Date: 21/07/2023 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

09/06/2023 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එහි සඳහන් කරුණු මෙනෙහි කර, 50% පාරට නොපැමිණිය යුතු ය. අවිද්‍යා ආශ්‍රව නිසා කාම ආශ්‍රව නොවිය යුතු ය. යම් අයුරකින් එහි පැමිණියා නම්, reverse alpha මෙනෙහි කර රූපයට නිත්‍යයි, යන්න එකතු නොකළ යුතු ය, යන්න සිහි කරන්නේ, එය 07/07/2023 නිබ්බාන භාවනාවේ දෝලනය diagram එක හා සම්බන්ධ විය.

50% පාරට, එම සංකල්පයට පැමිණීම මිච්ඡා දිට්ඨි නිසා විය හැකි ය. එහි වේදනාව නිසා පැවතිය හැකි ය යන හැඟීම තිබිය යුතු ම ය. එනම් සුඛ යන හැඟීම, ධ්‍යාන ප්‍රීතිය නිසා හෝ පැවතිය යුතු ම ය. මෙහි දී 05/12/2016 නිබ්බාන භාවනාවේ විඤ්ඤාණ පච්චයා නාමරූපං යන්න, භය අගතියේ සිට උඩු අතට, චේතනාව දක්වා ලකුණු කිරීම සිහි විය.(*1) මෙහි විඤ්ඤාණයේ පිහිටීමට තුඩු වූ සංකල්පය, 50% පාර, විඤ්ඤාණ පච්චයා නාමරූපං වීමට තුඩු දෙන ප්‍රධාන කාරණය විය.

Line 8 වලින් පැමිණි අගයෝ විශ්‍රාම නොයවා, භය අගති සිට උඩු අතට යම් දිට්ඨි සල්ලයක් නිසා යන්නේ නම්, දෝලනය diagram එක (anticlockwise) වාමාවර්ත ව කැරකැවීම සිදු වේ. එය වේදනා නිසා පැවතිය හැකි ය යන සඤ්ඤා සහිතව සිදු වේ. වේදනා සඤ්ඤා රේඛාව වටා, රූප වේදනා චේතනා cone එක (anticlockwise) වාමාවර්ත ව කැරකැවී රූපය චේතනා දෙසට එන බව සිහි කරන්න.

එතකොට ඔය 13/08/2015 ඔය ජාති diagram එකේ, ඒක අපි දන්නවා, පරාමාසය anticlockwise කැරකෙනවා, (exist) පවතිනවා කියලා, මේක මෙය රූපය නිසා. ඒක backward wave එක. එතකොට ඒ වගේ ම මේ දෝලනය diagram එකේ, අපි දන්නවා ඒ සෝක පරාමාස විඤ්ඤාණ රේඛාව වටා ඒකේ කැරකැවීම, එතනත් anticlockwise. මෙතන පැවතිය හැකි ය. මෙය වේදනාව නිසා ය. මෙවිට ජාතිය, වේදනා ජරා සමඟ භය අගතියට පැමිණීම reverse alpha බැලීමෙන් වැටහේ. එනම් පහළ cone එක, ජාති වේදනා භය අගති (anticlockwise) වාමාවර්ත ව කැරකැවී ජාතිය, භය අගතියට පැමිණීම වේ. මෙවැනි ජරා වේදනා සහිත ධර්මතාවයන් මගේ යැයි නොගත යුතු ය.

ඒ වගේ ම (*2) අපි දන්නවා පරාමාසය clockwise කැරකෙන අවස්ථාව, forward wave එක. එතකොට අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එනවා, ඒ ජාතියට පාරවල් තුන ම හරහා. Odd, even paths, ඒ වගේ ම අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව.

එතකොට ඒ වගේ ම මේ දෝලනය diagram එකේ, අපි සංස්කාර නිසා clockwise කැරකෙනවා. එතන පවතිනවා යන්න ගැබ් වෙනවා. තව ද දෝලනය diagram එක (clockwise) දක්ෂිණාවර්ත ව කැරකවීම සංස්කාර කිරීම නිසා ය. අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංස්කාර නිසා 50% පාරට පැමිණීම සිදු විය. මෙම ද්වතාවය එනම් අත්තා නිසා (anticlockwise) වාමාවර්ත ව හෝ සංස්කාර නිසා (clockwise) දක්ෂිණාවර්ත ව දෝලනය නොකරන්නේ නම් නිර්වාණය බොහෝ දුර නොවේ.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 05/08/2023

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) එතකොට මෙතන මේ backward wave එක, ඔය නිත්‍ය යන්න සකස් වීම වේදනා නිසා ය, කියන එක තියෙනවා.

