ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
16/06/2023 නිබ්බාන භාවනාව, 16/05/2015 අශ්චර්ය අද්භූත ධර්ම 4 භාවනාව සමඟ දී ඇති, paths of iddhi දෙවන සටහන සමඟ විමසා බැලුවා.
බුදුපියා පැහැදිලි කළ, දිට්ඨිනිවෙස - මෙහි දුක යන්න නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ සමුදය නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ නිරෝධය නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නැත යනුවෙන් දිට්ඨි වේ. මෙසේ දිට්ඨි අභිනිවෙස වූ සත්වයා, ඒ නිසා ම සසරේ සැරිසරයි, යන්න සිහියේ තබාගෙන පරිදේව වූ සංස්කාර මගින් සඤ්ඤාව සුඛ යැයි පවසන්නේ, ලෝභ දෝෂ මෝහ මගින් බවත්, පිරිසිදු චතුරාර්ය සත්‍ය සහිත වූ ඉදංසච්චය එසේ නොකියන බව මෙනෙහි කළා.
Paths of iddhi දෙවන සටහනට සිත යොමු වුණා. ඡන්ද චිත්ත විරිය විමංසා. සංස්කාර නිත්‍ය නොවන නිසා, ඡන්ද සමාධිය සංස්කාර ඉවත් කිරීම සිදු කරයි. සංස්කාරයන්ගේ නිත්‍යභාවයක් නොවන්නේ, චිත්ත සමාධිය මගින් සංස්කාරයන්ගෙන් පෙර ඇති වුණා වූ ගැම්මක් ඇති ද, එය පහ කරයි. පරාමාස නොවීමට වග බලා ගනියි.
ආච්චිඅම්මාගේ තුවා දන් දීම මෙන් සිතන්නේ, රූපය නිසා වූ යම් ආස්වාදයක් වේ ද, එය නැති බව, දිර දිරා යන රූපයට ඇඟිල්ල දිගු කර පෙන්වා දෙන්නාක් මෙන්, ජරාව සිහි කර දෙන්නේ නන්දිය බැස යයි. වම් පැත්තේ ලියා ඇති ඡන්ද සමාධිය මෙවිට ක්‍රියාත්මක වේ. සංස්කාර මගින් සඤ්ඤාව සුඛ යැයි පවසන්නේ ලෝභ ද්වේෂ මෝහ මගින් ය. සංස්කාර ඉවත් කළ පසු, ලෝභ ද්වේෂ මෝහවලට එසේ කිව නොහැක. යථා ස්වභාවය දනී. කුමක් නිසා ද? යමක ආස්වාදය ඉවත් කළ පසු, එහි වටිනාකමක් නැතිවාක් මෙනි.(*1)
විරිය මගින් අලුත් සංස්කාරයන් ඉවත් කරයි. මෙවිට විරිය ඉද්ධිපාදය අනුෂ්ඨිත වන්නේ ය.(*2) Hub එක කැරකැවීම නැත. මෙහි අලුත් සංස්කාරයෝ යනු කුමක් ද? ඡන්ද සමාධිය මගින් පාණාතිපාත වැනි සංස්කාර ඉවත් කර ඇත්තේ, අරූප ධ්‍යාන ස්වභාවයට සිත පත්ව ඇත්තේ, එහි සිටීමට කැමැත්ත ඇති වේ. එවැනි අරූප ධ්‍යාන උපදවන සංස්කාර ඉවත් කිරීම, මෙහි දී විරිය ඉද්ධිපාදය මගින් සිදු කරන්නේ නම් එය අනුෂ්ඨිත වන්නේ ය. මෙසේ විරිය ඉද්ධිපාදය අනුෂ්ඨිත වන්නේ නම් 50% පාරට, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා පැමිණීමක් නොවේ.
