ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
ඉන්ද්‍රිය සංයුත්තයේ සමණ සූත්‍රය.
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තංගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනිත් ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණහයි සම්මත හ. බමුණන් කෙරෙහිත් බමුණහයි සම්මත හ. ඒ ඇවැත්හු ශ්‍රාමණ්‍යාර්ථය බ්‍රහ්මණ්‍යාර්ථය දිටුදැමියෙහි තෙමේ වෙසෙසින් දැන පසක් කොට (*1) එයට පැමිණ වෙසෙතියි.
ඉන්ද්‍රිය පහ, ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය.
ශ්‍රද්ධා ඉන්ද්‍රිය කෙසේ ඇති වන්නේ ද? එනම් එහි සමුදය දහම කුමක් ද, ප්‍රඥාව යැයි කිව යුතු ය. ප්‍රඥාව කෙසේ ඇති වන්නේ ද? සමාධිය යැයි කිව යුතු ය. සමාධිය කෙසේ ඇති වන්නේ ද? සතිය යැයි කිව යුතු ය. සතිය ඇති වන්නේ සතර සතිපට්ඨානය වැඩීම මගිනි.
ශ්‍රද්ධාවේ අස්තංගමය කෙසේ ද? යම් විරියක් නැති අයකුට නිර්වාණ ධර්මයෙහි පිහිටීමක් නොවන්නේ නම් එනම් ඡන්ද සමාධිය නොවන්නේ, එහි විසුරුණු සිත් ඇත්තේ ශ්‍රද්ධාව නොපිහිටයි, නොවැඩේ.(*2)
විරිය ඉන්ද්‍රිය කෙසේ ඇති වන්නේ ද? එක් ක්‍රමයකට විමසනුයේ, හිරි ඔතප් ඇති වීමෙන් බව කිව යුතු ය. තව ආකාරයකට විමසනුයේ සම්මා ආජීවය මගින් යැයි කිව යුතු ය. මෙහි දෙවනියට සඳහන් ක්‍රමය මගින් ඇති වන විරිය වඩා සාර්ථක ය. කුමක් නිසා ද? එහි පදනම ස්ථිර නිසා ය.
විරිය ඉන්ද්‍රියේ අස්තංගමය කුමක් ද? සම්මා ආජීවය නැතිකම බව කිව යුතු ය.
සති ඉන්ද්‍රිය කෙසේ ඇති වන්නේ ද? සතර සතිපට්ඨානය වැඩීම මගිනි.
සති ඉන්ද්‍රියේ අස්තංගමය කුමක් ද? කායානුපස්සනාව නැතිකම බව කිව යුතු ය.
සමාධි ඉන්ද්‍රිය කෙසේ ඇති වන්නේ ද? සති ඉන්ද්‍රිය මගින් යැයි කිව යුතු ය. මෙහි ලා සත් බොජ්ඣඞ්ග පැවතීම විශේෂ ය.
සමාධි ඉන්ද්‍රියේ අස්තංගමය කෙසේ ද? සත් බොජ්ඣඞ්ග නොමැති වීම යැයි කිව යුතු ය.
ප්‍රඥා ඉන්ද්‍රිය කෙසේ ඇති වන්නේ ද? සමාධි ඉන්ද්‍රිය මගිනි.
ප්‍රඥා ඉන්ද්‍රියේ අස්තංගමය කෙසේ ද? සමාධි ඉන්ද්‍රිය විනාස වීම මගිනි.
මෙහි යම් විමුක්ති ස්වභාවයක් ඇති ද එය ම ආස්වාදය වන්නේ ය. එය ම නිස්සරණය වන්නේ ය. මෙහි ආදීනව කිම? නිරෝධය යැයි කිව යුතු ය.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 01/04/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) එතන පෙන්නනවා පාලි භාෂාවෙන්, පසක් කොට කියන එක පෙන්වනවා, අභිඤ්ඤා සච්චිකත්වා කියලා.
(*2) ඔන්න ඔය වාක්‍යය රහතන් වහන්සේ දීපු එක හරි වැදගත්. ඒක පුදුමාකාර දෙයක් සිද්ධ වෙනවා ඔය වාක්‍යය හොඳට මෙනෙහි කරනවා නම් ඔය අවස්ථාවේ දී.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේකට කරුණු කාරණා පෙළක් අය එකතු කරගන්න ඇති. අපි දන්නවා ඔය හිරි ඔතප් ඔය 16/12/2022 භාවනාවේ දී එහෙම පෙන්නුවා. හිරි ඔතප් දෙක ඇති නම් ධ්‍යාන තලයක් හෝ මගේ යැයි නොගන්නේ භාවිත චිත්තා ඇති වෙනවා, සම්මා සංකප්ප සම්මා සමාධි. ධ්‍යාන තලයක් හෝ මගේ යැයි නොගන්නේ ද එහි නෙක්ඛම්මය ඇති ද, එයින් විරිය සමාධිය ඇති වෙනවා.
එතකොට මේකේ පෙන්නුවා, මේ තව ආකාරයකට විමසනුයේ සම්මා ආජීවය මගින් යැයි කිව යුතු ය කියලා. ඉතින් මේකේ දෙවනුවට සඳහන් වන ක්‍රමය මගින් ඇති වන විරිය වඩා සාර්ථක ය. ඉතින් මේක ගැන පොඩ්ඩක් මම විමසුවා භාවනාවල, මේ ක්‍රම දෙක පිළිබඳව යමෙකුට පහදා දීම සඳහා වෙහෙසෙන්නේ බුදුපියාගෙන් උදාහරණයක් ඉල්ලුවා.
බුදුපියා පැවසුවා, වෙනස හිටගෙන ඉදීමත් ඉඳගෙන හිටීමත් කියලා.
පළවන ක්‍රමයේ දී එක ධ්‍යාන තලයක් හෝ මගේ යැයි නොගන්නේ තව ධ්‍යාන තලයක් විමසයි. එයා හිටගෙන ඉන්නේ, එය නොගනී යන්න ඒ කියන්නේ බලාපොරොත්තු මේකේ තියෙනවා, දෙවන ධ්‍යාන තල කතාවක්. හිටගෙන ඉන්නේ ඒක නේ.
එතකොට සම්මා ආජීව අවස්ථාවේ දී, කය අතහැර ගොස් ඇත්තේ නිර්වාණ මඟේ ඉඳගෙන සිටින අවස්ථාව ය.
එතකොට මේකේ මේ භාවනාවේ දී මේ පළවෙනි වාක්‍යය මෙනෙහි කරනකොට ම ඉන්ද්‍රිය පහ ම ඇති වෙනවා. ඒ සඳහා ශ්‍රද්ධාවේ අස්තංගමය යන කොටස මනා කොට සිතෙහි පවතින්න ඕන, රහතන් වහන්සේ කියපු ඒ වාක්‍යය.
ඉතින් අනික් අතට මේක repair කරනකොට කෙනෙකුට කල්පනා කරන්න පුළුවන්, ඔය අජ්ඣත්ත කාය repair වී ඇත්තේ, බාහිර කාය repair කරන්න යැයි පවසන්නේ, මනා කොට repair කිරීම සිදු වෙනවා.
ඒක වෙන්නේ අර ශ්‍රද්ධාවේ අස්තංගමය කියන වාක්‍යය තමන්ගේ සිතේ මනා කොට පවතිනවා නම්, ඒක මෙනෙහි කෙරෙනවා නම්.