ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
09/06/2023 නිබ්බාන භාවනාව, 23/04/2016 පංච බල 5 භාවනාව සමඟ කරගෙන ගියා. බුදුපියා පැහැදිලි කළ, දිට්ඨිනිවෙස - මෙහි දුක යන්න නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ සමුදය නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ නිරෝධය නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නැත යනුවෙන් දිට්ඨි වේ. මෙසේ දිට්ඨි අභිනිවෙස වූ සත්වයා, ඒ නිසා ම සසරේ සැරිසරයි, යන්න සිහියේ තබාගෙන පරිදේව වූ සංස්කාර මගින් සඤ්ඤාව සුඛ යැයි පවසන්නේ, ලෝභ දෝෂ මෝහ මගින් බවත්, පිරිසිදු චතුරාර්ය සත්‍ය සහිත වූ ඉදංසච්චය එසේ නොකියන බව මෙනෙහි කළා.
23/04/2016 පංච බල 5 භාවනාවේ, යම් පාණාතිපාතයක් වේ ද එය ආකාසානඤ්චායතනය වැනි ධ්‍යානවල නැත. කාමයන්ගෙන් වෙන් වන නිසා, පළවන ධ්‍යානයේ සිට හතර වෙනි ධ්‍යානය දක්වා තලවල ද එය නැත. යම් අභිජ්ඣාවක් වේ ද එය කාමයන්ගෙන් වෙන් වීම නිසා බැස යයි. නමුත් කාමයන්ගෙන් වෙන් වීම නිසා, ඇති වන ධ්‍යානයන්ට ඇලීම හේතු කොටගෙන අභිජ්ඣා හටගනී. මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීම අභිජ්ඣාවයි. මෙසේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාටත් සක්කාය දිට්ඨිය නිසා අභිජ්ඣා ඇති වේ. කුමන සමාධියකින් මෙය වළකයි ද? එය සම්මා සමාධිය නම් වේ.
සම්මා සමාධිය මගින් කෙසේ වළකයි ද? එය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති දක්වා මහා චත්තාරීසක සූත්‍රයේ පෙන්වන කාරණා හත සහගත වූ සම්මා සමාධිය යි.
මේ කොටස් හත අඩංගු වන නිසා තමයි, මේකෙන් වැළකීම කියන එක සිද්ධ වෙන්නේ. සම්මා දිට්ඨියෙන් මිච්ඡා දිට්ඨිය පහ වන්නේ, ඇති වන්නේ දුක බව දන්නේ නිවනින් පිටත දෙයක් නොගනී. මනස යොමු නොකෙරෙයි. එහි දී සම්මා දිට්ඨිය, ඉදංසච්චය ළඟ ලකුණු කළ යුතු බව වැටහුණා. මණ්ඩලාධිපති බුදුපියාගේ පථයේ ලකුණු කර ඇත්තේ අවබෝධ වූ කෙනෙකුගේ සම්මා දිට්ඨිය වේ.
සම්මා සංකප්පය මගින් සම්මා දිට්ඨියෙන් ඇති වුණා වූ ධර්මයෝ, වාහකයක් මෙන් රැගෙන යන්නේ ව්‍යාපාද නොවේ. අත්හැරීම මනා කොට පවත්වයි. මෙහි දී සම්මා සංකප්පය, පරාමාස විඤ්ඤාණ පාරේ ලකුණු කළ යුතු ය. මෙතෙන්දී ඔය විහිංසා විතක්ක එහෙම අපි 16/07/2017 නිබ්බාන භාවනාවේ පෙන්නා දීලා තියෙනවා. ඒකෙ diagram එකකුත් දීලා තියෙනවා 17/07/2017.
සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මගින් සියලු ක්ලේශයන්ගේ ප්‍රහාණයට තුඩු දෙන්නා වූ සීලය ම මනා කොට පවත්වයි. මෙහි දී, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, පරිදේවය ළඟ අධිශීල ශික්ෂා ලකුණු කළ තැන ම ලකුණු කළ යුතු ය.
