ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සංයුත්ත නිකායේ සච්ච සංයුත්තයේ ඛන්ධ සූත්‍රය.
මහණෙනි, මේ ආර්ය සත්‍ය සතරෙකි. කවර සතරෙක යත්. දුක්ඛ ආර්ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය.
මහණෙනි, දුක්ඛ ආර්ය සත්‍යය කවර යත්. පස් උපාදානස්කන්ධයෝ යි එයට කිව යුතුයි. කවර පසෙක යත්. එනම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය. මහණෙනි, මේ දුක්ඛ ආර්ය සත්‍යය යැයි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කවර යත්. පුනර්භවය ඇති කරන නන්දිරාගය සහගිය ඒ ඒ භවයෙහි ඇල්ම ඇති කරන යම් මේ තෘෂ්ණාවක් වේ ද, එනම්, කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යි. මහණෙනි, මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය යැයි කියනු ලැබේ.(*1)
මහණෙනි, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය කවර යත්. ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂ විරාග නිරෝධයෙක් දුරලීමෙක් අත්හැරීමෙක් මිදීමෙක් නොඇල්මෙක් වේ ද, මහණෙනි, මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය යැයි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය කවර යත්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මැ යි. එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යි. මහණෙනි, මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය යැයි කියනු ලැබේ.
මහණෙනි, මොහු චතුරාර්ය සත්‍යයෝ යි. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ දුක යැ යි විරිය කටයුතුයි.(*2) මේ විදිහට පෙන්නනවා මේ දුක් වැළකීමට පෙන්නන පිළිවෙත යැ යි වීර්ය කටයුතුයි.
මෙහි දී භාවනාව සම්මා දිට්ඨියෙන් පටන් ගත යුතු ය. යම් සම්මා දිට්ඨියක් වේ ද එය තුළ චතුරාර්ය සත්‍ය ගැබ්ව ඇත. එහි යම් විමුක්ති ස්වභාවයක් ඇති ද එය ම නිර්වාණය පෙරටු කරයි. කෙසේ වඩන ලද සම්මා දිට්ඨිය නිර්වාණය පෙරටු කරයි ද? පංච ඉන්ද්‍රියන් සමඟ වඩන ලද සම්මා දිට්ඨිය නිර්වාණය පෙරටු කරයි.
මේ සඳහා ඉන්ද්‍රිය භාවනාවන් 12/05/2023 නිබ්බාන භාවනාවේ පැහැදිලි කළ ආකාරයට හෝ 21/04/2023 උපෙක්ඛා ඉන්ද්‍රිය දක්වා, දුක ඉන්ද්‍රියෙන් පටන්ගෙන කරන ලද භාවනා සමූහය භාවිතා කළ හැක්කේ ය. මෙහි දී මෙම ක්‍රම දෙකෙන් තමාට වැඩෙන්නා වූ කැමති ක්‍රමයක් භාවිතා කිරීම සුදුසු වේ.
යමෙක් 12/05/2023 නිබ්බාන භාවනාවේ පැහැදිලි කළ ආකාරයට වඩන්නේ නම්, එහි බොජ්ඣඞ්ගයෝ ඇතුළත් වන බැවින් සම්මා සමාධිය දක්වා ගමන් කර, එහි හතර වන ධ්‍යාන උපෙක්ඛාව භාවිතා කළ යුතුයි.
21/04/2023 උපෙක්ඛා ඉන්ද්‍රිය දක්වා දුක ඉන්ද්‍රියෙන් පටන්ගෙන කරන ලද භාවනා සමූහය භාවිතා කරන්නේ නම්, දුක ඉන්ද්‍රිය අවස්ථාවේ දී නිවන් පිණිස මෙහෙය වූ සිත් ඇතිව පහිතත්තස්ස යන්නත්, දෝමනස්ස ඉන්ද්‍රිය අවස්ථාවේ දී තුන් වන සත්‍ය එනම් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය, පහිතත්තස්ස යන ධර්මතාවයට අනතුරුව භාවිතා කළ යුතු ය. කුමක් නිසා එසේ පවසා ද? යම් නිවන් පිණිස මෙහෙය වූ සිත් ඇතිව වාසය කරන්නකුට නිරෝධය ඇගයීම නොවන්නේ නම් සිත සාධාරණකරණයකට පත් නොවන නිසා ය. එනම් ධ්‍යාන තලයන් ඉක්මවීම නිරෝධය මගින් ම කළ යුතු නිසා ය.(*3)
එසේ ම සුඛ ඉන්ද්‍රිය සෝමනස්ස ඉන්ද්‍රිය අවස්ථාවේ දී සම්මා සමාධිය භාවිතා කළ යුතු ය. එහි උපකාරය අත්‍යාවශ්‍ය වේ. කුමක් නිසා ද? සුඛ ඉන්ද්‍රිය තුන් වෙනි ධ්‍යානයෙන් ඉක්මවීම කළත් සෝමනස්ස ඉන්ද්‍රිය හතර වන ධ්‍යානයෙන් ඉක්මවීම කළත්, මෙහි සංයෝජන ඇති නොවීම සඳහා එකක් මත එකක් පෙරළෙන දහමක් නොවීම සඳහා ය.
