Date: 29/09/2023 Name: Mohaya

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

22/09/2023 අමෘතය 9 භාවනාව නැවතත් කරගෙන ගියා. එහි අවසානයට සඳහන් කළ වේදනා, පරාමාස, භය අගති යන ත්‍රිකෝණය දැක, මෙසේ භව තණ්හාව ඇත්තේ, විඤ්ඤාණ ධාරාව මනා කොට, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා ගලන ධාරාවෙන් පෝෂිත වී ඇත්තේ, ගසාගෙන යන සැඩ පහරකට අසු වූ අයකු මෙන් ම, ජාතිය ම සනාථ කරයි, එය ම අල්වා ගනී, යන්න මෙනෙහි කළා.

ඉහත ත්‍රිකෝණය දකින අවස්ථාව, 7.2 බව අපි දනිමු. 7.2 වන විට, ස්ථිර වූ දෙයක් ඇත. කුමක් ද? තමා පවතිනවා යන්න ස්ථිර ය.(*1) එනමුදු තව ඉදිරියට යමක් කළ යුතු බව වැටහේ. එය කුමක් ද? රූපය ගැනීම සඳහා යම් කාර්යයක් කළ යුතු ද, එයයි. මෙයට මනෝමය කාය අත්හැරීම අඩංගු ය. රූප නන්දි curve එක මෙන් විමසන්නේ, 7.7 වන විට වේදනාව peak එකට ඇවිත් ඇත්තේ, ධාරාව මනා කොට ගලන්නේ, යම් තැනෙක සිට දිය කඩිත්තක් හරහා යමෙක් පනින්නේ ද, එසේ පැනීම සිදු වේ. මෙසේ තම උපප්‍රාප්ති භවය සම්පූර්ණ කර ගනී.

එතකොට අපි දන්නවා මෙතන මේ රූප නන්දි curve එක 7.1, ඊට පස්සේ 7.7 වෙනකොට peak වෙනවා. 8.2 වෙනකොට මැරිලා යනවා, කියන එක.

තව ද, උදැල්ල 1 සහ උදැල්ල 2 එකට බන්ධනය වන අවස්ථාව තවදුරටත් විමසන්නේ, පටිඝානුසය තමයි සඤ්ඤාව ඔසවා උදලු දෙක බන්ධනය කිරීමට තුඩු දෙන්නේ.

අපි ඒක බලලා තියෙනවා ඔය ආයතන 3 සටහන්වල, කෝටුව 4 සෑදීම කියලා, බලලා තියෙනවා. ඒ කියන්නේ, අපිට පේනවා ඔය පටිඝානුසය, වේදනා සඤ්ඤාව කියන රේඛාව, එතකොට කබලිංකාර ආහාරයේ ඉඳන් මනොසඤ්‌චෙතනා ආහාරයට (*2) කෝටුව 4 කියලා ලකුණු කරලා තියෙනවා.

මෝහය නිසා ලෝභ ද්වේෂ වන බව දැන, එනම් උදැල්ල 1 සහ උදැල්ල 2 එකට බන්ධනය වීමෙන්, block එක සෑදෙන්නේ, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා ධාරාව දිවීම, සීලබ්බත උපාදානයෙන් පෝෂිත වී ඇත්තේ, ධාරාව හොඳින් ගලයි. කාම විතක්ක ඇති වෙයි. එය ජරා වේදනා අසම්පජාන රේඛාවේ ලකුණු කරයි.

මෙසේ ඇති වී ඇත්තේ දුක බව නොදන්නේ නම්, අසම්පජානය ඇති වේ. එනම් පටිඝානුසය මගින් සඤ්ඤාව ඔසවයි. සඤ්ඤාව චේතනාවට හරස් වන අවස්ථා ද මෙහි ඇති විය හැක.

උදාහරණ වශයෙන්, වඩු බාස් කබල් ලීවලින් මේසයක් හදයි. ඔහු සඤ්ඤා යන ගෝලයාට ලී කෑල්ලක් ගේන්න යැයි පවසයි. ගෝලයාට හොඳ ලී පෙනෙයි. නමුත් ගුල්ලෝ ගැසීමට තරම් නරක් වීගෙන යන ලී කැබැල්ලක් ගේන්නට සිදු වෙයි. කුමක් නිසා ද? වඩු බාස් හදන්නේ කබල් මේසයක් නිසා ය. මෙසේ සඤ්ඤාව චේතනාවට විරුද්ධ විය හැකි ය. එනමුදු ධාරාව ගලයි.

දැන් නාමකායේ පටිඝසම්ඵස්සය වැටහේ. එනම් සඤ්ඤාව චේතනාවට විරුද්ධ ය.

තව ද,

1 අපි ජාතියේ සිට මිච්ඡා දිට්ඨි වූයේ නම් ජරාව වේ. මෙයින් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ.

2 අපි ජාතියේ සිට අභිජ්ඣා වූයේ නම් දුක ය. අභිජ්ඣාවෙන් පටිඝානුසය ඇති වන්නේ නැවතත් නාමකායේ පටිඝසම්‌ඵස්‌සය සෑදේ.

3 අපි ජාතියේ සිට ව්‍යාපාද වූයේ දෝමනස්සය හටගනී. එසේ නම් පටිඝානුසය ඇත්තේ නැවතත් නාමකායේ පටිඝසම්‌ඵස්‌ස අගය සෑදේ.

තණ්හාවෙන් ජරා, දුක්ඛ, දෝමනස්සය යන තුන් අගයන් එකතු කරන්නේ ය. දුක එකතු කරන්නේ, දුක ම ඇති වේ.

