ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සංයුත්ත නිකායේ ඉන්ද්‍රිය සංයුත්තයේ පාචීනනින්නාදි සූත්‍රය.
මහණෙනි, ගංගා නම් ගඟ පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බර ව පවත්නේ යම් සේ ද, එසෙයින් ම මහණ තෙමේ පංච ඉන්ද්‍රියෝ වඩන්නේ පංච ඉන්ද්‍රියෝ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි.
මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් පංච ඉන්ද්‍රියෝ වඩන්නේ පංච ඉන්ද්‍රියෝ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්.
මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගයට නැඹුරු වූ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩයි. මේ විදිහට පෙන්නනවා විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගයට නැඹුරු වූ ප්‍රඥා ඉන්ද්‍රිය දක්වා වඩයි, යනුවෙන්. මහණෙනි, මහණ මෙසේ පංච ඉන්ද්‍රියෝ වඩන්නේ පංච ඉන්ද්‍රියෝ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යැයි.(*1)
ඉතින් මෙතනට එනවා අර diagram එක, පථය 1, 2, 3.(*2) මෙහි දී 05/05/2023 සාකෙත සූත්‍රය භාවනාවේ සඳහන් කළ ජල පහර දෙකක් ව්‍යවහාරයට ගත් ක්‍රමයේ දී, යෙදූ ධර්මතාවය භාවිතා කළ යුතු ය.
මෙහි දී පංච බලයන්ගෙන් පටන්ගෙන භාවනාව වැඩීම වඩා සුදුසු වේ. කුමක් නිසා ද? දුක යන්න මෙනෙහි කර කාමය අත්හැර ධ්‍යාන තලයන්ට එළඹ එහි දී, විවේකනිස්සිත ස්වභාවය සිහි කළ යුතු ය. එහි යම් සාර්ථකත්වයක් ඇති ද, එය ම පස්සද්ධිය වැඩීමටත් පැවතීමටත් තුඩු දේ.
පළවන පථය නැවතීම සඳහා යම් දහමක් උදව් උපකාර වූවා ද, එම ධර්මයෝ භාවිතා කළ යුතු ය, බහුලීකරණය කළ යුතු ය.(*3) එයින් යම් විමුක්ති ස්වභාවයක් ඇති වන්නේ ද, එය විරාගයට තුඩු දේ. මෙහි දී දෙවන පථය භාවිතා කළ යුතු ය. මෙහි දී සමාධි සම්බොජ්ඣඞ්ගය උදව් උපකාර කරයි. එහි යම් උපෙක්ඛාවක් ඇති ද, එය ම නිර්වාණයට තුඩු දේ.
මෙහි දී නිර්වාණ ධර්මය කෙරෙහි යම් පැහැදීමක් ඇති වන්නේ ද, එහි දී තුන් වන පථය භාවිතා කළ යුතු ය. ඒ සඳහා උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය උදව් උපකාර කරයි.
මෙහි උපෙක්ඛාවත් ප්‍රඥා ඉන්ද්‍රියත් අතර වෙනස සොයා ගැනීමට නොහැකි තරමට උපෙක්ඛාව ප්‍රබල වන්නේ නම් එවැනි ප්‍රඥා ඉන්ද්‍රියක් මගින් නිර්වාණය සාක්ෂාත් කරයි.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 03/06/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඕක ඉංග්‍රීසි භාෂාවෙන් පෙන්නනවා slants, slopes, and incline කියලා. ඉතින් ඔය slants කියන එකේ කියවෙනවා. ඒ නැමුණා කියන එක lean in a particular direction කියන එක. එතකොට ඊළඟට slope එකක් කිව්වහම අපි දන්නවා අර එක පැත්තක් උසයි කියන එක. ඊළඟට incline කිව්වහම ඕකේ එනවා බර වූයේ කියන එකේ willing to do something කියන අර්ථය.
(*2) එතකොට ඔය පළවෙනි පථය ඉදංසච්චාභිනිවෙස, පරාමාස නිසා line 7 වීම. මේ මගින් පරාමාසය තුළ වූ ජලය ඇවිස්සීම මගින් පරාමාස, පරිදේව, භය අගති, එමගින් භය අගති, වේදනා, නාමරූප, පරාමාස වීම පළමුව සිදු වෙනවා. අන්න ඒක තමයි අර නිවනට නොනැමුණේ කියන අර්ථය, ඒ පථය දිගේ යනවා නම්, ඒ කියන්නේ opposite of slants කියන එක.
ඊළඟට පථය 2 අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වන්නේ රාග සල්ලය හරහා රූප ස්පර්ශ කර සඤ්ඤා නාමරූප පරාමාස පරිදේව වීම දෙවනුව වන්නේ, පෙර පැවතියා වූ චිත්ත සංස්කාරයෝ නැවතත් ගොඩනංවා සනාථ කරනු ලබයි. මෙය අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වීම ය. ඉතින් අපි දන්නවා ඕක, මේක නොකිරීම විරාගය ලෙස ගත යුතුයි කියලා. ඉතින් ඔය පථය 2 කියන එක අර නිවනට නැඹුරු නොවූයේ කියන එක ගන්න ඕනි. ඒ කියන්නේ opposite of slopes කියන එක. ඉතින් ඕක කෙනෙක් ප්‍රඥාවෙන් යුතුව ඔය පථය දිහා බැලුවා ම පේනවා අර එක පැත්තක් උසයි එක පැත්තක් පහතයි කියලා. ඉදංසච්චය පැත්ත නිර්වාණ පැත්ත කියලා හිතන්නකො. එතකොට ඒ පැත්ත පහතයි කියන එක තමන්ට පේනවා.
ඊළඟට පථය 3 භය අගති, සෝක, වේදනා, රූප. මෙය දෙවන පථයට අනතුරුව සිදු වේ. කාම ආශ්‍රවයට පැමිණීම අවිද්‍යා ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව යන දෙකෙන් ම සිදු වන අතර මෙම මොහොතේ දිට්ඨි ආශ්‍රවය වැදගත් වෙනවා. මෙය නොකිරීම නිරෝධය ලෙස ගත යුතු ය. ඉතින් මේ පථය 3 අර incline කියන එකේ opposite එක. නිවනට බර නොවූයේ කියන එක. එතන අර incline කියන්නේ willing to do something කියන එක, ඒක නැතිකම කියන එක. එතකොට එතනත් පේනවා incline එක කොහොම ද තියෙන්නෙ කියලා.
(*3) එතකොට මෙතන දී ඉතින් අර දාහත් වෙනිදා අට්ඨික සූත්‍රයේ විදිහට අර සති සම්බොජ්ඣඞ්ගය, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, විරිය සම්බොජ්ඣඞ්ගය, ප්‍රිති සම්බොජ්ඣඞ්ගය භාවිතා කරන්න ඕනේ.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මෙතන අර උපෙක්ඛාව ප්‍රබල වෙනවා කිව්වහම ප්‍රඥා ඉන්ද්‍රියත් ඒ තරමට, ඒකෙ අපිට පේනවා ඉතින් ඒ අර දෙකෙළවර අල්ලා නොගැනීම කියන එක හිතන්න ඕනි, සංස්කාර කෙළවරයි ඊට පස්සේ රූප කෙළවර පැත්ත. ඒ කියන්නේ සමුදය අස්තංගමය එතන නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති කියලා ගන්නවා කියන අර්ථය හොඳට එන්න ඕනේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්