Date: 02/06/2023 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

26/05/2023 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. බුදුපියා පැහැදිලි කළ, දිට්ඨිනිවෙස - මෙහි දුක යන්න නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ සමුදය නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ නිරෝධය නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නැත යනුවෙන් දිට්ඨි වේ. මෙසේ දිට්ඨි අභිනිවෙස වූ සත්වයා, ඒ නිසා ම සසරේ සැරිසරයි, යන්නෙන් පටන් ගත්තා.

22/01/2021 නිබ්බාන භාවනාවේ අවසානයට, අධිශීලයේ අධිචිත්තයේ අධිප්‍රඥාවේ හික්මීමෙන්, එහි සඳහන් diagram එකේ පථයන් කිහිපයක් කැපී යෑම පෙන්වා දී ඇත්තේ, එම කරුණුවලට සිත යොමු වුණා.

පළමුව අධිශීල ශික්ෂා - පාණාතිපාතය නිසා ද්වේෂය. අදත්තාදානය නිසා ලෝභය. කාමයෙහි වරදවා හැසිරීම නිසා මෝහය. මෙම ධර්මයෝ පහ කළොත්, අලෝභ අදෝෂ අමෝහ. මෙයින් වැළකෙන්නේ පරිදේවයේ සිට එන්නා වූ ගැම්ම නැති වී යයි.

අධිචිත්ත ශික්ෂා - නෙවසඤ්ඤානාසඤ්ඤායතනය හදන සංස්කාර, අරූප ධ්‍යාන සඤ්ඤා, ඒ වගේ ම රූපයට නිත්‍ය යැයි එකතු කරන ලද සඤ්ඤා ඉවත ලා ඇත. අධිචිත්ත ශික්ෂාව, ධ්‍යානයන් භාවිතා කරන්නේ, එමගින් වේදනා චේතනා පාර කැපී යන්නේ ය.

අධිප්‍රඥා ශික්ෂා - අරූප ධ්‍යාන කුසලය. අරූප ධ්‍යාන කිසිවක් අල්ලා ගැනීමක් නැතිව ඉවර වීම. අධිප්‍රඥා ශික්ෂාව ඇත්තේ මගඵල චිත්තයන් නංවන්නේ චේතනා පරාමාස පාර කැපී යන්නේ ය. මෙහි දී දෙවන හතර සලකුණ පෙනිණ.

Repair කරනවිට පරිදේව වූ සංස්කාර මගින් සඤ්ඤාව සුඛය යැයි පවසන්නේ ය යන්න විමසන්නේ, එහි ලෝභ ද්වේෂ මෝහ මගින් එසේ කියන බවත්, පිරිසිදු චතුරාර්ය සත්‍ය සහිත ඉදංසච්චය, එසේ නොකියන බවත් වැටහිණ.

මෙම අවබෝධය ඇතිව ඥාන පථයේ හික්මීම භාවිතා කරන්නේ, චෙතො විමුක්ති ප්‍රඥා විමුක්ති ඒකාබද්ධ විය. හතර සලකුණෙහි විරිය, තථාගතයන් වහන්සේ පවසන ආකාරයට දුක යැයි විරිය කළ යුතු ය, දුක්ඛ සමුදය යැයි විරිය කළ යුතු ය, ආදී වශයෙන් යොදා ගත්තා.

ඥාන පථයේ ප්‍රඥාව මගින් (*1) ජාති සිට ජරා නොවීම මගින් අස්මිතිය පහ කිරීමට අඩිතාලම වැටේ. එතන අපි දන්නවා, ඒ ජාතියේ ඉඳන් අපි ශුන්‍යතාවය දක්වා ලියලා තියෙනවා, අනිත්‍ය නම් දුක නම් විපරිණාමයට පත් වෙන සුලු නම් එය මගේ යැයි ගැනීමට සුදුසු ද කියලා. මේ අර්ථය භාවිතා කළ යුතුයි.

Reverse Alpha, ඒ කියන්නේ ජාති වේදනා චේතනා භය අගති වේදනා රූප, දැක වේදනාව සඳහා රූප එපා යන්න පවසන්නේ, වේදනාවට ඇති තණ්හාව ඉවත් කළ යුතු ය. කුමක් නිසා ද? ජරා වන නිසා ය. සඤ්ඤාව දුකයි. අරූප ධ්‍යාන කිසිවක් අල්ලා ගැනීමක් නැතුව ඉවර වීම යන කරුණු මෙනෙහි කරන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි.

ඉතින් මෙතනදි කෙනෙකුට පොඩියට diagram එකක් වගේ ලියාගන්න පුළුවන්, ඒ රූපය තියෙන තැන, reverse alpha දැක රූපය එපා යැයි පැවසීම. සඤ්ඤාව, එතන ලියාගන්න පුළුවන්, දුකයි කියන එක. චේතනාවේ ඉඳන් පරාමාසයට, අරූප ධ්‍යාන අල්ලා නොගැනීම. වේදනාව තියෙන තැන ලියාගන්න පුළුවන්, තණ්හාව ඉවත් කළ යුතු ය.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 17/06/2023

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) අපි දන්නවා ඔය අපි ලියාගෙන තියෙනවා ඒ ඡන්ද සමාධියේ ඉඳන් ප්‍රඥාවට, අර ඥාන පථයේ අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙන සුලු නම් එය මගේ යැයි ගැනීමට සුදුසු ද කියලා අර ජාතියේ ඉඳන් ශුන්‍යතාවය දක්වා එන එක. ඉතින් එහෙම වෙනවා නම්.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Pakappita.jpg


s_Pakappita_2.jpg