ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
18/08/2023 අමෘතය 4 භාවනාව නැවතත් කරගෙන ගියා. විඤ්ඤාණ පච්චයා නාමරූපං යන ධර්ම කොටස ක්‍රියාත්මක වේ. දෝලනය වාමාවර්ත ව කැරකැවීම සිදු වේ. ඉන් අනතුරුව ත්‍රිශූලය diagram එක, වාමාවර්ත ව දිට්ඨි සල්ලයෙන් කැරකැවෙන අවස්ථාව සිහි කරන්නේ, දුක්ඛ චක්‍ර සටහන්වල හතර වන පිටුවේ 6.4 සටහනට මනස යොමු විය. මෙහි දී සඤ්ඤාව ස්ථිර කරයි (confirm), යන්න වැටහිණ. කෙසේ ද?
එතකොට අපිට පේනවා එතන අර නිත්‍ය සඤ්ඤාව පසු දිසාවට යෑම නිසා වන බලපෑම. එතකොට නන්දි අගය වේදනාව ඉක්මවලා ඇවිල්ලා තියෙනවා. ඒ දිට්ඨි අනුසය උපකාරයෙන් නන්දිය පරාමාසගත වීම (*1) කියන එක පෙන්නා දීලා තියෙනවා.
නිත්‍ය සඤ්ඤාව පසු දිසාවට යෑම නිසා වන බලපෑම සමඟ නන්දිය පරාමාසගත වන්නේ නම් ත්‍රිශූලය diagram එක, වාමාවර්ත ව දිට්ඨි සල්ලයෙන් කැරකැවෙන්නේ, වේදනා අගය චේතනාව මගින් ග්‍රහණය කරන්නේ සඤ්ඤාව සනාථ කරයි. මෙය යම් ක්‍රියාවලියක් සඳහා සඤ්ඤාව විසින් තෝරා ගත් මේ ලී කෑල්ල, මේ යකඩ කූර ප්‍රමාණවත් යැයි, චේතනාව මගින් අනුමත කිරීමක් මෙන් සිතන්නේ නම් වැටහේ.(*2) මෙහි ලී කෑල්ල, රූප, මේ ආකාරයේ ලී කෑල්ලක් ගත යුතු යැයි, සඤ්ඤාව මගින් පෙර වෙන් කර දී ඇත. සනාථ කරන්නේ එයයි.(*3)
තව ද, 25/08/2018 නිබ්බාන භාවනාවේ දී සාකච්ඡා කළ අත්තා පථයේ, නිත්‍ය නිසා දිට්ඨි ආශ්‍රවයට පැමිණීමේ දී, එය දිට්ඨි ආශ්‍රවයට තුඩු දීම ලෙස ගත යුතු බව බුදුපියා පැවසුවා. සඤ්ඤාව සනාථ කළ පසු වන දිට්ඨි ආශ්‍රවය, අට වන රවුමෙන් පසුව වන දිට්ඨි ආශ්‍රවය යනුවෙන් ගත යුතු ය.
භය අගති දක්වා රූප අගයෝ චේතනාවේ සිට ගිද්ධිලෝභ, චේතනා, භය අගති cone එක භ්‍රමණය වීම මගින් ගෙන යෑම සිදු වන්නේ, උස් වී ඇති වේදනාව සහිත දෝලනය diagram එකෙහි, වේදනාව කොළයට ලම්බකව පරාමාසයට උඩින් පිහිටා ඇති අවස්ථාවක් දුටුවා.(*4) මෙහි දී සංස්කාර කිරීම මගින් එනම්, කාමයෙහි වරදවා හැසිරීම වැනි සංස්කාර කරනුයේ, ජාති වන්නේ නම් දෝලනය diagram එක දෙදරන බව vibrate වන බව වැටහිණ. මෙය වාමාවර්ත ව කැරකවීම තමා නිසා, සංස්කාර නිසා දක්ෂිණාවර්ත ව කැරකවීම, දෙපැත්තට කැරකීම ගැන සිතන්නේ නම් වැටහේ. එසේ නොවන්නේ නම් ඉතා ශාන්තව ඵල චිත්තය සහිතව සිටිය හැකි ය.
