Date: 03/11/2023 Name: අමෘතය 11

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

27/10/2023 අමෘතය 10 භාවනාව නැවතත් කරගෙන ගියා. අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා, මෙය සමඟ සංස්කාර අධිමොක්ඛය හටගන්නේ ය. 15/04/2022 නිබ්බාන භාවනාවේ දී, “යම් දිට්ඨියක් සෑදෙන්නේ ද, එමගින් විඤ්ඤාණ දක්වා ගමන් කිරීමට තරම් දිට්ඨිය පෝෂිත ද, ස්ථාවර ද, මෙසේ සංස්කාරයන්ගෙන් අධිමොක්ඛ වන්නේ ය,” යනුවෙන් ඉගෙනගෙන ඇත. මෙය සමඟ සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ ඇති වන්නේ, එය සමඟ දෝලනය සටහන, දක්ෂිණාවර්ත ව කැරකවීම සිදු වේ. යම් විඤ්ඤාණයක් වේ ද, එමගින් විඤ්ඤාණ පච්චයා නාමරූපං යන ධර්ම කොටස ක්‍රියාත්මක වේ. දෝලනය වාමාවර්ත ව (anticlockwise) කැරකැවීම සිදු වේ. මින් අනතුරුව ත්‍රිශූලය diagram එක, වාමාවර්ත ව (anticlockwise) කැරකැවේ.

25/08/2023 අමෘතය 5 භාවනාවේ දී, “නිත්‍ය සඤ්ඤාව පසු දිසාවට යෑම නිසා වන බලපෑම සමඟ නන්දිය පරාමාසගත වන්නේ නම්, ත්‍රිශූලය diagram එක, වාමාවර්ත ව (anticlockwise) දිට්ඨි සල්ලයෙන් කැරකැවෙන්නේ, වේදනා අගය චේතනාව මගින් ග්‍රහණය කරන්නේ සඤ්ඤාව සනාථ කරයි,” යනුවෙන් සාකච්ඡා කර ඇත. මෙම අනුමත කිරීම වේදනා අගය චේතනාවට පැමිණීමෙන් පසුව සිදු වී ඇත්තේ, එය 4.4 න් පසුව බව වටහා ගත යුතු ය. මෙහි විඤ්ඤාණ පච්චයා නාමරූපං යන ධර්ම කොටස, ක්‍රියාත්මක වීම තිබිය යුතු ය. මෙය සඳහා කථංකථා සල්ලයෙන් කැරකවීම තිබිය යුතු ය.

සඤ්ඤාව සනාථ කරන්නේ සෝක සල්ලයෙන් කැරකවීම වන්නේ, 4.4 න් පසුව පවතිනවා යන්න ස්ථිර වන්නේ, පෙර සක්කාය දිට්ඨිය මගිනි. එහි ස්ථාවරභාවයට ධම්මමච්ඡරිය මගින් වූ පැවැතිය හැකි ය,(*1) යන්න තුඩු දේ. මෙම අගයන් දෙක පවතිනවා, පැවතිය හැකි ය, සැසඳීමට අනතුරුව විඤ්ඤාණ ධාරාව පවතිනවා යන හැඟීම් ඇත්තේ නම්, විඤ්ඤාණ අධිමොක්ඛ ඇති වේ. මෙය 4.4 සිට 5.4 දක්වා ය. 4.4, 5.4 ඊට පස්සේ 6.4. දැන් නැවතත් 50% පාර සංකල්පය, මෙයට එකතු වීම සඳහා, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව වීම සිදු වේ. මෙය 6.4 න් පසුව යැයි බුදුපියා පැවසුවා. මෙය මෙසේ කැරකවීම හොඳ යැයි, සුඛ යැයි, අනුමත කිරීම සඳහා ය. සුඛ යැයි හැඟීම් ඇති නම් අනාගත භවය දැඩිව ගැනීම සිදු වේ. එමගින් සීලබ්බත උපාදානය සකස් වේ.(*2) එතකොට මෙතන එනවා ඒ 27 වෙනිදා දීපු ඒ diagram එක.

s_punarbhava.jpg

මෙහි දී සීලබ්බත උපාදානය, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා යම් ධාරාවක් ගලයි ද, එය පෝෂණය කරනු ලබයි. මෙසේ දිට්ඨි ආශ්‍රව පළමුව වීමත්, අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දෙවනුව සිදු වන්නේ, රූප වේදනා චේතනා cone එක, වාමාවර්ත ව (anticlockwise) කැරකැවී රූපය චේතනා දක්වා පැමිණේ.

