Date: 15/09/2023 Name: අමෘතය 8

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

08/09/2023 අමෘතය 7 භාවනාව බලා අවසන් කර, භාවනාව කරන්න ගියා. “සත්තො ගුහායං” ගාථාවෙන් පටන් ගන්න යැයි පැවසුවා. ඡන්දය, රාගය, නන්දිය, අධිෂ්ඨාන. මෙහි දී භව ඕඝය සිහි කළා. 6.4 යන පියවරේ දී භව ආශ්‍රවය පසු සඤ්ඤාවක් ලෙස පැවතීම පමණක් නොව, එය ස්ථිර වීම (firm වීම), ඇති නම් ඕඝය වශයෙන්, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා යෑම, එනම් flooding වන්නේ ය.

මෙය මෙනෙහි කරනවිට ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤා ඇති විය.(*1) මෙහි දී එහි කිසිවක් නැති වුණ දර්ශනය, යමෙකුට රූපයක් ලෙස ගත හැකි ය. එයට කාම සහගත වන්නේ නම්, රූප ගිද්ධිලෝභ ජාති cone එක භ්‍රමණය වීම සිදු වී, එමගින් ආකිඤ්චඤ්ඤායතනයේ ඉපදීම කෙරෙහි නන්දිය හට ගැනීම විය හැකි අතර, ජාති වේදනා රේඛාව හරහා සංකප්ප රාගය හට ගැනීම විය හැකි ය.(*2)

මෙය සිදු වුණා නම්, 05/11/2015 අත්තානුදිට්ඨිය භාවනාවේ මණ්ඩලාධිපති බුදුපියා පෙන්වූ, “රූප ජාති වේදනා චේතනා භය අගති රූප,” යනුවෙන් පෙන්වන අත්තා block එක සෑදෙන්නේ ය.

“රූපං අත්තතො සමනුපස්සති” රූපය මම යැයි දකී, යන්න සිදු වේ. “Excellent” යැයි බුදුපියා පැවසුවා. එය සිදු වන්නේ නම් ආකිඤ්චඤ්ඤායතනයේ හෝ ඉපදෙන්නේ ය. රූප ගිද්ධිලෝභ ජාති cone එක භ්‍රමණය වීම, නොකර සිටීම මගින් “කාමා හි ලොකෙ න හි සුප්පහායා” යන්න වැටහේ.(*3)

s_Attanuditti3.jpg

මෙම භාවනාව අවසන් කර අකනිට්ඨ මණ්ඩලයෙන් ඇසුවා, ගිද්ධිලෝභ චේතනා භය අගති cone එක භ්‍රමණය වීම මගින් මමංකාරය අහංකාරය සමඟ එකතු වූ පසු, රූප අගය චේතනා සිට භය අගති දක්වා ගෙන ඒමට පෙර, රූප ගිද්ධිලෝභ ජාති cone එක භ්‍රමණය වීම නැවතිය යුතු ද යන්න. “ඔබ සිතන්නේ කුමක් ද?” යනුවෙන් බුදුපියා විමසුවා.

මම පැවසුවා රූප අගය චේතනා සිට භය අගති නොයෑම පළමුව සිදු විය යුතු බව. “Excellent” යැයි බුදුපියා පැවසුවා.(*4) එනම් අස්මිතියක්, අහං සහ මමං එකතු වී ඇති වුවත් රූප අගය චේතනා සිට භය අගති දක්වා ගෙන යෑම නතර කළ යුතු ය. මෙසේ පරිනිබ්බානය වේ. “කාමා හි ලොකෙ න හි සුප්පහායා” යන්න හොඳින් ගත යුතු ය.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 30/09/2023

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඉතින් කෙනෙකුට ඔය සත්තො ගුහායං ගාථාව නිසා ඒ ආකිඤ්චඤ්ඤායතන සඤ්ඤා ඇති වෙන්න පුළුවන්. එතකොට මම මේ අවස්ථාවේ දී ඔය නන්දිය කියන වෙලාවේ දී අර ආච්චිඅම්මාගේ තුවා දන් දීම කියන එක එහෙම මට සිහි වුණා. ඒ කියන්නේ චිත්ත ඉද්ධිපාද කොටස.

(*2) එතකොට අපිට එතෙන්දී පේනවා කාම උපාදානය. ඒකෙන් අර නන්දිය දක්වා cone එක කැරකිලා එනවායි කියන එක. එතකොට ඒක සිද්ධ වුණා නම්, ඉතින් ජාතියේ ඉඳන් වේදනාවට ඒ සංකප්ප රාගය කියන ඒ රේඛාව, ඒක හටගැනීම.

(*3) එතකොට අපි ඒ diagram එක දුන්නා, අත්තානුදිට්ඨිය හැදෙන එක. අර මනොසඤ්‌චෙතනා ආහාරේ ඉඳන් භය අගතියට රූපවන්තං වා අත්තානං. ඊළඟට කබලිංකාර ආහාරයේ ඉඳන් ජාතියට අපි ලකුණු කරලා තියෙනවා “රූපං අත්තතො සමනුපස්සති.” කියලා. එතකොට ජාතියේ ඉඳන් වේදනාවට ඒ රාග අනුසය රේඛාව එහෙම ලකුණු කරලා තියෙනවා.

(*4) ඉතින් මේක ඔය 01/12/2023 වෙනකොට හොඳට වැටහේවි.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මෙතන මේ මම අහපු ප්‍රශ්නයේ කතාව තව පොඩ්ඩක් විස්තර කරනවා නම්, ඒ කියන්නේ ඔය ගිද්ධිලෝභ චේතනා ඒ එතනින් භය අගතිය දක්වා එතන තියෙන ඒ ඒක කැරකැවීම කියන එක, ඒක කැරකැවීම පවතින දෙයක්, ඉතින් ඇත්තෙන් ම කියනවා නම් ඕක 5.4 ඉඳන් ම ඕක කැරකීම කියන එක තියෙනවා. ඒ කැරකැවීමේ ගිහිල්ලා අපි දන්නවා අර driving force diagrams වල අපි බැලුවා 7.5 එහෙම වෙනවායි කියලා. වේදනාව ඒ පරාමාසය උඩට එනවායි කියලා. ඉතින් තව ටිකක් ගියොතින් 7.6 වෙනවා නේ, භය අගති හරියට එනකොට. ඊට ඉස්සෙල්ලා මේක නවත්වාගන්න ඕන ය කියන එක තමයි ඔය මම ප්‍රශ්නය අහපු එකේ තියෙන්නේ. ඒකෙ වටිනාකම තමයි මම කිව්වේ අර දෙසැම්බර් මාසේ වෙනකොට හොඳට වැටහේවි කියලා.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

MM_08_09_2023_NandiGeneration.jpg


MM_08_09_2023_s_DrivingForce2.jpg