ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සංයුත්ත නිකායේ ඉන්ද්‍රිය සංයුත්තයේ උප්පටිපාටික සූත්‍රය.
මහණෙනි, මේ ඉන්ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්. දුක ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය, සුඛ ඉන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය, උපෙක්ඛා ඉන්ද්‍රියයි. මහණෙනි, මෙහි නොපමාව (*1) කෙලෙස් තවන වැර (*2) ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව (*3) වෙසෙන මහණ හට (පාලි භාෂාවෙන් පෙන්නනවා අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස කියලා) දුක ඉන්ද්‍රිය උපදී. හේ මෙසේ දැනගනී. මට මේ දුක ඉන්ද්‍රිය උපන, හෙ ද නිමිති සහිත ය, නිදාන සහිත ය, සංස්කාර සහිත ය, ප්‍රත්‍යය සහිත ය. ඒ දුක ඉන්ද්‍රිය නිමිති රහිතව නිදාන රහිතව සංස්කාර රහිතව ප්‍රත්‍යය රහිතව උපදනේ ය, යන මේ කරුණ ඒකාන්තයෙන් නැත. හේ දුක ඉන්ද්‍රියත් දැනගනී. දුක ඉන්ද්‍රිය සමුදයත් දැනගනී. දුක ඉන්ද්‍රියේ නිරෝධයත් දැනගනී. යම් තැනක උපන් දුක ඉන්ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේ නම් එය ද දැනගනී. කොහි උපන් දුක ඉන්ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද යත්.
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව අකුසල් දහමුන්ගෙන් වෙන්ව විතක්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමු වන දැහැනට පැමිණ වෙසේ. මෙහි උපන් දුක ඉන්ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වෙයි. මේ මහණ දුක ඉන්ද්‍රියේ නිරෝධය දත්තේ ය. ඒ බැව් පිණිස සිත එළවා යැයි කියනු ලැබේ.
මහණෙනි, මෙහි නොපමාව කෙලෙස් තවන වැර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වෙසෙන මහණ හට දෝමනස්ස ඉන්ද්‍රිය උපදී. හෙතෙමේ මෙසේ දැනගනී. මට මේ දෝමනස්ස ඉන්ද්‍රිය උපන. එය ද නිමිති සහිත ය, නිදාන සහිත ය, සංස්කාර සහිත ය, ප්‍රත්‍යය සහිත ය. ඒ දෝමනස්ස ඉන්ද්‍රිය නිමිති රහිතව නිදාන රහිතව සංස්කාර රහිතව ප්‍රත්‍යය රහිතව උපදනේ ය, යන මේ කරුණ ඒකාන්තයෙන් නැත. හෙතෙම දෝමනස්ස ඉන්ද්‍රියත් දැනගනී. දෝමනස්ස ඉන්ද්‍රිය සමුදයත් දැනගනී. දෝමනස්ස ඉන්ද්‍රියේ නිරෝධයත් දැනගනී. යම් තැනෙක උපන් දෝමනස්ස ඉන්ද්‍රිය, නිරවශේෂව නිරුද්ධ වේ නම් එය ද දැනගනී. කොහි උපන් දෝමනස්ස ඉන්ද්‍රිය නිරවශේෂව නිරුද්ධ වේ ද යත්.
මහණෙනි, මෙ සස්නෙහි මහණ විතක්ක විචාරයන් සංසිඳීමෙන් තම සිත්හි පැහැදීම ඇති සිතේ එකඟ බව ඇති විතක්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට පැමිණ වෙසෙයි. මෙහි උපන් දෝමනස්ස ඉන්ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වෙයි. මහණෙනි, මේ මහණ දෝමනස්ස ඉන්ද්‍රියේ නිරෝධය දත්තේ ය. ඒ බැව් පිණිස සිත එළවා යැයි කියනු ලැබේ.
එතකොට ඉන්ද්‍රිය සංයුත්තයේ ම විභංග සූත්‍රයේ පෙන්නනවා.
මහණෙනි, දුක ඉන්ද්‍රිය කවරේ ද යත්. මහණෙනි, කාය ප්‍රසාදයෙහි වස්තු කොට ඇති දුක් වූ කාය ප්‍රසාදය වස්තු කොට ඇති අමිහිරි වූ කාපහසින් හටගත් දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ දුක ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.
මහණෙනි, දෝමනස්ස ඉන්ද්‍රිය කවරේ ද යත්. මහණෙනි, සිත පිළිබඳ දුක් වූ, සිත පිළිබඳ අමිහිරි වූ, මන පහසින් හටගත් දුක් වූ, අමිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ දෝමනස්ස ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.
භාවනාව සඳහා මට මේ දුක ඉන්ද්‍රිය උපන. හෙ ද නිමිති සහිත ය, නිදාන සහිත ය, සංස්කාර සහිත ය, ප්‍රත්‍යය සහිත ය. ඒ දුක ඉන්ද්‍රිය නිමිති රහිතව නිදාන රහිතව සංස්කාර රහිතව ප්‍රත්‍යය රහිතව උපදනේ ය, යන මේ කාරණය ඒකාන්තයෙන් නැත, යන කරුණු කෙරෙහි සිත යොමු කරන්න.
