ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
15/09/2023 අමෘතය 8 භාවනාව නැවතත් කරගෙන ගියා. “සත්තො ගුහායං” ගාථාවෙන් පටන් ගන්න යැයි පැවසුවා. ඡන්දය, රාගය, නන්දිය, අධිෂ්ඨාන. මෙහි භව ඕඝය සිහි කළා.
6.4 යන පියවරේ දී, භව ආශ්‍රවය පසු සඤ්ඤාවක් ලෙස පැවතීම පමණක් නොව, එය ස්ථිර වීම (firm වීම) ඇති නම්, දිට්ඨිය බිඳුණත් නන්දිය මගින් හෝ පැවතුණා යන්න සිහි කරන්නේ, උදැල්ල 1 සහ උදැල්ල 2 එකට බන්ධනය වීමෙන්, සඤ්ඤා පරාමාස වේදනා චේතනා block එක සෑදෙන්නේ, එහි යම් මිච්ඡා දිට්ඨියක් ගැබ් වේ ද, එය අභිජ්ඣා වීම සඳහා ප්‍රමාණවත් වන්නේ ය.(*1)
වරදවා තේරුම් ගැනීම (පරාමාස), සහ ඇලීම (අභිනිවෙස), දිට්ඨි ආශ්‍රවයේ ලක්ෂණයයි. සීලබ්බත උපාදානයෙන් ඇති වන ප්‍රතිඵලයට ඇලීමෙන් පරාමාස වේ. වරදවා ගනී. අනාගතයේ මෙබඳු රූප වේදනා ඇත්තෙක් වෙම්වා. උදැල්ල 1. අභිනිවෙසය වේදනාව සඳහා හදන චිත්ත සංස්කාරයන්ට ඇලෙනවා. උදැල්ල 2.
ඉතින් මෙතෙන්ට diagram එකක් එනවා, අපි ඒක දෙනවා.(*2)
ඒකෙ ඔය භව ආශ්‍රවය, භව ඕඝය, භවරාග අනුසය එහෙම ලකුණු කරලා තියෙනවා.
මෙසේ මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ හටගැනීම වන්නේ, ඕනෑ ම දෙයක් තමා කර පැවැත්වීමට විඤ්ඤාණය පසුබට නොවේ. මෙසේ මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවැත්ම අභිජ්ඣා යන්න වටහා ගත යුතු ය.
මෙහි දී වේදනා, පරාමාස, භය අගති යන ත්‍රිකෝණය දුටුවා. එහි භව තණ්හාව, පරාමාස භය අගති අතර ලකුණු වේ. වම් පැත්තේ භව ආශ්‍රවය ඇත. මෙසේ භව තණ්හාව ඇත්තේ, විඤ්ඤාණ ධාරාව මනා කොට, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා ගලන ධාරාවෙන් පෝෂිත වී ඇත්තේ, ගසාගෙන යන සැඩ පහරකට අසු වූ අයකු මෙන්, ජාතිය ම සනාථ කරයි. එය ම අල්වා ගනී.
මෙම භාවනාව කරන්නේ, චේතනා සිට පහළට රතු ඊතලය ලකුණු කර ඇත්තේ, එය විඤ්ඤාණ පච්චයා නාමරූපං යන්න, පහළට ලකුණු කිරීම වන අවස්ථාව ය. එය නිත්‍ය යැයි සකස් වූ පසු ය. නිත්‍ය යැයි සකස් වූයේ කෙසේ ද? එය සෝකය ළඟ දී ධාරාව ගැලීමට තරම් සැඩපහර ප්‍රබල වීම නිසා යැයි වැටහුණා.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 30/09/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් අපි ඔතන දන්නවා මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවැත්ම අභිජ්ඣා කියලා.
(*2) ඒකෙ අපිට පේනවා ඔය block එක හැදුණහම ඉතින් නිත්‍ය යැයි කියලා අර විඤ්ඤාණය පැත්තට ගමන් කරනවා. එතනින් පල්ලෙහායින් අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව කියන එක සිද්ධ වෙනවා කියන එක. ඒ වගේ ම එතකොට ඒ line එක යන්නේ ඔය පරාමාසයේ ඉඳන් භය අගතිය දක්වා රේඛාවේ, ඉතින් ඒකේ අපි දන්නවා ඔය කාම උපාදානය එහෙම ලකුණු වෙනවා. එතකොට එතන භව තණ්හාව තියෙනවා.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේකට තව ටිකක් එකතු කරනවා නම්, මේ භාවනාවේ පෙන්නා දීලා තියෙන්නේ මේ උදැල්ල 1 කියන එක strong වීම කියන එක පෙන්නලා දීලා තියෙනවා. එය එසේ වන්නේ නම්, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව ගැලීම ප්‍රබල වෙනවා. එනම් 6.4 දී වේදනාව අළලා එය පවතී යැයි ධාරාව හොඳින් ගලයි. මෙසේ උදැල්ල 1 strong වීම සිදු වන්නේ, වේදනාව සඤ්ඤා සිට පරාමාස දක්වා වූ රේඛාව වටා පරාවර්තනය වන්නේ, චේතනා අගයෝ ගිලිහී නොයයි. එය මගින් ධම්මමච්ඡරිය ඇති වේ.
