Date: 01/09/2023 Name: අමෘතය 6

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

25/08/2023 අමෘතය 5 භාවනාව නැවතත් කරගෙන ගියා. විඤ්ඤාණ පච්චයා නාමරූපං යන ධර්ම කොටස ක්‍රියාත්මක වේ. දෝලනය (anticlockwise) වාමාවර්ත ව කැරකැවීම සිදු වේ. ඉන් අනතුරුව ත්‍රිශූලය diagram එක, වාමාවර්ත ව දිට්ඨි සල්ලයෙන් කැරකැවෙන අවස්ථාව සිහි කරන්නේ, දුක්ඛ චක්‍ර සටහන්වල හතර වන පිටුවේ 6.4 සටහන දක්වා පැමිණ, එහි සඤ්ඤාව ස්ථිර කරයි (confirm), යන්න සිහි කළා.

වේදනා අගය චේතනාව මගින් ග්‍රහණය කරන්නේ, සඤ්ඤාව සනාථ කරයි. මෙහි දී 29/09/2017 නිබ්බාන භාවනාවේ සඳහන් ධර්ම කරුණුවලට සිත යොමු විය.

සරසුල සටහන මෙනෙහි කළා.(*1)

Sarasula.jpg

5.5 සිට 6.4 දක්වා පැමිණෙනවා නම්, අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රව දක්වා යෑම ආරම්භ වෙලා තියෙනවා. 6.4 දක්වා පැමිණ ඇත්තේ, නන්දිය මගින් හෝ පැවතුණායි සතුටු වෙනවා. දිට්ඨිය බිඳුණත් අපි ඒකෙන් සතුටු වෙනවා.(*2) මේ නිසා භව ආශ්‍රවය පසු සඤ්ඤාවක් ලෙස පැවතීම පමණක් නොව, එය ස්ථිර වීම (firm වීම) කියන එක සිදු වෙලා තියෙනවා. එවැනි භව ආශ්‍රව මගින් අවිද්‍යා ආශ්‍රවයට එකතු කිරීම කියන එක සිද්ධ වෙනවා යනුවෙන් ඉගෙනගෙන ඇත.

මෙහි දී 6.4 යන පියවරේ දී කරුණු තුනක් වැටහේ.

1 සඤ්ඤාව සනාථ කරයි.(*3)

2 භව ආශ්‍රවය පසු සඤ්ඤාවක් ලෙස පැවතීම පමණක් නොව, එය ස්ථිර වීම (firm වීම), කියන එක සිදු වී ඇත.(*4)

3 අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා යෑම ආරම්භ වී ඇත.(*5)

මෙම තුන් ධර්මයන් එකට මුසු වන්නේ, නිරෝගී බව නැති වේ. ව්‍යාධිය ඇති වේ. කුමක් නිසා එසේ පවසා ද?

6.4 සඤ්ඤාවේ ව්‍යාධිය බව අමතක නොකළ යුතු ය. එනමුදු අනාගත භවය දැඩිව ගැනීම, සඤ්ඤාව සනාථ කිරීම සහ භව ආශ්‍රවය ස්ථිර වීම 6.4 දී සිදු වී ඇත්තේ, එමගින් සීලබ්බත උපාදානයේ ක්‍රියාකාරීත්වය සිදු වේ. 6.4 දී ආරම්භ වී ඇති, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා යන ධාරාව, ස්ථිර යැයි ප්‍රබලතාවයකට පත්වීම, සීලබ්බත උපාදානයේ බලපෑම නිසා සිදු වේ. මෙහි දී කාම උපාදානයෝ හටගනී. කුමක් නිසා ද? ස්ථිර වූ භව ආශ්‍රවය ඇත්තේ සුඛ යන හැඟීම් සහිත වූ කාම ආශ්‍රව ප්‍රබල වී ඇත්තේ, කුමන රූපයක් හෝ ලාභ යැයි ගැනීමට තරම් සිත පදම් වී, එනම් පුරුදු කර ඇත. ඒ නිසා ය.

එම ධර්මයෝ පරාමාස වීම පෙර ආරම්භ වී ඇත්තේ, 5.4 දී ආරම්භය. 6.4 වන විට තීව්‍ර (sharp) වී ඇත්තේ, යම් ධාතුවක් (*6) ස්පර්ශ කිරීමට ලැබෙන්නේ මමංකාරය අහංකාරය සමඟ එකතු වේ.

එතකොට එතන අපිට පේනවා අර ගිද්ධිලෝභ, චේතනා, භය අගති cone එක.(*7) 7.2 න් පසුව ස්ථිර වූ භව ආශ්‍රව මත පදනම්ව, 6.4 සඤ්ඤාවේ ව්‍යාධිය අමතක කර, ජාතිය සනාථ කරනු ලබයි. මෙහි දී 1 සඤ්ඤාව, 2 වේදනාව, 3 ප්‍රියේහි විප්පයොගය යන ධර්මතාවයෝ එකම රේඛාවක පිහිටන අවස්ථාව යොදා ගන්න.(*8)

MM_No_Parinibbana_25_08_2023.jpg

ඉතින් මෙතෙන්දි එතන ජාති වේදනා භය අගති cone එක, අපිට පේනවා අපි භය අගතියේ ඉඳන් ඒ ජාතිය දක්වා එනවයි කියන එක.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 16/09/2023

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) එතකොට ඒකෙ අපි දන්නවා අර අත්තා කියලා 5.5 එතන නිත්‍යයි කියලා විඤ්ඤාණය පැත්තට යනවා, අනිත් පැත්තට 6.4 පැත්තට යනවා කියලා, පහළින් අර අහංකාර අගය සඤ්ඤාවක් ලෙස 7.4 ලකුණු කරලා තියෙනවා.

