ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සංයුත්ත නිකායේ ජරා වග්ගයේ ජරා සූත්‍රය.
ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ අවයව අතින් පිරිමදිමින් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, ඇසිරියෙකි, වහන්ස, පුදුමයෙකි, වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ සිවි පැහැය පෙර මෙන් දැන් නොද පිරිසිදු වේ. නොද හාත්පසින් බබළන්නේ වේ. සියලු අවයවයෝ ලිහිල්හ. හටගත් රැලි ඇතියහ. කය ද ඉදිරියට නැඹුරු වූයේ ය. ඉඳුරන්ගේත් එනම්, චක්ඛු ඉන්ද්‍රියේත් සොත ඉන්ද්‍රියේත් ඝාන ඉන්ද්‍රියේත් ජිව්හා ඉන්ද්‍රියේත් කාය ඉන්ද්‍රියේත් වෙනස් බවෙක් පෙනේ.
ආනන්දය, ඒ එසේ ම ය. යොවුන් බැව්හි දිරන ස්වභාව ඇත්තේ (ජරා ධම්මො යොබ්බඤ්ඤෙ), නිරෝගී බැව්හි රෝගී ස්වභාව ඇත්තේ (ව්‍යාධි ධම්මො ආරොග්‍යෙ), ජීවත් වීමේ මැරෙන ස්වභාව ඇත්තේ (මරණ ධම්මො ජීවිතෙ) වෙයි. සිවි පැහැය ඇතිතාක් ද එය පිරිසිදු නොවෙයි. හාත්පසින් බබළන්නේ නොවේ. සියලු අවයවයෝ ලිහිල් වූවාහු හටගත් රැලි ඇත්තාහු ද වෙති. කය ඉදිරියට නැඹුරු වූයේ වෙයි. ඉඳුරන්ගේ ද එනම් චක්ඛු ඉන්ද්‍රියේත් සොත ඉන්ද්‍රියේත් ඝාන ඉන්ද්‍රියේත් ජිව්හා ඉන්ද්‍රියේත් කාය ඉන්ද්‍රියේත් වෙනස් බවෙක් පෙනේ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා යලි මතු ද මෙය වදාළ සේක. එතන ගාථාවක් එනවා.
ධිතං ජම්මි ජරෙ, අත්ථු දුබ්බණ්ණකරණී ජරෙ, තාව මනොරමං බිම්බං, ජරාය අභිමද්දිතං.
මෙතන මේ “අත්ථු” කියන එක, ඒක අර්ථය, අභිවෘද්ධිය ඒක වැදගත්.
එම්බල ලාමක ජරාව, දුර්වර්ණ කරන සුලු ජරාව, තට නින්දා වේවා. ඒ තාක් මනරම් සිරුර ජරාවෙන් මඩනා ලද්දේ ය. යමෙක් සිය වසක් ජීවත්වතු දු හෙතෙමේත් මරු වසඟ වන්නේ ය. කිසිවක් අත් නොහරී (Death spares none along the way). සියල්ල ම මැඩලායි (But comes crushing everything).
මෙය පැහැදිලි කිරීම මෙසේ දත යුතු ය.
1 එම්බල ලාමක ජරාව. මෙය කාය වශයෙන් ගන්න.
2 අත්ථු දුබ්බණ්ණකරණී ජරෙ. දුර්වර්ණ කරනු සුලු ජරාව. මෙය තණ්හා වශයෙන් ගන්න. තට නින්දා වේවා, මෙය තණ්හාවට නින්දා වේවා. එනම් තණ්හාව අත්හළ යුතු දහමක් බැවින් නින්දා වේවා.
3 ඒ තාක් මනරම් සිරුර. මෙය යොවුන් බැව්හි දිරන ස්වභාවය ඇති, නිරෝගී බැව්හි රෝගී ස්වභාවය ඇති, ජීවත් වීමෙහි මැරෙන ස්වභාවය ඇති, සිවි පැහැය ඇතිතාක් පිරිසිදු නොවූ හාත්පසින් බැබළීමක් නැති කය, ජරා ධර්මයන්ගෙන් මඩනා ලද්දේ ය වශයෙන් ගන්න. ධාතුවලින් සිත නිදහස් කරගත්තා නම් පිරිසිදු පාරිශුද්ධ වූ (පරිසුද‍්ධො) බැබළීම (පරියොදාතො) ඇත.
