Date: 11/08/2023 Name: Amurthya 3

උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

04/08/2023 අමෘතය 2 භාවනාව නැවතත් කරගෙන ගියා. විඤ්ඤාණ පච්චයා නාමරූපං යන ධර්ම කොටස ක්‍රියාත්මක වේ. දෝලනය (anticlockwise) වාමාවර්ත ව කැරකැවීම සිදු වේ, යන ධර්මතාවය සිහි කරන්නේ මෙහි උපාදාන වශයෙන් අත්තවාද උපාදානය ගත යුතු ය, යනුවෙන් බුදුපියා පැවසුවා.

මෙහි දී දිට්ඨි සල්ලයෙන් කැරකෙන්නේ, ත්‍රිශූලය diagram එක (anticlockwise) වාමාවර්ත ව කැරකැවේ. මෙහි දී 40% පාර විද්‍යාමාන ය.(*1) මෙහි දී උපාදාන වශයෙන් දිට්ඨි උපාදානය ගත යුතු ය, යනුවෙන් වැටහුණා.

සඤ්ඤා උපග විඤ්ඤාණං තිට්ඨති යන්න, මනා කොට වැටහේ. කුමක් නිසා ද? කාමරාග අනුසය රේඛාව වටා ත්‍රිශූලය diagram එක වාමාවර්ත ව කැරකැවෙන්නේ, වේදනා චේතනා සෙලවීම වුවත්, සඤ්ඤාව අල්ලා ගත හැකි ලෙස නොසෙලවී පවතී යන්න පෙනේ. සංකල්පය 50% පාර මෙයට එකතු වීම සඳහා අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම සිදු වේ. Fridge එක හොයාගෙන යනවා. Salesman එක්කගෙන යනවා නොවේ. අනාගත භවය දැඩිව ගැනීම, සීලබ්බත උපාදානය බලපායි.

එතකොට මෙතන කෙනෙකුට පේනවා අර diagram එකක් වගේ පරාමාස චේතනාව අතර ඒ සීලබ්බත උපාදාන, එතනින් අර torch එක අල්ලනවා වගේ විඤ්ඤාණ පැත්තට නිත්‍යයි කියලා. ඊට පස්සේ පහළ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රව, ඒ 50% පාරට ඒම, ජාති වේදනා රේඛාවට ඒම එහෙම පේනවා.(*2)

මෙසේ දිට්ඨි ආශ්‍රව පළමුව වීමත්, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දෙවනුව සිදු වන්නේ, රූප වේදනා චේතනා cone එක වාමාවර්ත ව කැරකැවී, රූපය චේතනා දක්වා පැමිණේ. මෙහි උපාදාන වශයෙන් කාම උපාදානය ගත යුතු ය, යන්න වැටහිණ.(*3)

තව ද සංකල්පය 50% පාර මෙයට එකතු වීම සඳහා, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම සිදු වේ, යන්න සිහි කරන්නේ මෙය ධම්මමච්ඡරිය වීම සඳහා ය. සීල වෘත උපාදාන වීම සඳහා ය, යන්න වැටහිණ.

ආයතන සටහන්වල පිටුව 3 සිහි විය.(*4) ඒක අපි දන්නවා අර උදැල්ල 1, ඒ සඤ්ඤාවේ ඉඳන් පරාමාසයට. ඊළඟට උදැල්ල 2 තියෙනවා, වේදනාවේ ඉඳන් මනොසඤ්‌චෙතනා ආහාරයට. සඤ්ඤාව, වේදනා සිට චේතනාව දක්වා වූ රේඛාව වටා පරාවර්තනය වන්නේ නම් එය වරදවා වටහා ගනී. එය සීල වෘත උපාදාන වීමට තුඩු දේ. මෙය මෙතනින් අවසන් නොවේ. වේදනාව, සඤ්ඤාව සිට පරාමාසය දක්වා වූ රේඛාව වටා පරාවර්තනය නොවන්නේ නම්, චේතනා අගයෝ ගිලිහී යෑම විය හැකි ය. එසේ පරාවර්තනය නොවන්නේ නම් සීල වෘත උපාදාන විය නොහැක. මේ සඳහා ධම්මමච්ඡරිය අවශ්‍ය ය.

උදාහරණ වශයෙන් සත්වයන් වැඩක් නැතිව සිටින විට විනෝදය සඳහා යමක් සොයන බව අපි දනිමු. මෙය තමා නිසා දෝලනය වීමයි. චිත්‍රපටියක් සංගීත සංදර්ශනයක් ආදිය මගින් යම් වේදනාවක් පතන්නේ, එම චිත්‍රපටිය හෝ සංගීත සංදර්ශනය මගින් හෝ නොලැබෙන්නේ නම්, එනම් ජෝතිපාල බයිලා කීමෙන් පසු අමරදේවව දමනවා මෙන් සිදු වන්නේ නම්, එම වේදනා අගය සඤ්ඤාව සිට පරාමාසය දක්වා වූ රේඛාව වටා පරාවර්තනය නොවන්නේ, චේතනා අගයෝ ගිලිහී යයි නම්, චිත්‍රපටිය නොබලයි. සංගීත සංදර්ශනයෙන් ඉවත් වේ.

මෙම ධර්මතාවය මෙසේ දකින්නේ, “අයියෝ” යැයි කිය වේ. මනස තීව්‍ර වේ, serious වෙනවා. අයියෝ යැයි කියවෙන්නේ සංසාරයේ මේ තාක් දුර කරගත් අපරාධය නිසා ය. මනස තීව්‍ර වන්නේ දිට්ඨින් බිඳී යෑම නිසා, සිත සතර ආහාර දුක්ඛය ඉක්මවන නිසා බව බුදුපියා පැවැසුවා.