එනම් ප්‍රථමධ්‍යාන ප්‍රීතිය අතහැර ගොස් උපෙක්ඛාව දක්වා යන්නේ නැවතත් ප්‍රීතිය හොඳ යැ යි, එනම් ඉවතලුවත් පෙර ප්‍රයෝජනයක් වූවා යැයි (*4) දිට්ඨි නොවිය යුතු ය. මේ සඳහා හතර ධ්‍යානයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දැකීම වැදගත් වේ. එනම්, එකේ සිට හතරටත් හතරේ සිට එකටත් යෑම හැකි විය යුතු ය.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 03/06/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් මෙතන ටිකක් focus වෙන්න ඕන, ඒ ඒ භවයන්හි ඇල්ම ඇති කරන කියන එකට. පාලි භාෂාවෙන් කියනවා යායං තණ්හා පොනොභවිකා, ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා, seeking delight here and there කියන එක.
(*2) දුක්ඛ සමුදයයි විරිය කටයුතු ය. දුක්ඛ නිරෝධයයි විරිය කටයුතු ය. මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවයි පිළිවෙතයි විරිය කටයුතු ය.
(*3) මෙහි දී ප්‍රීතිය සහිත වූ ආර්ය වූ දෙවන ධ්‍යානය නොපවතින බව දත යුතු ය. එහි නිරෝධය කැමති විය යුතු ය. Reverse alpha, ඒ කියන්නේ ජාති වේදනා චේතනා භය අගති වේදනා රූප දැක, වේදනාවට ඇති තණ්හාව ඉවත් කළ යුතු ය.
(*4) ඒ කියන්නේ ඒක හරියට අර බිඳුණු කලයේ කෑලි දැකලා ප්‍රීතිය ගලන්නේ චලනය ඇත. එනම් motion සඳහා කැමැත්ත ඇත. අන්න ඒ විදිහට දිට්ඨි නොවිය යුතු ය.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේකට තව ටිකක් එකතු කරනවා නම්, ඔය පංච ඉන්ද්‍රියන් සමඟ වඩන ලද සම්මා දිට්ඨිය නිර්වාණය පෙරටු කරයි කියන එක, එතන ශ්‍රද්ධාව, තථාගතයන් වහන්සේ තමයි පැවසුවේ මේක දුකයි, මේක දුක්ඛ සමුදයයි, දුක්ඛ නිරෝධයයි නිරෝධගාමිනී පටිපදාවයි. එතකොට ඒක මහා පුදුමාකාර දෙයක් බුදුහාමුදුරුවෝ අපිට ඔය චතුරාර්ය සත්‍ය කියලා දුන්නයි කියන එක.
එතකොට ඒ කිව්වා වූ ඉතින් ඉහළ ම ධර්මය. එතකොට තමන්ට ඒකට ශ්‍රද්ධාව තියෙනවා නම්, ඒ කියන්නේ තමන්ට විද්‍යාමාන වෙලා තියෙන මේ දුක්ඛයත් එක්ක තමන්ට පේනවා නම්, ඒක පිළිගන්නවා, එය දැකීමට අපි උත්සාහ කරනවා, නොදැකපු දේ. ප්‍රඥාවෙන් විමසනවා. සතිය පවත්වනවා. සමාධි සහගතව විමසනවා. ඒ විදිහට එනම් කාමයන්ගෙන් වෙන්ව සත්‍ය විමසා බලයි කියන එක තියෙනවා. එතකොට හරි විශාල දෙයක් තියෙනවා එතැන ඒ විදිහට ඒ ශ්‍රද්ධාවත් එක්ක ඒක ගන්නවා කියන එක.
