Date: 04/08/2023 Name: Amurthya 2

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

28/07/2023 අමෘතය භාවනාව නැවතත් කරගෙන ගියා. 21/07/2023 නිබ්බාන භාවනාවේ සඳහන් ධර්මය, එනම් line 8 වලින් පැමිණි අගයෝ විශ්‍රාම නොයවා, භය අගති සිට උඩු අතට යම් දිට්ඨි සල්ලයක් නිසා යන්නේ නම්, දෝලනය diagram එක (anticlockwise) වාමාවර්ත ව කැරකැවීම සිදු වේ. එය වේදනා නිසා පැවතිය හැකි ය යන සඤ්ඤා සහිතව සිදු වේ.

වේදනා සඤ්ඤා රේඛාව වටා, රූප වේදනා චේතනා cone එක වාමාවර්ත ව කැරකැවී රූපය චේතනා දෙසට එන බව සිහි කරන්න, යන්න සමඟ විමසා බලන්නේ, මෙහි පළමුව line 8 වලින් පැමිණි අගයෝ විශ්‍රාම නොයවා, භය අගති සිට උඩු අතට යම් දිට්ඨි සල්ලයක් නිසා යන්නේ නම්, එය මගින් ත්‍රිශූලය diagram එක (anticlockwise) වාමාවර්ත ව කැරකැවීම සමඟ වේදනා සඤ්ඤා රේඛාව වටා රූප වේදනා චේතනා cone එක වාමාවර්ත ව කැරකැවී රූපය චේතනා දෙසට එන බව වැටහිණ.

මෙහි දී වේදනාව ඉස්සී කොළයට ලම්බකව උඩින් පිහිටා, වේදනා සඤ්ඤා රේඛාව වටා රූප වේදනා චේතනා cone එක වාමාවර්ත ව කැරකැවී රූපය චේතනා දෙසට එන බව බුදුපියා පැවසුවා. එහි දී වේදනා අගය peak වී ඇත.

31/03/2018 වේදනා රාග curve එක අපි බලලා තියෙනවා. ඒකෙ අපි දන්නවා වේදනාවේ රාගය හටගැනීම 6.6. ඊට පස්සේ 7.7 උත්සන්නභාවය peak එක. ඊට පස්සේ 8.2 ඒක අර මැරිලා යන අවස්ථාව, ඒ 50% පාරත් එක්ක සම්බන්ධ කරලා.

එතකොට මෙතෙන්දි 40% පාර විශේෂිතයි. 4.4 දි සුඛය පරාමාසගත වුණා. 5.5 දි අත්තා යැයි කියලා ගත්තා. 6.6 දි දිට්ඨි අනුසය වෙනවා. මෙය වේදනාවේ රාගය ඇති වීමට තුඩු දිය. දැන් 7.7 දි නන්දි වීම ඇති වන්නේ, එය උත්සන්නභාවයට පත් වෙනවා යනුවෙන් ඉගෙනගෙන ඇත.

ඉහත ධර්මය විමසීමේ දී අවිද්‍යා ආශ්‍රව සිට දිට්ඨි ආශ්‍රව වීම පළමුව සිදු වේ. මෙහි විඤ්ඤාණ පච්චයා නාමරූපං යන ධර්ම කොටස ක්‍රියාත්මක වේ. දෝලනය වාමාවර්ත ව කැරකැවීම සිදු වේ.