ආයතන සටහන්වල පිටුව 3හි, උදලු 1 සහ 2 මෙනෙහි කරන්නේ, ඒ සඤ්ඤාව, වේදනා සිට චේතනා දක්වා වූ රේඛාව වටා පරාවර්තනය වන්නේ නම්, එය වරදවා වටහා ගනියි. එය ශීල වෘත උපාදාන වීමට තුඩු දේ. මෙහි දී සඤ්ඤා අධිමොක්ඛ වී ඇත. මෙය ස්ථාවර ය.(*3) වේදනාව, සඤ්ඤාව සිට පරාමාස දක්වා වූ රේඛාව වටා පරාවර්තනය නොවන්නේ නම් චේතනා අගයෝ ගිලිහී යෑම විය හැකි ය. පරාවර්තනය වන්නේ නම් වේදනා අධිමොක්ඛ වන්නේ ය.(*4) මෙහි වේදනා අධිමොක්ඛය, සඤ්ඤා අධිමොක්ඛයට පෙර සිදු වී ඇත.(*5)

මෙහි දී සඤ්ඤා සහ සංස්කාර දෙකෙළවර සහිත, කාමරාග අනුසය රේඛාව දෙස ටික වේලාවක් නොසැල්වී බලාගෙන සිටියා. ඔළුවේ දකුණු පැත්ත සහ ඉන් අනතුරුව වම් පැත්තත් open ය. විවෘත ය. මේ සියල්ල නැති වීමට සියලු අධිමොක්ඛයෝ නැවතිය යුතු ය. ඒ කෙසේ ද? සබ්‌බසඞ්‌ඛාරසමථා සඤ්ඤා උපරෝධනා යැයි සිහි විය.

ඒක තමයි මං කරපු භාවනාව.

සාකච්ඡාව 11/11/2023

සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්

(*1) ඒ කියන්නේ prospects මේ ක්‍රමයට පැවතිය හැකි ය.

(*2) ඉතින් මෙතනට පොඩ්ඩක් එකතු කරනවා නම්, මේ මේ විදිහට අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව, ඒක වෙන්නේ මේ සිත සෑදීම සඳහා, සෝක සල්ලයෙන් කැරකවෙන්නේ 5.3 සඤ්ඤාව ජරා වී ඇත. 5.4 සුඛ වේදනාවේ මරණය වී ඇත. මළ ගෙදරට යමෙක් ඇවිත් සිත හදන්නේ යම් සේ ද, එසේ වටහා ගත යුතු ය. තව ද, දොර පොලු දෙක සිහි කරනවිට මෙය නිවන් දැකිය හැකි අවස්ථාවක් යැයි බුදුපියා පැවසුවා.

(*3) ඒ කියන්නේ මෙතන මේ consolidated කියන අර්ථය තියෙනවා, ඒ වුණාට එතන මේ පරිචිතා ලෙස නොගත යුතු ය. මේවා ඉද්ධි නෙමෙයි. ස්ථාවරය කියන වචනයයි මං මේ පොඩ්ඩක් පැහැදිලි කළේ.

(*4) ඉතින් මෙතැනට පොඩ්ඩක් එකතු කරනවා නම්, දැන් අපි ඊයේ දීපු භාවනාව අධිමොක්ඛ භාවනාවේ අපි අර traffic light ලෙස විමසලා තියෙනවා නේ. එතකොට red විඤ්ඤාණ අධිමොක්ඛ, green වේදනා අධිමොක්ඛ, yellow සඤ්ඤා අධිමොක්ඛ, කියන දේ.

(*5) පොඩ්ඩක් පෙන්නනවා නම් උදාහරණයක් වශයෙන්, ඔය office එකේ මනුස්සයා වැඩක් කර ඉන් පසු අන් අය, ඒ කියන්නේ විඤ්ඤාණ යන ලොක්කා අනුමත කර ඇත්තේ, තමා හොඳ යැයි වරදවා වටහා ගනී යන්න මෙනි. එතකොට ඒ විදිහට වේදනා අධිමොක්ඛය, සඤ්ඤා අධිමොක්ඛයට පෙර සිදු වී ඇත යන්න පේනවා.

සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්

එතකොට මේකේ, මේ මම දැන් අර traffic light එක ගැන පොඩ්ඩක් කිව්වේ. එතන yellow light එක, ඒ කියන්නේ සඤ්ඤා අධිමොක්ඛ වන්නේ නම්, ධාරාව කුමන දිසාවකට ගලයි ද? මෙහි සෝක සල්ලයෙන් කැරකවීමත් කථංකථා සල්ලයෙන් කැරකවීමත් ඇති අතර, විඤ්ඤාණ පච්චයා නාමරූපං යන ධර්මතාවයෝ ක්‍රියාත්මක වීම, උඩු අතට භය අගති සිට චේතනා දක්වා ක්‍රියාත්මක වී, එම පථය දිගේ ම පහළට ගැලීමට ඉඩ සැලසීම ය. මේ සමඟ කූඤ්ඤය දැනෙන ස්ථානයේ සිට පහළට ධාරාව ගලනවා යන්න සිදු වේ. මෙහි අත්තා යන block එක ස්ථිර ය. Plasma වල මෙම අගයෝ තැන්පත් වීම ද සිදු වේ. Repair කරන්නේ හොඳින් repair වෙන්නේ plasma flow control වීම සිදු වේ. එහි ගමන් කරන පථය අනුව repair වීම හොඳින් සිදු වේ. එමගින් ලෙඩ අසූවක් පමණ සුව කළ හැකි බව බුදුපියා පැවසුවා. එතකොට ඒක තමයි මට එකතු කරන්න තියෙන්නේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_oscillation.jpg


s_trident.jpg


S_Ayatana/S_Ayatana-03.jpg