Date: 27/10/2023 Name: අමෘතය 10

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

11/08/2023 අමෘතය 3 භාවනාව නැවතත් කරගෙන ගියා. විඤ්ඤාණ පච්චයා නාමරූපං යන ධර්ම කොටස ක්‍රියාත්මක වේ. දෝලනය වාමාවර්ත ව (anticlockwise) කැරකැවීම සිදු වේ. මෙහි උපාදාන වශයෙන් අත්තවාද උපාදානය ගත යුතු ය, යන ධර්මතාවය සිහි කරන්නේ කොළ පාට දොර පොල්ල පමණක් ඉතිරි වී, දොර පොල්ලෙන් වම් පැත්තේ ධර්මයෝ, රූප වේදනා සඤ්ඤා ජාති ආදි සියල්ල මැකී ගියා. වම් ඇස ඇරිණ. ඉතා සැනසීමක් දැනිණ. මෙය සිදු වූයේ, අත්තවාද උපාදාන q රේඛාව සහ දිට්ඨි උපාදාන B රේඛාවන් විමසන විට දී ය.

විඤ්ඤාණයේ පිහිටීමට තුඩු වූ සංකල්පය 50% පාර, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාම රූප වීමට තුඩු දෙන ප්‍රධාන කාරණය බව අපි දනිමු.

මෙහි දී දිට්ඨි සල්ලයෙන් කැරකෙන්නේ, ත්‍රිශූලය diagram එක වාමාවර්ත ව (anticlockwise) කැරකැවේ. මෙයට 40% පාර බලපායි. දිට්ඨි අනුසය මගින් එය සිදු කරනු ලබයි. ඒ නිසා ය. මෙහි දී උපාදාන වශයෙන් දිට්ඨි උපාදානය ගත යුතු ය යන්න විමසන්නේ, මෝහය පැත්තෙන් බලන්නේ, කුමක් පෙර වී ද? ඒ කියන්නේ අත්තවාද උපාදාන කාම උපාදාන දිට්ඨි උපාදාන යන පිළිවෙළ ද, නැති නම් අත්තවාද උපාදාන සිට දිට්ඨි උපාදාන ද, යන අදහස විමසන්නේ, දිට්ඨි සල්ලයෙන් කැරකෙන්නේ මෙහි දී අලුත් දිට්ඨීන් සකස් වන්නේ ය. මෙය දිට්ඨි උපාදාන සකස් වීම ලෙස ගත යුතු ය. මෙහි දී අත්තවාද උපාදානයෙන් දිට්ඨි උපාදාන වීම සිදු වේ.

දැන් නැවතත් 50% පාර සංකල්පය, මෙයට එකතු වීම සඳහා අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම සිදු වේ. මෙය 6.4 න් පසුව යැයි බුදුපියා පැවසුවා. මෙය මෙසේ කැරකවීම හොඳ යැයි, සුඛ යැයි, අනුමත කිරීම සඳහා ය. සුඛ යැයි හැඟීම් ඇති නම්, අනාගත භවය දැඩිව ගැනීම සිදු වේ. එමගින් සීලබ්බත උපාදානය සකස් වේ. මෙය සිහි කරන්නේ මෝහය ම ගලනවා යැයි වැටහිණ. මෙතනට diagram එකක් එනවා, අපි ඒක දෙනවා.

s_punarbhava.jpg

ඒ diagram එකේ නම පුනර්භව. ඒකේ අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා ඇඳ ඇති රතු රේඛාව විමසන්න. භවයේ යෑමේ බලපෑම රතු රේඛාවට ඇත. මෙය සිහියේ තිබෙන තාක් කල් දොර පොල්ල නැත. නළලේ තද ගතිය නැත. ඉතා ම සැනසීම් සහිත ය. අතහැරීම තිබිය යුතු ය.

