Date: 20/10/2023 Name: Door bar

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

13/10/2023 ආනෙඤ්ජ විහාර භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී දොර පොල්ල සෑදීම මනා කොට වැටහිණ. එතන diagram එකක් අඳින්න පුළුවන් අපි ඒක දෙනවා.(*1)

s_DrivingForce4.jpg

1 සංස්කාර ප්‍රත්‍යයෙන් වන විඤ්ඤාණ නිසා, දෝලනය සටහන දක්ෂිණාවර්ත ව කැරකැවීම සිදු වේ. තම ශරීරයේ එක උරහිසක් පාත් වූ පසුව, තුලනය කිරීම සඳහා අනික් පැත්ත පාත් කරන්නේ කෙසේ ද, එසේ ම විඤ්ඤාණ පච්චයා නාමරූපං ලෙස වන ක්‍රියාවලිය ඇති වේ. සංස්කාර ප්‍රත්‍යයෙන් වන විඤ්ඤාණ පළමුවෙනි රවුම. සුභ යැයි පරාමාස සිට ඉදංසච්චයට ඇදෙන්නේ, ඒ සමඟ විඤ්ඤාණයට ජරාව එකතු වීම සිදු වේ. විඤ්ඤාණය ජරා වුණාට පස්සේ, ඒක නිසා නාමරූප කොටස් කරා ගමන් කරනවා. එමගින් විඤ්ඤාණ පච්චයා නාමරූපං ලෙස වන ක්‍රියාවලිය ඇති වන්නේ, කොළ පාටින් ලකුණු කළ දොර පොල්ල සෑදේ.

2 ත්‍රිශූලය සටහන භ්‍රමණය වන්නේ වේදනා අගයෝ චේතනාව දක්වා ගමන් කරයි. මෙහි යම් බැස ගැනීමක් වේ ද, චේතනාව විසින් සඤ්ඤා අගය සනාථ කිරීම සිදු වන්නේ, 6.4 වන විට කළු පාටින් දක්වා ඇති දොර පොල්ල සෑදේ.

3 රූප වේදනා චේතනා cone එක (anticlockwise) වාමාවර්ත ව කැරකවීම සිදු වන්නේ, රූප අගයෝ චේතනා දක්වා ගමන් කරයි. මෙය 7.4 අවස්ථාව වන අතර එමගින් මමංකාර සහිත උඩ, රතු පාටින් දක්වා ඇති දොර පොල්ල කොටස සෑදේ. මෙයින් අනතුරුව යම් භවයක් කෙරෙහි තීරණයක් - සංස්කාර අධිමොක්ඛ ඇති ද, එය හට ගැනීම සමඟ, ජාතිය සනාථ වේ. එමගින් පහළ, කහ පාටින් දක්වා ඇති දොර පොල්ල කොටස සෑදේ, 8.2.

මෙම දොර පොලු තුනෙහි එකතුව සක්කාය දිට්ඨි (කළු පාට) විචිකිච්ඡා (කොළ පාට) සීලබ්බත පරාමාස (රතු සහ කහ පාට) යනුවෙන් තථාගතයන් වහන්සේලා නම් කරනු ලබයි. මෙම ශ්‍රේෂ්ඨ ධර්මය රැක ගත යුතු ය.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 28/10/2023

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) Driving force 4 diagram එක, එතකොට ඒකෙ, කළු පාට, රතු පාට, කොළ පාට ආදී වශයෙන් ඒ දොර පොලු තුනක් එතන පෙන්නා දීලා තියෙනවා.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

මේකට තව ටිකක් එකතු කරනවා නම්, ටිකක් කිව්වට ගොඩක් එකතු කරන්න තියෙනවා. මෙම දොර පොලු තුන තුළ, රූප ජරා අගයෝ, වේදනා ජරා අගයෝ, සඤ්ඤා ජරා අගයෝ, මෙතෙන්දී හිතන්න ඕන අර ගෝලයාට වුණ දේ සිහි කරන්න, විඤ්ඤාණ ජරා අගයෝ, සංස්කාර ජරා අගයෝ, යන සියල්ල සහිතව භය අගති වී දොර පොල්ල දකින්නේ නළල cool විය.