(*2) අර ඉස්සෙල්ලා 13/08/2015 භාවනාවේ.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

එතකොට මේ භාවනාව කරන්නේ, අපිට පේනවා ජාතිය නිසා සළායතනය කියන එක වුණා කියන එක. ඉතින් මේක කෙනෙකුට ඕනෙ නම් ඇඳගන්නත් පුළුවන්. අපි ජාති වේදනා චේතනා රේඛාවයි, ඊළඟට භය අගති ඉඳන් චේතනා රේඛාවයි. එතකොට භය අගතියේ ඉඳන් චේතනාවට විඤ්ඤාණ පච්චයා නාමරූපං කියලා එනවා. එතකොට ග්‍රන්ථ line එක තමයි වේදනාව තියෙන line එක.

ඊළඟට අපි සළායතන පච්චයා නාමරූපං කියලා චේතනාවේ ඉඳන් නාමරූපයට ලකුණු කිරීමක් තියෙනවා. ඒ වගේ ම අපි දැන් දන්නවා ඔය 50% පාරට එන්න, අර පැත්තෙන් එන්න ඕන, අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියලා. එතකොට විඤ්ඤාණ පච්චයා නාමරූප වෙන්න උදව් උපකාර වුණා කියන්නේ, මේ ජාතියේ ඉඳන් වේදනාවට තියෙන ඒ 50% පාර. එහෙම නම් අපිට ඔය ජාති වේදනා රේඛාවටත් විඤ්ඤාණ පච්චයා නාමරූපං කියලා ලියාගන්න පුළුවන්. එතකොට එහෙම නම් මෙතැන දී පේනවා මේ භාවනාව කරනකොට ජාතිය නිසා සළායතන විය, මෙයට විඤ්ඤාණ පච්චයෙන් නාමරූප එකතු නොකළ යුතු ය.

තව ද පහළ ලකුණු කළ භය අගතිය, ග්‍රන්ථ රේඛාව හරහා සුදුසු වූ ධර්මයෝ පමණක්, චේතනාව දක්වා ගෙන යා යුතු ය. එනම් චතුරාර්ය සත්‍යයෙන් තොර වූ ධර්මයෝ ගෙන යාම වැළකිය යුතු ය. මෙසේ චේතනාව ලකුණු කර ඇති ස්ථානයට සිත යොමු කරන්නේ ඉතාමත් සැනසීමක් ඇති විය. ශාන්ත ස්වභාවයක් ඇති විය. මෙය තණ්හා පපඤ්චය නැති වීම යැයි බුදුපියා පැවසුවා.

තවදුරටත් මේක ඉස්සරහටත් තේරුම් ගන්න උදව් උපකාර වෙන්න කියනවා නම්, විඤ්ඤාණ පච්චයා නාමරූපං, ඔය backward wave එක, ඔය 05/12/2016 නිබ්බාන භාවනාවේ, නිත්‍ය යන්න සකස් වීම වේදනාව නිසා ය. මෙහි විඤ්ඤාණ පච්චයා නාමරූපං යන්න උඩු අතට ලකුණු වේ. භය අගති සිට චේතනා දක්වා. කුමක් නිසා ද? භය අගතියේ සිට පැමිණි නිසා ය. Line 8 කියන එක විමසන්න. මෙහි දිට්ඨි සල්ලය ක්‍රියාත්මක ය.

ඊළඟට forward wave එක බැලුවොතින්, 05/12/2016 නිබ්බාන භාවනාවත් එක්ක, සංස්කාර ප්‍රත්‍යයෙන් වන විඤ්ඤාණ, පරාමාසගත වීම නිත්‍යයි ගත්තාට පසුව ය. මෝහයේ සිට පරිදේවයට අපි දන්නවා අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා. එතකොට අපි නිත්‍ය යැයි කියලා අරගෙන තියෙනවා. මෙතැන දී මෝහ සල්ලය ක්‍රියාත්මකයි. අන්න ඒ කාරණා දෙක කෙනෙකුට මතක තියාගන්න පුළුවන්, මේ ධර්මතාවයන් ඉස්සරහටත් බලනකොට. මේක තමයි මට එකතු කරන්න තියෙන්නේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

D_05_08_2023.jpg


s_oscillation.jpg


Jati.jpg