මෙහි දී ජාති, වේදනා, භය අගති cone එකට උඩින් සඤ්ඤාව ලකුණු කරගන්න. පහළින් ප්‍රියේහි විප්පයොගය ලකුණු කරගන්න.
එතකොට අපි මේ diagram එක දෙනවා. ඒ කියන්නේ 2D විදිහට diagram එකකුත් දෙනවා,
දීලා ඒක 3D විදිහට පෙන්වා දීලා තියෙනවා.(*5)
එතකොට ඒ diagram එකට කියන්නේ පරිනිබ්බාන diagram එක කියලා.
අපිට පේනවා මේ 3D diagram එක බැලුවොතින්, ඒ රතු පාටින් ලකුණු කරලා තියෙන ධර්මතාවය සඤ්ඤා, වේදනා, එතකොට ගිජුවීම යැයි කියන ලද ලෝභය, පරාමාසකායගන්ථය, භයෙන් අගතියට යෑම තියෙනවා. ආපහු ගන්න පුළුවන් ජරාව තමයි intersection එකේ තියෙන්නෙ, එතකොට ව්‍යාධි, ප්‍රියේහි විප්පයොග, ජාති. ඒක කළු පාටින් ලකුණු කරලා තියෙනවා.
ඉතින් ඔය planes දෙක, රතු පාටින් ලකුණු කරපු එකයි, කළු පාටින් එකයි, ඒ දෙක 90° න් ලම්බකව තියෙන විදිහට සිතලා බලන්න. මේ වෙලාවේ දී විමුක්තියෙන් යුතුව බලාගෙන සිටීම පමණක් ඇත.
එතකොට ඉහත සටහන සිහියේ තිබෙන තාක් කල් මනස නොසැල් වී පවතී. අනන්ත සංසාරයේ කළා වූ පාපයන් නොකර සිටිය හැකි ය. මෙසේ පිරිනිවන් පෑම කළ හැකි ය. 1 සඤ්ඤාව 2 වේදනාව 3 ප්‍රියේහි විප්පයොග යන ධර්මතාවයෝ එකම රේඛාවක පිහිටන අවස්ථා ඇත. ත්‍රිකෝණය මෙන් වෙන අවස්ථාව මෙහි ඇඳ ඇත. එය පරිනිර්වාණ අවස්ථාව ය.(*6)
එතකොට එකම රේඛාවේ අවස්ථාවේ diagram එකත් අපි ඔතන දීලා තියෙනවා.
එතෙන්දි අපිට පේනවා, 1 සඤ්ඤාව 2 වේදනා 3 ප්‍රියේහි විප්පයොග, භව ආශ්‍රවය කියන එක තියෙනවා, වේදනාවට පහළින්. එතකොට භය අගතියේ ඉඳන් ඒ ජාතියට යන එක.
එතකොට ඒක, එක රේඛාවක පිහිටන අවස්ථාව, එතන පරිනිර්වාණය සිදු නොවේ. මෙහි ප්‍රියේහි විප්පයොගය පෙර තිබුණා වූ ශරීරයෙන් වෙන් වීම නිසා ය. ගැනීමට යන දේ, ඒ කියන්නේ අර මේ ලී කෑල්ල - රූප, මේ ආකාරයේ ලී කෑල්ලක් ගත යුතු යැයි (*7) සඤ්ඤාව මගින් පෙර වෙන් කර දී ඇත. සනාථ කරන්නේ එයයි ලෙස ගත යුතු ය.
එතකොට ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 02/09/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) 6.4 කියලා ලකුණු කරලා තියෙනවා.
