ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
06/10/2023 අභිජ්ඣා භාවනාව නැවතත් කරගෙන ගියා. එහි සඳහන් කළ මෝහය නිසා ලෝභ ද්වේෂ වන බව දැන, එනම් උදැල්ල 1 සහ උදැල්ල 2 එකට බන්ධනය වීමෙන්, block එක සෑදෙන්නේ, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා ධාරාව දිවීම, සීලබ්බත උපාදානයෙන් පෝෂිත වී ඇත්තේ, ධාරාව හොඳින් ගලයි. කාම විතක්ක ඇති වේ, යන්න සිහි කළා.
මේ සියල්ල, උදැල්ල 1 සහ උදැල්ල 2 එකට බන්ධනය වීමෙන්, block එක සෑදීම නිසා ය. පටිඝානුසය, සඤ්ඤාව එසවීම නිසා වූ බන්ධනය මගිනි. දිට්ඨිය ඇති වෙන්න නම් ආධාරකය තිබිය යුතු ය. පටිඝානුසය මගින් අභිජ්ඣාව. අභිජ්ඣාව මගින් පටිඝානුසය.
එහෙම නම් අභිජ්ඣා සහ පටිඝානුසය අතර වෙනස කුමක් ද?
නිර්වාණයට යන කෙනෙකුට යම්කිසි බාධාවක් වෙනවා නම් එය ඔහුට අවැඩක් යැයි බුදුපියා පවසා ඇත. මෙයයි අභිජ්ඣාව. නිර්වාණයට යන පුද්ගලයාට ඇස, කන, නාසය, දිව, ශරීරය යන ආයතන පහ නිසා ස්පර්ශයක් ඇති වෙනවා නම්, අභිජ්ඣාව මෙයයි. අවැඩ මෙයයි. බාධාව මෙයයි. එනම් ස්පර්ශය මගින් වන අභිජ්ඣාව මෙයයි. අවැඩ මෙයයි. බාධාව මෙයයි. ස්පර්ශය ළඟ දී වන අවැඩ සිහි කරන්නේ, ඉතා ම සැනසීමක් ඇති විය. පටිඝානුසය නැත.
භාවනාව අවසානයට අකනිට්ඨ මණ්ඩලයට කෘතඥතාවය පළ කරන්නේ, මම ඈත සිට එසේ කරන බව වැටහිණ. එය එසේ ය යැයි බුදුපියවරු පැවසුවා. මම අරූපයට ගියේ කෙසේ ද?
1 තුන් ධර්මයක් මගිනි. ස්පර්ශය, පටිඝානුසය සහ මෝහය යන ධර්මතාවයන් හොඳින් මනසේ පැවතීම නිසා ය. මෙය අන් අයට කීමට මතක තබා ගැනීම සඳහා සිහි කරන්නේ අරූපය ඇති විය.
2 තව ද භාවනාව කරනවිට දී, වඩු බාස් සහ ගෝලයාගේ කතාව සිහි කරන්නේ, එනම් සඤ්ඤාව හොඳ ලී දුටුවත්, චේතනාව යන වඩුබාස් කබල් මේස හදනවා යන්න සිහි කරන්නේ එය කර්ම භවය බව, බුදුපියා පැවසුවා.
මෙම ධර්ම දෙකෙහි, 1 බලපෑම මත අරූප වීම ද, 2 නිසා පැවතීම ද, යන්න සිදු වේ. “රූප සඤ්ඤානං සමතික්කමා, පටිඝ සඤ්ඤානං අත්ථඞ්ගමා. නානත්ත සඤ්ඤානං අමනසිකාරා, අනන්තො ආකාසොති.” යන්න සිහි විය.
මෝහය ඉවත් වන්නේ නම් කාමරාග අනුසය හරහා සඤ්ඤාව සුඛ යැයි නොකියයි. වාමාවර්ත ව දෝලනය නොවේ. චූල සුඤ්ඤත පැහැදිලි කිරීම මතක ඇතිනේ?
නැවත මතක් කර ගන්නවා නම්, නානත්ත සඤ්ඤානං අමනසිකාරා කියන්නේ අපි විඤ්ඤාණයේ තියෙන දේ මෙනෙහි කරන්නේ නැත්තම්, තමන්ට නානත්ත සඤ්ඤානං අමනසිකාරා කියන එක වෙනවා.
කබලිංකාර ආහාරය ඉඳන් සඤ්ඤා චේතනා එහෙම වෙලා තමයි අපි විඤ්ඤාණයට එන්නේ, ආවට පස්සෙ ආපහු අපි කබලිංකාර ආහාරයට යන්නේ නැති වෙන්න ඕන. උදාහරණ වශයෙන් තාත්තා කෙනෙක් වයසට ගිහිල්ලා, තමන්ගේ දරුවන්ට බාර දෙනවා business එක, පුතා මේ කෑල්ල කරන්න, දුව මේ කෑල්ල කරන්න, මේ පුතා මේ කෑල්ල කරන්න, ආදී වශයෙන්.
ඉතින් ඔය එක පුතෙකුට දුවෙකුට බැරි වුණත්, එක්කෙනෙක් හරි කරනවා නම් business එක දුවනවා. පුතාලා දුවලා කිව්වේ සඤ්ඤා වේදනා වාගේ දේවල්. මෙහි කුමක් වන්නේ ද? රූපයේ ජරාව නිසා විඤ්ඤාණය ජරා වෙලා. මෙය පළවන රවුම ලෙස ගත යුතු ය.(*1) ඉතින් විඤ්ඤාණය ජරා වුණාට පස්සේ, ඒක නිසා නාම රූප කොටස් කරා ගමන් කරනවා. එතකොට ඒවට යන්නෙ නැති වෙන්න ඕන. එතකොට ඒ කියන්නේ දකුණට ගිහිල්ලා වම් පැත්තට තීන්ත ගානවා වගේ එන්නැති වෙන්න ඕන. ඒක තමයි නානත්ත සඤ්ඤානං අමනසිකාරා.
