ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
03/11/2023 අමෘතය 11 භාවනාවේ අධිමොක්ඛ සිහි කරන්නේ අධිමොක්ඛ තුන් වන රවුම ලෙස ගත යුතු ය. මෙහි දී සංස්කාර අධිමොක්ඛ පළවෙනි රවුම, වේදනා අධිමොක්ඛ දෙවෙනි රවුම, ආදී වශයෙන් නොගත යුතු ය. මෙසේ පවසන්නේ කුමක් නිසා ද?
පටිච්චසමුප්පන්න වීම අධිමොක්ඛ නිසා නොවේ. පටිච්චසමුප්පන්න වීම අධිමොක්ඛයට තුඩු දේ, ඒ නිසා ය. 03/11/2023 භාවනාව, සැමට සාධාරණ ලෙස ලියා ඇත. කාම ලෝකවල සහ රූප ලෝකවල අයගේ සිතීම, පරාමාස සිට විඤ්ඤාණ දෙසට ය. අරූප ලෝකවල අය, විඤ්ඤාණ සිට පරාමාස දක්වා ය. එම අයට හත් වන ධ්‍යාන පවතී යැයි සිත් ඇත්තේ වේදනා අධිමොක්ඛ වී ඇත.
සංස්කාර අධිමොක්ඛය, ගෙය හදන්න පුළුවන්, ක්‍රීඩාවෙන් දිනන්න පුළුවන් යන අවිද්‍යාව සහිතව සිදු වේ. විඤ්ඤාණ අධිමොක්ඛය, ගෙය සෑදූ පසු, පවතී යන තීරණය ඇත. සඤ්ඤා අධිමොක්ඛ වටහා ගැනීමට සටහනක් අපි දෙනවා. ඒකෙ පළවෙනි සටහන බලන්න.
ඒකෙ පෙන්නනවා, වේදනාවේ ඉඳන් චේතනාවට කොළ පාට රේඛාවක් ලකුණු කරලා, ඒ curved arrow එකේ දාලා තියෙනවා කළු පාටින්, ඒ බනියා සෙනෙහසක් මෙන් වූවා, මෙහි වේදනා අධිමොක්ඛය ඇත, යනුවෙන්.
මෙහි බනියා සෙනෙහසක් මෙන් වූවා යැයි දැන් පවතින වේදනා ධර්මයන් නොඉක්මවිය යුතු ය. එනම්, එයත් ඕනි යැයි පිළිගනී. පසුව පවතින වේදනා ධර්මයන් නොඉක්මවිය යුතු ය. මෙසේ සිතා, බනියාගෙන් වෙන් වීමට තීරණය, “නාසීසතී ලොකමිමං පරඤ්‌ච” යන්න නොවීම ය. මෙලොව නොපතයි, පරලොව නොපතයි, යන්න නොවීම ය.
වේදනා අගය චේතනාව දක්වා ගෙන යෑමට තුඩු දුන්නා වූ යම් සඤ්ඤාවෝ ඇති ද, එමගින් සෑදුණා වූ දිට්ඨීන්, විඤ්ඤාණ සෑදීමට ප්‍රමාණවත් වන්නේ නම්, විඤ්ඤාණ විසින් සුඛ යැයි නිශ්චය කරන්නේ, වේදනා අධිමොක්ඛ සිදු වේ. 4.4 සිට 5.4, විඤ්ඤාණ අධිමොක්ඛ, මෙය රතු පාටින් ලියා ගනිමු. 5.4 වේදනා අධිමොක්ඛ, මෙය කොළ පාටින් ලියා ගනිමු. 6.4 සඤ්ඤා අධිමොක්ඛ, මෙය කහ පාටින් ලියා ගනිමු.
Traffic light ලෙස සිතන්න. දී ඇති සටහන්වල දෙවන සටහන උපකාර කරගන්න.