මෙහි දී 10/03/2023 අභය සූත්‍ර බොජ්ඣඞ්ග භාවනාව භාවිතා කළ යුතු ය. දුක ඉන්ද්‍රිය හෝ දෝමනස්ස ඉන්ද්‍රිය ඇති වූයේ, දුක සොයා ගිය බැවිනි. එනම් සංස්කාර විෂයයෙහි ලා උපාදාන වූ බැවිනි. එම උපාදානයෝ පහ කිරීමට, අඩු ම තරමින් ප්‍රථමධ්‍යානය හෝ පැවතිය යුතු ය. දෝමනස්ස ඉන්ද්‍රිය නිරුද්ධ වීම සඳහා, අඩු ම තරමින් දෙවන ධ්‍යානය අවශ්‍ය වේ. කුමක් නිසා ද? ලීන චිත්තය මඟහැරීමට තරම් ප්‍රීතිය ප්‍රබල විය යුතු ය. එය උත්සාහයකින් තොරව පැවතිය හැකි විය යුතු ය. මෙය සඳහා තුන් වන පථය නොමැති වීම උදව් උපකාර කරයි. ඒ කෙසේ ද? සංස්කාර විෂයයෙහි ලා සිත සමාදන් වීම තුන් වන පථය නැවතීමෙන් සිදු වේ. මේ දෙවන ධ්‍යානය, ආර්ය වූ බොජ්ඣඞ්ග සහිත වූ ධ්‍යානය බව කිව යුතු ය.
ඒක තමයි භාවනාව. මේක තවදුරටත් පැහැදිලි කරනවා නම්, මට මේ දුක ඉන්ද්‍රිය උපන, හෙ ද නිමිති සහිත ය, නිදාන සහිත ය, සංස්කාර සහිත ය, ප්‍රත්‍යය සහිත ය, යන්න හොඳින් විමසන්න. එතකොට,
1 නිමිති, මෙහි දී මව් කුසට යන අවස්ථාව යොදා බලන්න. කහ පාටට දැකීම, නිමිති.
2 කාම ආශ්‍රව නිසා ශුක්‍රාණු අල්ලා ගැනීම, නිදාන.
3 කාමයෙහි වරදවා හැසිරීම, සංස්කාර. එහි උපාදාන වශයෙන් කාම උපාදානය ගත යුතු ය.
4 උපාදාන ප්‍රත්‍යයෙන් භව, භව ප්‍රත්‍යයෙන් ජාති. ප්‍රත්‍ය සහිත ය.
මට මේ දෝමනස්ස ඉන්ද්‍රිය උපන. එය ද නිමිති සහිත ය නිදාන සහිත ය සංස්කාර සහිත ය ප්‍රත්‍යය සහිත ය, යන්න විමසන අවස්ථාවේ දී, අනිෂ්ට වස්තුව නිමිති වශයෙන්, භව ආශ්‍රවය නිදාන වශයෙන්, උපාදානය ලෙස සීලබ්බත උපාදානය ද, වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා යන්න ප්‍රත්‍ය සහිත ය, ලෙස යොදා විමසන්න.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 15/04/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) අප්පමත්තස්ස කියන පාලි වචනය. Diligent කියලා ඉංග්‍රීසියෙන් කියනවා.
(*2) ආතාපිනො. Ardent කියලා කියනවා.
(*3) පහිතත්තස්ස. Resolute කියලා ඉංග්‍රීසියෙන් කියනවා.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
එතකොට ඒ කාරණා ටික භාවනාවේ දී කිව්වා. තව චුට්ටක් එකතු කරනවා නම්, මේකේ මේ අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස හරි වැදගත් වචන තුනක්. ඒ වචන තුන හොඳට සිහි කරනවා නම්, නොපමාව, කෙලෙස් තවන වැර ඇතිව, නිවන් පිණිස මෙහෙය වූ සිත් ඇතිව. මේක සිහි කරන්නේ, මෙතන ම පුදුමාකාර විදිහට සිත විශාල වෙනවා. ඒ වචන තුන අමතක කරන්න එපා භාවනාවේ දී.
ඉතින් මේ භාවනාව පුදුමාකාරයි, මේ දුක ඉන්ද්‍රියයි දෝමනස්ස ඉන්ද්‍රියයි ඉවත් වන්නේ ඉතා ම සතුටකින් ඉන්න පුළුවන්. ඒ වගේ ම ඒක දවස පුරා පවතිනවා.
ඊළඟට තවත් වැටහෙනවා, මේ කාම ආශ්‍රවයට, භව ප්‍රත්‍යයෙන් ජාති යන්න එකතු වන්නේ, භව ආශ්‍රවය වෙනවා කියලා. කුමක් නිසා ද?
මෙහි වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා යන්න පවතින්නේ, භවය පැවැත්වීමට කැමැත්ත ඇත්තේ ය. ඒ නිසා ය.