ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
07/07/2023 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. භාවනාවට පෙර ලෝභ ද්වේෂ මෝහ අතර සම්බන්ධතාවය සිහි කළා. මෙය 09/08/2016 නිබ්බාන භාවනාවේ සඳහන් කර ඇත.
අපි දන්නවා ලෝභය නිසා මෝහයයි ද්වේෂයයි ඇති වෙනවා. කොහොම ද? Area 1 නිසා area 6, මෝහය. ඊළඟට ලෝභ පාරේ යනවා නම් විපරිණාම දුක්ඛතා. ඒ පාර ද්වේෂ පාරේ යනවා කියන එක සිද්ධ වෙනවා.
ආපහු මෝහය නිසා ලෝභය ඇති වෙනවා. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රව එතනින් කාම ආශ්‍රව, රාග සල්ලය, රූපඋපග විඤ්ඤාණං තිට්ඨති.
ආපහු පේනවා, මෝහය නිසා ලෝභය ඇති වෙනවා නම්, ලෝභයෙන් ද්වේෂය. ලෝභ, ද්වේෂ, මෝහ භාවනාව. පළවන පාරේ ගියා නම් දෙවන පාරේ යනවා. ලෝභය නිසා ද්වේෂ පාරේ යනවා.
තුන් වෙනි පාරට පේනවා, ද්වේෂය නිසා මෝහය. රෝගී සඤ්ඤාව මගේ යැයි ගැනීම මෝහය. ථීනමිද්ධය, ද්වේෂය. ද්වේෂයෙන් මෝහය.
ඊළඟට ද්වේෂය නිසා මෝහය ඇති වෙනවා නම්, මෝහයෙන් ලෝභය. ඇයි මෙතන අපි ඉස්සෙල්ලා පෙන්නුවා නේ මෝහයෙන් ලෝභය ඇති වෙනවා කියලා. අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව හරහා ඇති වන එක.
බුදුපියා පැහැදිලි කළ, දිට්ඨිනිවෙස - මෙහි දුක යන්න නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ සමුදය නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ නිරෝධය නැත යනුවෙන් දිට්ඨි වේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නැත යනුවෙන් දිට්ඨි වේ. මෙසේ දිට්ඨි අභිනිවෙස වූ සත්වයා, ඒ නිසා ම සසරේ සැරිසරයි, යන්න සිහියේ තබාගෙන පරිදේව වූ සංස්කාර මගින් සඤ්ඤාව සුඛ යැයි පවසන්නේ, ලෝභ ද්වේෂ මෝහ මගින් බවත්, පිරිසිදු චතුරාර්ය සත්‍ය සහිත වූ ඉදංසච්චය එසේ නොකියන බව මෙනෙහි කළා.
ඉතින් මෙතන oscillation diagram එකට මනස යොමු කරන්න පුළුවන්. සඤ්ඤාවේ ජරා අගය, පැවතිය හැකි ය යන මිච්ඡා දිට්ඨිය line 5 හරහා පැමිණ, අප්‍රියේහි සම්ප්‍රයෝගයට මුලින් පැමිණීමට ඉඩ දීම සිහි කළා. දකිනකොට ම ප්‍රිය නොවිය යුතු ය. සඤ්ඤා පරිඤ්ඤා - පිරිසිඳ දැනීම නැතිකම නිසා ඉඩ දීම සිදු විය. පවතිනවා යන මිච්ඡා දිට්ඨිය line 6 හරහා ව්‍යාධියේ සිට සෝකය දක්වා පැමිණීමට ඉඩ දීම අත්තා කරගත් නිසා ය. එය සිදු කර ඇත්තේ එහි ගැම්ම නවතා නැති නම්, ඕනෑ ම දෙයක් ගැනීමට පුරුදු කර ඇති ලෝභය ඇත්තේ, පවතිනවා යන මිච්ඡා දිට්ඨිය මත පැවතිය හැකි ය යන මිච්ඡා දිට්ඨිය ගැලීම සිදු වේ. මෙය ඉවත් වන්නේ නම් රූපයට නිත්‍ය යන්න එකතු නොකරයි, යනුවෙන් 30/06/2023 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගත්තා.(*1)
සෝකය ළඟ දී වන මෙම ගැලීම නැවතීම, කුමකින් නතර වන්නේ ද, යන්න බුදුපියාගෙන් විමසුවා. අවිද්‍යා අනුසය නතර වීමෙන් බව බුදුපියා පැවසුවා. ජරා වේදනා අසම්පජාන රේඛාවේ අවිද්‍යා අනුසය ලකුණු කරන බව අපි දනිමු. අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව ඔසවයි. එයින් අසම්පජානය සහිතව, ඔසවන සඤ්ඤාව නොවන්නේ නම්, සෝකයට එන්නා වූ සඤ්ඤාවේ ජරා අගයක් නොවන්නේ, ධාරාව නොගලයි. එය නවතී.
මෙසේ, මෙය පමණක් සිහියේ තබාගෙන, සිත නොසැල්වී සිටිය හැකි ය. මෙසේ සිටින්නේ අවිද්‍යා අනුසය නතර වීම, සම්මා දිට්ඨිය මගින් සිදු වන බව වැටහිණ.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 22/07/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් මෙතනට පොඩ්ඩක් එකතු කරනවා නම්, අපිට පේනවා මේ ද්වේෂය. ද්වේෂයෙන් අපිට එනවා සඤ්ඤාවේ ජරා අගය ගැනීම නිසා මෝහය. පවතිනවා යන මිච්ඡා දිට්ඨිය line 6, ඒකෙන් ලෝභය. එතකොට අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රව කියන එක අපිට පේනවා මෙතන මේ කොටසින්.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේකට තව පොඩ්ඩක් එකතු වෙනවා නම් මෙය නිසා දෝලනය නැති වීම නිසා ය. එතකොට සම්මා දිට්ඨිය ඒ තරම් ප්‍රබලයි ඒ විදිහට ගත්තහම.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්