ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
01/09/2023 අමෘතය 6 භාවනාව නැවතත් කරගෙන ගියා. විඤ්ඤාණ පච්චයා නාමරූපං යන ධර්ම කොටස ක්‍රියාත්මක වේ. දෝලනය වාමාවර්ත ව කැරකැවීම සිදු වේ. ඉන් අනතුරුව ත්‍රිශූලය diagram එක, වාමාවර්ත ව දිට්ඨි සල්ලයෙන් කැරකැවෙන අවස්ථාව සිහි කරන්නේ, දුක්ඛ චක්‍ර සටහන්වල හතර වන පිටුවේ 6.4 සටහන දක්වා පැමිණ, එහි සඤ්ඤාව සනාථ කරයි (*1) යන්න සිහි කළා.
ඉන් පසුව 6.4 යන පියවරේ දී වටහා ගත් කරුණු තුන මෙනෙහි කළා.
1 සඤ්ඤාව සනාථ කරයි.
2 භව ආශ්‍රවය පසු සඤ්ඤාවක් ලෙස පැවතීම පමණක් නොව, එය ස්ථිර වීම (firm වීම), කියන එක සිදු වී ඇත.
3 අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා යෑම ආරම්භ වී ඇත.
මෙම තුන් ධර්මයන් එකට මුසු වන්නේ, නිරෝගී බව නැති වේ. ව්‍යාධිය ඇති වේ.
අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා යෑම ආරම්භ වුණා නම් භව ආශ්‍රවය ස්ථිර වීම (firm වීමත්), අනාගත භවය දැඩිව ගන්නේ සීලබ්බත උපාදානය එකතු වන්නේ, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා යන ධාරාව ප්රබලතාවයකට පත් වේ.
ස්ථිර වූ භව ආශ්‍රවය ඇත්තේ කාම ආශ්‍රව ප්‍රබල වී ඇත්තේ, කුමන රූපයක් හෝ ලාභ යැයි ගැනීමට තරම් සිත පදම් වී ඇත්තේ කාම උපාදානය හටගනී. මෙම ධර්මයෝ පරාමාස වීම පෙර ආරම්භ වී ඇත්තේ, 5.4 දී ආරම්භය, 6.4 වන විට තීව්ර (*2) වී ඇත්තේ ය, යන්න සිහි කරන්නේ, දෙවන 4 සලකුණ පෙනිණ.(*3)
එතකොට අපි මෙතන diagram set එකක් දෙනවා ඒකට කියනවා driving force diagrams කියලා.
එතකොට ඒ දෙවෙනි 4 සලකුණේ අපි දන්නවා, වේදනා චේතනා, පරාමාස එතන සීලබ්බත උපාදානය, ඒක අපි රතු පාටින් ලකුණු කරලා තියෙනවා. පහළ පරාමාසයේ ඉඳන් භය අගතියට කාම උපාදානයත් රතු පාටින් ලකුණු කරලා තියෙනවා. එතකොට ඉදංසච්චය දකුණු පැත්තෙ තියෙනවා.
රූපය චේතනාව දක්වා (7.4) කොළයට ලම්බකව උඩ අතට ලකුණු කළ වේදනාව සහිතව (7.5) ගෙන යන්නේ, මමංකාරය අහංකාරය සමඟ එකතු වේ. මෙය ගිද්ධිලෝභ චේතනා භය අගති cone එක භ්‍රමණය වීම මගින් සිදු වේ. මෙහි භ්‍රමණය ග්රන්ථ රේඛාව වටා ය.(*4)
මෙහි දී, රූප ගිද්ධිලෝභ ජාති cone එක භ්‍රමණය වීම ද සිදු වේ. එමගින් අලුත් භවය කෙරෙහි නන්දිය හටගනී. මේ දෙක ගිද්ධිලෝභ හරහා coupling ලෙස නොගත යුතු ය. 6.4 දී නන්දි අගය පරාමාසගත වීම මෙම කැරකවීම ආරම්භ වීමට තුඩු දේ. 6.4 වීමෙන් පසුව spark වීමක් සිදු වේ ද, එමගින් රූප ගිද්ධිලෝභ ජාති cone එක,(*5) කැරකවීම සිදු වේ.