(*2) එතකොට මේක දුක්ඛ table එකත් එක්ක සිහි කරන්න.

(*3) Confirm කියන එක.

(*4) ඉතින් මෙතන මේ දිට්ඨිය බිඳුණත් නන්දිය මගින් හෝ පැවතුණා කියන එක. මේකේ පැවතිය හැකි ය යන අදහස තියෙනවා.

(*5) ඉතින් මෙතනට චුට්ටක් එකතු කරනවා නම්, ඔය පළවන කාරණය, සඤ්ඤාව සනාථ කරයි කියන එක, ඒකෙ ඔය පල්ලෙහායින් තියන දෙවනියට තියෙන firm වීම කියන එකට වඩා ඒ confirm කියන එක strong. ඒ කියන්නේ මේ පළවෙනි කාරණයේ දී චේතනා නිසා සංස්කාර ඇති වන්නේ එමගින් පවතිනවා යන අදහස ගැබ් වෙනවා. මේ නිසා 1 වන කොටසේ සඳහන් සඤ්ඤාව සනාථ කරයි, confirm යන්න, 2 කොටසේ සඳහන් භව ආශ්‍රය ස්ථිර වීම, firm යන්නට වඩා strong වේ. එතකොට ස්ථීර විම, firm වූ පසු confirm. මෝරන ලද ධර්මයෝ තහවුරු වූ ධර්මයෝ ම පැවතිය හැකි ය, confirm කරන්නේ ය. එහි පවතිනවා යන අදහස ගැබ් වේ කියන කෑල්ල එතනට එකතු කරන්න පුළුවන්.

(*6) ශුක්‍රාණු හෝ ආලෝක ධාතු.

(*7) ඒකෙ දී, මමංකාරය අහංකාරයත් සමඟ එකතු වෙනවා කියන එක.

(*8) එතකොට එතන ඉඳන් අපිට පේනවා මේ දකුණු පැත්තේ භය අගති ඉඳන් ඒ ප්‍රියේහි විප්පයොග හරහා ජාතියට එනවා කියන එක.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේ භාවනාව කරන්නේ, තමාට සෙම්ප්‍රතිශ්‍යාව ඇති නම්, සෙම්ප්‍රතිශ්‍යාව සහිතව තව කෙනෙක්ව ප්‍රතික්ෂේප නොකරන්නේ යම් සේ ද, එසේ ම තමා රෝගී නිසා, සඤ්ඤාව රෝගී, ඕනෑ ම මළ මුත්‍රා ගොඩක් (කාන්තා ගර්භාෂය කියන එක සිහි කරන්න) ප්‍රතික්ෂේප නොකරන බව වැටහිණ.

මෙම තුන් ධර්මයන් එකට මුසු වන්නේ නිරෝගී බව නැති වේ යන්න සිහියේ පවතින්නේ නම්, කිසිදු දහමක් අල්ලාගෙන විඤ්ඤාණය නොසිටී. සතර සුඛභාගී ධර්මයෝ පවතී යන්න වැටහිණි. කෙසේ ද?

පළමුව, ස්පර්ශ වන විට ම රෝගී බව ඇති විය හැකි ය යන්න බව දැන, ඉන්ද්‍රිය සංවර කර ගනී. අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා ධාරාව නොගැලීම සඳහා ඉද්ධිපාද භාවිතා කරයි. බොජ්ඣඞ්ග 7 මගින් වඩු බාස්ගේ කතාව මෙන් සඤ්ඤාවට නොසලකයි. සබ්බනිස්සග්ගය මගින් ආයතන බිම තබයි. මෙසේ බොහෝ වෙලාවක් උපෙක්ඛාවෙන් යුතුව සිටිය හැකි ය. හිසේ බර ගතියක් නැත. ශාන්ත ය, ප්‍රණීත ය.

7.2 න් පසුව ස්ථිර වූ භව ආශ්‍රවය මත පදනම්ව 6.4, සඤ්ඤාවේ ව්‍යාධිය අමතක කර ජාතිය සනාථ කරනු ලබයි යන්න සිහි කරන්නේ, සිත ජාතිය ළඟ පිහිටුවා සිතන්නේ, සිත ඉතාමත් සමාධිගත වන්නේ, එයින් එළියට ඒමට පවා අපහසු වන්නේ ය. එය කුමක් නිසා ද යන්න බුදුපියාගෙන් විමසුවා.

එතකොට බුදුපියා පැවසුවා රූපයට නොයයි. වේදනාවට නොයයි. චේතනා නොකරයි. භය අගති නොයයි, යැයි බුදුපියා පැවසුවා.

එතකොට එතන අපිට පේනවා අර ජාතියේ ඉඳන් උඩ රූප, ඊට පස්සේ ජාතියේ ඉඳන් වේදනා චේතනා. එතකොට ජාතියේ ඉඳන් 7.2 දී අපි දන්නවා භය අගතියට එනවා කියන එක. එතකොට ඒ භය අගතියට එන කැරකීමත් නැහැයි කියන එක.

ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_oscillation.jpg


s_trident.jpg


DukkaChakraya/DukkaChakraya-04.jpg