ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
02/06/2023 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. බුදුපියා පැහැදිලි කළ, දිට්ඨිනිවෙස - මෙහි දුක යන්න නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ සමුදය නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ නිරෝධය නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නැත යනුවෙන් දිට්ඨි වේ. මෙසේ දිට්ඨි අභිනිවෙස වූ සත්වයා, ඒ නිසා ම සසරේ සැරිසරයි, යන්න සිහියේ තබාගෙන පරිදේව වූ සංස්කාර මගින් සඤ්ඤාව සුඛ යැයි පවසන්නේ ලෝභ දෝෂ මෝහ මගින් බවත් පිරිසිදු චතුරාර්ය සත්‍ය සහිත වූ ඉදංසච්චය එසේ නොකියන බව මෙනෙහි කළා.
අධිශීලයේ අධිචිත්තයේ අධිප්‍රඥාවේ හික්මීම අරමුණු කර, අලෝභ අදෝෂ අමෝහ පාරවල් සිහි කළා. එනම් අලෝභ කුසල මූලය, සුතමය ප්‍රඥාව, සවිතක්ක සවිචාර සමාධිය, අධිචිත්ත ශික්ෂාව.
1 නෙවසඤ්ඤානාසඤ්ඤායතනය හදන සංස්කාරයන් පළමුව ඉවතලන්නේ,
2 දෙවනුව අරූප ධ්‍යාන සඤ්ඤාව ඉවතලන්නේ,
3 තුන් වෙනුව රූපයට නිත්‍ය යැයි එකතු කරන ලද සඤ්ඤා ඉවතලීම.
මෙහි දෙවෙනි කාරණය, සඤ්ඤාව දුක බැව් දැන, අරූප ධ්‍යාන සඤ්ඤාව ඉවතලීම නිසා, සඤ්ඤාව ඉවතලීමට උදව් කරයි. මෙයට සවිතක්ක සවිචාර සමාධියේ දී වටහා ගත් දුක උදව් උපකාර විය. එසේ ම මෙම දෙවෙනි කාරණය අරූප ධ්‍යාන අල්ලා නොගැනීමට උදව් උපකාර කරයි. එය අධිප්‍රඥා ශික්ෂාවට තුඩු දේ.
එසේ ම අදෝෂ පාර දිගේ ගමන් කරන්නේ අධිශීල ශික්ෂාව දක්වා පැමිණෙන්නේ පාණාතිපාතය නිසා ද්වේෂය, අදත්තාදානය නිසා ලෝභය, කාමයෙහි වරදවා හැසිරීම නිසා මෝහය. මෙම ධර්මයෝ පහ කළොත් අලෝභ අදෝෂ අමෝහ. මෙයින් වැළකෙන්නේ, පරිදේවයේ සිට එන්නා වූ ගැම්ම නැති වී යයි. මෙහි සීලස්කන්ධය දක්වා යන්නේ නම්, එහි දුකයි කියලා දැකගෙන දස අකුසලය අයින් කරනවා නම්, අපි අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රවයට යන්නේ නැත. කුමක් නිසා ද? කාම ආශ්‍රවය කියන්නේ සුඛයි කියන එකේ පසු සඤ්ඤාව. එහෙම නම් සුඛයි කියාගෙන යන්නේ නැහැ. එම කරුණ මගින් අධිප්‍රඥා ශික්ෂාව ඇති වේ.
මෙය diagram එකක ලකුණු කර දී ඇත.
50% පාරට නොපැමිණිය යුතු ය. අවිද්‍යා ආශ්‍රව නිසා කාම ආශ්‍රව නොවිය යුතු ය. යම් අයුරකින් එහි පැමිණියා නම්, reverse alpha මෙනෙහි කර රූපයට නිත්‍ය යැයි යන්න එකතු නොකළ යුතු ය.
මෙය හොඳින් විමසන්නේ, නොඉපදීමට 50% ක chance එකක් ඇත. මෙහි දී ආදිසතිච්ච යන වචනය සිහි විය. එනම් පිරිසිදු චතුරාර්ය සත්‍ය සහිත වූ ඉදංසච්චය ගැනීම වන්නේ නම්, නිරස්සතී - දුරලයි යන්න සිදු වේ. රූපය දුරලයි, වේදනාව දුරලයි, සඤ්ඤාව දුරලයි, සංස්කාරය දුරලයි, විඤ්ඤාණය දුරලයි.
චතුරාර්ය සත්‍ය නොගන්නේ නම්, එම දහම් නිරස්සතී. දහම් දුරලයි යන්න සිදු වේ. එහි දී ආදිසතිච්ච වේ. එනම්, රූපය ගනියි, වේදනාව ගනියි, සඤ්ඤාව ගනියි, සංස්කාරය ගනියි, විඤ්ඤාණය ගනියි යන්න සිදු වේ.(*1)
මෙම භාවනාවේ දී, diagram එකේ මුල කොටස දිහා බලාගෙන පමණක් සිටිය හැකි ය. සිත නොසැලේ. ඒ කියන්නේ රූපය ළඟ, reverse alpha දැක, එපා යැයි පැවසීම. සඤ්ඤාව, එතන දුක. අරූප ධ්‍යානයන් ඉවතලීම, අර දෙවෙනි කාරණය. චේතනා ඉඳන් පරාමාසයට, අරූප ධ්‍යාන අල්ලා නොගැනීම සහ අධිප්‍රඥා ශික්ෂාව. වේදනාව ළඟ, තණ්හාව ඉවත් කළ යුතු ය යන අර්ථය. ඊළඟට අර පරිදේවයේ ඉඳන් 50% පාර මෙහි නොපැමිණිය යුතු ය කියන එක. අන්න ඒ කොටස බලාගෙන පමණක් ඉන්න පුළුවන්, සිත නොසැලේ.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 24/06/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් මෙතැන දී කීප දෙනෙකුටම ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන නිසා කියන්න පුළුවන්, ඔය ආදිසතිච්ච, ආදියතිච්ච කියන වචන දෙක, එතකොට රහතන් වහන්සේ පෙන්නනවා ඒ ආදිසතිච්ච කියන එක වඩා නිවැරදියි කියලා. ආදි සති කියන එක ගත්තොතින් ප්‍රකාශ කරයි කියන එකයි. ආදිස තිච්ච යැයි බුදුපියා පැවසුවා. එය වඩා නිවැරදි ය. මොකද එතන පෙන්නන්නේ takes up කියන එක. ආදිය කිව්වොතින් having taken කියන වචනය. එතකොට මෙතන අපි පෙන්නනවනේ, එක්කෝ දුරලනවා එහෙම නැත්නම් ගන්නවා, takes up කියන එක.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
මෙම භාවනාව අලෝභ පාරෙන් පටන්ගෙන කළ යුතු ය. අදෝස පාර, අධිශීල ශික්ෂාවෙන් පටන් නොගත යුතු ය. එසේ කරන්නේ, ඉක්ම වූ විදා ඇති ශාන්ත වූ මොනවට යෙදුණු සිත වේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්