මෙතරම් ශ්‍රේෂ්ඨ වූ ගැඹුරු ධර්මයක් ඉතා සරලව අපිට ඉගැන්වීම ගැන මුළු මණ්ඩලයට ම කෘතඥතාවය පළ කළා. සතර ඉද්ධිපාදයෝ භාවිතා කරන්නේ නම් කිසිදු දහමක් නිසා භ්‍රමණය නොවේ. නිර්වාණය සාක්ෂාත් කරයි. මෙය අමෘතය වේ.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 19/08/2023

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඒකෙ දිට්ඨි අනුසය මගින් ඒක කරනු ලබනවා. ඒ නිසයි.

(*2) ඒ diagram එක එතනට බොහොම වැදගත්.

(*3) ඉතින් මෙතෙන්දි අපිට පේනවා, ඔය 09/10/2014 විපරිණාම දුක්ඛතා භාවනාවේ, අර 5a කියලා අපි ලකුණු කරනවා පරාමාස භය අගති. එතකොට 5b කියලා ලකුණු කරනවා වේදනා ගිද්ධිලෝභ. එතකොට 5a වුණහම අපි අත්තා කියලා ගත්තහම තමයි ඒක ලාභයි කියලා ගන්නේ. රූපය ලාභයක් වීම. ඒ පාර 6a කියන එක, දිට්ඨි අනුසය මගින් ඒ කියන්නේ භය අගති වේදනා, එහෙම වුණහම අපිට පේනවා අර 6b කියන එක ගිද්ධිලෝභ ඉඳන් රූප දක්වා. ඒ රූපය වෙත 6a දිට්ඨි අනුසය මගින් රූපයට මනස යොමු වීම කියන එක තියෙනවා.

(*4) අර උදලු 2 කියන එක තියෙනවා.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේකේ පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම්, ඔය අපි AKDS කියලා එහෙම බලලා තියෙනවා නේ. එතකොට දැන් මෙතන බැලුවහම, ඒ කියන්නේ අත්තවාද උපාදාන, කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන වශයෙන්. ඉතින් මෙතෙන්දි කල්පනා කළා මම මේකේ කොයි එක ද පෙර වෙලා තියෙන්නේ කියලා. ඒ අත්තවාද උපාදානය වුණාට පස්සේ, කාම උපාදානය ද? නැත්නම් දිට්ඨි උපාදානය ද?

මෝහය පැත්තෙන් බලන්නේ දිට්ඨි සල්ලයෙන් කැරකෙන්නේ මෙහි දී අලුත් දිට්ඨීන් සකස් වන්නේ ය. මෙය දිට්ඨි උපාදාන සකස් වීම ලෙස ගත යුතු ය. ඒ කියන්නේ අත්තවාද උපාදානයෙන් දිට්ඨි උපාදාන.

දැන් ඔය අපි ඉස්සර AKDS කියලා බලපු වෙලාවේ දී, උදාහරණ වශයෙන් පෙන්නනවා 12/02/2016 උපාදාන භාවනාවේ, මෙතෙන්දි අපිට පේනවා දිට්ඨි උපාදානය පෙර ඇති වෙලා තියෙනවයි කියන එක. ඒ කියන්නේ ඒකෙ විස්තරය බැලුවොත් පේනවා, එතකොට යම්කිසි වේදනාවක් පරාමාසගත වුණා නම් ඔය q රේඛාවේ, ඒ කියන්නේ වේදනා පරාමාස හරහා, ඒක මගින් අපිට අත්තා කියන එක සෑදෙනවා කියලා. එහෙම නම් කාම උපාදානය කියන එක අපිට ඇති වෙනවා.

කාම උපාදානය පරාමාසයේ ඉඳන් භය අගතිය දක්වා. එතකොට කාම උපාදානය වෙනවා නම්, රූප වේදනා ගිද්ධිලෝභ belt එක කැරකෙනවා. ඒක කැරකෙනවා නම්, නාමරූප කියන එක සෑදෙනවා.

එතකොට යම් අභ්‍යන්තර සුභ සඤ්ඤාවක් වී ද, මෙය ක්‍රියාත්මක වන්නේ පෙරටත් වඩා ගරු ගාම්භීර ලෙස අත්තවාද උපාදානය මගින් නියම කරන ලද රූපය, ඉතා ම පහසුවෙන් දිට්ඨි උපාදානය පිළිගනු ලබනවා. ඒ කියන්නේ පිළිගනු ලබනවා කියන්නේ, එහෙනම් කලින් දිට්ඨි උපාදානය කියන එක ඇති වෙලා තියෙන්න ඕන.

ඉතින් මේ විදිහට බැලුවහම අපිට පේනවා, order of arising කියන එක. කොහොම ද මේක ඇති වෙන්නේ, අත්තවාද උපාදානයෙන්, අපි දන්නවා එතන දෝලනය diagram එක, ඊට පස්සේ දිට්ඨි උපාදානය, එතන ත්‍රිශූලයත් එක්ක ආවා. එතකොට ඊළඟට සීලබ්බත උපාදාන කතාව එනවා. ඒකෙන් එනවා කාම උපාදානයට. එතකොට ADSK කියන එකයි ඒ ඇති වන පිළිවෙළ. එතකොට දිට්ඨි සල්ලයෙන් කැරකෙන්නේ ත්‍රිශූලය diagram එක වාමාවර්ත ව කැරකැවේ.

මේ දිට්ඨි උපාදාන කුමක් නිසා ද? දොර පොල්ල ගැන සිතන්න. දොර පොල්ල සෑදීමට තුඩු දුන් දිට්ඨි අනුසය ගැන සිතන්න. ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_oscillation.jpg


s_trident.jpg


MM_19_08_2022.jpg


S_Ayatana/S_Ayatana-03.jpg