වම් පැත්තේ ලියා ඇති ඡන්ද සමාධිය මෙහි දී ඉතා ප්‍රබල වී ඇත. Hub එක කැරකැවීමෙන් නිත්‍යභාවයක් ඇති නොවන්නේ ය, යන වැටහීම් සහිතව විමංසා ඉද්ධිපාදය මගින් පදුට්ඨමනසඞ්කප්පයන්ගේ ආස්වාදය ඉවත් කරයි.(*3)
මෙසේ සමාධිමත් වන්නේ, පෙර කළා වූ, පෙර බැසගත්තා වූ, දහම් නිසා යම් අස්මිතියක් ඇත්ද, එය විමංසා ඉද්ධිපාදය මගින් ඉවත් කරනු ලබන්නේ ය. බල්ලා පෙර ලැග ඇති තැන් සොයා යාමක් නොවන්නේ, එම තැන්වල උණුසුම සොයා යාමක් නොවන්නේ නම් කුමක් වන්නේ ද යන ලෙස සිතා බලන්නේ නම් වැටහේ. මෙහි දී අස්මිති මානය අස්මිති ඡන්දය බැස යයි. නිර්වාණය සාක්ෂාත් කරයි. බල්ලාගේ උදාහරණයේ දී එම සත්වයා එම සිටිනා තැන පමණක් සිටී, යන්න වටහා ගත යුතුයි.
ඉද්ධිපාද ධර්මයෝ 16/06/2023 නිබ්බාන භාවනාවේ දී දුන්නා වූ diagram එකේ ලකුණු කර දී ඇත.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 15/07/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් මෙතෙන්ට පොඩ්ඩක් එකතු කරන්න පුළුවන්. අපි A කියලා ලියාගත්තොත් ආස්වාදය ඉවත් කළ පසු වටිනාකම නැත කියලා. B කියලා ලියාගත්තොත් වටිනාකම නැති නිසා ලෝභ විය නොහැක, ද්වේෂ විය නොහැක, මෝහ විය නොහැක කියලා, එහෙම නම් අපිට පේනවා A නිසා B. එතකොට ආස්වාදය ඇති වන්නේ සංස්කාර මගින්. මෙය ගැඹුරට බලන්නේ අට වන ධ්‍යාන පවා පරාමාසගත නොවේ. Small diamond එකේ e කොටස පරිදේව සිට පරාමාස නැති වන්නේ ලෝභ ද්වේෂ මෝහ නැති වීමෙනි. එතකොට ඔතන ඔය කාරණා හතර හොඳට මෙනෙහි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ සංස්කාර මගින් ආස්වාදය, එතකොට ඒකෙන් තමයි අර ආස්වාදය ඉවත් කළා නම් A කියන කොටස වටිනාකම නැත කියලා, වටිනාකම නැති නම් ලෝභ ද්වේෂ මෝහ විය නොහැක, කියන අර්ථය හොඳට බලන්න පුළුවන්.
(*2) steady.
(*3) එතකොට ඔය ආස්වාදය එහෙම අපි ඔය 07/11/2016 නිබ්බාන භාවනාවේ සාකච්ඡා කරලා තියෙනවා.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
එතකොට මේකේ තව ටිකක් එකතු කරනවා නම්, ටිකක් නෙමෙයි ඉතින් ගොඩක් එකතු කරන්න තියෙනවා.
බුදුපියා පැහැදිලි කළ දිට්ඨිනිවෙස මෙහි දුක යන්න නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ සමුදය නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ නිරෝධය නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නැත යනුවෙන් දිට්ඨි වේ.
මෙහි දී, යම් අයකු මෙහි order එක වෙනස් කරන බව අසා ඇත්තේ, ඔහු නොදන්නා නිසා එසේ කරන බවත් මෙහි දී සැරියුත් තෙරණුවෝ මෙන් සම්මා දිට්ඨියට යා යුතු බවත් සිහි විය. ව්‍යාපාදයට හෝ ඇලෙන්නේ එහි ආස්වාදය නිසා ය යන්න වැටහිණ. මෙහි දී සැරියුත් තෙරණුවන්ගේ සම්මා දිට්ඨිය කොතරම් ප්‍රබල දැ යි සිතිණ. තවදුරටත් විමසන්නේ, ද්වේෂයට ලෝභ නොවිය යුතු ය. ද්වේෂයට ලෝභ වන්නේ මෝහය නිසා ය. එය ඉවත් කළ යුතු ය. ආස්වාදය නොසෙවිය යුතු දහමකි.