“අවිජ්ජා හයං මහාමොහො, යෙනිදං සංසිතං චිරං. විජ්ජාගතාච යෙ සත්තා, නාගච්ඡන්ති පුනබ්භවන්ති.” යන ගාථාව සිහි විය.(*1)

මෙහි දී සීලබ්බත උපාදානය, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා යම් ධාරාවක් ගලයි ද, එය පෝෂණය කරනු ලබයි. ඒ නිසා අත්තවාද උපාදානයෙන් කාම උපාදාන ඇති වේ යැයි පවසයි. මෙසේ දිට්ඨි ආශ්‍රව පළමුව වීමත්, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දෙවනුව සිදු වන්නේ, රූප වේදනා චේතනා cone එක වාමාවර්ත ව (anticlockwise) කැරකැවී, රූපය චේතනා දක්වා පැමිණේ. මෙහි උපාදාන වශයෙන් කාම උපාදානය ගත යුතු ය.

ආයතන සටහන්වල පිටුව 3හි, උදලු 1 සහ 2 මෙනෙහි කරන්නේ, එහි සඤ්ඤාව, වේදනා සිට චේතනා දක්වා වූ රේඛාව වටා පරාවර්තනය වන්නේ නම්, එය වරදවා වටහා ගනියි. එය ශීල වෘත උපාදාන වීමට තුඩු දෙනවා. මෙය මෙතනින් අවසන් නොවේ. වේදනාව, සඤ්ඤා සිට පරාමාස දක්වා වූ රේඛාව වටා පරාවර්තනය නොවන්නේ නම් චේතනා අගයෝ ගිලිහී යෑම විය හැකි ය. එසේ පරාවර්තනය නොවන්නේ නම්, ශීල වෘත උපාදාන විය නොහැක. මේ සඳහා ධම්මමච්ඡරිය අවශ්‍ය ය යන්න සිහි කරන්නේ ඉතා ම සැනසීම් ස්වභාවයක් ඇති විය. දකුණු ඇස ද ඇරිණ. මෙහි දී කොළ පාට දොර පොල්ල පසු කර, 5.5 අත්තා යන දොර පොල්ල සෑදෙන අවස්ථාවේ සිට, 6.4 කළු දොර පොල්ල මගින් වන ක්‍රියාවලිය දැක, නතර වීම යැයි වැටහිණ.

මෙය එක දොර පොල්ලක් සහිතව පමණක් සිට ධර්මය බැලීම ය. තවත් දොර පොලු නොසෑදීම ය. පැවතියා වූ දොර පොල්ල ගැලවීම සමඟ දකුණු ඇස ඇරීම සිදු වේ.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 11/11/2023

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) එතකොට ඔය පුනර්භව diagram එකේ අපි ලකුණු කරලා තියෙනවා, අර භවයේ යෑමේ බලපෑම මෙම රේඛාවට ඇත කියලා, අර අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට තියෙන රේඛාව.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

ඉතින් මේ භාවනාව කරලා, ඉන් අනතුරුව repair කරන්නේ, මනස ඉතාම slow වන්නේ ය. වචන අතර gap එක වැඩි ය. මෙයට හේතුව බුදුපියාගෙන් විමසුවා. භික්ෂුණී ශාසනය බිහි වූ පසු විනය පැනවූයේ කුමක් නිසා ද යන්න බුදුපියා ඇසුවා. භික්ෂුණිය සහ භික්ෂු එකතු වීම වැළැක්වීමටයි මම පැවසුවා. එසේ ම අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව හෝ කාම ආශ්‍රව සිට අවිද්‍යා ආශ්‍රව නොවේ නම්, එසේ මනස ඉතා ම slow වන්නේ ය. වචන අතර gap එක වැඩි වන්නේ ය, යැයි බුදුපියා පැවසුවා. එතකොට ඒක තමයි එකතු කරන්න තියෙන කොටස.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Ayatana/S_Ayatana-03.jpg


s_oscillation.jpg


s_trident.jpg