එතන පෙන්නා දීලා තියෙනවා ඒ වේදනාව, සඤ්ඤා පරාමාස රේඛාව වටා පරාවර්තනය වෙලා, ඒ වේදනා අධිමොක්ඛ සිදු වේ, 5.4 කියලා. චේතනාව ළඟ ලියලා තියෙනවා. ඊළඟට සඤ්ඤාව, වේදනා චේතනා රේඛාව වටා පරාවර්තනය වෙලා, ඒ සඤ්ඤා අධිමොක්ඛ සිදු වේ, 6.4 යනුවෙන් පරාමාසය ළඟ ලියලා තියෙනවා.
මෙතන දී 29/04/2022 විඤ්ඤාණ අධිමොක්ඛ භාවනා diagram එක උපකාර කරගන්න.(*1) පවතිනවා යන්න ස්ථිර වන්නේ, සක්කාය දිට්ඨිය මගිනි. එහි ස්ථාවරභාවයට ධම්මමච්ඡරිය මගින් වූ පැවතිය හැකි ය, prospects, මේ ක්‍රමයට පැවතිය හැකි ය, යන්න තුඩු දේ. මෙම අගයන් දෙක සැසඳීමට අනතුරුව විඤ්ඤාණ ධාරාව පවතිනවා යන හැඟීම් ඇත්තේ නම්, විඤ්ඤාණ අධිමොක්ඛ ඇති වේ. Red traffic light ලෙස සිතන්නේ කුමක් නතර කරන්නේ ද? සිතීම. එනම් ධාරාව ගලන්නේ තවදුරටත් විශ්ලේෂණය (*2) කළ යුතු යැයි නොසිතයි. එනම් උඩ ධාරාව නතර කරයි. සෝකය ළඟ ධාරාවට ඉඩ දේ. මෙය ආහාර (*3) ගෙන ඇත්තේ, තවදුරටත් ආහාර ගැනීම නොකරනවා මෙන් සිතන්න.
ඒක තමයි භාවනාව.
ඉතින් මේකට තවදුරටත් එකතු කරනවා නම්,
1 Red light එක මගින් නැවැත්වීම, නිරෝධ සහ නිරෝධසමාපත්ති අවස්ථාවල දී සඤ්ඤා නොදැනෙන්නේ යම් සේ ද, එසේ සඤ්ඤා නැවැත්වීම ඇත.
2 හුස්ම ගැනීම හතර වන ධ්‍යානයන් සහ ඉන් ඔබ්බට නතර වී ඇත්තේ, එනමුදු නාසය වාතය සමඟ සම්බන්ධ වී ඇත්තේ යම් සේ ද, එසේ ම සඤ්ඤා වේදනා අගයන් කෙරෙහි යම් තීරණයක් වේ ද, පහත සෝකය ළඟ ධාරාව ගලන්නේ, උඩ ධාරාව නැවතීම වටහා ගත හැකි ය.
3 භාවනාව කරන්නේ උඩ ධාරාව නැවතීම සිහි කරන්නේ, හතර වන ධ්‍යානය සිදු විය. ටික වෙලාවකින් ප්‍රීතිය ගැලීම සිදු විය. Yellow light, කහ පාට පටන් ගත්තා. මෙය එක සහ දෙක ධ්‍යාන ප්‍රීතියන් විය. ඉන් අනතුරුව සුඛය ඇති විය. මෙය තුන් වන ධ්‍යාන සුඛය විය. ඉන් අනතුරුව red light, සතර වන ධ්‍යානය විය. කිහිප වතාවක් මෙය මෙසේ මාරු වීම සිදු විය.
4 භාවනාව අවසන් කරන්නේ පින් අනුමෝදන් කරන්නේ මනෝමය කාය විශාලව දැනිණ. එය සමඟ yellow light ඇති විය. එනම් ධාරාවට සූදානම් වීම ය. කුමක් නිසා ද?
