උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
11/08/2023 අමෘතය 3 භාවනාව නැවතත් කරගෙන ගියා. විඤ්ඤාණ පච්චයා නාමරූපං යන ධර්ම කොටස ක්‍රියාත්මක වේ. දෝලනය (anticlockwise) වාමාවර්ත ව කැරකැවීම සිදු වේ. මෙහි උපාදාන වශයෙන් අත්තවාද උපාදානය ගත යුතු ය, යන ධර්මතාවය සිහි කර, ත්‍රිශූලය diagram එක වාමාවර්ත ව දිට්ඨි සල්ලයෙන් කැරකැවෙන්නේ, අත්තවාද උපාදානයේ p කොටස, එනම් සෝක සිට වේදනාව දක්වා කොටස, දිට්ඨි උපාදානය හා එක් වන්නේ, වේදනාව දිට්ඨි අනුසය මගින් කොළයෙන් උඩ අතට ඉස්සවීම වන බව වැටහිණ.(*1) මෙහි දී අත්තවාද උපාදානයේ p කොටස, එනම් සෝක සිට වේදනාව දක්වා කොටස, දිට්ඨි උපාදානය හා එක් වන්නේ දිට්ඨි අනුසය සෑදෙන බව බුදුපියා පැවසුවා.(*2)
සංකල්පය, 50% පාර, මෙයට එකතු වීම සඳහා අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම සිදු වේ. අනාගත භවය දැඩිව ගැනීම, සීලබ්බත උපාදානය බලපායි. ඉතින් මෙතෙන්දී කෙනෙකුට පේනවා, අර පරාමාස චේතනා, එතන ඒ සීලබ්බත උපාදාන, ඒකෙන් torch එක අල්ලනවා වගේ විඤ්ඤාණ පැත්තට නිත්‍යයි කියලා, එතකොට විඤ්ඤාණ ආහාර පාරේ පහළ අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රව, අර 50% පාරට පැමිණීම කියන එක තියෙනවා.
මෙසේ දිට්ඨි ආශ්‍රව පළමුව වීමත්, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දෙවනුව සිදු වන්නේ, රූප වේදනා චේතනා cone එක (anticlockwise) වාමාවර්ත ව කැරකැවී, රූපය චේතනා දක්වා පැමිණේ. මෙහි උපාදාන වශයෙන් කාම උපාදානය ගත යුතු ය, යනුවෙන් ඉගෙන ගතිමු.
ඉතින් මෙතන කෙනෙකුට මතක් කරගන්න පුළුවන් අර diagram එක, 09/10/2014 විපරිණාම දුක්ඛතා කියන භාවනාවේ අපි දුන්නා, 5a කියලා ලකුණු කරලා පරාමාසයේ ඉඳන් භය අගතියට, වේදනාවේ ඉඳන් ගිද්ධිලෝභයට 5b කියලා. 5a අත්තා කියලා ගත්තම 5b රූපය ලාභයක් වීම. ඒ වගේ ම 6a ලකුණු කරා භය අගතියේ ඉඳන් වේදනාවට, 6b කියලා ලකුණු කරා ගිද්ධිලෝභයේ ඉඳන් රූපයට. 6a දිට්ඨි අනුසය මගින් රූපය වෙත මනස යොමු වීම.
මෙහි කාම උපාදානය, සීලබ්බත උපාදානය නිසා ඇති වූ නිත්‍යභාවයේ බලපෑම ඇතිව දිට්ඨි ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම ඇත්තේ 07/11/2015 භූත සටහන මෙන් කාම උපාදානය වටහා ගත යුතු ය. මෙහි සීලබ්බත උපාදානය නිසා කාම තණ්හා ද, කාම තණ්හා නිසා කාම උපාදාන වීම දැකීම වැදගත් ය. මෙයට දිට්ඨි උපාදානය එකතු වී ඇත්තේ ගලවාගත නොහැකි තරමට බැඳීම රූපය කෙරෙහි සිදු වේ. සසරේ සැරිසරයි.
