ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
30/06/2023 නිබ්බාන භාවනාව, නැවතත් කරගෙන ගියා. බුදුපියා පැහැදිලි කළ, දිට්ඨිනිවෙස - මෙහි දුක යන්න නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ සමුදය නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ නිරෝධය නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නැත යනුවෙන් දිට්ඨි වේ. මෙසේ දිට්ඨි අභිනිවෙස වූ සත්වයා, ඒ නිසා ම සසරේ සැරිසරයි, යන්න සිහියේ තබාගෙන පරිදේව වූ සංස්කාර මගින් සඤ්ඤාව සුඛ යැයි පවසන්නේ, ලෝභ දෝෂ මෝහ මගින් බවත්, පිරිසිදු චතුරාර්ය සත්‍ය සහිත වූ ඉදංසච්චය එසේ නොකියන බව මෙනෙහි කළා.
මෙසේ සංස්කාර නිසා සුඛ වන රූප සොයා නොයන්නේ, අත්තා යැයි ගත් නිසා සුඛ වන වේදනා සොයා නොයන්නේ නම්, සුභයට නිත්‍ය එකතු කර සුඛ යන්නෙහි, රූපයට නිත්‍ය එකතු කිරීම නොකළ යුතු බවත්, ඒ සඳහා විශ්‍රාම යෑම, එනම් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව පැවැත්විය යුතු බව සිහි කළා.
මෙහි දී සෝක පරාමාස විඤ්ඤාණ යන රේඛාව වටා, භ්‍රමණය වන diagram එකක් දුටුවා. ඒකට කියන්නේ දෝලනය diagram එක කියලා. ඒක අපි දෙනවා.
මෙහිදී සීලපාරිසුද්ධිපධානියඞ්ගය චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය, ලකුණු කර ඇති block එක, සෝක පරාමාස විඤ්ඤාණ යන රේඛාව වටා භ්‍රමණය වන බව සලකන්න. (Clockwise) දක්ෂිණාවර්ත ව කැරකවීම සංස්කාර කිරීම නිසා ය. එහි පවතිනවා යන්න ගැබ් වේ. (Anticlockwise) වාමාවර්ත ව කැරකවීම තමා නිසා ය. මෙහි පැවතිය හැකි ය යන අදහස ඇත.
වටහා ගැනීම සඳහා වේදනා චේතනා රේඛාව, මෙම කොළයට ලම්බකව පහළට ඔබන්න. එසේ කැරකවීම, වීම තමා නිසා ය. එයට තුඩු දෙන්නේ වේදනා සඤ්ඤා රේඛාව වටා රූප වේදනා චේතනා cone එක, (anticlockwise) වාමාවර්ත ව කරකැවීම නිසා ය. එයට අත්තා යන්න බලපෑවේ ය. මෙහි දී වේදනා චේතනා රේඛාව පහළට ඔබන නිසා රූප වේදනා චේතනා cone එක (anticlockwise) වාමාවර්ත ව කරකැවීම සිදු වේ. අනික් පැත්ත නොවේ. එනම් රූප වේදනා චේතනා cone එක (anticlockwise) වාමාවර්ත ව කැරකවීම නිසා, වේදනා චේතනා රේඛාව පහළට එබීම වන ලෙස නොගත යුතු ය.(*1)
සුභ + නිත්‍ය සුඛ යන්නෙහි, විශ්‍රාම යවන තාක් කල් නිත්යයභාවය ගිලිහී යයි. නිත්යයභාවය ගිලිහී යන තාක් කල් සුභ සහ සුඛ වෙන්ව පවතී. පරාමාසය සහ ඉදංසච්චය වෙන්ව පවතී.(*2) මෙසේ සිත නිදහස් වන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි.
එසේ සිත නිදහස් කර නොගන්නේ නම්, සෝක පරාමාස විඤ්ඤාණ යන රේඛාව වටා කැරකැවීමෙන්, magnetic field එකකින් යමක් එකතු කිරීම, තල්ලු කිරීම වන්නේ යම් සේ ද, එසේ ම සිතට කරුණු එකතු වීම ද, ඉවත් කිරීම ද යන දේ සිදු වේ. මෙය නිරස්සතී ආදිසතිච්ච ධම්මං - ධර්මය හරනේත් ගන්නේත් වේ, ලෙස වටහා ගත යුතු ය.(*3)
පදුට්ඨමනසඞ්කප්පය ගිලිහී යා නම් භ්‍රමණය නවතී. එයට line - a නැති වීම තුඩු දේ. විමංසා ඉද්ධිපාදය මගින් පදුට්ඨමනසඞ්කප්පයන්ගේ ආස්වාදය ඉවත් කරයි, යන්න පෙර ඉගෙනගෙන ඇත. Line - a, පෙර නිත්යයභාවය පිරිසිදු චතුරාර්ය සත්‍ය මගින් නැති වන්නේ ය.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 22/07/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් මේකේ පෙළක් අයට මේ clockwise, anticlockwise අමාරුකමක් තියෙන නිසා කෙනෙකුට ඇඳගන්න පුළුවන්, ඔරලෝසුවක ලකුණු කරගෙන පරිදේවය තියෙන තැන 3 o’clock කියන තැන තියාගන්න. ඊළඟට නාමරූප කියන එක 9 o’clock කියන තැන තියාගන්න. එතකොට පරාමාස ඒකෙ මැද්දේ, එතකොට සෝකය පැත්තෙන් බලන්න, බැලුවහම තමන්ට පේනවා, පරිදේව පැත්තෙන් සංස්කාර කරනවා නම්, එතකොට තුන හතර වෙනවා ඒ කියන්නේ clockwise. ඊට පස්සේ නාමරූප පැත්තෙන් අපි 9 තියෙන තැනින් අපි පල්ලෙහාට ඔබනවා නම් 9, 8 වෙනවා ඒ කියන්නේ anticlockwise. අන්න ඒ විදිහට කෙනකුට මතක තියා ගන්නත් පුළුවන්.