(*2) ඒ කියන්නේ කෙනෙක් චේතනාව කියන තැන වඩු බාසුන්නැහේව තිබ්බොත්, සඤ්ඤාව ගෝලයා හැටියට ගත්තොතින්, තමන්ට තේරෙනවා අර ගෝලයා අරගෙන ආපු ලී කෑල්ල, වඩු බාසුන්නැහේ හදන කබල් මේසෙට ගැළපෙන ලී කෑල්ල, මෙයා තෝරාගෙන ආවා කියලා. මෙතෙන්දී ගන්න පුළුවන්, අපි a කියලා ලියාගත්තොත්, මේ ලී කෑල්ල, මේ රූප.
(*3) එතකොට එතන ත්‍රිශූලය diagram එක එනවා.
(*4) මේ අවස්ථාවේ දී කෙනෙකුට තේරුම් ගන්න උත්සාහ කරනවා නම් අර රහතන් වහන්සේ මුලින් කිව්ව වේදනාව ලම්බකව ඉන්න එක, මම කිව්වේ ඒක 4.4 භාවිතා කරන්න කියලා. අපි 7.7 භාවිතා කළා, ඒක සැර වැඩියි. මේක ගත්තහම ඊට වඩා වෙනස් අවස්ථාවක්. ඒ 4.4 න් පසු අවස්ථාවක් මේ කියන්නේ. එතකොට මේ වෙලාවේ දී කෙනෙක් කල්පනා කළොත්, මේ චේතනාව දක්වා ගෙන ගිය වේදනා අගය, චේතනාව මගින් නිරූපණය කරන ලෙස සිතන්නේ නම් වැටහේ. ඒ කියන්නේ කෙළින් ම, අපි දැන් මේ රූපය ගැන කතා කළා වුණත්, කල්පනා කරන්න මේ රූප අගය යම්කිසි විදිහකට වේදනාව මගින් නිරූපණය කරනවා.
වේදනා අගය චේතනාව දක්වා ගියහම වේදනා අගය චේතනාව මගින් නිරූපණය කරනවා, coordinate කරනවා. අන්න ඒ විදිහට හිතන්න. මේක ඇත්තට ම රූපය ගියා කියන හැඟීම නැතුව, හිතන්න.
(*5) ඒකෙ කල්පනා කරන්න මේක තල දෙකක්. රතු පාටින් දීලා තියෙන සඤ්ඤාව වේදනාව ගිද්ධිලෝභය පරාමාසකායගන්ථය භයෙන් අගතියට යෑම, ඒක එක තලයක තියෙන්නේ. එතකොට ජරාව කියන එක තියෙන්නේ ඔය intersection එකේ. ඒක අපි කලින් ම කියලා තියෙනවා. එතකොට දෙවෙනි තලයේ අපිට පේනවා, ඔය ව්‍යාධිය ප්‍රියේහි විප්පයොග, ජාතිය කියන එක තියෙනවා. ඒක පරිනිබ්බාන diagram කියලා අපි පෙන්නලා තියෙනවා.
(*6) එතකොට අපි අර දෙවෙනි එකත් දීලා තියෙනවා. පරිනිර්වාණය නොවන අවස්ථාව.
(*7) අර වඩු බාසුන්නැහේ හදන එකට අපි කියන්නේ කබල් මේසයක් හදන්නේ කබල් ලී කෑල්ලක් ගෙනාවා, අන්න ඒ වාගේ.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
මේ භාවනාව කරන්නේ මිනිත්තු 7 ක්, 1 සඤ්ඤාව 2 වේදනාව 3 ප්‍රියේහි විප්පයොගය දෙපැත්තේ භය අගති ජාති යන diagram එක දිහා බලාගෙන හිටියා ඉතා ශාන්තව. ඵල චිත්තය සහිතව හිටියා. බුදුපියා එය කුමක් දැ යි පැවසුවේ මෙය ලියන විට ය. මෙහි කූඤ්ඤය නැත. කිසිම දෙයකට අගයක් නැත. අගයක් දෙන වේදනා නැත. සඤ්ඤාව නැත.