ඒ වගේ ම ඔය 05/05/2023 සාකේත සූත්‍ර භාවනාව සමඟ විමසන්නේ,
1 - East සිතේ ඇති වුණ අරමුණ - සම්මා දිට්ඨිය භාවිතා කර පිළිනොගනී නම්, ඉතා පහසුවෙන් විරිය මගින් ඉවත් කළ හැකි ය. මෙසේ විරිය මගින් ඉවත් කිරීම, විරිය බලය වේ. මෙහි බල පහ ම ඇත. කුමක් නිසා ද? දිට්ඨිය නිසා උපන්නා වූ ධර්මයෝ විරිය මගින් ඉවත් කිරීම නිසා ය. පෙර චේතනා, අත්තා 2, ගායිකාව තමා දුස්සීලභාවයට පත් කරගැනීමට පෙර සිතා ඉවත් කිරීම. මෙසේ විරිය මගින් ඉතා පහසුවෙන් ඉවත් කිරීම, අලුත් සංස්කාර ඉවත් කිරීමෙන් අනතුරුව වේ. අරූප ධ්‍යාන උපදවන සංස්කාර ඉවත් කිරීම, මෙහි දී විරිය ඉද්ධිපාදය මගින් සිදු කිරීම සිහි කරන්න. සමුදය ඇත, අස්තංගමය ඇත යනුවෙන් දැක ඉවත් කිරීම. මෙහි සම්මා දිට්ඨිය “පුබ්බංගමා හොති” පූර්වාංගම විය.
ඊළඟට දෙවෙනියට, තව ද, සිතේ ඇති වුණු අරමුණු කෙරෙහි දිට්ඨි සහගත නොවී විරිය බලය භාවිතා කර ඉවත් කිරීම. විරිය බලය active.
ඉහත කරුණු දෙක අතරින් දෙවනියට සඳහන් කළ කරුණ ප්‍රබල විය යුතු ය. එනම් යමෙක් forceful ලෙස දිට්ඨි ඇති කිරීමට උත්සාහ කළත් එය නොගැනීමට තරම් දක්ෂ විය යුතු ය. එපමණට චතුරාර්ය සත්‍යය අවබෝධය ප්‍රබල විය යුතු ය, යමෙක් නිර්වාණය සඳහා business එකක් ඉවත් කරන්න හදන්නේ, අන් අය මේ තරම් හොඳට වෙද්දිත් ඇයි මෙය නවතන්නේ යැයි අසන්නේ, සිත වෙනස් නොවීමට තරම් දක්ෂ විය යුතු ය.
අපර චේතනා, අත්තා 1. මෙය ලැගලා සිටියා යැයි විඤ්ඤාණස්ථිතියක් නොවිය යුතු ය. අස්මිති මානය අස්මිති ඡන්දය ඉවත් කළ යුතු ය. මෙය විමංසාවට කාවැදීම, අනුෂ්ඨිත වූ විරිය ඉද්ධිපාද නිසා ම සිදු විය. 50% පාරට අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා පැමිණීමක් නොවේ නම්, ධාරාව නොගැලීම නිසා ආස්වාදය ගිලිහේ. එවිට එය විමංසාවට කාවැදීම සිදු වේ.