(*2) ඉතින් මෙතෙන්ට කෙනෙකුට ඔය ආනෙඤ්ජ සප්පාය special එකේ මේ diagram එකේ 5 වෙනි slide එක භාවිතා කරන්න පුළුවන්.
(*3) දැන් මෙතනට තව පොඩ්ඩක් එකතු කරනවා නම්, ඔය 4.4 දී අපි දන්නවා අර පරණ staircase එක, ඒක කැඩිලා ඒක අතහැරීම ඒක “නිරස්සතී”. ඊට පස්සේ අලුතෙන් gold වලින් හරි මම හදනවයි කියලා ගත්ත නම් යන නැවුම් වේදනා ගැනීම “ආදිසතිච්ච.” තීරණය 4.4 දී තමයි වෙලා තියෙන්නේ.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේ භාවනාව කරන්නේ ඒ ශුන්‍යතාවය කියන එක ඇති වෙනවා. එතෙන්දි ප්‍රීතියක් සුඛයක් දැනුණ ද, එය නොගනී. ශුන්‍යතාවය ම පවතිනවා. මෙය උපෙක්ඛාවට වඩා වෙනස් ය. කුමක් නිසා ද? සඤ්ඤාවෙන් යම් දහමක් ප්‍රීතියක් සුඛයක් හඳුනාගත්ත ද එහි ඇල්මක් නැති බැවිනි. ලෝභය නැත. ශුන්‍යතාවය ම පවතිනවා. මෙය තථාගතයන් වහන්සේ පවසන ශුන්‍යතා විහාරය වේ.
තව ද ශුන්‍යතාවය ඇති වීම සෝකය ළඟදි පවතිනවා යන මිච්ඡා දිට්ඨිය මත පැවතිය හැකි ය, යන මිච්ඡා දිට්ඨිය ගැලීම සිහි කිරීම සමඟ ය. මෙය ඉවත් වන්නේ නම් රූපයට නිත්‍ය යන්න එකතු නොකරයි යන්න සිහියේ තිබෙන තාක් කල්, ශුන්‍යතාවය ඇති වේ. මෙය ප්‍රායෝගිකව භාවනාවෙන් පසුව ද භාවිතා කළ හැකි ය. එසේ ශුන්‍යතාවයට යෑමට පුරුදු වීම අගනේ ය. මෙහි දී මානය නැති බව වැටහිණ.
ඒ වගේ ම අපි කිව්වා අර special එක භාවිතා කරන්න පුළුවන් කියලා. ඒ පරාමාසය සහ ඉදංසච්චය වෙන් වී පවතී කියන එක. එතන අපිට පේනවා ඔය මුසාවාද, පරුෂා වාචා, කාමයේ වරදවා හැසිරීම වගේ සංස්කාරවලට ඇලීම අභිනිවේසය. කාමයේ වරදවා හැසිරෙන මනුස්සයා සුඛ වන රූප සොයනවා. කාමයේ වරදවා හැසිරෙන්නේ නැත්නම් ලස්සන කාන්තාවෝ, පුරුෂයෝ හොයන්න ඕනේ නෑ. අදත්තාදානය නොකරන හාමුදුරු කෙනෙකුට මුදල් ගොඩක් දැක්කා කියලා මුකුත් වෙන්නේ නෑ. එතකොට සුභ + නිත්‍ය, සුඛ. එතකොට සුඛයට අපි එතැන මුසාව කියන කතාව දාගත්තොතින්, අර නිත්‍යභාවය අපි දන්නවා ඒ මෝහෙන් තමයි ඇති වෙන්නේ. එතකොට සොයන්නේ සුඛය නම් මෝහය ඇති වුණ නිත්‍යභාවය සමඟ සුභ යැයි පරාමාසයේ සිට ඉදංසච්චයට ඇදෙනවා කියලා අපි ඔය special එකේ එහෙම අපි බලලා තියෙනවා. අනික් අතට අපි ඕක මේ ඊයේ දීපු භාවනාවේ දී අපි පෙන්නා දීලා තියෙනවා, ඔය 13/08/2015 ඔය ජාති diagram එකේ අපි anticlockwise කැරකෙනවා කියලා, අර පවතිනවා කියලා ඒක රූපය නිසා, ඉතින් ඒකට සමාන්තරව මේකෙත් තමන්ට පේනවා ඔය දෝලනය diagram එකත් පැවතිය හැකි ය කියලා ඒ anticlockwise ම කැරකෙනවා, ඒකෙ මේක වේදනාව නිසා මේ වෙලාවේ දී.
එතකොට ඒක අර backward wave එක වශයෙන් ඔය 05/12/2016 එකේ අපි පෙන්නා දීලා තියෙනවා. එතකොට ඒ වගේ ම, ඒකෙ forward එකත් ඉතින් දීලා තියෙනවා එතකොට ඔයගොල්ලන්ට ඊයේ දීපු නිසා ඒක ආපහු කියන්න යන්න ඕනෙ නැහැ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්