ඔය 25/08/2018 නිබ්බාන භාවනාවේ දී අපි අර (*3) π අකුර සහිත diagram එකක් ඉගෙන ගත්තා. එතකොට ඒ π අකුරේ ධර්මය අපි දන්නවා. අත්තා කියලා ගත්තා නම් එතන අපි දන්නවා සඤ්ඤා කොටස් මනොසඤ්චෙතනාව දක්වා ආවා නම් ධම්මමච්ඡරියත් ඔතෙන්ට ඇවිල්ලා නේ තියෙන්නේ, එතනින් අත්තා කියලා ගත්තා, විඤ්ඤාණය, එතනින් නිත්‍ය සඤ්ඤාවට, එතනින් එනවා දිට්ඨි ආශ්‍රවයට, දිට්ඨි ආශ්‍රවයෙන් අපි එනවා කාම ආශ්‍රවයට.
එතකොට එක පැත්තකින් අපිට පේනවා මේ විදිහට, දැන් ඔය පථය ගත්තහම, ඒ අත්තා නිත්‍ය, දිට්ඨි ආශ්‍රව, දිට්ඨි සල්ල, මේකෙන් අනතුරුව සඤ්ඤාව සනාථ කරනවා. නැවතත් දිට්ඨි ආශ්‍රව වීම පළමුව සිදු වෙනවා. ඒ කියන්නේ සුඛ යන සඤ්ඤාව කාම ආශ්‍රව දක්වා යෑම පළමුව සිදු වෙනවා. එතකොට භය අගතිය කරා යෑම කියන එක දෙවනුව තමයි සිද්ධ වෙන්නේ. එතනින් වෙන්නේ මොකක් ද? භය අගති, දිට්ඨි අනුසය, වේදනා එතනින් රූප යනුවෙන් සාකච්ඡා කර ඇත.
රූපය චේතනාව දක්වා කොළේට ලම්බකව උඩු අතට ලකුණු කළ වේදනාව සහිතව ගෙන යන්නේ මෙහි දී ගිද්ධිලෝභ, චේතනා, භය අගති cone එක භ්‍රමණය වීම සිදු වේ. මෙහි භ්‍රමණය ග්රන්ථ රේඛාව වටා ය. එමගින් මමංකාරය අහංකාරය සමඟ එකතු වේ.
ඉතින් මෙතන කෙනෙකුට ඇඳගන්න පුළුවන් diagram එක වාගේ ගිද්ධිලෝභ, චේතනා, භය අගති. එතකොට ඒකෙ මැද්දේ පරාමාසය තියෙනවා. චේතනා ඉඳන් භය අගති රේඛාව. එතකොට චේතනාව ඉඳන් පරාමාසයට මමංකාරය, පහළ පරාමාසයේ ඉඳන් භය අගතියට අහංකාරය. එතකොට curve arrow එකක් දාලා, ලකුණු කරගන්න පුළුවන් චේතනාවේ ඉඳන් භය අගතියට, මමංකාරය අහංකාරය සමඟ එකතු වේ කියලා.
මමංකාරය අහංකාරය සමඟ එකතු වී භය අගතිය දක්වා රූප අගයෝ ගෙන යෑම සිදු වේ. මෙය සිදු වන්නේ 7.2 න් පසුව ය, මෙහි දී ජාති, වේදනා, භය අගති cone එක පෙනිණ.
එතකොට එතන අපිට එනවා. ඒ ජාති, වේදනා, භය අගති cone එකේ, අපි පල්ලෙහාට රේඛාවක් ඇන්දොතින් වේදනාවේ ඉඳන් එකේ භව ආශ්‍රවය කියන එක ලකුණු වෙනවා. එතකොට භය අගතියේ ඉඳන් curve arrow එකක් භය අගතියේ ඉඳන් ජාතිය දක්වා.
