ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සුත්ත නිපාතයේ අට්ඨක වග්ගයේ දුට්ඨට්ඨක සූත්‍රය. ඒකෙ ගාථාවක් තියෙනවා.
“දිට්ඨිනිවෙසා න හි ස්වාතිවත්තා, ධම්මෙසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං,
තස්මා නරො තෙසු නිවෙසනෙසු, නිරස්සතී ආදිසතිච්ච ධම්මං”.
ඉදංසච්චාභිනිවෙසයයි කියූ දිට්ඨි නිවෙශනයෝ සුව සේ ඉක්මවිය නොහෙත්, දම් අතුරෙහි මොනොවට බැස ගත් ඒ ඒ ධර්මය නිශ්චය කොට පවත්නේ ය. එහෙයින් සත්ව තෙමේ ඒ දෘෂ්ටි නිවෙශනයන්හි ධර්මය හරනේත් ගන්නේත් වෙයි.
මහා නිද්දේසයේ මේ ගාථාව පැහැදිලි කරනවා.
දිට්ඨිනිවෙසා න හි ස්වාතිවත්තා - දිට්ඨිනිවෙසා යනු ලෝකය ශාස්වත ය. ඒ කියන්නේ eternal. මෙය ම සැබෑවක් යයි අභිනිවෙසයෙන් පරාමර්ශනය කිරීම දෘෂ්ටි නිවෙශනයයි.
න හි ස්වාතිවත්තා - දිට්ඨි වැළඳ සිටීම පහසුවෙන් ඉක්මවනු නොහැක. දුක සේ ඉක්මවිය යුත්තාහු ය.(*1)
ධම්මෙසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං - “ධර්මයන්හි පිළිගන්නා ලද්ද, නිශ්චය කරන්නේ” යන්නෙහි ධර්මයන්හි යනු, දෙසැට දිට්ඨි ගතුවන් කෙරෙහි නිශ්චය කොට කල්පනා කොට සම කොට බලා තීරණය කොට ප්‍රකට කොට යනුයි.(*2)
තස්මා නරො තෙසු නිවෙසනෙසු - එහෙයින් සත්ව තෙමේ ඒ දිට්ඨි නිවේශනයන්හි නිරස්සතී ආදිසතිච්ච ධම්මං - “ධර්මය දුරු කෙරේ ද, පිළිගනී ද.” නිරස්සතී යනු කරුණු දෙකකින් දුරලයි. දුරලයි කියන්නේ rejects. අන්‍යයන් විසින් වෙන් කරනු ලැබීමෙන් හෝ දුරලයි.(*3) නොපැමිණුනේ හෝ නොහැකි වනුයේ දුරලයි.
කෙසේ අන්‍යයන් විසින් වෙන් කරනු ලැබීමෙන් දුරලයි ද? ඒ ශාස්තෘවරයා සර්වඥ නොවේ. ධර්මය ස්වාක්ඛාත නොවේ. සංඝයා සුපටිපන්න නොවේ. දෘෂ්ටිය යහපත් නොවේ. ප්‍රතිපදාව මනාව පනවන ලද එකක් නොවේ. මාර්ගය නෙයියානික ඒ කියන්නේ නික්මීම ගෙන දෙන නොවේ. මෙහි ශුද්ධියක් හෝ විශුද්ධියක් හෝ පාරිශුද්ධියක් හෝ මිදීමක් හෝ නැත. හීන ය නිහීන ය ලාමක ය. මෙසේ අදහස් බිම දමයි. මෙසේ සිඳ දමනු ලබන්නේ මෙසේ වියෝග කරනු ලබනුයේ ශාස්තෘහු දුරලයි. ධර්මය දුරලයි. සංඝයා දුරලයි.
නොපැමිණුනේ හෝ නොහැකි කියන්නේ unable to succeed වනු වේ දුරලයි යත්, සීලය නොපුරනුයේ සීලය දුරලයි. වෘතය නොපුරනුයේ වෘතය දුරලයි. සීල වෘතය නොපුරනුයේ සීල වෘතය දුරලයි වේ. යහපත් හැසිරීම තුලින් සාර්ථක වීමට නොහැකිව යමෙක් යහපත් හැසිරීම් ප්‍රතික්ෂේප කරයි.
ආදිසතිච්ච - ධර්මය පිළිගනී (*4) යනු ශාස්තෘවරයා පිළිගනී. ධර්ම දේශනය පිළිගනී. සංඝයා පිළිගනී. සම්මා දෘෂ්ටිය පිළිගනී. ප්‍රතිපදාව පිළිගනී. මාර්ගය පිළිගනී.
බුදුපියා පැහැදිලි කළා. දිට්ඨිනිවෙස - මෙහි දුක යන්න නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ සමුදය නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ නිරෝධය නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නැත යනුවෙන් දිට්ඨි වේ. මෙසේ දිට්ඨි අභිනිවෙස වූ සත්වයා, ඒ නිසා ම සසරේ සැරිසරයි.
