ඒ උතුම් බුදුපියවරු, ශ්රද්ධාවෙන් යුතුව සිහි කළා.
27/10/2023 අමෘතය 10 භාවනාවේ පුනර්භව සටහන සිහි කළා. එම සටහනේ අධිමොක්ඛ ලකුණු කළ හැකි ය. අපි ඒක දෙනවා.
එතකොට ඒ 5.4 වේදනා අධිමොක්ඛය, මනොසඤ්චෙතනා ආහාරය ළඟ ලකුණු කරලා තියෙනවා. 6.4 සඤ්ඤා අධිමොක්ඛය, පරාමාසකායගන්ථය ළඟ ලකුණු කරලා තියෙනවා. අවිද්යා ආශ්රවයේ ඉඳන් කාම ආශ්රවය දක්වා යන රේඛාවේ, 4.4 සිට 5.4 දක්වා, විඤ්ඤාණ අධිමොක්ඛය, ලකුණු කරලා තියෙනවා.
4.4 සිට 5.4 විඤ්ඤාණ අධිමොක්ඛ, මෙය රතු පාටින් ලියා ගනිමු. 5.4 වේදනා අධිමොක්ඛ, මෙය කොළ පාටින් ලියා ගනිමු. 6.4 සඤ්ඤා අධිමොක්ඛ, මෙය කහ පාටින් ලියා ගනිමු.
මෙහි ධාරාව හොඳින් ගලන්නේ, 6.6 දී රූප වේදනා චේතනා cone එක, වාමාවර්ත ව (anticlockwise) කැරකැවීම ආරම්භ වේ. දෙවෙනි සටහන යොදා ගන්න.
එතකොට 7.4 රූපය චේතනාව දක්වා පැමිණීම, ඒකෙ ලකුණු කරලා තියෙනවා. 7.5 කොළේට ලම්බකව උඩු අතට ලකුණු කළ වේදනාව. 7.6 මමංකාරය අහංකාරය සමඟ එකතු වීම, භය අගති දක්වා රූප අගයෝ ගෙන යෑම. 7.7 භය අගතියේ ඉඳන් ජාතිය දක්වා පැමිණීම පෙන්වා දීලා තියෙනවා.
7.7 ජාතිය දක්වා පැමිණීම සිදු වන්නේ, මෙම රූපය සමඟ ඉඳිමි, යන තීරණය ඇත්තේ, 8.2 දක්වා ගමන් කරයි. මෙය දැන, 6.6 ලකුණු කර ඇති රූප කෙළවරත්, 7.6 ලකුණු කර ඇති භය අගති කෙළවරත්, දැක්වෙන රේඛාව දෙස බලාගෙන සිටීම පමණක් ප්රමාණවත් ය.(*1)
මෙහි දී, 08/09/2023 අමෘතය 7 භාවනාවේ දී, හිස දෙකොටසකට වෙන් වී, සුඛය දැනුණු අවස්ථාවට වඩා වෙනස්ව හිස දැනේ. මෙහි දී එම වෙන් වීම නැත. එක ම කොටසක් මෙන් දැනේ. සිත ශාන්ත ය. මෙය පරිනිර්වාණයට සුදුසු ම අවස්ථාව යැයි, බුදුපියා පැවසුවා.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 25/11/2023
සාකච්ඡාව අතරතුර එකතු කළ පාද සටහන්
(*1) ඉතින් මෙතෙන්දී මට මේ නින්දාරොසය අර Scott සහ ආච්චිඅම්මගේ කතාව සිහියේ තිබුණා, ඒ අවස්ථාවේ දී.
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
එතකොට මේ භාවනාවේ අර මං කිව්වා අර Scott ගේ කතාව, අපි ඒක නැවතත් මතක් කර ගමු. ඒ කියන්නේ ජාතියේ ඉඳන් වේදනාවට තියෙනවා සංකප්පය. ඒ සංකප්ප පාර හරහා අම්මගෙන් ලැබුණු වේදනාව තියෙනවා නේ, ඒ සැප පහ, ඒ අගය. මේ රේඛාව දික් කළහම යන්නේ චේතනාවට. එතකොට අර collar එක උඩට දාලා එයා, අන්න වැඩේ හරි ගියා නේ ද, අන්න ඒ විදිහට ආවා නේ, ඒක මාන අගය. මෙතන පහළ තියෙනවා භය අගතිය. එතන ඉඳන් වේදනාවට තියෙනවා දිට්ඨි අනුසය. ඒක දික් කළහම යන්නේ රූපයට. ඒක දික් කරලා, කබලිකාර ආහාරයට සුඛයි කියලා කියනවා. අර ගෑණු ළමයගෙන් ඉල්ල ගන්න කියලා නේ කියන්නේ අන්න ඒ අගයන් තුන.
එතකොට එතන වේදනා අගයයි, මාන අගයයි, අර සුඛයි කියන එක. රූපය ම නෙමෙයි රූපයට අර ඇඟිල්ල දික් කරලා සුඛයි කියන අගය.
එතකොට කාමයෝ අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් වැනි ය යන්න, හොඳින් වැටහෙනවා. මවගෙන් ලැබුණා වූ සැපත, අනිකුත් කාන්තාවන්ගෙන් ඉල්ලා ගන්නේ ය, යන්න සිහි කරන්නේ වැටහේ. අපි නිතරම අන් අය කරන දේ දැක, ඒවා මත අනාගත භවය දැඩිව ගනී. උදාහරණයක් වශයෙන් ඉංජිනේරුවකු පාලමක් හැදීම දැක, ඉංජිනේරුවෙකු වීමට සිතයි. එසේ කාම සහගත වේ.