මෙම cone එක වේදනා සිට භව ආශ්‍රව දක්වා වූ රේඛාව වටා කරකැවීම වන්නේ, ජාතිය සනාථ කරයි, odd path කියන එක ගන්න පුළුවන්. එනම් භය අගති දක්වා ගෙන ආපු රූප අගයෝ ජාතිය දක්වා ගෙන යෑම සිදු වේ. මෙයට පෙර ජාතිය භය අගතිය දක්වා ගෙන ඒම සිදු විය. එය වේදනාව නිසා ය. මෙසේ වටහා ගන්නේ නම් ජාතිය දුක බව හොඳින් වැටහේ. කුමක් නිසා ද? බිය සහිතව ම එහි පැමිණි බැවිනි. මෙම ධර්මතාවය දැන සතර ඉද්ධිපාදයෝ භාවිතා කරන්නේ නම් කිසිදු භූමියක ඉපදීමක් ඇති නොවේ.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 02/09/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) එතකොට මෙතන මේක මේ ටිකක් සියුම් අවස්ථාවක් ඒක නිසා පොඩ්ඩක් කියන්න පුළුවන්. ඒක තව ටිකක් පැහැදිලි කරනවා නම්, මාන විය හැකි සංස්කාර ඔය p හරහා ගලනවා. පදුට්ඨමනසඞ්කප්පයේ බලපෑම. මෙය හදාගත්ත නිත්‍යභාවයක්. ඒ කියන්නේ අපි හිතමු, වඩු බාසුන්නැහේ කෙනෙක් වඩු වැඩ කරනවා, ඒ පුටුවල ගණන මිනිසුන් ඇවිත් විමසන නිසා වඩුවා සතුටු වීම වැනි ය. පුටු විකිණෙනවා යැයි නොකියයි. පහළ ධාරාව, ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව, ඒ විකිණෙන නිසා නොගලයි, එනමුදු පෙර පුරුද්ද නිසා ගලයි. විකිණේයි යන හැඟීම ඇතිව කරන වඩු කර්මාන්තය. තවම දිට්ඨි අනුසය නැත. අන්න ඒ කෑල්ල එකතු කරන්න පුළුවන්.
(*2) එතකොට මෙතනට තව පොඩ්ඩක් එකතු කරනවා නම්, මෙහි දී පුටු විකිණේ යන්න සිදු වේ. ඒ නිසා ඇති වූ දිට්ඨි උපාදානය ඇත. ඒ කියන්නේ මේ business එක හොඳට කෙරෙනවා, මේක කරන එක හොඳයි කියලා, එයාට confirmation එකක් තියෙනවා. මෙයට චේතනා සිට පරාමාස A යනුවෙන් දැක්වෙන දිට්ඨි කොටස සහ පහළ ධාරාව ගලන නිසා වන සුඛය එකතු වීම ඇත. එතකොට අන්න ඒ කෑල්ල එකතු කළහම කෙනෙකුට පේනවා මේක වෙනස් වෙන්නෙ කොහොම ද කියන එක, දිට්ඨි අනුසය සෑදීම කියන එක.
(*3) අත්තා පථයක් එහෙම ඉගෙන ගත්තා.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
මේ භාවනාව කරලා, ඒ අකනිට්ඨ මණ්ඩලයට කෘතඥතාවය පළ කරන්නේ, හිස් බවක් දැනුණා. හිස් බව දැනුණා යැයි සිහි කරන්නේ ඔබට එසේ දැනීම සාධාරණ යැයි බුදුපියා පැවසුවා. ඒ සමඟ ම හිස් බව අඩු විය. එනම් මෙහි දී බුදුපියවරු පවා නොගැනීම සිදු විය. ඇල්ම නැත.
තවත් ටිකක් එකතු කරනවා නම්, ඔය අත්තවාද උපාදානයේ p කොටස එනම් සෝක සිට වේදනා දක්වා කොටස, දිට්ඨි උපාදානය හා එක් වන්නේ, දිට්ඨි අනුසය සෑදෙනවා යන්න විමසන්නේ, දිට්ඨි අනුසය මගින් කාමරාග අනුසය විසින් හඳුන්වා දුන් සඤ්ඤාව සුඛ යැයි ස්ථිර කරයි. මෙසේ වන්නේ අනාගත භවය දැඩිව ගැනීම සීලබ්බත උපාදානය ක්‍රියාත්මක වෙයි. මෙය මගින් අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම සිදු වේ. සඤ්ඤාව නිසා මෙය හොඳයි, මේ භාණ්ඩය ගන්න යැයි කියනවාක් මෙනි.
තවත් කාරණයක් එකතු කරනවා නම්, ඒක කියන්න පුළුවන්, හැබැයි මේ කාරණය පැටලෙනවා නම් අත්හරින්න. ඒක දෝලනය නිසා වන ක්‍රියාවලිය තේරුම් ගැනීම සඳහා අවශ්‍ය වෙන්නේ නෑ, මොකද මේ පෙළක් ධර්මයන් කිව්වට අපි ඒ පෙළක් වෙලාවට අපි ඒක බොහොම සැරට දකිනවා, දකින දේ කියනවා, ඉතින් ඒක නිසා පැටලෙන්න පුළුවන්.
