ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
09/06/2023 නිබ්බාන භාවනාව, නැවතත් කරගෙන ගියා. බුදුපියා පැහැදිලි කළ, දිට්ඨිනිවෙස - මෙහි දුක යන්න නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ සමුදය නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ නිරෝධය නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නැත යනුවෙන් දිට්ඨි වේ. මෙසේ දිට්ඨි අභිනිවෙස වූ සත්වයා, ඒ නිසා ම සසරේ සැරිසරයි, යන්න සිහියේ තබාගෙන පරිදේව වූ සංස්කාර මගින් සඤ්ඤාව සුඛ යැයි පවසන්නේ, ලෝභ දෝෂ මෝහ මගින් බවත්, පිරිසිදු චතුරාර්ය සත්‍ය සහිත වූ ඉදංසච්චය එසේ නොකියන බව මෙනෙහි කළා.
අලෝභ කුසල මූලය, සුතමය ප්‍රඥාව, සවිතක්ක සවිචාර සමාධිය, අධිචිත්ත ශික්ෂාව.
1 නෙවසඤ්ඤානාසඤ්ඤායතනය හදන සංස්කාරයන් පළමුව ඉවතලන්නේ,
2 දෙවනුව අරූප ධ්‍යාන සඤ්ඤාව ඉවතලන්නේ,
3 තුන් වෙනුව රූපයට නිත්‍ය යැයි එකතු කරන ලද සඤ්ඤාව ඉවතලීම.
යන කරුණු සිහි කරන්නේ, මෙය අත්තා, සංස්කාර අත්තා සහ සඤ්ඤා අත්තා නිසා සුඛ වන වේදනා සොයා නොයෑම වේ. මෙහි දී වේදනාව නිසා ඇති වූ සඤ්ඤා දුක නම්, වේදනාව දුක බව දනී. පරිදේව වූ සංස්කාර මගින් සඤ්ඤාව සුඛ යැයි පවසයි යන්න සමඟ සිතන්න. එනම් සංස්කාර අත්තා නිසා සඤ්ඤාව සුඛ විය. එය මගින් සුඛ වන වේදනා සෙවීම විය.
එසේ ම අදෝෂ පාර දිගේ ගමන් කරන්නේ අධිශීල ශික්ෂා දක්වා පැමිණෙන්නේ පාණාතිපාතය නිසා ද්වේෂය, අදත්තාදානය නිසා ලෝභය, කාමයෙහි වරදවා හැසිරීම නිසා මෝහය. මෙම ධර්මයෝ පහ කළොත් අලෝභ අදෝෂ අමෝහ. මෙයින් වැළකෙන්නේ, පරිදේවයේ සිට එන්නා වූ ගැම්ම නැති වී යයි. මෙහි සීලස්කන්ධය දක්වා යන්නේ නම්, එහි දුකයි කියලා දැකගෙන, දස අකුසලය අයින් කරනවා නම්, අපි අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රවයට යන්නේ නැත. මෙය සංස්කාර නිසා, සුඛ වන රූප සොයා නොයෑම ලෙස ගත යුතු ය.
මෙසේ සංස්කාර නිසා සුඛ වන රූප සොයා නොයන්නේ, අත්තා යැයි ගත් නිසා සුඛ වන වේදනා සොයා නොයන්නේ නම්, සුභයට නිත්‍ය එකතු කර, සුඛ යන්නෙහි රූපයට නිත්‍ය එකතු කිරීම නොකළ යුතු බව හොඳින් වැටහේ. සුභයට + නිත්‍ය සුඛ. එනම් අලෝභ පාරේ ගමන් කර, සුඛ වන වේදනා ඉවතලීමත්, අදෝෂ පාරේ ගමන් කර, සුඛ වන රූප ඉවතලීමත්, සිහි කර රූපයට නිත්‍ය යැයි එකතු නොකිරීම, දී ඇති diagram එක මගින් වටහා ගත හැකි ය.
ඉතින් මේකේ ඒ diagram එකේ ඔය සෝකය ළඟ පවතිනවා පැවතිය හැකි ය කියලා එහෙම අපි ලකුණු කරලා තියෙනවා. මෙහි දී line 8 හරහා භය අගතියට පැමිණි අගයෝ විශ්‍රාම නොයවා, not retiring කියන එක, සඤ්ඤාවේ ජරා අගය පැවතිය හැකියි, යන මිච්ඡා දිට්ඨිය line 5 හරහා පැමිණ, අප්‍රිය සම්ප්‍රයෝගයට මුලින් පැමිණීමට ඉඩ දීමත්, පවතිනවා යන මිච්ඡා දිට්ඨිය, line 6 හරහා ව්‍යාධියේ සිට සෝකය දක්වා පැමිණීමට ඉඩ දීමත්, සිදු කර ඇත්තේ, එහි ගැම්ම නවතා නැති නම්,(*1) පවතිනවා යන මිච්ඡා දිට්ඨිය මත පැවතිය හැකි ය යන මිච්ඡා දිට්ඨියේ ගැලීම සිදු වේ. මෙය ඉවත් වන්නේ නම් රූපයට නිත්‍ය යැයි යන්න එකතු නොකරයි. මෙය නැවතීම වන්නේ සම්මා දිට්ඨිය මගිනි. මෙහි විශ්‍රාම යෑම යනු, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මගිනි.
ඒක තමයි මං කරපු භාවනාව.(*2)
සාකච්ඡාව 15/07/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඒ කියන්නේ ඕනෑ ම දෙයක් ගැනීමට පුරුදු කර ඇති ලෝභය ඇත්තේ.
(*2) එතන සෝකය මිසදිටුයි කියන එක එහෙම කෙනෙකුට එතෙන්දි සිහි කරලා බලන්න පුළුවන් මේ ධාරාව ගැලීමත් එක්ක.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්