ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
08/09/2023 අමෘතය 7 භාවනාව නැවතත් කරගෙන ගියා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර, සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ. දෝලනය දක්ෂිණාවර්ත ව කැරකවීම. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප, දෝලනය වාමාවර්ත ව කැරකවීම සිදු වේ. මෙය සිහි කරනවිට ම සිත නතර වේ.
ඉන් අනතුරුව ත්‍රිශූලය diagram එක, වාමාවර්ත ව (anticlockwise) දිට්ඨි සල්ලයෙන් කැරකැවෙන අවස්ථාව සිහි කළා. ඉන් පසුව 6.4 යන පියවරේ දී වටහා ගත් කරුණු තුන මෙනෙහි කළා.
1 සඤ්ඤාව සනාථ කරයි.
2 භව ආශ්‍රවය පසු සඤ්ඤාවක් ලෙස පැවතීම පමණක් නොව, එය ස්ථිර වීම (firm වීම), කියන එක සිදු වී ඇත.
3 අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා යෑම ආරම්භ වී ඇත.
මෙම තුන් ධර්මයන් එකට මුසු වන්නේ, නිරෝගී බව නැති වේ, ව්‍යාධිය ඇති වේ, යන්න සිහි කරනවිට ද සිත නතර වේ.
ඉන් අනතුරුව driving force diagrams සිහි කළා. මෙහි දී 6.4 වූ විට, ගිද්ධිලෝභය hub එක වශයෙන් තිබෙන රෝදයක් මෙන්, රූප ගිද්ධිලෝභ ජාති, cone එක මෙනෙහි කරන්න. එසේ ම පරාමාසය hub එක වශයෙන් තිබෙන රෝදයක් මෙන්, ගිද්ධිලෝභ චේතනා භය අගති, cone එක මෙනෙහි කරන්න.
මෙම tricycle diagram එක දෙනවා. එහි සටහන 1 බලන්න.
ඉස්සරහත් රෝදයක් ඇත. එය විඤ්ඤාණ වශයෙන් ගත යුතු ය. මෙම රෝද දෙක වෙන වෙනම කැරකේ, no coupling. උදාහරණ වශයෙන් 6.4 වූ විට, වම් පැත්තේ රෝදය කැරකවීම ආරම්භ වී ඇත්තේ, දකුණු පැත්තේ රෝදය ද කැරකෙමින් පවතී. මෙහි ලකුණු කර ඇති 7.4 අවස්ථාව, එහි රූප අගය චේතනාව දක්වා පැමිණි අවස්ථාව ය.
7.2 න් පසුව තමා පවතිනවා යන්න ස්ථිර වන්නේ ය, යන්න මෙම රෝද දෙක හරහා ඊතලයක් විදින්නේ, එම ඊතලය හිර වී ඇති අවස්ථාවක් ලෙස සිතන්න. සටහන 2 බලන්න.
අලුත් රූපය නිසා tricycle එක යන දිශාව වෙනස් වීම මෙනි. මෙහි භව ආශ්‍රවය යන්න හොඳින් පැහැදිලි වේ. ඔහු tricycle එක උඩ ඉන්න සත්වයා මෙනි. රෝද දෙක වෙන වෙනම කැරකේ, යම්කිසි තැනකට වෙන භවයකට හෝ යන්නේ නම් පමණක්, ඔහු සම්බන්ධ වේ, කෙසේ ද? මැද පොල්ල, එනම් ඊතලයේ දකුණු පැත්තේ කොටස, 7.4 සිට පහළට කරකවා, 7.6 දක්වා ගෙන ඒමත්, වම් පැත්තේ ඊතලයේ කොටස, උඩට රූපය දක්වා, දිට්ඨි අනුසයේ උපකාරයෙන් අලුත් රූපය අරමුණු කොට ගෙන යාමට උදව් කිරීමත් ය. මෙයට කාමරාග අනුසය යන රිට භාවිතා කරයි. එයට කළ යුතු සංස්කාරය මෙය බව, පාණාතිපාත අදත්තාදාන කාමයෙහි වරදවා හැසිරීම, යන අකුසල ධර්මයන්ගෙන් සිත ඔසවා, පෙන්වා දේ.
ඒක තමයි මං කරපු භාවනාව.
සාකච්ඡාව 09/12/2023
සාකච්ඡාව අවසානයට එකතු කළ සටහන්
ඉතින් මේකට තව පොඩ්ඩක් එකතු කරනවා නම්, ඔය අවිද්‍යා පච්චයා සඞ්ඛාරා. මෙය සමඟ සංස්කාර අධිමොක්ඛය හටගන්නේ ය. යම් දිට්ඨියක් සෑදෙන්නේ ද, එමගින් විඤ්ඤාණය දක්වා ගමන් කිරීමට තරම් දිට්ඨිය පෝෂිත ද, ස්ථාවර ද, මෙසේ සංස්කාරයන්ගෙන් අධිමොක්ඛ වන්නේ ය. මෙය සිහි කිරීම සමඟ සිත නතර වීම සිදු වේ. ඒ විදියටයි අර මුල එකේ නතර වෙන්නේ.
දෙක, ඊතලය හිරවී ඇති අවස්ථාව මෙනෙහි කරන්නේ කන් දෙක පහළින් මාංශ පේශී පවා ඉතාම සුඛ ස්වභාවයක් පැවතිණ. මෙම සටහන සිහි වන විට එය නැවතත් සිදු වේ. බුදුපියා විමසන්නේ, සංස්කාර නිත්‍ය යැයි පරාමාසගත වීමක් නැත, වේදනා සුඛ යැයි පරාමාසගත වීමක් නැත, කැරකවීම පමණක් ඇත, යන අවබෝධය නිසා යැයි පැවසුවා.
ඔය 7.2 කියන එක තවදුරටත් විමසලා බැලුවා, ඔය කාමය භාවනාව තියෙනවා 18/03/2014. එතකොට ඒකෙ අර ජන්දය රාගය ඒකෙ numbers එහෙම දාලා තියෙනවා. 7.2 අර පිපාසය එහෙම, ඉතින් ඕක ටිකක් බලාගෙන ඉන්නකොට ඒකෙ, මම ඇහුවා රහතන් වහන්සේගෙන් රාග සල්ලය මොන රවුමේ ද කියලා. එතකොට ඒක සිහි කළහම රහතන් වහන්සේ කිව්වා මේ 7.2 කියලා බුදුපියා පැවසුවා. ඉතින් ඔය 7.2 තව ඉස්සරහට අපි පෙන්නනවා ඕකෙ කාම ආශ්‍රවයේ ඉඳන් අවිද්‍යා ආශ්‍රවයට යෑමකුත් තියෙනවා. එතකොට කාරණා ගොඩක් එතන තියෙන බව පේනවා. එතකොට ඒක තමයි එකතු කරන්න තියෙන්නේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්