ඔය උදාහරණයකට කියනවා නම්, ඔය 4 වෙනිදා අපි භාවනාවේ මේ පෙන්නා දීලා තියෙනවනේ වේදනා රාගය කියන එක එහෙම, එතකොට ඒක හරි, නමුත් ඒක සැර වැඩියි, එතන 4.4 ගත්තා නම් ඇතියි කියන එක රහතන් වහන්සේ කිව්වා. ඉතින් ඒක ඒ වගේ අපි අර දකිනකොට ගොඩක් දේවල් කිවුවහම ඉතින් පැටලෙන්න පුළුවන්, අන්න ඒකයි මේ ප්රශ්නය තියෙන්නේ.
එතකොට මෙතන මේ කාරණය තමයි, ඒ සුඛ යන සඤ්ඤාව කාම ආශ්‍රව දක්වා යෑම පළමුව සිදු වෙනවා. මේ වන විට නිත්‍යභාවය නිසා දිට්ඨි ආශ්‍රවය සිදු වී ඇත්තේ, භව ආශ්‍රවය හරහා කැරකවීම ආරම්භ වී ඇත. මෙම ක්‍රියාවලිය සෝකය ළඟ දී, ඒ කියන්නේ පවතිනවා යන්න මත පැවතීම ගැලීම ආරම්භ වේ. මෙවිට සෝකය, භව ආශ්‍රවය, භවරාග අනුසය යන තුන් ධර්මයෝ එක ම රේඛාවක පිහිටයි. එනම් align වීම සිදු වේ. මෙය උත්පත්තිය සඳහා බලපාන විශේෂිත වූ ධර්මයක් වන්නේ ය. මෙය භවය, භෝගය, වෝකාරය යන cone එකේ බලපෑම නිසා ම සිදු වී ඇති බව වැටහිණ. Align වීම දක්වා මෙනෙහි කරන්නේ ඵල චිත්තය මුළු නළල පුරා ම පැවැතිණ, ආලෝකය සහිත ය, සිත සෘජු ය. ඔබට දැන් ආශ්‍රව නැසිය හැකි බව බුදුපියා පැවසුවා. මම එසේ නොකරමි යැයි පැවසුවා.
එතකොට ඒක, අපි ඔය භවරාග අනුසය 2 diagram එකක් එහෙම කලින් දීලා තියෙනවා, ඒකත් එක්ක කෙනෙකුට ඕනෙ නම් බලන්න පුළුවන්, මං කිව්වේ අමාරු නම් ඒක අතහරින්න. මේ දෝලනය තේරුම් ගන්න නම් මේක ඕනේ නෑ.
තවත් කාරණයක් එකතු කරනවා නම්, භය අගති දක්වා ගෙන ආපු රූප අගයෝ ජාතිය දක්වා ගෙන යෑම සිදු වේ යැයි පැවසූ අවස්ථාවේ දී, සියල්ල සූදානම් කර ඇත්තේ එනම් සඤ්ඤාව සුඛ යැයි අනුමත කර ඇත්තේ, එයට පෙර වේදනා අගය චේතනා දක්වා peak වී ගොස් ඇත්තේ, මෙවන් රූප ස්පර්ශය සුදුසු යැයි සංස්කාර අධිමොක්ඛ වී ඇත්තේ, දිට්ඨි ආශ්‍රව මගින් අවිද්‍යා ආශ්‍රව පළමුව සිදු කර යමෙක් විඤ්ඤාණයට අණ කර කියන්නාක් මෙන්, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම වටහා ගත යුතු ය. ඒක හරියට නිකන් ඔක්කොම සූදානම්, දැන් ඕක ගේන්න කියනවාක් මෙනි.
එතකොට මේක වැටහෙන්නේ නැත්නම් මේ කාරණය ඔයගොල්ලන්ට පුළුවන් මේ ඉස්සරහට නොවැම්බර් මාසේ දාහත් වෙනිදා භාවනාව ලැබුණට පස්සේ මේක විමසලා බලන්න, මේක ටිකක් අර පැටලෙන්න පුළුවන් බලන්න ගියා ම මොකද භාවනා ගොඩක් ඒ අතර තියෙන නිසා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්