ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
29/09/2023 මෝහය භාවනාව නැවතත් කරගෙන ගියා. එහි සඳහන් කළ මෝහය නිසා ලෝභ ද්වේෂ වන බව දැන, එනම් උදැල්ල 1 සහ උදැල්ල 2 එකට බන්ධනය වීමෙන්, block එක සෑදෙන්නේ, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා ධාරාව දිවීම, සීලබ්බත උපාදානයෙන් පෝෂිත වී ඇත්තේ, ධාරාව හොඳින් ගලයි. කාම විතක්ක ඇති වේ, යන්න සිහි කළා.
ආයතන 3 සටහන්වල හය වන පිටුවට මනස යොමු වුණා. කාමච්ඡන්දය කෙසේ ඇති වන්නේ ද?
* අභිජ්ඣාවෙන් දෝමනස්ස
* ප්‍රියයන්ගෙන් වියෝ වීම, මනසින් යමක් එකතු කිරීම, ඒකෙන් කාමච්ඡන්දය.
* පුරුෂයාගේ සංකල්පය විසින් උපන් රාගය, කාම වේ.(*1) අඩු වූ තෘප්තිය සඳහා තම මනසින් හිලව් කිරීම නිසයි කාමච්ඡන්දය.
* කාමච්ඡන්දයෙන් උපාදාන, ඒකෙන් භවය.
* දැන් භවය නිසා අපි ඉන්න ඕනි යැයි පවසනවා. භවයෙන් ජාතිය.
මේ සියල්ල, උදැල්ල 1 සහ උදැල්ල 2 එකට බන්ධනය වීමෙන්, block එක සෑදීම නිසා ය. පටිඝානුසය සඤ්ඤාව එසවීම නිසා වූ බන්ධනය මගිනි. ආයතන 3 සටහන්වල පස් වන පිටුවේ දී අභිජ්ඣාව ඇති වීමට, මෙය “මාගේ වේවා” යන මිච්ඡා දිට්ඨිය තිබිය යුතු ය, යනුවෙන් සාකච්ඡා කළා.
එතකොට අපි දන්නවා ජරා වේදනා අසම්පජාන රේඛාව, ඒකේ පහළ පටිඝානුසය තියෙනවා. දිට්ඨිය ඇති වෙන්න නම් ආධාරකය තිබිය යුතු ය.
* පටිඝානුසය මගින් අභිජ්ඣාව.
* අභිජ්ඣාව මගින් පටිඝානුසය.
* එහෙම නම් අභිජ්ඣා සහ පටිඝානුසය අතර වෙනස කුමක් ද?
නිර්වාණයට යන කෙනෙකුට යම්කිසි බාධාවක් වෙනවා නම් එය ඔහුට අවැඩක් යැයි බුදුපියා පවසා ඇත. මෙයයි අභිජ්ඣාව. නිර්වාණයට යන පුද්ගලයාට ඇස, කන, නාසය, දිව, ශරීරය යන ආයතන පහ නිසා ස්පර්ශයක් ඇති වෙනවා නම්, අභිජ්ඣාව මෙයයි. අවැඩ මෙයයි. බාධාව මෙයයි. එනම් ස්පර්ශය මගින් වන අභිජ්ඣාව මෙයයි. අවැඩ මෙයයි. බාධාව මෙයයි.
ස්පර්ශය ළඟ දී වන අවැඩ සිහි කරන්නේ, ඉතා ම සැනසීමක් ඇති විය. පටිඝානුසය නැත. නළල මැද කිසිම tension එකක් නැත. මෙය මෝහය නොපැමිණෙන නිසා ය.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 14/10/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) සංකප්ප රාගො පුරිසස්ස කාමො.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේ භාවනාව කරනකොට අර උදැල්ල 1, 2 බන්ධනය වෙන තැන මොළය තුළ ඇත. එය කූඤ්ඤය ස්ථානය වන අතර, එය plasma ලෙස හඳුන්වනු ලබයි කියන එක එහෙම ඒක සිහි වුණා. ඉතින් ඒකට තමන්ගේ මනස යොමු වෙලා තියෙනවා නම් අර වාගේ අර සැනසීම් ස්වභාවයක් ඒ විදිහට එනවා, මෝහය එන්නේ නැතුව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්