මෙහි දී දිට්ඨි සල්ලයෙන් කැරකෙන්නේ ත්‍රිශූලය diagram එක වාමාවර්ත ව කැරකැවේ. මෙහි දී 40% පාර විද්‍යාමාන ය.(*1) සංකල්පය 50% පාර, මෙයට එකතු වීම සඳහා අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම සිදු වේ.(*2) මෙසේ දිට්ඨි ආශ්‍රව පළමුව වීමත්, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දෙවනුව සිදු වන්නේ, රූප වේදනා චේතනා cone එක වාමාවර්ත ව කැරකැවී රූපය චේතනා දක්වා පැමිණේ. මෙය 8.2 ය. අවිද්‍යා ආශ්‍රව අට වෙනි රවුමෙන් පසුව යැයි කියන්නේ මේ නිසා ය. ඒක අපි දන්නවා දහ වෙනි රවුමයි කියලා.(*3)

සතර ඉද්ධිපාදයෝ භාවිතා කරන්නේ නම්, කිසිදු දහමක් නිසා භ්‍රමණය නොවේ. නිර්වාණය සාක්ෂාත් කරයි. මෙය අමෘතය වේ.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 19/08/2023

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඉතින් එතන දිට්ඨි අනුසය මගින් එය කරනු ලබයි. ඒ නිසා ය.

(*2) එතකොට මෙතන අපිට පේනවා, මේ fridge එක හොයාගෙන යනවා. Salesman එක්කගෙන යනවා නෙමෙයි. අනාගත භවය දැඩිව ගැනීම, සීලබ්බත උපාදානය බලපානවා.

(*3) අත්තා යන්නෙහි පසු සඤ්ඤාව අවිද්‍යා ආශ්‍රව. රූපය චේතනා දක්වා පැමිණ තමයි අපිට මේ අත්තා කියන එක. එතකොට 8 වෙනි රවුමෙන් පසුව තමයි අවිද්‍යා ආශ්‍රව කියන එක, අපිට ඒක වැටහෙනවා ඒ නිසා.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

එතකොට මේක තමයි භාවනාව. ඉතින් මෙතෙන්දි මේ සතර ඉද්ධිපාදයෝ භාවිතා කරන්නේ, ඒ සංස්කාර, ඒ ඡන්දයෙන් අයින් කරනවා. එතකොට සහ සඤ්ඤා, විරිය මගින් ඉවත් කරන්නේ, පෘථිවිය භ්‍රමණය වීම ද දුටුවා. ඒක මට පේන්නේ පහළින්. ඒ කියන්නේ වාමාවර්ත ව කරකැවීම. ඒ කියන්නේ මම උතුරේ ඉඳගෙන තමයි බලාගෙන ඉඳලා තියෙන්නේ. මොකද උතුරේ ඉඳන් බැලුවොත් තමයි අපිට පේන්නේ මේ පෘථිවිය වාමාවර්ත ව කැරකෙනවා කියන එක.

ඉතින් මෙතන මේ දෝලනය diagram එක හොඳින් විමසන්න. ඒක බලන්න මේ ජරාව පැත්තෙන්. එතකොට අපිට පේනවා මේ ජරාව, එතන සෝක පරාමාස විඤ්ඤාණ, ඒ රේඛාව, ඒක axis එක හැටියට තියෙනවා. එතකොට අපිට පේනවා ඔය පරිදේවය කියන තැන, 3 කියන එක ගන්න පුළුවන් clock එකේ. නාමරූප, 9 කියන එක ගන්න පුළුවන්.

එතකොට ජරාව පැත්තෙන් බලා, ඡන්ද සමාධිය සංස්කාර ඉවත් කිරීම සිහි කරන්න. ජරාව බව දැන පාණාතිපාතය ඉවත් කරන්න. සුභ යැයි ගත්තොත් විඤ්ඤාණ ජරා වේ. ශුක්‍රාණු හොරකම් කරගත්තොත් විඤ්ඤාණ ජරා වේ. කාමයේ වරදවා හැසිරෙන්නේ විඤ්ඤාණ ජරා වේ, ජරාව ව්‍යාධිය ඇති වේ ආදී වශයෙන් සිතන්න.

ජරාව පැත්තෙන් බලා ව්‍යාධිය සහිතව සිට බිය වී, නාමරූප එකතු නොකළ යුතු ය, යනුවෙන් චිත්ත සමාධියේ දී සිතන්න. සිත ඉතා ප්‍රභාස්වර වෙනවා. එතකොට සිත නතර වීමත්, ඒක වෙනවා.