දෙවෙනියට කියන්න පුළුවන්, සංයෝජන ඇති නොවීම සඳහා එකක් මත එකක් පෙරළෙන දහමක් නොවිය යුතු ය. එනම් ප්‍රථමධ්‍යාන ප්‍රීතිය අතහැර ගොස් උපෙක්ඛාව දක්වා යන්නේ, නැවතත් ප්‍රීතිය හොඳ යැයි යන්න විමසන්නේ, මෙහි දී උපෙක්ඛාව ඇති විට, අශ්වාස ප්‍රශ්වාස නැත, ගැලීම් නැත, චලනය නැත, ප්‍රීතිය ගලන්නේ චලනය ඇත. එනම් motion සඳහා කැමැත්ත ඇත. එනම් හුස්ම ගැනීමට පිට කිරීමට කැමැත්ත ඇත. උපෙක්ඛාව සහිතව සිටියේ, ප්‍රීතිය ගැලුව ද හුස්ම නොගැනීම සිදු විය. බුදුපියා “Excellent” යැයි පැවසුවා.
එතකොට අපි මේ විදිහට යන්නෙත් මොකක් ද කියන එක අපිට පේනවා, අර අපි ඉස්සෙල්ලා diagram එකක් ඔයගොල්ලන්ට දුන්නා මතක ඇති අර 5a 7a 6a ආදී වශයෙන් දීලා, ඒකෙ දකුණු පැත්තෙ ඔය සංස්කාර, එතන අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රවයට යන එක තියෙනවා නේ, අන්න ඒ සංස්කාර පැත්ත කියන එක. ඒක නිසයි අපි ඔය යන්නේ. අපි හොයනවා looking for motion, චලනයක් හොයනවා. මේ ධාතුවල ඒ චලන ස්වභාවයක් අපි සොයන්න යනවා.
ඉතින් ඕක තව ටිකක් විමසනකොට මම බුදුපියාගෙන් ඇහුවහම ඇයි අපි මෙහම වෙන්නේ කියලා, බුදුපියා පැවසුවා, මේ චලනය නොවන්නා වූ දෙයක් ඔබට දැකිය නොහැක කියලා. මේ මුළු විශ්වයේ ම බැලුවහම ඔයගොල්ලෝ දන්නවා සූර්යයා චලනය වෙනවා, එතකොට මේ පෘථිවිය, මුළු සක්වල ම චලනය වෙනවා.
ඊළඟට තවත් ටිකක් කියනවා නම්, අර දෝමනස්ස ඉන්ද්‍රිය අවස්ථාවේ දී, 3 වන සත්‍ය එනම් දුක්ඛ නිරෝධ සත්‍යය, පහිතත්තස්ස යන ධර්මතාවයට අනතුරුව භාවිතා කළ යුතු ය. කුමක් නිසා එසේ පවසා ද කියන එක, යම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වාසය කරන්නකුට නිරෝධය ඇගයීම නොවන්නේ නම් සිත සාධාරණකරණයකට පත් නොවන නිසා ය, කියලා කිව්වා. මෙතැන දී කෙනෙක් හිතන්න ඕන, මේ සීලබ්බත උපාදානය නොවීම කියන එක. අනාගත භවය දැඩිව නොගැනීම, එහි තණ්හා නොවීම. එතකොට අපි දන්නවා දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කියන්නේ කවරක් ද? ඒ ඒ භවයන්හි ඇල්ම ඇති කරන. එතකොට යම්කිසි භවයක් දැන් තියෙනවා ද ඊළඟ භවයක් තියෙනවා ද ඒ භවයන්හි පොනොභවිකා, අන්න ඒ තැන්වල තෘෂ්ණාවක් වේ ද මෙන්න මේ ධර්මතාවය, ඒක මතක තියෙන්න ඕන. අන්න ඒකයි එතන හුඟාක් බලන්න ඕන.
මේ භාවනාවේ හුඟාක් ම focus එක තියෙනවා, ඔය ඒ ඒ භවයන්හි ඇල්ම ඇති කරනවා කියන කාරණාවට.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්