ඊළඟට පටිඝ සඤ්ඤානං අත්ථඞ්ගමා. පටිඝය කියන්නේ ඇහැයි රූපයයි ගැටුනොත් පටිඝය. අපේ සීයට තරහ යන්නේ මොකද? එයාගේ රස අංකුර ගිහිල්ලා. එතකොට එයා ඉල්ලන්නේ රස කෑම නේ ද? ඉතින් ඒවා හම්බවුණොත් මොකද වෙන්නේ, දුකට තමයි පත් වෙන්නේ. සීයා ජරාවට පත් වෙලානේ තියෙන්නේ එහෙම නම් මේ ජරාව කියන එක අභිනන්දනා කරන්නේ නැති වෙන්න ඕන. එනම් පටිඝානුසය මගින් ඔසවන සඤ්ඤාව අභිනන්දනා කරන්නේ නැති වෙන්න ඕන. එනම් ත්‍රිශූලය කැරකවීමට තුඩු දෙන, ජරා වේදනා අසම්පජාන රේඛාව දිගේ උඩට ගමන් නොකළ යුතු ය.
රූප සඤ්ඤානං සමතික්කමා. රූපය කුඩා වෙනවා නම් රූපය ඉක්මවන්න පුළුවන්. අපි කූඹියෙක් දිහා බැලුවහම අහක බලා ගන්නවා. අලියෙක් දිහා බැලුවහම උගේ හොඬවැල මෙහෙමයි ආදී වශයෙන් සිත අල්ලනවා. කූඹියාගේ ගත යුත්තක් නැහැ, insignificant.
මෙහි දී දෝලනය සටහනේ 8.2 නොවීම සඳහා කරන යම් වෑයමක් වේ ද, එය ගෝලයාගේ අකමැත්ත ලෙස ගත යුතු ය.(*2)
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 28/10/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) අවිජ්ජා පච්චයා සඞ්‌ඛාරා, සඞ්‌ඛාර පච්චයා විඤ්ඤාණං. පළවෙනි රවුම - සුභ.
(*2) ඉතින් මේක කෙනෙකුට හිතන්න පුළුවන් අලියෙක් වගේ ලොකු දෙයක් හදන්න පුළුවන් හැබැයි හදන්න යන්නේ කූඹියෙක් වගේ කුඩා දෙයක් යැයි අකමැති වෙනවා කියලා.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
එතකොට මේකට තව ටිකක් එකතු කරනවා නම්, පළවෙනියට කියන්න පුළුවන් මෝහය ඉවත් වන්නේ සුඛ යැයි නොපවසයි. දෙවනුව පටිඝ සඤ්ඤා නොමැති නම් ජරාව අභිනන්දනා නොකරයි. තුන් වෙනුව ගෝලයාගේ අකමැත්ත සංස්කාර කිරීමට අකමැත්ත ඇත. කුමක් නිසා ද? ජරා ලී ගැනීමට සිදු වී ඇත. එය නිවනින් පිටත ය. මෙසේ විමසන්නේ විඤ්ඤාණ ධාරාව ඉතා slow වන්නේ ය.
අකනිට්ඨ මණ්ඩලයට කෘතඥතාවය පල කරන්නේ, නම කියන්නේ, වචන අතර gap එක බොහෝ ය. මෙය මෙත්තාව සහ කරුණාව සමඟ සිදු වේ. මෙය අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව හෝ කාම ආශ්‍රව සිට අවිද්‍යා ආශ්‍රව නොවීම නිසා යැයි බුදුපියා පැවසුවා.
මෙම භාවනාව කරන්නේ දොර පොල්ල සෑදීම මනා කොට වැටහෙනවා.
ඊළඟට පටිඝ සඤ්ඤානං අත්ථඞ්ගමා, ත්‍රිශුලය කැරකීමට තුඩු දෙන ජරා වේදනා අසම්පජාන රේඛාව දිගේ උඩට ගමන් නොකළ යුතු ය. මෙහි කෙසේ ත්‍රිශුලය වාමාවර්ත ව කැරකැවීම සිදු වේ ද? පෝතලිය සූත්‍ර සටහන්වල තුන් වෙනි රවුම, සුඛ යන්න විමසුවා. සුභයට නිත්‍ය එකතු කරලා සුඛ. එසේ නම් අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව, area 6 සිට සරසංකප්ප area එකට පැමිණීම විමසන්න. මෙසේ වන්නේ පහළ ධාරාව ගැලීම වන්නේ ජරා වේදනා අස්ම්පජාන කෝටුවේ, ජරා වේදනා කොටස ජල පහර නිසා ඉස්සීම වන්නේ යම් සේ ද, එසේ ම ධාරාව ගැලීම නිසා ඔසවයි. එවිට ත්‍රිශුලය වාමාවර්ත ව කැරකැවීම සිදු වේ. හරියට අර lever එකක් දාලා lever එකේ, ජරා වේදනා කොටස වතුර පාරෙන් උඩට ඉස්සුවහම අනිත් කෑල්ල කැරකෙනවා වගේ. එතකොට ඒක තමයි කියන්න තියෙන්නේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්