22/01/2021 නිබ්බාන භාවනාවේ diagram එකක් දුන්නා. පරිදේවයෙන් පරාමාස, විඤ්ඤාණ ආහාරය, එතකොට එතනින් අපි මෝහ අගතියට යනවා. අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රව රාග සල්ල ජාතිය, අර සංකප්ප පාර 50% පාර පකප්පිතා කියලා අපි ජාතියේ ඉඳන් වේදනාවට ලකුණු කරලා තියෙනවා.
එතකොට යම් පරිදේව වීමක් සිදු වූවා ද, එමගින් අභිජ්ඣා අගය සනාථ කිරීම වන අතර, එමගින් මෝහය සනාථ කිරීමත් ජාතිය දක්වා ගමන් කිරීමත් වන බව සාකච්ඡා කළා. මෙහි යම් අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වීමක් ඇති ද එමගින් ජරා වේදනා අසම්පජාන රේඛාව clockwise කැරකැවී තණ්හා පපඤ්චය සෑදේ. මෙහි මූලය වූයේ අස්මිතියයි. මෙය ප්‍රඥාවකින් විමසා දැන වැළකිය යුතුයි.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ස්වාතිවත්තා කියන්නේ easily overcome කියන එක.
(*2) ඔය සමුග්ගහීතං කියන්නේ accepted කියන එක, නිච්ඡෙය්‍ය කියන්නේ නිශ්චය.
(*3) ඒ දුරලයි කියන්නේ reject කියන එක, throw off.
(*4) takes up.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
මේකට තව ටිකක් එකතු කරනවා නම්, මෙම භාවනාව ඉතා ශ්‍රේෂ්ඨ ය. බුදුපියා පෙන්වා දුන් දිට්ඨිනිවෙස සිහි කිරීම පමණක් ප්‍රමාණවත් විය. අන් කොටස මතක තිබිය යුතු ය. මෙහි දුක යන්න නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ සමුදය නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ නිරෝධය නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නැත යනුවෙන් දිට්ඨි වේ. මෙහි එක සත්‍යයක් හෝ ගිලිහෙන්නේ ද අඩුපාඩු ඇති වන්නේ ද එමගින් ම දිට්ඨි ඇති වන්නේ ය. එමගින් දිවීම කරයි. පපඤ්චයෝ හට ගනී. මෙහි මූලය වුයේ අස්මිතියයි.
තවත් ටිකක් එකතු කරනවා නම්, දෙවෙනි කාරණය හැටියට අස්මිති මානය, ගසක් ලෙස පරාමාසයේ සිට මනොසඤ්‌චෙතනා දක්වා ලකුණු කරගන්න. සඤ්ඤාව සිට පරාමාසයට රේඛාවක් ඇඳ, එහි පොහොර ජලය වශයෙන් ලියාගන්න. මෙම ගසේ මුල් භය අගති මෝහ අගති දක්වා පැමිණ ඇත. ඉදංසච්චය ළඟ, සම්මා දිට්ඨිය ලකුණු කරගතහොත්, එමගින් මෙම අස්මිති මානය සහිත වූ ගසට සඤ්ඤාවෙන් පොහොර නොදැමිය යුතු බව පෙන්වා දෙයි, ඇති වී ඇත්තේ දුක බව පෙන්වා දෙයි, දුක්ඛ සමුදයෙන් ගස ලොකු වීම දුක බව පෙන්වා දෙයි, දුක්ඛ නිරෝධයෙන් එසේ නොකිරීම මගින් දුක නැති වෙන බව පෙන්වා දෙයි, ආදී වශයෙන් සිතන්න.
පරිදේව වූ සංස්කාර මගින් පොහොර ජලය නොඉපදවිය යුතු ය. ගෙන ඒම නොකළ යුතු ය. මෙසේ බොහෝ කල් සිත නොසැල් වී පැවතිය හැකි ය.
ඉතින් අදහස ඕකේ එන්නේ, ඔය මූලං පපඤ්ච සඞ්‌ඛාය, පපඤ්ච මූලය මම වෙමි යන අස්මිතිය. එතකොට මූලය කියන්නේ root, root is in the sense of foundation. දැන් ගසක foundation එක මුල්. සඤ්ඤා නිදානානි පපඤ්ච සංඛා යනුවෙන් අපි ඉගෙනගෙන තියෙනවා. නිදාන කිව්වහම source, ගස සෑදීමට වතුර පොහොර. පපඤ්චයන්ගේ මූලය, root එක අස්මිතිය. ඉතින් මේ diagram එක මම මේ discussion එකට ම දෙන්නම්.
එතකොට ඒක තමයි කියන්න තියෙන්නේ.