6.4 කළු පාට දොර පොල්ල, ද්වේෂය සිට 7.4 රතු පාට දොර පොල්ල ද්වේෂය. අපි ඔය 07/08/2020 නිබ්බාන භාවනාවේ පෙන්නලා දීලා තියෙනවා. 6.4 න් පසුව ද්වේෂය පළමුව ඇති වෙනවා, ව්‍යාපාදය දෙවනුවට. ඒ කියන්නේ 7.4 න් පසුව.

මෙතන ඉදිරියට දෙන භාවනාවක් තියෙනවා, මේ නොවැම්බර් 24 වෙනිදා ඒකෙන් පසුව බැලුවොතින් ඔතන පෙන්වනවා, ඕක අපි වාහනයක් බවට පත් වෙනවා මේ විදිහට මේ diagram එක ගිහිල්ලා. ඒකෙ axle එක කැඩෙනවා. කැඩීම පේනවා. සඤ්ඤා වේදනා දෙක ම ගුගුරනවා, හදන කබල් මේසය නිසා.

නැවතත් කියන්න පුළුවන්, මේ 8.2 කහ පාට දොර පොල්ල, ව්‍යාපාදය. 7.7 සංස්කාර ජරා. 7 රවුම සම්පුර්ණයි, ව්‍යාපාදය. මෙහි දී සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ වන්නේ සංස්කාර ජරා නිසා ව්‍යාපාදය වන්නේ ය. මෙය සිදු වන්නේ 8.2 දී බව බුදුපියා පැවසුවා.

6.4 දී අපි යමක් හදන්නේ torch එක අල්ලනවා වගේ, ඒක දන්නවා ඔයගොල්ලෝ. නිත්‍ය යැයි ඇල්ලීමට පසුව, 7.4 වන විට ඊතලය නිසා කැඩී යෑම. දැන් අපිට පේනවා 6.4 දී හදනවා, 7.4 වෙනකොට කැඩිලා යනවා. මෙය සමුදය ඇත. වය ධම්මා, බිඳීම ඇත යනුවෙන් වැටහෙනවා. අර සංස්කාර අධිමොක්ඛ අවස්ථාවේ දී, එතෙන්දී මව් කුසට යන අවස්ථාව සිහි කරමු. එතැන දී කාමය වරදවා හැසිරීමට සිතයි.

පෙර චේතනා සහ දැනුත් මෙය කරමින් පවතියි. පෙර ද කළේ ය, එයින් පැවතිණ. සාඨෙය්‍ය යන වංචාව, අපර චේතනා. මෙම දෙක ගැළපීම වන්නේ නම් තීරණය ගැනීම සිදු වේ.

ඉතින් ඔයගොල්ලන් දන්නවා ඔය 05/08/2022 නිබ්බාන භාවනාව අපි 15/04/2022 තමයි සංස්කාර අධිමොක්ඛ, 05/08/2022 ඒක නැවතත් පෙන්නා දීලා තියෙනවා, diagram එකත් එක්ක. ඒ diagram එකේ පෙන්නනවා ඒ චේතනා කෙරෙහි උපෙක්ඛාව විමසන අවස්ථාවේ දී විචිකිච්ඡාව ඇති අවස්ථාවේ දී ඉදංසච්චාභිනිවෙසකායගන්ථය පරාමාසකායගන්ථයෙන් වෙන් වන බව සාකච්ඡා කර ඇත.

පෙර චේතනා සහ අපර චේතනා ගැළපීම නොවන්නේ නම් තීරණය ගැනීම පසුවට කල් දැමීම සිදු වන බව පෙන්නා දී ඇත. මෙහි තීරණය යනු සංස්කාර අධිමොක්ඛය වේ.

පෙර චේතනාව වේදනාව හා සම්බන්ධ ය. එනම් සුදුසු කුලයන් සොයයි. අපර චේතනාව සංස්කාර හා සම්බන්ධ ය. මෙය ලාභය සොයයි. මෙහි ලාභය සොයයි.

7.4 රතු පාට දොර පොල්ල, ද්වේෂය. මෙම දොර පොල්ල, චේතනා සමඟ බැඳේ. 8.2 කහ පාට දොර පොල්ල, ව්‍යාපාදය. මෙම දොර පොල්ල, අපර චේතනා සමඟ බැඳේ. හොඳට හිතලා බලන්න බොහොම ලස්සනයි.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_oscillation.jpg


s_trident.jpg


s_CulaAssapuraDiagrams/s_CulaAssapuraDiagrams-06.jpg