සම්මා වායාමය හතර ආකාරයක් වන්නේ ස්ථාමවර, දළපැරකුම්, නොහළ ධූර වශයෙන් 18/04/2016 භාවනාවේ දී සඳහන් කළ අයුරින් යම් දහමක් ඉවත් නොකර ඇද්ද, එය ඉවත් කරයි. ඉහළ ම වූ නිබ්බානයට පමණක් මනස යොමු කෙරේ. මෙහි දී සම්මා වායාමය, ඉදංසච්චය ළඟ ලකුණු කළ යුතු බව වැටහුණා.
සම්මා සතිය මගින් 19/04/2016 භාවනාවේ දී සඳහන් කළ අයුරින් දුක්ඛ table එකේ අනිත්‍ය නම්, දුක නම්, විපරිණාමයට පත් වේ නම්, මගේ යැයි ගන්න වටිනවා ද? මෙහි දී සම්මා සතිය, ස්පර්ශය සහ සඤ්ඤාව අතර, පෙර ලකුණු කළ තැන ම ලකුණු කළ යුතු යි.
සම්මා ප්‍රඥාව, චේතනා පරාමාස අතර ලකුණු කළ යුතු ය. සම්මා සමාධිය, ධම්මමච්ඡරිය පාරේ ලකුණු කළ යුතු ය. මෙය diagram එකක ලකුණු කර දී ඇත.
මෙම diagram එක සම්මා දිට්ඨි diagram යනුවෙන් භාවිතා කළ යුතු වේ.
05/05/2023 (*1) භාවනාව සමඟ විමසන්නේ,
1 East, සිතේ ඇති වුණ අරමුණු, සම්මා දිට්ඨිය භාවිතා කර පිළිනොගනී නම්, ඉතා පහසුවෙන් විරිය මගින් ඉවත් කළ හැකි ය. මෙසේ විරිය මගින් ඉවත් කිරීම, විරිය බලය වේ. මෙහි බල පහ ම ඇත. කුමක් නිසා ද? දිට්ඨිය නිසා උපන්නා වූ ධර්මයෝ, විරිය මගින් ඉවත් කිරීම නිසා ය. පෙර චේතනා - අත්තා 2. ගායිකාව තමා දුස්සීලභාවයට පත් කරගැනීමට පෙර, සිතා ඉවත් කිරීම.(*2)
2 තව ද, සිතේ ඇති වුණ අරමුණු කෙරෙහි, දිට්ඨි සහගත නොවී, විරිය බලය භාවිතා කර ඉවත් කිරීම.(*3)
ඉහත කරුණු දෙක අතරින් දෙවනියට සඳහන් කරුණ ප්‍රබල විය යුතු ය. එනම් යමෙක් forceful ලෙස දිට්ඨි ඇති කිරීමට උත්සාහ කළත්, එය නොගැනීමට තරම් දක්ෂ විය යුතු ය. එපමණට චතුරාර්ය සත්‍ය අවබෝධය ප්‍රබල විය යුතු ය. යමෙක් නිර්වාණය සඳහා business එකක් ඉවත් කරන්න හදන්නේ, අන් අය මේ තරම් හොඳට වෙද්දිත්, ඇයි මෙය නවතන්නේ යැයි අසන්නේ, සිත වෙනස් නොවීමට තරම් දක්ෂ විය යුතු ය. අපර චේතනා - අත්තා 1.(*4)
3 West, සිතට එන අරමුණු, සමාධියෙන් යුතුව බැලිය යුතු ය.(*5) සමාධි සහගත ඇස මෙහි දී ඉන්ද්‍රිය ලෙස භාවිතා කළ යුතු ය. ප්‍රීතියට ද නොසැලේ. එහි උපෙක්ඛාව ම පවතී. පරිදේව, පරාමාස, සඤ්ඤා රේඛාව දිහා බලාගෙන සිටීම පමණක් ප්‍රමාණවත් ය. මෙසේ උගුලා දමනු ලබන සඤ්ඤා සහිතව, සම්මා සමාධි සහගත ඇස, භාවිතා කරන්නේ නම් නිර්වාණය බොහෝ දුර නොවේ.