එය විශාල යැයි, සඤ්ඤා ඇති වීම ය. එසේ සිතන්නේ නැවතත් red light විය. ඉහළ ධාරාව නතර විය. මෙම ක්‍රියාවලිය දෙවරක් සිදු විය. එය මතක තබා ගැනීමට සිතන විට ය.
ඒක තමයි භාවනාව.
සාකච්ඡාව 25/11/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) එතෙන්දී දන්නවා අර line 6 හරහා පැමිණි පවතිනවා අගය, ඒක line 9 වල ලකුණු කරලා තියෙනවා, line 5 හරහා පැමිණි පැවතිය හැකියි යන අගය, line 10 වල ලකුණු කරලා තියෙනවා.
(*2) evaluate
(*3) ඒ කියන්නේ, රූප වේදනා සඤ්ඤා
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
මේකට තව කාරණා හතරක් කියන්න පුළුවන්.
1- 11/08/2023 අමෘතය 3 භාවනාවේ සඳහන් උපාදානයෝ සිහි කරන්නේ, මළ ගෙදරකට ගිහින් කෙනෙකුගේ සිත සෑදීම ඉතා නුසුදුසු බව වැටහිණ. එනම් 5.4 වේදනා මැරී සිට 6.4 අවස්ථාවට පැමිණ ඇත්තේ, අවිද්‍යා ආශ්‍රව සිට කාම අශ්‍රව දෙසට ධාරාව ගලන්න සකස් කරන්නේ, එම පුද්ගලයා අනාගත භවය දැඩිව ගනී. සීලබ්බත උපාදාන වේ. වේදනා අධිමොක්ඛ සිදු වේ. එම පුද්ගලයාට, ඔබටත් මෙය ම සිදු වේ යන්න පවසන්නේ නම් උතුම් බව වැටහිණ. තථාගතයන් වහන්සේලා මළ ගෙදර නොයන්නේ මේ නිසා ය. සමාජය අන් ආකාරයකට සිතන නිසා ය.
2 - තව ද මෙම ධර්මය වැටහෙන්නේ කෘතඥතාවයෙන් යුතුව මණ්ඩලය දෙස බලා සිටින්නේ, තථාගතයන් වහන්සේ බෝ ගස දෙස ඇසිපිය නොහෙලා බලා සිටීම වැටහිණ. එනම්, උදව් උපකාර කළා වූ සියලු දෙනාට ම කෘතඥතාවය පළ කිරීම ය.
3 - අත්තවාද උපාදානය සිහි කරන්නේ, ඉපදීමටත් මරණයටත් දෙකට ම අත්තවාද උපාදානය බව බුදුපියවරු පැවසුවා.
4 - වේදනා අගය චේතනාව දක්වා ගෙන යෑමට තුඩු දුන්නා වූ යම් සඤ්ඤාවෝ ඇති ද, එමගින් සෑදුණා වූ දිට්ඨීන් විඤ්ඤාණ සෑදීමට ප්‍රමාණවත් වන්නේ නම්, විඤ්ඤාණ විසින් සුඛ යැයි නිශ්චය කරන්නේ වේදනා අධිමොක්ඛ සිදු වේ. මෙහි දී වේදනා අධිමොක්ඛය පළමුව සිදු වන බැවින් සුඛ යන අවස්ථාවේ දී වේදනා අධිමොක්ඛය පළමුව වීම වන බව වැටහේ. සඤ්ඤාවෝ පරාමාසගත වන 6.4 අවස්ථාව සිහි කරන්නේ, ගෝලයාගේ අකමැත්ත ඇත්තේ, මෙහි දී ද, වේදනා අධිමොක්ඛය සඤ්ඤා අධිමොක්ඛයට අනතුරුව නැවතත් සිදු වේ. එහි දී විඤ්ඤාණ විසින් දුක යැයි නිශ්චය කරයි. අදුක්ඛමසුඛ යැයි තීරණය කරන අවස්ථාව 4.4 දී ම සිදු වේ.
එතකොට ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්