භාවනාව සඳහා, යොවුන් බැව්හි දිරන ස්වභාවය (ජරාධම‍්මො) ඇති බව ද, නිරෝගී බැව්හි රෝගී ස්වභාවය (බ්‍යාධිධම‍්මො) ඇති බව ද, ජීවත් වීමෙහි මැරෙන ස්වභාවය (මරණධම‍්මො) ඇති බව ද, සිවි පැහැය ඇතිතාක් පිරිසිදු නොවූ හාත්පසින් බැබළීමක් නැති බව මෙනෙහි කර, 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍ය කියන තැන, 3 ජාතියේ ඉඳන් ජරාව යන්න භාවිතා කළ යුතු ය. ශාස්තෘවරයාට වූ දෙය විමසිය යුතු ය. තමාට ද එසේ යැයි ගන්න.
මෙහි උපෙක්ඛාවක් ඇති ද, එය ම නිර්වාණය ගැබ් ගැනීමට තුඩු දේ. එහි මනා කොට පිහිටන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි. ඒක තමයි භාවනාව.(*1)
මෙම භාවනාව තවදුරටත් පැහැදිලි කරනවා නම්, 26/06/2015 සොපාදිසෙස නිබ්බාන ධාතු භාවනාව සමඟ මෙම භාවනාව මෙනෙහි කරන්නේ, නිරෝගී බැව්හි රෝගී ස්වභාවය ඇත්තේ ය, යන්න හොඳින් මෙනෙහි කළා. ජරාවට කැමති වෙලා ජීවිතය සකස් කරගත්තු පුද්ගලයා, එම රූපය වෙනස් වෙනවා යැයි දුක් වෙනවා. එනමුත් මෙම රූපය නිසා ඇති වූ යම්කිසි දිට්ඨින් පවතිනවා. ඒ කියන්නේ කළය බිඳුණු පසු, බිඳුණු කෑලි දැක කළයෙන් ප්‍රයෝජන ඇති යැයි වූ දිට්ඨීන්. එම දිට්ඨි නිසා පවතියි කියලා හිතනවා.
අපි දන්නවා 4.2 විඤ්ඤාණය මළා. ඉන්පසු වේදනාවේ ජරාව 4.3 දැනගනියි. 5.4 සුඛ වේදනාවේ මරණය වූ පසු සඤ්ඤාවේ ව්‍යාධිය 6.4. මෙයට පෙර 5.3 සඤ්ඤා ජරා. වේදනාවේ ජරාව 4.3 දැනගන්නේ, 5.3 සඤ්ඤාවේ ජරාව ඇති වේ. මෙය හඳුනා ගැනීම 6.4 ථීනමිද්ධ වූ පසුව ය. කුමක් නිසා ද? දිට්ඨීන් නිසා මිය ගිය වේදනාව නැවත උපදවිය හැකි යැයි සිතයි.
බ්‍රහ්ම තලවල ඉපදුණු අයකුට යම් පහළ ධ්‍යාන තලයක සඤ්ඤාවන් ස්පර්ශ වීම, එම අයගේ ව්‍යාධිය ලෙස අපි දනිමු. එවැනි සඤ්ඤා ස්පර්ශ වන්නේ, ථීනමිද්ධ ස්වභාවය 6.4 හටගන්නේ ය.(*2) සඤ්ඤාවේ ව්‍යාධිය 6.4, නන්දි අගය වේදනාව ඉක්මවා පැමිණ ඇත.
එතකොට අපිට පේනවා සඤ්ඤාවෙන් චේතනා වෙනවා. එතකොට ඒ සඤ්ඤාව 5.4 නිසා ඇති වූ ස්වභාවය, සුඛ වේදනාව මැරීම. 5.3 සඤ්ඤා ජරා. එතකොට ඒ සඤ්ඤාවෙන් චේතනාව. චේතනාවෙන් ථීනය 6.4, සඤ්ඤාවේ ව්‍යාධිය.
මෙසේ සඤ්ඤා ජරා වීම යන්න, බ්‍රහ්ම තලයක ඉපදුණා වූ අයගේ ජරා ස්වභාවය වේ. එහි පැවැත්මක් නැති බවට ලකුණු පහළ වූවා යැයි සිතයි. මෙසේ දිට්ඨි බිඳීම නිසා, නැවතත් එසේ නොවන සඤ්ඤා සොයා යෑම නිසා, සංසාරේ ගමන් කරයි.