ඉතින් මේ කාරණේ රහතන් වහන්සේ මට කිව්වේ මේ අනිත් අයට පළමුව සිතීමට ඉඩ දිය යුතුයි කියලා, ඒක නිසයි මේ discussion එකට මේක දැම්මේ. තව ද විමංසාව සමඟ විමසන්නේ පෙර ලැගලා හිටපු තැන්වල ආස්වාදයක් නැත. එහි දුක විතරක් ඇත. විඤ්ඤාණස්ථිතියක් නොවිය යුතු ය. රූපයේ ලගින්න යන්න එපා, වේදනාවේ ලගින්න යන්න එපා, සඤ්ඤාවේ ලගින්න යන්න එපා. සංස්කාරයේ ලගින්න යන්න එපා. මෙසේ දැන, repair කරන්න යන්නේ, සංකල්ප දෙක සමාන නොවිණ. පදුට්ඨමනසඞ්කප්පය නිත්‍ය යැයි පවසයි. ලැගලා හිටිය තැන්වල දී ගත්තා වූ දේ, line 7 හරහා පරිදේව වී ඇත. මෙසේ වෙනස විමසිය යුතු ය. දිට්ඨි දෙකක් සමාන නොවී ය.1 අත්තා, රූප මගේ නොවේ යැයි කියන දිට්ඨිය, මෙය ආකිඤ්චඤ්ඤායතනය මෙන් විශාල ය. 2 අත්තා, රූප මගේ යැයි කියන දිට්ඨිය, මෙය කූඹියාටත් වඩා කුඩා විය හැකි ය. මෙසේ ලැගපු තැන් විමසා බලා විඤ්ඤාණස්ථිතියක් නොවිය යුතු ය. මෙහි ඉදංසච්චයෙන් දුක ඇති බව පෙන්නා දෙන තාක් කල්, විඤ්ඤාණස්ථිතියක් නොවී සිටිය හැකි ය. පරිදේව වූ සංස්කාර මගින් සඤ්ඤාව සුඛ යැයි පවසන්නේ, ලෝභ ද්වේෂ මෝහ මගින් බවත්, පිරිසිදු චතුරාර්ය සත්‍යය සහිත වූ ඉදංසච්චය එසේ නොකියන බව මෙනෙහි කර සංස්කාර නිත්‍ය නොවන නිසා ඡන්ද සමාධිය සංස්කාර ඉවත් කිරීම සිදු කරයි. සංස්කාර සහ සඤ්ඤා යන දෙක ම ඉවත් කරන්නේ.
එතෙන්දී මම රවුමක් වගේ ඒක දැක්කා, ඉතින් රහතන් වහන්සේ කිව්වා, දරුවෝ චෛත්‍යය නේ කියලා, චෛත්‍යයක් මෙන් ඒක පෙනුණා. ඉතින් මේකේ චෛත්‍යය වගේ පේන එක තියෙන්නේ නම්, ඔය චෛත්‍යයේ base එක හැටියට ගන්න, ඔය සඤ්ඤා, පරාමාස, පරිදේව කියන line එක. එතකොට සඤ්ඤාවේ ඉඳන් චේතනාවට අර curve එකක් වගේ චෛත්‍යය ඇඳගන්න පුළුවන්. ඊට පස්සේ චේතනාව, විඤ්ඤාණ, ඉදංසච්ච අර උඩ තියෙන, මේ උල වගේ තියෙන්නේ කොටසක්, triangle එක වගේ තියෙනවා. ඊට පස්සේ ඉදංසච්චයේ ඉඳන් පරිදේවයට අර curve එක වගේ චෛත්‍යයේ කොටස ගන්න පුළුවන්.
ඉතින් මේකේ හරි ගැඹුරට මේ ධර්මය යනවා. ඉතින් ඒකේ පෙන්නන්නේ ඉතින් සීලබ්බත උපාදානය මගින් ඔය වන්නා වූ ක්‍රියාවලිය නතර කිරීමක් කියන එක. ඉතින් ඒක ඕගොල්ලන්ට හොඳට ගැඹුරට තේරේවි ඔය සැප්තැම්බර් මාසේ 8 වෙනිදා දෙන භාවනාවත් එක්ක, ඒක කරන එක. ඒකෙ අර්ථය තමයි මේ සීලබ්බත උපාදානය කියන එකෙන් අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන්න කරන්නා වූ ක්‍රියාවලියේ ප්‍රබලතාවය ගැන විමසීමක් එතන පෙන්නනවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්