ඉතින් මෙතන දී සිහි වුණා. “සතඤ්ච විවටං හොති, ආලොකො පස්සතාමිව. සන්‌තිකෙ න විජානන්ති, මගා ධම්මස්ස කොවිදා.” ගාථාව. ඔය 05/11/2021 නිබ්බාන භාවනාවේ දී අපි සාකච්ඡා කරලා තියෙනවා.
මෙහි දී ඉහත සම්මා දිට්ඨි diagram එක, රවුමට නමා, වේදනාව ඇති තැනට සම්මා දිට්ඨිය ලකුණු කර ඇති කොටස ගෙන එන්න. ඒ කියන්නේ bring east to west. මෙහි දී දිවයින නැතිව යන බව සිහි කරන්න. මෙය සඳහා ග්‍රන්ථ රේඛාව හරහා, සීල කොටසින් දක්වා ඇති බලයෝ එනම් දකුණින් දක්වා ඇති ධර්මයෝ, උතුරට ගෙන යා යුතු ය.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 24/06/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) සාකේත සූත්‍ර.
(*2) ඉතින් මේකට තව ටිකක් එකතු කරනවා නම්, අරූප ධ්‍යාන හෝ ගත්තොත් චතුරාර්ය සත්‍ය විනාස වන්නේ ය, යන්න සිතන්න. ඒකට භාවිතා කරන්න ඔය අවිතක්ක අවිචාර diagram එකක් දීලා තියෙනවා 17/07/2017. ඒ diagram එකේ c කොටස අර ජිවිත ඉන්ද්‍රිය ඉඳන් අපි ලකුණු කරලා තියෙනවා ඉදංසච්චය ළඟ විහිංසා විතක්කය කියන එක යොදා ගන්න. ඉතින් අපි ඒක තව ටිකකින් බලමු ඒ diagram එක, ඒ ධර්මය.
(*3) එතකොට අර අවිතක්ක අවිචාර diagram එකේ d කොටස කියන එක විචාර කියන එක, විහිංසා විචාර කියන එක යොදා ගන්න.
(*4) සාඨෙය්‍ය කියන පැත්තේ ඉඳන් එන එක කල්පනා කරන්න.
(*5) එතකොට පෙළක් අයට ප්‍රශ්න තියෙනවා, මේ සිතට එන අරමුණු කිව්වහම ඉතින් කල්පනා කරන්න, මේ ඇහෙන් ස්පර්ශයක් වෙනවා, ආදී වශයෙන් කල්පනා කරන්න.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
මේකට තව ටිකක් සාකච්ඡා කරමු.
මේ භාවනාව කරන්නේ සමාධියෙන් යුතුව බලන්නේ, සමාධි සහගත ඇස මෙහි දී ඉන්ද්‍රිය ලෙස භාවිතා කරන්නේ, ධ්‍යාන හතර ම පැවතෙනවා. ප්‍රීතියට ද නොසැලේ. එහි උපෙක්ඛාව ම පවතී. බුදුපියවරු මෙසේ සිටින්නේ ද යන්න විමසන්නේ, නිතැනින් එසේ සිටින බව පැවසුවා. ඒ කියන්නේ තැනක් නැතුව බොහොම පහසුවෙන් එතනට යන්න පුළුවන්. Independent of a place. භාවනාව අවසන් වූ පසු ද එය එසේ ම පැවතිණ. ව්‍යාපාදය නැත.
සම්මා දිට්ඨි diagram එකේ ධර්ම කරුණක් touch වීම පමණක් පවතී. ඒ කියන්නේ sprinkle කරනවා වාගේ. අර ලුණු ටිකක් ඉහින්නේ, දෙහි ටිකක් ඉහින්නේ, අන්න ඒ වගේ එක කරුණක් touch වීම පමණක් ඇත.