ඒ කියන්නේ මෙතන මේ පරාවර්තනයන් දෙකක් ගිහිල්ල නේ තුන් වෙනි පරාවර්තනය ගැනයි මේ සඳහන් කරන්නේ. පළවෙනි පරාවර්තනයේ දී ඔයගොල්ලෝ දන්නවා, වේදනාව චේතනාවට යනවා. දෙවෙනි පරාවර්තනයේ දී, ඒ වේදනා චේතනා රේඛාව හරහා සඤ්ඤාව පරාවර්තනය වෙනවා. එතකොට සඤ්ඤා පරාමාස. එතකොට අපි පස්සේ දී ඉතින් මේකට numbers ත් දෙනවා. ඊළඟට තුන් වෙනියට දැන් ඔහොම වුණහම අපිට පේනවා දැන් මේ ධාරාව 6.4 වෙලා හොඳට ගලනවා. ඒ ගැලුවාට පස්සේ අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට ඇවිල්ලා අර සංකප්ප පාර දිගේ, ජාති වේදනා ඒ රේඛාව දිගේ ඇවිල්ලා, අන්න දැන් ආපහු මේ සඤ්ඤා පරාමාස කියන රේඛාව වටා, වේදනාව පරාවර්තනය වෙනවා. එතකොට ඒ වේදනා චේතනා. දැන් බලන්න වේදනා චේතනා කියන එක දෙපාරක් සිද්ධ වුණා කියන එක. අන්න ඒ අවස්ථාව තමයි 7.1 කියන අවස්ථාව, ධම්මමච්ඡරිය ඇති වෙන්නේ, ඒ දෙවෙනි පාරට පරාවර්තනය වුණහම.
ඉතින් මෙතන මේ පෝතලිය සූත්‍ර සාකච්ඡාවේදි, අපි මේ මානය කියන එක ඇති වෙන්නේ කොහොම ද කියලා සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ හත් වෙනි රවුමේ දී ක්‍රමය. ධම්මමච්ඡරිය නිසා අගය දී චේතනා වෙනවා. දීලා මාන වෙනවා කියලා. එතකොට 7.1 දී අගය නොදෙන්නේ නම් 7.2 කියන එක වෙන්නේ නැහැ. ඉතින් මම මේ ටිකක් ඔයගොල්ලන්ව සුදානම් කරන්නේ, මේ ඉස්සරහ භාවනාවලට තේරුම් ගන්නත් පහසු වෙන්න. ඔය 7.2 කියන එක බොහොම significant එකක්. එතකොට 7.2 යන්න, කඩයට යන්න සිතන්නේ වාහනයට නගින්නේ ය, යන්න මෙනි.
ඉතින් අපි දන්නවා ඕකේ සඳහන් වන ත්‍රිකෝණය වේදනා පරාමාස භය අගති ත්‍රිකෝණය, ඔය ත්‍රිකෝණය දකින අවස්ථාව 7.2. තමා පවතිනවා යන්න ස්ථිර ය, කියන එක.
දැන් අපි කිව්වා, වේදනාවේ ඉඳන් චේතනාවට 7.1, දැන් ඔය දෙවෙනි පාරටත් පරාවර්තනය වෙලා ආපු එක. එතකොට ඒ රේඛාව ආපහු පරාවර්තනය කරන්න බලන්න වේදනා පරාමාස රේඛාව වටා. ඒ කියන්නේ ධම්මමච්ඡරිය රේඛාව වේදනා පරාමාස රේඛාව වටා පරාවර්තනය වුණොත් ඔයගොල්ලන්ට පේනවා වේදනා භය අගති, එතකොට ඔය 7.2 අවස්ථාවේ දී, දැන් 7.1 වුණොත් 7.2 වෙනවා. එතකොට අපි දන්නවා 7.2 කියන්නේ සංස්කාර නිත්‍ය යැයි කියලා පරාමාසගත වීම.
එතකොට නිත්‍ය නම්, ඔය මනෝමය කාය අතහැරීමට සුදානම්. එම තීරණය ගැනීමට අවශ්‍ය කරුණු සම්පාදනය වී ඇත. ඒ වෙලාවේ අතහරිනවා කියන එක නෙමෙයි. ඒ තරමකට අපේ මනස සුදානම් වෙලා තියෙනවා කියන එකයි මේ පෙන්නා දුන්නේ. ඉතින් මේක ඔයගොල්ලන්ට උදව් උපකාර වෙනවා ඉස්සරහටත් භාවනාවට. මේ භාවනාවේ අර්ථය මොකක් ද කියන එකත් කෙනෙකුට පැහැදිලි වෙනවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්