Date: 28/07/2023 Name: Amurthya

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

23/06/2023 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ආච්චිඅම්මාගේ තුවා දන් දීම මෙන් සිතන්නේ, රූපය නිසා වූ යම් ආස්වාදයක් වේ ද, එය නැති බව, දිර දිරා යන රූපයට ඇඟිල්ල දිගු කර පෙන්වා දෙන්නාක් මෙන්, ජරාව සිහි කර දෙන්නේ නන්දිය බැස යයි. වම් පැත්තේ ලියා ඇති ඡන්ද සමාධිය මෙවිට ක්‍රියාත්මක වේ. සංස්කාර මගින් සඤ්ඤාව සුඛ යැයි පවසන්නේ ලෝභ ද්වේෂ මෝහ මගින් ය. සංස්කාර ඉවත් කළ පසු, ලෝභ ද්වේෂ මෝහවලට එසේ කිව නොහැක. යථා ස්වභාවය දනී. කුමක් නිසා ද? යමක ආස්වාදය ඉවත් කළ පසු, එහි වටිනාකමක් නැතිවාක් මෙනි, වශයෙන් සඳහන් කළ ධර්මතාවය සිහි කළා.

සංස්කාර ඉවත් කිරීම, එමගින් ආස්වාදය ඉවත් කිරීම, එමගින් වටිනාකම නැති වීම. වටිනාකම නැති නිසා ලෝභ විය නොහැක, ද්වේෂ විය නොහැක, මෝහ විය නොහැක යනුවෙන් සිහි කළා.

මෙහි දී amazon එකෙන් මිල දී ගත් mouse එක සඳහන් කළ දිනයේ නොපැමිණි නිසා එයින් මිල දී ගැනීම යන සංස්කාර ඉවත් කිරීමත්, එම අය හොඳින් එම ව්‍යාපාරය කරනවා යන ආස්වාදය ඉවත් කිරීමත්, එමගින් එම ආයතනයට දී ඇති වටිනාකම නැති වීමත්, ඒ නිසා ලාභ වශයෙන් ගෙන ලෝභ විය නොහැක, ද්වේෂ විය නොහැක, මෝහ විය නොහැක යනුවෙන් විමසා බැලුවා.

විරිය මගින් අලුත් සංස්කාරයන් ඉවත් කරයි. මෙවිට විරිය ඉද්ධිපාදය අනුෂ්ඨිත වන්නේ ය. Hub එක කැරකැවීම නැත, steady. මෙහි අලුත් සංස්කාරයෝ යනු කුමක් ද? ඡන්ද සමාධිය මගින් පාණාතිපාත වැනි සංස්කාර ඉවත් කර ඇත්තේ, අරූප ධ්‍යාන ස්වභාවයට සිත පත්ව ඇත්තේ, එහි සිටීමට කැමැත්ත ඇති වේ. එවැනි අරූප ධ්‍යාන උපදවන සංස්කාර ඉවත් කිරීම, මෙහි දී විරිය ඉද්ධිපාදය මගින් සිදු කරන්නේ නම් එය අනුෂ්ඨිත වන්නේ ය.

මෙසේ විරිය ඉද්ධිපාදය අනුෂ්ඨිත වන්නේ නම් 50% පාරට, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා පැමිණීමක් නොවේ. වම් පැත්තේ ලියා ඇති ඡන්ද සමාධිය මෙහි දී ඉතා ප්‍රබල වී ඇත, යන්න සිහි කළා.

මෙහි දී චේතනා සිට ජීවිත ඉන්ද්‍රිය දක්වා, විරිය ලකුණු කළ රේඛාව, a වශයෙන් ලියා ගනිමු, e කොටස පරිදේව සිට පරාමාස, a සහ e සමාන්තර රේඛා (parallel lines). මෙහි දී a නැති වීම සමඟ e කොටස නැති වීම සිදු වේ. එනම් දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය a සහ e ධර්මයන් ඉවත් කිරීම සිදු වන්නේ නම්, විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය ස්ථාවර වේ (steady). නොසැලී ඉන්නවා.

මෙහි දී සෝක වේදනා සඤ්ඤා චේතනා ජීවිත ඉන්ද්‍රිය සහිත ත්‍රිශූලය දුටුවා. ඒක අපි දෙනවා.

s_trident.jpg

ඒ ත්‍රිශූලය ඔය කාම රාග අනුසය රේඛාව වටා තමයි කැරකෙන්නේ. මෙහි දී සෝක වේදනා සඤ්ඤා චේතනා ජීවිත ඉන්ද්‍රිය සහිත ත්‍රිශූලය, කිසිදු දහමක් නිසා භ්‍රමණය නොවේ. නිර්වාණය සාක්ෂාත් කරයි. මෙය අමෘතය වේ.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 05/08/2023

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේකට තව චුට්ටක් එකතු කරනවා නම්, ඔය ත්‍රිශූලය, වේදනාව එක උලක්. චේතනා තව උලක්. සඤ්ඤාව ලොකු ම දිග ම උලයි. එය සංසාරයේ ගෙනියයි. සසරේ ගෙනියයි.

මෙම භාවනාව කරන්නේ, ඉහත කරුණු සිහි කරන්නේ පරාමාසය වටා කිසිවක් කරකැවීම නතර විය. එහි අනාශ්‍රව ස්වභාවය ඇති නමුදු, මෙය open eye සහිත අනාශ්‍රවයක් ය. පසුව දී මෙය සිහි කිරීමෙන් පමණක් නැවතත් ඇති විය. තව ද repair කරන්නේ ඉද්ධි පථය බලා ඇත්තේ කුමක් සඳහා repair කරයි ද යන්න සිහි කරන්නේ ධර්මය දීමට හෝ ගැනීමට යන දෙකට මනස යොමු කරන්නේ, එම සංස්කාරවල ද ආස්වාදය ගතහොත්, ඉහත දෝලනය සහ ත්‍රිශූලය කරකැවීම විය හැකි යැයි සිතා, කරකැවීම නතර වීම සිදු විය.

මෙය සමඟ පරාමාසය ඇති තැන star එකක් විය. එහි ආලෝකය ඇති වුව ද එහි මැද හිස් ය. “Excellent” යැයි බුදුපියා පැවසුවා. පසුව දී මෙය සිහි කිරීමෙන් පමණක්, නැවතත් ඇති විය. කරුණාව පවත්වන්නේ සියල්ලෝ ම කුඩාවට පෙනිණ. එතකොට ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.