ඉතින් මේක මේ හුඟ දෙනෙකුට මේ diagram එක කැරකවීම කියන එක තේරුම් ගැනීම අපහසු වෙලා තියෙන බව පේනවා.

ඉතින් ඔය ත්‍රිශූලය diagram එක, සඤ්ඤාවට උඩින් එම කොළයේ ම තැනක ඉඳගෙන බලාගෙන කැරකවීම ලෙස ගැනීමෙන් වාමාවර්ත ව කැරකීම වැටහෙනවා. ඒ කියන්නේ අපි පැන්සලක් අරගෙන සඤ්ඤා කෙළවරින් අල්ලාගෙන, පැන්සලේ තුඩ කියන්නකෝ, සඤ්ඤා කෙළවරින් අල්ලාගෙන, වේදනාව 3 o’clock, චේතනාව 9 o’clock, දිහා බලාගෙන වාමාවර්ත ව කැරකවීම කරන්න.

ඒ වගේ ම, රූප වේදනා චේතනා cone එක වාමාවර්ත ව කැරකීම වටහා ගැනීම සඳහා සඤ්ඤාවට උඩින් කොළයේ ම තැනක සිට බලාගෙන කැරකවීම කරන්න. එනම් පැන්සලක් ගෙන සඤ්ඤා කෙළවරින් අල්ලාගෙන රූප 3, චේතනා 9 o’clock දිහා බලාගෙන වාමාවර්ත ව කැරකවීම කරන්න.

එතකොට ඒකෙ අපිට පේනවා, උඩ ඒක බලනකොට සඤ්ඤා කෙළවරින් ඒ සඤ්ඤාව පැත්තෙන් බලන්නේ. පල්ලෙහා අපිට පේනවා, දෝලනය කතාවේ දී ජරාව පැත්තෙන්. ඉතින් අපි ජරා වෙලානේ ඉන්නේ. ජරාවේ ඉඳන් තමයි බලන්න ඕන. අනිත් අතට ඉතින් සඤ්ඤාවේ ඉඳන් තමයි බලන්න ඕන. තමන් ඉතින් සුභ සුඛ අත්තා සඤ්ඤා ඇතුව නේ යමක් දිහා බලන්නේ.

ඒ වගේ ම තේරුම් ගත යුතු දෙයක් තමයි, මේ පැන්සලක් අරගෙන සඤ්ඤා කෙළවරින් අල්ලාගෙන වේදනාව 3 o’clock චේතනා 9 o’clock දිහා බලන්නේ, වාමාවර්ත ව කරකැවීම කරන්නේ පැන්සලේ අනිත් කෙළවරින්, එහා පැත්තේ ඉඳන් බලන අයකුට, එයාට පෙන්නේ මේක clockwise කියලා. දක්ෂිණාවර්ත ව කියල, පෘථිවියෙත් ඒ විදිහයි. ඒ North pole එකේ එහා ඉඳන් කවුරුහරි බැලුවොත් එයාට වාමාවර්ත ව කියලා පේනවා. South Pole එකේ පහළ ඉඳන් කවුරුහරි කෙනෙක් බැලුවොත් එයාට පේනවා මේක දක්ෂිණාවර්තවයි කැරකැවෙන්නේ කියලා.

ඉතින් මේ 4 වෙනිදා ධර්මය දෙනකොට, මේ අවස්ථාව වෙනකොට ගෞතම බුදුහාමුදුරුවෝ බණවර 16,000 ක් දේශනා කළා කියලා අකනිට්ඨාවෙන් බණවර බලන විදිහට පැවසුවානේ අපි කලින්. ඒකෙන් 12,000 ක් විනාසයි. 4,000 යි ඉතුරු වෙලා තියෙන්නේ. දැන් මේ වෙනකොට අපිට 8,000 ක් ලැබිලා තියෙනවා කියන එක කියන්න පුළුවන්.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_oscillation.jpg


s_trident.jpg


RupaNandi.jpg