මෙහි සුඛ යන වචනය කොහේවත් ගැබ් ගෙන නැති නමුත්, එසේ ඇති යැයි අවිද්‍යාව පමණක් පවසයි.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 14/10/2023

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඉතින් අපි ඔය 30/09/2023 සාකච්ඡාවේදි පැවසුවා, නිත්‍ය නම් මනෝමය කාය අත්හැරීමට සුදානම් ය. එම තීරණය ගැනීමට අවශ්‍ය කරුණු සම්පාදනය වී ඇත

කියලා. ඉතින් මේ තීරණය මේ අවස්ථාවේ දී ගන්න එකක් නෙවෙයි, ඕක, 7.6 දී

තමයි ඕක ගන්නේ.

(*2) ඒ ජරා වේදනා අසම්පජාන රේඛාව, ඒකේ අපි අසම්පජානය වෙනුවට සඤ්ඤාව එතන ලකුණු කරලා තියෙනවා.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

එතකොට ඒක තමයි භාවනාව. ඉතින් මේ භාවනාව කළහම, මේ block එක ඔළුවේ ඇතුළේ ඇති බව වැටහුණා. ඉතින් මෙතෙන්ට මේ diagram එකක් එනවා, අපි ඒක දෙනවා.

patiganiusa.pdf

කෙනෙකුට හිතාගන්න පුළුවන් දැන් මේ ඔළුවේ, අපි දන්නවා නළලේ වම් පැත්ත සති ඉන්ද්‍රිය ලකුණු කරන තැන, එතන අපි සඤ්ඤාව කියලා ලියාගත්තොත්, ඊළඟට පරාමාසය, දකුණු කන හැටියට ගත්තොත්, ඒ දෙක හරහා අපිට රේඛාවක් අඳින්න පුළුවන්, සඤ්ඤාවේ ඉඳන් පරාමාසයට උදැල්ල 1.

ඒ වගේ ම අපේ ඔළුවේ, නළලේ දකුණු පැත්තේ, ඒ ප්‍රඥා ඉන්ද්‍රිය, එතන අපි චේතනාව කියලා, ලකුණු කරගත්තොත්, එතන ඉඳන් මේ වම් පැත්තේ කන, එතන වේදනාව කියලා ලකුණු කරලා ඒ වේදනාවේ ඉඳන් ඒ චේතනාවට රේඛාවක් ලකුණු කරගන්න පුළුවන්. එතකොට මේ දෙක කැපෙන තැන තමයි කූඤ්ඤය, ඒක හරහා තමයි ඔය පටිඝානුසය කියන රේඛාව, ඒක මේ නළලේ මැද්දට එන විදිහට ඇඳගන්න පුළුවන්. ඒ diagram එක බැලුවහම පැහැදිලි වෙයි.

එතකොට මේකේ තියෙන්නේ මොකක් ද, මේ සඤ්ඤා යන තැනැත්තා, ගෝලයා දකුණු කනෙන්, ඒ කියන්නේ පරාමාසයෙන් අසයි. ඔහුට වැරදි හැඟීම් ඇත. එනම් වඩු බාස් කිව්ව පලියට ලී කෑල්ල ගෙන එන සංස්කාරය කළ යුතු නැති නමුත්, වැරදි වැටහීම් ඇති නිසා එසේ කිරීම හොඳ යැයි වරදවා වටහා ගත් නිසා, එයාගේ පඩිය හරි හම්බවෙනවා කියලා, එම ලී කෑල්ල ගෙන ඒම සිතන්නේ නම් වැටහේ. වඩු බාස්ට වේදනාව අවශ්‍යව ඇත. වම් කන. කුමක් නිසා ද? අන් අය හොඳ යැයි පවසන්නේ නම් පමණක් ඔහු සතුටු වන නිසා ය. මෙය නැති නම් ආඩම්බර විය නොහැක. ඒ නිසා ය.

මෙම දෙක මැදින් කූඤ්ඤය දැනෙන ස්ථානයේ සිට පටිඝානුසය ලකුණු කළ ජරා වේදනා අසම්පජාන රේඛාව, නළල මැද දක්වා ඇඳගන්න. 3D ලෙස සිතීමෙන් පමණක් වේදනාව, ජරා වේදනා අසම්පජාන රේඛාව මත යැයි වැටහේ.

ඒ කියන්නේ කොළයට ලම්බකව උඩ අතට ලකුණු කළ වේදනාව. මෙම රේඛාවේ උදැල්ල 1 සහ උදැල්ල 2 එකට බන්ධනය වන තැන, මොළය තුළ ඇත. එය කූඤ්ඤය දැනෙන ස්ථානය වන අතර, එය plasma (cerebrospinal fluid - CSF) ලෙස හඳුන්වනු ලබයි.

නළල මැද මෝහය. ඵල චිත්තය නැංවෙන විට මෙය ඉවත් වීම නිසා එය තදින් දැනෙන්නේ, වරින්වර මෝහය පැමිණෙන නිසා ය.

එතකොට මේක බොහොම විශිෂ්ට භාවනාවක්. මේක එක එක ඔය පසු ධර්මයන් එක්ක මේක කළහම එහෙම ඔළුවේ එක එක ආකාරයට එහෙම සුඛ සහිතව දැනීම එහෙම ඇති වෙනවා. එතකොට ඒක තමයි කියන්න තියෙන්නේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Ayatana3/s_Ayatana3-04.jpg


RupaNandi.jpg