ්ඤාවෙන් යුක්ත, සති සම්බොජ්ඣඞ්ගය වඩයි. මේ විදිහට පෙන්නනවා, විවේකය ඇසුරු වූවක්, විරාගය ඇසුරු වූවක්, නිරෝධය ඇසුරු වූවක්, නිවනට නැඹුරු වූවක් කොට අට්ඨික සඤ්ඤාවෙන් යුක්ත උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අට්ඨික සඤ්ඤාව මහත් ඵල ඇත්තී මහත් අනුසස් ඇත්තී වෙයි.
ඉතින් මෙතනට එනවා, අර පථය 1, 2, 3 තියෙන diagram එක. මෙහි දී 10/03/2023 අභය සුත්ත බොජ්ඣඞ්ග භාවනාව මෙන් කළ හැකි ය. සති සම්බොජ්ඣඞ්ගය, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, විරිය සම්බොජ්ඣඞ්ගය, ප්‍රීති සම්බොජ්ඣඞ්ගය යන දහම් මගින් පළවන පථය නවතාලයි.
සති සම්බොජ්ඣඞ්ගය නිත්‍යභාවය ඉවත් කරයි. ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය පරිවිමංසමාපජ්ජති, නිරෝධය කැමති වන්නේ ජලය ඇවිස්සීම නොකරයි. යමක් ගත්තොත් පරිදේව වන බව දැන විරිය සම්බොජ්ඣඞ්ගය පරිදේව වීමට ඉඩ නොදේ.
ප්‍රීති සම්බොජ්ඣඞ්ගය මගින් භය අගති සෝක වේදනා නොවේ. කුමක් නිසා ද? ප්‍රීතිය ඇති නිසා ය. අභ්‍යන්තරයේ ප්‍රීතිය ඇත්තේ බිය නොවේ. ආහාර ඇති නම් බිය නොවන්නාක් මෙනි.
සති සම්බොජ්ඣඞ්ගය අට්ඨික සඤ්ඤාව සමඟ වඩන්නේ, 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍ය කියන තැන, 3 ජාතියේ ඉඳන් ජරාව, යන ධර්මයන් සිහි කිරීමෙන් වන සතිය උපකාරයෙන් රූපය ඉවත් කරන්නේ එහි රූපය නිසා හට ගත්තා වූ දහම් ඉවත් වී ඇත්තේ, රූපය ඇටසැකිල්ලක් මෙන් මෙනෙහි කරන්නේ, එහි යම් ධාතු ස්වභාවයක් ඇති ද එහි සිත ඇලීම නොවේ. මෙහි දී පඨවි ස්වභාවයත්, පඨවි ස්වභාවය නිසා ම විහිදී පවතින ස්වභාවය එනම් කුඩු වී ගිය ස්වභාවය විමසන්නේ එහි තද ගතිය යන්න තුනී වී යන්නේ, පඨවි ස්වභාවය ඉක්මවයි. යමක් දක්නා විට එම අර්ථයෙන් කුඩු වී ගිය අර්ථයෙන් දැකීමට සිත පුරුදු පුහුණු කිරීම ඉතා වැදගත් වන අතර එහි සතිය මගින් කළ යුතු දෙයක් ඇති ද, එය සති සම්බොජ්ඣඞ්ගය විසින් සිදු කරනු ලබයි. මෙය ම කාය විවේකයට තුඩු දේ, පටිච්චසමුප්පන්න වීම මඟහරවයි.
ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය අට්ඨික සඤ්ඤාව සමඟ වඩන්නේ, යම් දහමක් පරාමාසගත වී තිබුණා ද, එම දහම් පරාමාසය තුළින් ඉවත් කිරීම කරනු ලබයි. කෙසේ ද? එහි ජලය ඇවිස්සීම නොකිරීම මගිනි. යම් දහමක් මගින් පරාමාසය ඇවිස්සීම නවතා ද එය ම නිර්වාණයට තුඩු දේ.(*1)
විරිය සම්බොජ්ඣඞ්ගය අට්ඨික සඤ්ඤාව සමඟ වඩන්නේ, පරිදේවය දක්වා යෑමට ඉඩ දීම නවතාලයි. කෙසේ ද? විරිය මගින් සඤ්ඤාවන් පුනපුනා ගැනීම වළකාලන නිසා ය. එහි තද ගතිය තිබුණා වූ ශරීරයක් මෙන් වූ දෙය, කුඩු බවට පත් වූ විලාසය දන්නේ දක්නේ තද ගතිය වූ සඤ්ඤාවෝ නොගනී. මෙහි දක්නේ යන්න ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය මගිනි.(*2)
ප්‍රීති සම්බොජ්ඣඞ්ගය අට්ඨික සඤ්ඤාව සමඟ වඩන්නේ, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය මගින් යම් දහමක් තහවුරු වූවා ද, විරිය මගින් ඉවත් කිරීමක් සිදු වූවා ද, එම ධර්මයෝ නැතිකම නිසා ඇති වන ප්‍රීතිය මගින් පරාමාස සිට භය අගති ගමන දක්වා නොයෑමට තරම් සිත ප්‍රබලතාවයකට පත් වේ. කුමක් නිසා ද? වරදවා වටහා ගත් දේ නිසා ම සත්වයෝ බියට පත් වන නිසා ය. ප්‍රීතිය මගින් එම ධර්මයෝ නැති බවට සාක්ෂි දරයි. නොගැනීම ම සතුටට කාරණයක් බව ඒත්තු ගන්වා සනාථ කරයි.
මෙම භාවනාවේ ඉතුරු කොටස, 10/03/2023 අභය සුත්ත බොජ්ඣඞ්ග භාවනාවේ කොටස් අර්ථයෙන් වටහා ගත යුතු ය.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 01/04/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) මේ අවස්ථාව හරියට මේ පරාමාසය numbness හිරි වැටිලා වගේ තියෙන අවස්ථාවක්.
(*2) ඒ කියන්නේ මෙතෙන්දි පරිවිමංසා සමාපජ්ජති අවබෝධය යොදාගෙන බලන්න ඕන.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේකට තව චුට්ටක් එකතු කරනවා නම්, ඔය කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද, කථං භාවිතා කථං බහුලීකතා කියන එක, එතන වඩන ලද කියන එක උදාහරණයකට ගන්න පුළුවන් ගස පැලවීම, ඊට පස්සේ ඒකෙ ඵලයන් ඇට ආදී දේ බිහිවීම ලොකු වීම, ඒක තමයි භාවිතා. එම ගස මගින් අනිත් ගස් ඇති වීම බහුලීකතා, cultivated.
ඒ විදිහට ම, 1, 2, 3 පථයන් නැති වීම, එනම් නිබ්බිදාය විරාගය නිරොධාය වර්ධනය, ඒක භාවිතා. සෑම තැන ම නිරෝධය කැමති වීම, බහුලීකතා.
ඒ වගේ ම තව දෙයක් කියන්න පුළුවන්, ඔය අපි ලීන චිත්තය කියන එක එහෙම බැලුවා, එතකොට ඔය කොසජ්ජය, ඒක රෝගී සඤ්ඤාව මගේ යැයි ගැනීමෙන් සිදු වෙනවා.
එතකොට තවදුරටත් ඉදිරියට යන්නේ, මිද්ධ ස්වභාවය හට ගන්නවා 8 වෙනි රවුමේ. එතකොට අපි දන්නවා ඔය මිද්ධය ලකුණු කරන තැන අර නාමරූප එහෙම තියෙන පැත්තේ, එතන මිද්ධය කියලා දාගත්තොත්, එතකොට මිද්ධයේ ඉඳන් අපි ඒ කොසජ්ජය, එතන ව්‍යාධියත් වැටෙනවා, ඒ රේඛාව කැපෙන තැන, පරාමාසයයි වේදනාවයි එක්ක, අන්න එතනට තමයි ඔය ලීනය කියන එක එන්නේ. එතකොට ඒ ලීන ස්වභාවය ප්‍රීතිය මගින් මඟහරවනවා.
මේ නිසා ඔය 10 වෙනිදා අභය සුත්‍රයේ බොජ්ඣඞ්ග භාවනාවේ දී නිරෝධ නිස්සිතව උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩන අවස්ථාවේ දී සාකච්ඡා කළ වේදනා සඤ්ඤා අළලා රූප සොයා යෑම, නැවතීමට තුඩු දෙනවා ඒක. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්