මෙය දකින්නේ ඇස් දෙක වෙන වෙනම ප්‍රභාස්වරව දැනේ. ඉතින් මේ වෙලාවේ දී රහතන් වහන්සේ “Excellent” කියලාත් කිව්වා. මමංකාරය අහංකාරය සමඟ එකතු වී භය අගති දක්වා රූප අගයෝ ගෙන යෑම සිදු වේ. මෙය සිදු වන්නේ 7.2 න් පසුව ය. නන්දිය හටගත් පසුව ය. මෙය 7.7 නොවේ. 7.6 ගත හැකි ය. මෙහි දී 7.2 න් පසුව ජාති වේදනා භය අගති cone එක භ්‍රමණය ආරම්භ වේ. අපි ඔය හතරවෙනි සටහනක් දීලා තියෙනවා. ඒ හතරවෙනි සටහනේ දැක්වෙන්නේ 7.6 දී වන කැරකවීම ය. එහි 7.2 දී වන කැරකවීම ලකුණු කර නැත.(*6)
එතකොට අපිට මෙතන පේනවා. 1 සඤ්ඤාව 2 වේදනාව 3 ප්‍රියේහි විප්පයොගය එතන භය අගතියේ ඉඳන් අපි ජාතිය කරා ගමන් කිරීම ලකුණු කරලා තියෙනවා සටහන හතරේ. 7.7 දී නන්දි අගය සම්පූර්ණ වේ. එනම් මැරී ඉපදීමට ඇති කැමැත්ත ස්ථිර ය. වේදනා peak වේ.
මෙම භාවනාව කරන්නේ, අපි ලකුණු කරගත්තොත් ඔය කොළයක, සතිය ඇති තැන නළලේ වම් පැත්ත,(*7) ඊළඟට දකුණු කන තියෙන තැන, ඒ දෙක හරහා රේඛාවක් ඇඳලා ඔළුව දෙකට බෙදලා ගත්තොත්, ඒ රේඛාවෙන් දකුණු පැත්තේ අපි A කියලා ලියාගත්තොත්, වම් පැත්තේ කොටස B කියලා ලියාගත්තොත්, ඔය හිස දෙකොටසකට බෙදී දැනෙනවා. A, B දෙපැත්තම සුඛ ය. නමුත් වෙන් වී දැනේ.
මෙය තමන්ගේ ද අන් අයගේ ද ලෙඩ රෝග සුව කරගැනීමට යොදා ගත හැකි හොඳම අවස්ථාව වශයෙන් බුදුපියා පැවසුවා.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 16/09/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) confirm.
(*2) sharp.
(*3) එතකොට අපි driving force diagram set එක දුන්නා. ඉතින් මෙතෙන්දි පොඩ්ඩක් එකතු කරනවා නම්, ඔය ධර්මයෝ පරාමාස වීම 5.4 දී ආරම්භය කිව්ව අවස්ථාවේ දී, මේකෙ දී මේ ඔය ගිද්ධිලෝභ චේතනා භය අගති cone එක, clockwise භ්‍රමණය ද ආරම්භ වෙනවා. නමුත් කිව්වේ නැත්තේ මේ ගැන මේ මොහොතේ හිතන්න එපා. අන්න ඒ නිසයි. නමුත් ඒවා පස්සේ දී උදව් උපකාර වෙනවා.
(*4) එතකොට ඒක අපි 2 වන සටහනේ දීලා තියෙනවා. එතකොට අර ගිද්ධිලෝභ චේතනා භය අගති cone එක.
(*5) ඔය තුන් වෙනි සටහන.