සම්මා ඥාන, සම්මා ප්‍රඥාව ඇති තැන ම ලකුණු කළ යුතු ය.
එතකොට අපි බලනවා නම් අර අවිතක්ක අවිචාර diagram එක 17/07/2017, ඒකෙ c කොටසේ දී, අරූප ධ්‍යාන නිසා විහිංසා සඤ්ඤා, වෙන් කිරීම නිසා විහිංසා සඤ්ඤා, සමාපත්ති නිසා වෙන් කිරීම. මෝහය නිසා වන වෙන් කිරීම. විහිංසා සඤ්ඤා, මෙනෙහි කරන්නේ සම්මා දිට්ඨියට හානි නොකරමි යන්න සිතන්නේ සිත ප්‍රභාස්වර වෙනවා. එය අරූප ධ්‍යාන හෝ ගත්තොත් චතුරාර්ය සත්‍ය විනාස වන්නේ ය, ඉදංසච්චයේ සිට පරිදේව වී විහිංසා සඤ්ඤා ඇති වී, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව ඇති වේ. සංසාරේ ගමන් කරයි.
එතකොට ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප පමණක් මෙනෙහි කර, දැන් ඔතන අපි ලකුණු කරලා තියෙනවා c, d, e කියලා තුනක්, ඒ කියන්නේ අපි ඒ diagram එකට පොඩ්ඩක් පෙන්වනවා නම්, ඔයගොල්ලෝ දන්නවා a කියලා ලකුණු කළා වේදනාවේ ඉඳන් අසම්පාජනයට අර මෙත්තාව, කාම සඤ්ඤාව තියෙන රේඛාවේ මෙත්තාව, රූපය ජරා බව දැන ඉක්මවීමෙන් කාම සඤ්ඤා ඉවතලනවා කියලා.
ඊට පස්සේ අපි b කියලා ලකුණු කළා, ඔය සම්මා සංකප්පය ලකුණු කරන රේඛාව ව්‍යාපාද සඤ්ඤාව තියෙනවා. එතනට එනවා, භවයේ යන විතක්කය නැති වීමෙන් ව්‍යාපාද සඤ්ඤා නැති වේ කියලා.
ඊට පස්සේ c කියලා ලකුණු කළා, ජිවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට, ඔය දැන් අපි a, b කියලා කාරණා දෙකක් පෙන්නුවා, භවයේ යන විතක්කය එහෙම නැතෙයි කියලා සහ අමෝහ පාරේ යන නිසා සංස්කාර ඉවත ලා විහිංසා සඤ්ඤාවෝ මඟහරී. විහිංසා සඤ්ඤාවෝ මඟහරින්නේ විහිංසා විතක්කය ඉක්මවයි කියලා. එතන විහිංසා සඤ්ඤාව තමයි ජිවිත ඉන්ද්‍රියේ ඉඳන් ඉදංසච්චයට.
එතකොට පහළ තියෙනවා, ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට ආපහු විහිංසා සඤ්ඤා, ඒකෙන් විහිංසා විචාර ඇති වෙනවා. එතන අපි d කියලා ලකුණු කළා, ඉහත විහිංසා සඤ්ඤාවෝ මඟහරින්නේ, විහිංසා විතක්කය ඉක්මවීමට දක්ෂ වන්නේ ඉදංසච්චය තුළට මෙය ම සත්‍ය යැයි ගන්නා මුසාව බැස නොගන්නේ, මිච්ඡා දිට්ඨි නිසා වන අභිජ්ඣා ඉවතලයි. එනම් පග්ගහ නිමිත්ත තුළ සම්මා දිට්ඨිය නිසා අනභිජ්ඣා වේ. මෙහි දී අවිතක්ක විචාරමාත්‍ර සමාධියේ නිර්වාණය ම සොයයි යන්නත් අධිප්‍රඥා ශික්ෂාවත් උදව් උපකාර කරයි.