තවත් එකතු කරනවා නම් කියන්න පුළුවන්, තව ද දෝලනය diagram එකේ දී, සෝකය නොසැලේ. දැන් කල්පනා කරලා බලන්න ඒ භ්‍රමණය වන රේඛාවේ ඒක පිහිටලා තියෙන්නේ. ත්‍රිශූලය diagram එකේ සඤ්ඤාව නොසැලේ. ග්‍රන්ථ රේඛාවේ ගිද්ධිලෝභ නොසැලේ. ජාති වේදනා භය අගති යන cone එකේ භව ආශ්‍රවය නොසැලේ. මෙසේ නොසැලීම නිර්වාණය සඳහා හේතු ප්‍රත්‍ය වේ.
ඉතින් මේක මේ නොසැලෙනවා කිව්වාට මේක මෙහෙම rigid විදිහට ම ගන්න එපා, මොකද මේක අර fluid එකක් වගේ නේ විඤ්ඤාණ ධාරාව කියන එක. ඒ නිසා උඩ යනවා පල්ලෙහාට යනවා, අපි දන්නවා වේදනාව ලම්බකව එහෙම එනවා කියලා, නමුත් මේක භ්‍රමණය වීම එක්ක බැලුවහම තමන්ට පේනවා, මෙහෙම නොසැලී ඉන්න අවස්ථාව තියෙනවා කියන එක.
තවත් එකතු කරනවා නම්, ඔය සම්මා සංකල්ප 3 slide 2 බැලීමේ දී, ද්වේෂය හරහා ප්‍රියයන්ගෙන් වෙන් වීම පළමුව සිදු වේ. මෙහි පථය 1, සංස්කාර නිත්‍ය වශයෙන් පරාමාසගත වන්නේ දෝලනය දක්ෂිණාවර්ත ව කැරකීම සමඟ විමසා බලන්නේ, කාමය වරදවා හැසිරීම වැනි සංස්කාර, මෙහි අත්තා යන්න පහළ දිසාවට ලකුණු වේ. දැන් මතක ඇති නේ අපි අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියලා අපි ආවා නම් මෝහ අගතියෙන් සංස්කාරයට, සංස්කාර පච්චයා විඤ්ඤාණං කියලා, භය අගතියට ආවා නම්, ඊට පස්සේ විඤ්ඤාණ පච්චයා නාමරූපං කියලා අපි යන්නේ උඩට.
දැන් මේ විදිහට ගත්තොත් සංස්කාර නිත්‍ය යැයි කියලා ගත්තොත්, ඒ පථය ඔයගොල්ලන්ට මතක ඇති, පථය 1 එතෙන්දි සංස්කාර නිත්‍ය යැයි කියලා පරාමාසයට එන්නේ. එතකොට ඒක අපිට පේනවා ඊට පස්සේ ද්වේෂයෙන් අගතියට එහෙම යනවායි කියන එක.
එතකොට අන්න ඒ විදිහට බැලුවොතින් ද්වේෂය නිසා ඉපදෙනවා යන්න වැටහේ. ඉතින් ද්වේෂය වෙලා තමයි ප්‍රියේහි විප්පයොගය කියන කතාව තියෙන්නේ. එතකොට තමන්ට පේනවා එක තලයක ඉඳන්, දැන් තමන් ඉන්න තලය, මේ මනුස්සයෙක් හැටියට ඉන්න එක තලය. ඊට පස්සේ ඉතින් තලය cross කරන්න යන්න එපා කියන එක හොඳට ගන්න. ඒ කියන්නේ ව්‍යාධි එහෙම තියෙන ඊළඟ තලය බ්‍රහ්ම ලෝකය වේවා, තිරිසන් ලෝකය වේවා, අපාය වේවා, ඒක වෙන තලයක් කියලා කල්පනා කරන්න.
ඒක තමයි තව එකතු කරනවා නම් කියන්න පුළුවන්.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්