(*6) ඉතින් මෙතැනට චුට්ටක් එකතු කරනවා නම්, ඔය 7.2 කතාවේ දී, ඒ 7.2 යන්න හිතන්න පුළුවන් කෙනෙක් හිතනවා කඩයට යනවායි කියලා. කඩයට යන්න සිතන්නේ වාහනයට නගින්නේ ය යන්න මෙනි. තවම එහි ගිහින් නැත. එනමුදු පාන් ගෙන එමියි යන අදහස වේදනා අගයන් සමඟ පැමිණ ඇත. මෙසේ නොවන්නේ නම් පාන් නිසා විඤ්ඤාණ ධාරාව නොගලයි කියන එක. ඉතින් ඕක බොහොම වටිනා දෙයක් ඔය 7.2 දී ඔය මං එකතු කරපු කෑල්ල. පස්සේ දී ඒක තව තවත් තේරෙයි. එතකොට දැන් එතැන දී 4 වෙනි සටහන දීලා තියෙනවා. ඒ භය අගතියේ ඉඳන් ඒ ජාතිය දක්වා යනවා කියන එක.
(*7) අර ඔළුව අපි පෙන්නුවා දෙපැත්තට බෙදෙන හැටි, සතිය ඇති තැන නළලේ වම් පැත්ත.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
එතකොට මේකට තව ටිකක් එකතු කරනවා නම්, ඔය 15/09/2023 අපි දුන්නා භාවනාවක්, ඒකෙ මතක ඇති සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගන්න කියලා පවසලා, ඒකෙ ඡන්දය රාගය නන්දිය අධිට්ඨාන භව ඕඝය, එහෙම සිහි කළා. එතකොට මෙහි දී භව ආශ්‍රවය පසු සඤ්ඤාවක් ලෙස පැවතීම පමණක් නොව, එය ස්ථීර වීම firm වීම ඇති නම් ඕඝය, ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රව දක්වා යෑම ඒ flooding කියන එක වෙනවා. මේක මෙනෙහි කළ විගසින්, ඔය A, B ලෙස මනස පවතිනවා. ඒ විදිහට මුළු භාවනා කාලය තුළ ම ඒ 6 වන ධ්‍යාන සමාපත්තිය සහිතව සිටියා.
එතකොට මම මේ කියන්නේ, අර A, B කියන එක, කෙනෙකුට ගන්න පහසු වෙන්න, ඔය බලන්න ඔය නන්දිය කියන එක සිහි කරනකොට අන්න එතෙන්දී නන්දිය මගින් හෝ පැවතුණා ය කියලා සතුටු වෙනවා. දිට්ඨිය බිඳුණත් අපි ඒකෙන් සතුටු වෙනවා. මේ නිසා භව ආශ්‍රවය පසු සඤ්ඤාවක් ලෙස පැවතීම පමණක් නොව, එය ස්ථීර වීම firm වීම කියන එක, මේක සිහි වෙනවා. එතකොට එනම් සඤ්ඤාව සනාථ කරයි නම් අත්තා සෑදේ. එහි පසු සඤ්ඤාව භව ආශ්‍රවය යන්න සිහි විය.
එතකොට දෙවෙනියට කියන්න පුළුවන්, අර ඕඝය සිහි කරන අවස්ථාවේ දී, ආච්චිඅම්මාගේ තුවා දන් දීම මෙන් සිහි කරන්නේ, රූපය නිසා වූ යම් ආස්වාදයක් වෙත් ද, එය නැති බව, දිර දිරා යන රූපයට ඇඟිල්ල දිගු කර පෙන්නා දෙන්නාක් මෙන් ජරාව සිහි කර දෙන්නේ, නන්දිය බැස යයි. මේ කාරණා දෙක සිහි වීම කියන එක මට ඒ වෙලාවේ වුණා. එතකොට ඒක අනුව තමයි අර A, B විදිහට ඒක පැවතීම තියෙන්නේ.
ඉතින් කෙටියෙන් ම කියනවා නම්, මේකෙ මේ අර දොර පොල්ල කියන එක සෑදීම, තමන් එතැන දී පොඩ්ඩක් පෙනෙන්න ඕන. අන්න ඒ පෙනෙනවා නම් තමයි ඔය A, B කතාවත් එක්ක ඒක වෙන් කිරීම කියන එක, තමන්ට වටහා ගන්න පුළුවන් වෙන්නේ.
ඒකයි මට එකතු කරන්න තියෙන්නේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්