ආපහු අපි ලකුණු කළා e කියලා, පරිදේවයේ ඉඳන් පරාමාසකායගන්ථයට අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව හෝ අවිද්‍යා ආශ්‍රව සිට දිට්ඨි ආශ්‍රව නොවේ නම් පග්ගහ නිමිත්ත සම්පුර්ණ වන්නේ, චතුරාර්ය සත්‍යයේ මනා කොට බැස ගැනීම නිසා පරාමාසය පිරිසිදු වේ කියලා.
එතකොට මේකෙ මේ c, d, e කියන කාරණා මෙනෙහි කරන්නේ, මිනිත්තු 7ක් ඉතාමත් සුඛ සහිතව චෙතො විමුක්ති සහිතව සිටියා. එය සිහියේ තිබෙන තාක් කල් විමුක්තිය ම පවතිනවා, ව්‍යාපාදයෝ නැත, විහිංසාවෝ නැත.
එතකොට ඔය කාරණා එහෙම නම් c, d, e කියන එක අපි මේකට සම්බන්ධ කරලා පොඩ්ඩක් බලමු.
මෙතන දී මේ c කොටසේ දී සීලස්කන්ධය ඇත්තේ, අරූප ධ්‍යාන තලයක හෝ ඉපදෙන්නේ යැයි හැඟීම් ඇත්තේ නම්, එය මගින් විහිංසා විතක්කය ඇති විය හැක්කේ, ඒ කියන්නේ අපි රූප, වේදනා ඉල්ලීම්. මතක නේ අපි ඉපදීම නිසා පාන් කෑල්ල ඉල්ලනවා කියන එක කිව්වේ. අන්න ඒ විදිහට සිතන්න. එය පහ කිරීම මෙහි දී විමසිය යුතු ය. ඒක instant එක හැටියට තමයි එතන බලන්න තියෙන්නේ.
එතකොට, චේතනා ජිවිත ඉන්ද්‍රිය ළඟ ලකුණු කරන විරිය, ඔයගොල්ලන්ට මතක ඇති ඉද්ධිපාද diagram එක, ඕක අපි පස්සේ භාවනාවක දීලත් තියෙනවා. එය මගින් අරූප ධ්‍යාන කියන එක ඉවත් කරනවා. ඒ කියන්නේ අලුත් සංස්කාර කියන ඒවා. ඊළඟට d කොටස, එතකොට මතකයි නේ d කොටස කියන්නේ ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට ලකුණු වෙන කොටස. මෙහි දී 5 වන ධ්‍යාන, 6 වන ධ්‍යාන අත්හැරියාට, 7 වන ධ්‍යානයේදීත් මෙම ප්‍රශ්නය වේ දැ යි විමසීම, විහිංසා විචාරයට ඇතුළත් වෙනවා. අර දෙක අතහැරියා, හැබැයි 7 දීත් මේ ප්‍රශ්නය තියෙනවා. අර පාන් කෑල්ල, රූපයි වේදනායි ඉල්ලන කතා. 7 දි ඒක නැහැ නේ. එතකොට එයා කල්පනා කරනවා එහෙමයි කියලා. එනමුදු එහි විහිංසා සඤ්ඤා ඇත. කුමක් නිසා එසේ පවසා ද?
කිසිවක් නැති යැයි සිතා ආකිඤ්චඤ්ඤායතනයට ගිය අයකුට, තව කෙනෙක් එහි එන්නේ නම්, එය ඔහුට බාධාවකි. දැන් මම 7 වෙනි ධ්‍යානයට ගිහිල්ලා ඉන්නවා මොකක්වත් නැතෙයි කියලා, මට පේනවා මේ තව එක්කෙනෙක් එතනට ඇවිල්ලා. එතකොට මගේ ශුන්‍යතාවය නැහැ නේ. මෙවැනි විහිංසා සඤ්ඤා ඉවත් විය යුතු ය.