ඉතින් මෙතන්ට එනවා අර 15/08/2015 ජාති නිරොධො ජරා මරණ නිරොධො භාවනාවේ අපි පෙන්නුවා,(*3) අපි අත්තා කියන එකෙන් පටන් ගත්තොත්, අත්තා ඒකෙන් යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය. ඊට පස්සේ නැවතත් පාරවල් තුන ම මගින් ජාතිය.(*4) ජාතියෙන් වේදනාව, වේදනාවෙන් චේතනාව. චේතනා සිදු වූවා නම් සළායතන. චේතනාවේ ඉඳන් ථීනයට සළායතනය.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 27/05/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) මේකට තව එකතු කළා. එකතු කරන්න හේතුව තමයි ඔය බ්‍රහ්ම තලයක ඉපදිච්ච අයගේ ජරා ස්වභාවය කෙසේ දැ යි සිතුවා. ඒකත් එක්ක 26 වෙනිදා භාවනාව හමු වුණා.
(*2) ඉතින් එතන අපි දන්නවා සඤ්ඤාව 5.4 නිසා ඇති වූ ස්වභාවය. සුඛ වේදනාව මැරීම, එතකොට 5.3 සඤ්ඤා ජරා වෙලා. එතනින් අපි චේතනාවට ඇවිල්ලා එතනින් අපි ථීනය 6.4 සඤ්ඤාවේ ව්‍යාධිය.
(*3) ඒ ථීනයෙන් 1 අත්තා කියන එක එනවා, එතනින් දෙවෙනි කාරණය යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය.
(*4) ඒක තමයි තුන් වෙනි කාරණය.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
එතකොට මේක තවත් පැහැදිලි කරනවා නම් “අත්ථු දුබ්බණ්ණකරණී ජරෙ,” දුර්වර්ණ කරන සුලු ජරාව. මෙය තණ්හා වශයෙන් ගන්න. තට නින්දා වේවා. මෙහි දී අභිවෘද්ධිය, අර්ථය, නිර්වාණය ලෙස ගන්න. ඔය අත්ථු කියලා කියන්නේ, අර්ථය කියන එක. එතකොට නිර්වාණය ලෙස ගන්න.
එම අර්ථය නිර්වාණයට පිට වූ ඕනෑ ම තණ්හාවක් සහ බ්‍රහ්ම තලයක ඉපදුණා වූ අයගේ ජරා ස්වභාවය සමඟ විමසන විට හෝ කළයේ උදාහරණය සමඟ විමසන විට, තණ්හාව මගින් නිර්මාණය කළ සියලු දිට්ඨීන් ද සමඟ, අර්ථය, අභිවෘද්ධිය විනාස වන බව දන්නේ දක්නේ තණ්හාවත් දිට්ඨීන් ද යන දෙකට ම නින්දා වේවා යැයි කියලා සිතුණා. ඉතින් රහතන් වහන්සේ “Excellent” යැයි කියලා පැවසුවා. එතකොට තණ්හා පපඤ්ච, දිට්ඨි පපඤ්ච වශයෙන් මේක සිතන්න.
ඊළඟට 4.2 විඤ්ඤාණය මළා. වේදනාවේ ජරාව 4 3. 5.3 සඤ්ඤාවේ ජරාව. 5.4 සුඛ වේදනාවේ මරණය. සඤ්ඤාවේ ව්‍යාධිය 6.4. මෙය මෙනෙහි කොට ඇත්තේ 15/08/2015 ජාති නිරොධො, ජරා මරණ නිරොධො, පථය මතක තිබෙන තාක් කල් සිත slow වෙනවා. බුදුපියවරුන්ගේ නම් මතක ඇති අතර, එය කීමේ දී වචන අතර කාලය බොහෝ ය. අභිනන්දනා නොකරන තාක් කල් එසේ වන බව බුදුපියා පැවසුවා. Repair කර අවසානයේ දී මෙවැනි සිතක් කුමකට සුදුසු වන්නේ දැ යි බුදුපියා විමසුවා. නිර්වාණය සඳහා යැයි බුදුපියා පැවසුවා.
ඒ වගේ ම තථාගතයන් වහන්සේ අපි දෙදෙනාට එකට තබා මනසට භාවනාවෙන් කරන ලද දේ, තැන්පත් වන්නේ කොහේ දැ යි, බුදුපියාගෙන් විමසුවා. මනෝමය කායේ ද? නැති නම් සඤ්ඤාමය කායේ ද? ඒ දෙකේ ම යැයි බුදුපියා පැවැසුවා. මනෝමය කාය ස්පර්ශ වෙනවද, එය සඤ්ඤාමය කායෙන් අනුමත කරනවා ද, එය නැවතත් මනෝමය කායට එනවා යැයි පැවසුවා. හොඳයි ඒක තමයි කියන්න තියෙන ධර්මය.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්