තවදුරටත් විමසන්නේ අඹ ගෙඩියේ කතාව මෙන් බලන්නේ, විභව තණ්හාව දක්වා ම වැටහේ. කුණු අඹ ගෙඩිය ඉවතලා කුණු අඹ ගෙඩිය නිසා වූ වේදනා ඉල්ලනවා. දැන් අපි ටිකකට ඉස්සෙල්ලත් සාකච්ඡා කළා ඕක, අරූපයත් පතනවායි කියන එක, ඒකත් ඕනේ කියන එක. මෙහි දී අත්තවාද උපාදානය මානය හා සබැඳේ.
මේ භාවනාව කරනකොට හොඳට මතක තියාගන්න, අර මේකේ මූලික භාවනාව තියෙනවානේ 27/10/2023 භාවනාවේ. ඒ පුනර්භව ඒකෙදි අපි උපාදානයන් බොහොම සාකච්ඡා කළා නේ. ඒ උපාදානයන්ගේ කතාව අමතක කරලා මේ භාවනාව කරලා හරි යන්නේ නෑ. එහෙම උපාදානයන් සහිතව කළොත් තමයි මේක තේරෙන්නේ. එතකොට අර විදියට අර හොඳම තත්ත්වය ඇති වෙන්නේ.
එතකොට මෙහි දී අත්තවාද උපාදානය මානය හා සබැඳේ. දැන් මං මේ පෙන්නන්නෙ අර Scott ගේ එහෙම කතාව. එතන රහතන් වහන්සේ පෙන්නුවා මේ අත්තවාද උපාදානය මානයත් එක්ක සබැඳෙනවා. එයාගේ collar එක එහෙම උඩට දාලා ඇති වෙච්ච ස්වභාවය. දිට්ඨි උපාදානය වේදනාව හා සබැඳේ. සීලබ්බත උපාදානය වරෙක වේදනාව සමඟත් තව වරෙක සඤ්ඤාව සමඟත් සබැඳේ. කාම උපාදානය මෙම තුන් දහමට ම පොදු ය.
එතකොට දැන් ටිකකට ඉස්සෙල්ලත් ඉතින් කියවුණා කට්ටියගෙන් ඉතින් අරූපයට ගිහිල්ලත් එතැන ඒ කාමය කියන එක. ඉතින් බුදුහාමුදුරුවන්ගේ කාමයේ අර්ථ දැක්වීම කොයි තරම් ගැඹුරු ද, “සංකප්ප රාගො පුරිසස්ස කාමො” කියන එක බොහොම තදින් තේරෙනවා.
එතකොට දිට්ඨි උපාදානය නිරූපණය කළ “A” රේඛාව චේතනා සිට පරාමාස වශයෙන් ලකුණු කිරීමත් හොඳින් වැටහේ. එය ත්රිශූලය කැරකැවී වේදනා අගය චේතනාව දක්වා පැමිණීම හා සම්බන්ධ වන නිසා ය. මින් අනතුරුව “B” රේඛාව ඉස්මතු වීම සිදු වේ. කුමක් නිසාද? “A” රේඛාව මගින් සෑදෙන දිට්ඨීන් කරපින්නාගෙන යන නිසා ය. මෙසේ දිට්ඨි උපාදාන ධර්මයෝ සිහි කරන්නේ පරිනිර්වාණයට සුදුසු ම අවස්ථාව එමගින් ද ඇති වේ.
එතකොට මෙතන දැන් අපි මේ සාකච්ඡා කරපු අර අධිමොක්ඛ සටහනේ, සටහන 1 ගත්තහම අර මතකනේ බනියා සෙනෙහසක් මෙන් වූවා, මෙහි වේදනා අධිමොක්ඛ ඇත කියලා. එතකොට ඒ සඤ්ඤා අධිමොක්ඛ වූ පසුව, විඤ්ඤාණ පච්චයා නාමරූපං යන ධර්මතාවයෝ, චේතනාවේ සිට පහළ දිසාවට ගලනවා. මතකයි නේ, විඤ්ඤාණ පච්චයා නාමරූපං කියලා, භය අගතියේ ඉඳන් උඩට නේ ගියේ. සඤ්ඤා අධිමොක්ඛ වුණහම, මේක පහළට ගලනවා. මේ මගින් දිට්ඨි උපාදාන ධර්මයෝ පෝෂිත වේ. මෙහි දී නැවතත් වේදනා අධිමොක්ඛ සිදු වේ.
එතකොට මෙන්න මේ අවබෝධය ඇතිව තමයි අර පරිනිර්වාණයට සුදුසු අවස්ථාවක් එන්නේ. අර ඉස්සෙල්ලා අර විදිහට Scott ගේ කතාවෙන් එනවා, ඒ විදිහට බලන එක. ඒකෙ තවදුරටත් මේ උපාදානත් එක්ක මේ විදිහට බැලීමෙන්, තමන්ට ඒ අවස්ථාව පැහැදිලි කරන්න පුළුවන් ආයෙත් ඇති වෙනවයි කියන එක. එතකොට ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්