විරිය බලය, සම්මා වායාමය කියන එක, ඒක active. ඉදංසච්චය ළඟ ලකුණු කළ එක විමසන්න. ඉදංසච්චයෙන් පහළට නොබැසිය යුතු ය. මෙහි විමංසා ඉද්ධිපාදය ලකුණු කළ පරාමාස ජිවිත ඉන්ද්‍රිය රේඛාව ඔය පහළට අපි ලකුණු කරපු d රේඛාවට parallel බව විමසන්න. එහි විමංසා ඉද්ධිපාදය මගින් පදුට්ඨමනසඞ්කප්පයන්ගේ ආස්වාදය ඉවත් කරයි. ඉදංසච්චයෙන් පහළට නොබසින්නේ නම්, නිත්‍යභාවය ගිලිහෙන්නේ, ඔය line a - පෙර නිත්‍යභාවය කියන එක ගිලිහී යනවා. ඉතින් මේක පස්සේ භාවනාවේ දී ඕගොල්ලන්ට ආපහු සාකච්ඡා වෙනවා ඒ කෑල්ල.
ඊළඟට e කොටස, ඒක මතකයි නේ, අපි පරිදේවයේ ඉඳන් අපි ලකුණු කරනවා පරාමාසය ළඟට, මෙහි දී සඤ්ඤා නැති 8 වෙනි ධ්‍යානයෙහි මෙවැනි ප්‍රශ්න නැතිවාක් යැයි සිතීම භාවිතා කළ හැකි ය. අර කවුරුහරි ඉන්නවායි කියලා තමන්ට දකින්න නැහැ නේ. එයා හිටියාට කමක් නැහැ, මට ඒක ගැන සඤ්ඤා නැත්නම්. මෙසේ අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව විය හැකි ය. කිසිවක් නැති යැයි පවසන්නේ කිසිවක් නැති යැයි කියා තමා කාමරය තුළ සිටින්නේ ය. එය එපා කියන 8 වෙනි ධ්‍යානයට සමවදින්නේ එහි සංස්කාරයෝ තමාගේ නොවන ප්‍රමාණයට සඤ්ඤාවේ අනිත්‍යභාවය දුටුවත්, එහි තමා යන අස්මිතිය පහ වී නැත.
මෙහි සඤ්ඤා හඳුනා ගත හැකි ප්‍රමාණයට නැති නිසා හානිය නැත. විහිංසා සඤ්ඤා නැත යන හැඟීම ඇත. එය එසේ ය. මෙහි දී, මේ e රේඛාව නැති වීම කුමකින් ද යන්න බුදුපියාගෙන් විමසුවා. අලෝභ අදෝස අමෝහවලින් බව බුදුපියා පැවසුවා.
ඉතින් මෙතන මේ කොටස් ටික ම තමයි මං පෙන්නුවේ. මේක අර ඔයගොල්ලෝ connect කරලා බලන එක තමයි මම පෙන්නලා දුන්නේ, අර east එකේ දී ඔතන පාවිච්චි කරන්න කියලා අර පෙර චේතනාත් එක්ක ගන්න කතාව. එතෙන්දී අපි යොදා ගන්න ඕන, එතන ඒ c කොටස, විහිංසා විතක්කය.
ඊළඟට දෙවෙනියට පෙන්නපු අර සිතේ ඇති වුණ අරමුණු කෙරෙහි දිට්ඨි සහගත නොවී විරිය බලය භාවිතා කර ඉවත් කිරීම කියන එක, ඒකෙදි මේ d කොටස කියන එක යොදා ගන්න ඕන.
එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක හරි අමාරුයි ගැඹුරුයි කියලා. එහෙම නෑ, මේක තේරුම් ගත්ත කෙනාට, මේක බොහොම ලස්සනයි පහසුයි, ඔය වචන ටිකෙන් හිතට අදහස ගත්තහම, හරි ලස්සනයි කියලා පේනවා. ඉතින් මේක ගැන ආපහු ජූලි මාසේ 21 වෙනිදා විතර වෙනකොට සාකච්ඡා වෙනවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්